Monday, February 9, 2015

146. දන් දුන් පසු






දුවණියක උස් මහත් කර
දෝතින්ම ගෙන අහිතක් නොගෙන
පුදා ආයෙමි හිස් අතින් ගෙදර...

කෙළිකවට කම් කරපු
නොරිස්සුමකට තලපු
කිචි බිචිය , ඉකිබිඳුම
ගෙදර හැම මුල්ලකම
අතුගාගන්ට බැරිවුණු...



ඉඳහිටත් ඇවිත් ඈ
පිපෙයි මුළු ගේ පුරා...
ඉල්ලන්ට බැරි උනේ
මුල් උනන සාරයත්
වෙනත් මිදුලක නිසා...



26 comments:

  1. මටත් ඉන්නේ චුට්ටන් දුවෙක්. මේක කියෙව්වම එයාගේ අනාගතය ගැන හිතුනා. කවද හරි ගෙදරින් යන දවසක් එයි එයාටත්..

    ReplyDelete
    Replies
    1. චුට්ටන් දුව කවදා හරි මේ අවධියට එනකොට වැඩිපුරම දුක් වෙන්නේ දෙමවුපියෝ.

      Delete
  2. ඉල්ලන්ට බැරි උනේ
    මුල් උනන සාරයත්
    වෙනත් මිදුලක නිසා....

    මෙන්න මේ ටික නම් මට දිරවගන්නම බැහැ...

    ReplyDelete
    Replies
    1. ඔව්.... පැලේ දැන් ගෙනත් ආයෙත් මිදුලේ ඉන්දවන්න බැහැනේ... මොකද දැන් පැලේ ඉල්ලන පොහොර තියෙන්නේ වෙනත් මිදුලක!

      Delete
  3. මටත් ඉන්නේ චුට්ටන් දුවෙක්. මේක කියෙව්වම එයාගේ අනාගතය ගැන හිතුනා. කවද හරි ගෙදරින් යන දවසක් එයි එයාටත්.X 2

    ඔයා අපිව දැන්මම බය කරනවනේ..

    ReplyDelete
    Replies
    1. දුවෙක් ලැබෙනකොටම අපි ඒ තත්වෙට මුණදෙන බව දැනගෙන වැඩකරන්න ඕනේ. මට ඔය පාඩම කියා දුන්නේ මගේ අම්මා. එයාල ගෙදරින් විතරක් නෙවෙයි, අපේ ජිවිත වලිනුත් ටික ටික යන්න යනවා. තේරුම් අරන් ඉන්න එක තමයි වැදගත්.

      Delete
  4. කවදා වුනත් හැම කෙනෙක්ම හැම කෙනෙකුගෙනම සමුගත යුතු වෙනවා නේද? ඒ අතරින් දුවගේ වෙන්වීම සුවිශේෂියි

    ReplyDelete
    Replies
    1. ඉවාන්. අපේ අම්මා මට අපේ අක්කාගේ විවාහය දවසේ කිව්ව කතාවක් කියන්නද? ඒ තමයි දුවෙක් කියන්නේ පුළුවන් උපරිම විදියට හදලා දෙන දානයක් වගේ කියල. ඒ කියන්නේ හොඳම කාලේ වෙනත් අයෙක්ට/පවුලකට දන් දෙනවා. එහෙම දන් දීලා අහිතක් නැතුව ඉන්න පුළුවන් වෙන්න කොතරම් මුදිතාවක් ඕනෙද කියලා මම ඇගෙන්ම දුටුවා. හැම අම්මගෙන්ම එය දකින්න නැහැ. සමහරු ඒ ලෝබකමට කොහොමහරි ගේ අස්සෙම ගෙනත් තියාගන්නවා. නමුත් යන්න දෙන අයගේ ජිවිත මම දකින විදියට ශක්තිමත් වෙනවා.

      Delete
  5. MMM......Duwek inna nisa matath eka godaak denuna.

    ReplyDelete
    Replies
    1. දුවෙක් කියන්නේ ගෙදර පහනක් වගේ ( හරි විදියට හැදුනොත්. නැත්තම් ගින්නක් වගේ වෙනවා මුළු ගේ ගිනි තියන) පුතෙක් කියන්නේ රූස්ස ගහක් වගේ. දෙන්නාම එක වගේ වැදගත්.

      Delete
  6. ඉල්ලන්ට බැරි උනේ
    මුල් උනන සාරයත්
    වෙනත් මිදුලක නිසා....

