Thursday, December 18, 2014

131. මගේ (Modern) කෙල්ලගේ පැනය ?



දිගු වරල අතැ'ර මම
තට්ටු විලාසිතයට කැපුනු
වරලසක්  - පැලැන්දෙමි....

හැකිපමන සීරුවෙන්
නෙක සඳුන් වීරියෙන්
කරන රූ - කරන්නෙමි....



බුහුටි මගෙ රත් දෙපා
උස්ව ගෙන යන වහන්
නේක වර්ණෙන් විටෙක - ඇවිද යමි....

කලෙක මෙතෙකත් නොදුටු
මගේ සියුමැලි හැඩය
යලිදු ඔබගේ නෙත'ග - වෙලෙව්වෙමි.....

වරද කීම මා අතම
මගේ රණහස් සැඟවූ
ආදරේ නොදිටිනම්  - අසන්නෙමි....



18 comments:

  1. අත‘හැර හරිද?? මම නොදන්න නිසයි අහන්නේ. කියලා දෙන්න

    ReplyDelete
    Replies
    1. ඔව්... වැරදියි තමයි.

      පෙන්නුවාට ස්තුතියි. හැදුවා...

      Delete
  2. හිතින් විදවන එකෙකුගේ අතුරු කතාවක්..
    පිරුණු ළැම මිස ඒ යටින් ගලා ගිය..
    සිහිල් ආදර නදිය නුදුටුවේ..
    ඔව්.. ඒ ඔබේ නොව කිසිසේත්..
    මගේ වරදමයි.. මගේ නොලැබීමමයි..

    ReplyDelete
    Replies
    1. පිරුණු ලැමක් , පුළුලුකුලක් තිබු එකද ඇගේ වරද?

      Delete
  3. හලේ මල් දල්ලැ අලේ මේවට මොනවා ලියන්නද කියල .. :D

    ReplyDelete
    Replies
    1. මොකද්ද පැතුම්........? මෙලෝ රහක් නැහැ නේ අප්පා.....

      Delete
  4. නොදැකීමත් වරදකි...නොපෙන්වීමත් වරදකි...

    ReplyDelete
    Replies
    1. එය දැකීම, බැලීම අතර වෙනස මෙනි...

      Delete
  5. හිහි මරු කතාව ඈ
    කෝ අප්ප ඔයාගෙ අර කතා පොජ්ජ ඒකට මක්ක වෙලැයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....
      මොන කතාවද මහේෂ්?

      Delete
  6. එහෙම වෙන්න ඇත්තේ මෙහෙම වුනු නිසා වෙන්න බැරිද ?

    මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
    උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
    මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
    කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ

    දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ
    රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ
    හඬන්න මට ඉඩ දුන්නට යළි යළි නෙත් කඳුලූ
    කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූ

    මෙවලම් මොකටද මෙතරම්...

    ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ
    සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ
    උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ
    නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ.

    මෙවලම් මොකටද මෙතරම්...



    ගායනය - චන්දන ලියනාරච්චි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවා නම් ඉවාන්, මම මේ ටික ලියන්න ඔය සින්දුවත් පොඩ්ඩක් බලපෑවා.

      සින්දුව සහ ඒ සින්දුවෙන් ගම්‍යවෙන අදහස කොතරම් පටුද? ඒ කියන්නේ තමුන්ගේ පෙම්වතිය බාහිරින් හැඩවැඩ වෙනවට තියෙන ඊර්ෂ්‍යාව එක්ක නේද මේ අදහස් එන්නේ?
      ...දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ
      රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ....

      කියන කොටස නම් ඉන් කෙල්ලගේ වරදක් වෙන්න පුළුවන්. නමුත්

      ....උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ
      නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ.....

      කියන කොටස තමයි මගේ අවුල. ඒ කියන්නේ ඉගෙන ගත්තා කියලා ෆැෂන් කරන එක නතර වෙන්න ( ගොඩේ වෙන්න) ඕනෙද? අනිත් එක අවසන් වාක්‍ය බලන්න... කොහොමද බොලේ ෆැෂන් කරහම ( උස් අඩි , පාට කරාඹු , තොල් ආලේපන) වලින් නිර්මල ප්‍රේමයක් බිඳී වැටෙන්නේ??

