Sunday, December 7, 2014

126. 'ප්‍රථම'....



නම නොදත් තැනක සිට
හෙළන සුසුමක රැඳුනු
පුරුදු සුවඳකි යලිත්
හිත කොනිති ගසන්නේ....

වරෙක වෙර වීරියෙන්
මඩින ලද සියුම් රති,
නොදන්නා තැනකටම
යලිත් අතවනන්නේ.......

කෙලෙසකද යලිදු මා
අනෙකෙකුට බැඳෙන්නේ?


5 comments:

  1. අනාදර රුදු වදන් හිතට කල දේවල්
    පාලුවේ ගෙවී ගිය සියක් රෑ දාවල්
    සියුම් රති නෙවෙයි ඔය කරන්නේ කේවල්
    මුදු සුමුදු සෙනෙහසක සොඳුරු කල්පනාවල්.--- Gayathri

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයත්‍රී,
      මගේ කවිය වහගෙන ඔබේ කවිය දිලිසෙනවා මට නම්...

      Delete
  2. නොයා නොසිටිත් ළදුන්
    මුත් දෙතැනක හිතින්

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...