Saturday, January 3, 2015

133. කඩවසම් දිග කොණ්ඩය



අතිශය කඩවසම් බව
මිතුරුකමට බාධා කරන බව  ද,
බොලට දක්වා
දිගු කෙස් ඇති බව
කොල්ලෙක්ගේ හිත ලෙහනබව ද,
දැනසිටියා නම් - අපි

තාමත් නාදුනන්නෙමු....



14 comments:

  1. Replies
    1. හිත නොගිය
      හිත ඇදුනු තැන
      නුඹේ දෙනෙත

      Delete
    2. නෙත දකින්නට
      පෙර ඇඳුන
      ඔබේ වත..

      Delete
  2. කඩ වැසුම් අතරින්..
    පාවුනු සේයාව
    ඉද හිට කණ වැකුණු
    පා බැදි ගිගිරි හඩ..

    සියලු රූ කලුකර
    අන්ධකර ඇත නෙත..



    ReplyDelete
  3. අන්තිමට තමයි තේරෙන්නේ අපි බොහොමයක් දේවල් දන්නැතුව හිටියා කියලා................කයිය අගෙයි

    ReplyDelete
    Replies
    1. හි.. හි...

      මම අදහස් කලේ ඔය වගේ වෙනත් දෙයක්. අපි කොතරම් ගැඹුරු අධ්‍යාත්මික ආදරයන් ගැන කියනවා. ගොඩක් ආදරයන් ඇරඹෙන්නේ බාහිර ආකර්ෂණයෙන්. නමුත් එහි ඇත්තටම මුල් බැසපු ගම්භිර ආදරයක් තියෙනවා.

      Delete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! පිස්සු ගතිය හොඳ වේවා !! :)

    ReplyDelete
    Replies
    1. දෙවනියට කියපු එකනම් වෙන එකක් නෑ

      Delete
    2. @ පැතුම්: හරි හරි.... එසේම වේවා! සති ගානක් ගිහින් ශිශිර නිද්‍රාවෙන් දැන්ද ඇහැරුනේ? කැලැන්ඩරේ බලන්න, සතියක් පහුවෙන්න එනවා අවුරුද්ද පටන් අරගෙන!

      @පැතුම් + ඉවාන් : පිස්සෙක් උනත් මම හොඳ පිස්සෙක් අපේ හාමුදුරුවනේ!

      Delete
  5. තාලෙකට පද්දන උකුලද
    ඇස් තිගැස්සන බැල්මද
    ඉද හිට පෙන්නන නෝක්කාඩුවද
    ඇතිය මොහොතකට වත්

    ReplyDelete
    Replies
    1. හි.. හි... මේයාට ෆෝකස් වෙලා තියෙන්නේ වෙන වෙන කෑලි

      Delete
  6. අළුත් අවුරුද්දට හරස්
    පද ප්‍රහේලිකාවක්?
    අතිශය කඩවසම් නොවූවත්
    මගෙත් හිත ලෙහුවා
    බොලට දක්වා දික් වූ
    කෙස් කලඹක්..
    ගැට ගහනවා ගැට ගහනවා තවම
    ඒ ලිහිච්ච තැනින්
    ඉවරයක් නෑ
    දහ අවුරුද්දකටත් වැඩියි දැන්...

    අපූරුයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ගැටගහන ගැටගහන
      වාරයක් පාසාම ,
      ලෙහනවා මම
      සුවඳ බොජුනක් ගෙන....

      දසවසට විසිවසක්
      විසිවසට සියවසක්
      ලෙහන - ගැටගසන යුරු
      නෙල්ලි මෙනි - කෑ සැනින්

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...