      මම කියෝලා, අහලා තියෙනවා මේ ගීතයෙන් කියවෙන විදියේ ආදරයන්. ඒ කියන්නේ එක්කෝ කැම්පස් ආවම, කොළඹ රස්සාවකට ආවම ගමේ උන්නු කොල්ලට බූට් එක තියපු කෙල්ලන් ගැන. එක හේතුවක් තමයි ඇඳුම පැළඳුම වෙනස් වීම. මම හිතන විදියට නම්, එහෙම ඇඳුම පැළඳුම වෙනස් උනහම 'නිර්මල ප්‍රේමය' දෙදරනවා කියල හිතන කොල්ලන් අත්හරින එක හොඳයි කියල.

      බුර්කා අදහසක්!

      Delete
    2. මේ ගීතය පිටින් අරගෙන බැලුවම නම උපේක්ෂා කියන අදහසට මාත් එකඟයි , ඇත්තටම එහෙම වෙනවනම් ඒ කොල්ලව අතහරින එක තමයි හොඳ. නමුත් මෙතනදි වෙන්නේ වෙනත් දෙයක් , මේ ගීතය අදාළ වෙන්නේ ගමක සාමානය ජීවිතයක් ගෙවන යුවලකට , එතැනදී මේ වෙනස් වීම දරාගන්න තරම් ලිබරල් ,රැඩිකල් හිතක් ඒ කොල්ලගේ නැතිවෙන්න පුළුවන්. ඒ වගේම ගමෙන් නගරයට ගියාම නගරයේ සමාජයට අනුගත වීම ප්‍රතික්ෂේප කරන්න තරම් ස්ථායි මානසික තත්වයක් කෙල්ලගේ නැති වෙනන්ත් ඇති , සමහර විට ඒ නාගරික ජීවිතයට අනුගත වුනාට පස්සේ ගමේ කොල්ලව ගොඩක් වගේ පෙන අතිශය සාමාන්‍ය නාට්‍යමය අවස්තාවට කෙල්ලත් මුහුණ දෙන්න ඇති. සුළු වෙනස් වීම සංකර වීම හැටියට , කොල්ලා දකින්නත් ඇති. හැම දෙකම පැති කීපයක් තියෙනවනේ උපේක්ෂා .

      Delete
    3. මේ ටික නොකිව්වොත් අඩුවක් වගේ තේරුන හින්දා ලියන්නේ..

      ඔය ගීතයට ලියපු පිළිතුරක් නෙවෙයිමේක. මම ලිව්වේ තමුන්ගේ පෙම්වතා/සැමියා ගේ ආදරය දිනාගැනීමට උත්සහ කරන ස්ත්‍රී සිතුවිලි සමුදායක් ගැන. ඒ කියන්නේ කෙසේහෝ ඔහුගේ අවධානය තමන් කෙරෙහි පවත්වාගන්නට රූපයෙන් උපරිම උත්සාහයක යෙදෙන ස්ත්‍රියක්.. හිතක් විවර කරගන්නට නොහැකිව, අඩුම තරමේ කායික ආකර්ශනයෙන්වත් උත්සාහය අත්නොහැර පවත්වන ස්ත්‍රියක්...

      අසාර්ථක කවියක් බව මටම තේරෙනවා.. හි.. හි..

      Delete
    4. හත් ඉලව්වයි , නෑ බොල ,මගේ දෙවැනි කමෙන්ටුව සම්පුර්ණයෙන්ම සින්දුව ගැන විතරයි, එක උඹේ කවිය ගැන මොනවත් කියලා නෑ. උඹේ කවිට අසාර්ථක නෑ. මම කිව්වේ ඒ කවිය කිය්ව්වම මට අර සින්දුව් මතක් වුනා කියලා ...

      Delete
  7. ඒ කියන්නේ දැන් ඒහෙමද???

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කරපු දෙය මට වැටහුනේ නැත...

      Delete
    2. ඕ යේස් ය , මටද නොතේරුනි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...