    චෙෆාකි කිව්ව වගේ මේක තමයි පන්ච් ලයින් එක

    අපේ හාමිනේ දුවෙක් හදන්න ඇමතිම නෑනෙ අප්ප :(

    ReplyDelete
    Replies
    1. දුවෙක්ගෙන් දෙමවුපියෝ මෘදු ගතිගුණ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ කිසි දෙයක් පතන්නේ නැතුව යමක් ලබාදෙන්න වගේ සියුම් දේවල්. ඒ වගේම මවකගේ හැඟීම් තේරුම් ගන්න කෙනෙක් විදියට ලොකු සහනයක් මවකට ලැබෙනවා. මගේ පුද්ගලික අදහස නම් ඉන්දික, ළමයි දුසිමක් හිටියත් වැඩි නැහැ කොයි ජාතියෙන් උනත්. දුවෙක්ගෙන් වෙන්නේ නිවසක් සිසිල් තැනක් කරන එක.

      Delete
  7. රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබයි දිවිය අර්ථවත් කලේ...
    ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
    සංතෝෂයක් නැ හිතේ

    ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
    සංතෝෂයක් නැ හිතේ..

    ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
    ඔබත් කූඩුවක් තනන්න නේ...
    ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
    නැවත එන්න පියඹලා දුවේ

    නැවත එන්න පියඹලා දුවේ
    ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
    නැවත එන්න පියඹලා දුවේ
    ඇවිත් යන්න එන්න සුදු දුවේ...

    ගායනය : නන්දා මාලිනී සහ රෝහණ වීරසිංහ
    පද රචනය : කාලෝ ෆොන්සේකා
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
      සැබෑ වුණ සුබ සිහිනයයි
      සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
      සනුහරේ අභිමානයයි

      මං මලක් ලෙස නුඹ නොහැදුවේ
      පෙති හැලී පරවෙන නිසාමයි
      දුක දිනා හිනැහෙන හැටි දුවේ
      නුඹ දැන උගත් පාඩම තමයි
      මිල මුදල නිල බල යා නොදෙයි
      කළ හොඳම විතරක් ඉතිරිවෙයි

      අප මී මුතුන් මිත්තන් එදා
      සිය ලේ කඳුළු දහදිය පුදා
      පරපුරෙන් පරපුරට රැගෙන ආ
      ඒ ගෞරවය මගෙ දුව තමා
      නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
      ගෙනියන්නෙ ඒ අභිමානයයි

      ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete

    2. මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
      මේ රැයේ මිහිරිම වෙලාවයි
      දොර ඇරන් එළියට ආවොතින්
      මේ මිහිරි දේවල් නුඹටමයි.....

      සේපාලිකා මල් බිමට බැහැලා
      ඇවිදින්න යන වෙලාවයි
      නිල් තාරුකා බිම බලාගෙන
      වැව් දියට පෙම් බැඳි වෙලාවයි
      මේ පොළව කොතරම් සුන්දරද
      මගේ දූ තනියම හිනාවෙයි....

      ගණ කළුවරට අප පෙම් කළොත්
      ඉර හඳ තරුවලට ණය ගැතියි
      ලොව දුන්නු දේවල් අද අපිට හෙට
      ලොවට පෙරළා දිය යුතුයි
      ඔබ මේ ලොවට ආදරෙයි නම්
      මුළු ලොවම ඔබටත් ආදරෙයි....

      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
      පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    3. මේ සින්දු මම හරි ආසයි. ස්තුතියි!

      Delete
  8. ලස්සනයි උපේක්ෂා...මොනව කියන්නද මංද...
    බැදලු බැදල ඉන්න ඈයො කියල තියෙන දේවල් බලල ඔන්න මාත් යන්ට යනව...

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකිව්වට කියන්න හිතපු දේ හිතා ගන්න පුළුවන්. දුවෙක් ගැන එහෙම හිතෙන්නට දුවෙක් ලැබෙන්නටම ඕනේ නැහැ නේද? ඔබ නිවසට ගෙනෙනවා නම් ( විවාහයෙන්) ඒ ගෙනෙන්නේ තවත් දුවෙක්ව. කවුරුන් හෝ ආදරෙන් හදපු වඩපු දුවෙක්ව...

      Delete
  9. අපිත් ඉන්නෙ ඔය මල්ලෙ තමයි. හැබැයි ඉතින් ගියේ ඉගෙනගන්නයි.

    ReplyDelete
    Replies
    1. ගෙදරින් ගියේ කුමන හේතුවකට උනත්, පත්වෙන්නේ එකම තත්වෙට නේද?

      Delete
  10. දුවලා ගෙදරින් ගිය දවසට දෙමවුපියන්ට මේක කොහොමත් දැනේවි..

    ReplyDelete
  11. The moment one loves and hates at the same time.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...