Monday, November 10, 2014

115. ඇබෑර්තුවක් ඇත...



කාටද පුළුවන්
පණිවිඩයක් දෙන්න...
මා වෙනුවෙන්
එකෝමත් එක
ගිනිවිදින මකරෙක්ට ?

ලිපිනයක් දන්නේ නැති
උනත් හරි කමක් නැහැ
යවන්නට ඕනෙමයි
පණිවිඩේ....
අද හෙටම...

" එන්ට හැකිනම්  - හොඳයි 
මගේ මළගම - හෙටයි "




19 comments:

  1. මකරෙක් නං.. අවුලක් නෑ.. පස් තල්ලියත් එක්ක ගලවන් යයි.. පරක්කු වෙලා හරි මං පණිවිටේ දෙන්නං

    ReplyDelete
  2. මකරට පරවියෙක්ගෙ අතේ ලියුමක් යැව්වා.. වැඩේ කියන්නෙ මකර පිඹපු ගින්දර පාරකට ලියුම අළු වෙලා.. :P

    ReplyDelete
  3. හෙට නම් එන්න වෙන්නේ නෑ ... හත්දවසේ දානෙටවත් එන්නම් ... (මට මකරා ඊමේල් එකක් එවල තිබ්බා)

    ReplyDelete
  4. මකරාව ඕනේ චිතකයට ගිනි තියන්නද? එයාට මේ ටිකේ වැඩ වැඩිලු..:P

    ReplyDelete
  5. මකරෙක් නෑ කටුස්සෙක් මොකෝ කියන්නේ?

    ReplyDelete
  6. පණිවිඩය ලැබුනා. හැකි ඉක්මනින් ගෑස් සිලින්ඩරයක් අරන් දෙනවා.
    මීට ගිණි විදින මකරා.

    ReplyDelete
  7. හලෝ මම මකරා කතා කරන්නේ.
    මළගෙදර එන පාර පොඩ්ඩක් කියනවද?
    නැතිනම් මරුන කෙනාගේ සෙල් නම්බර් එක දෙනවද
    SMS එකක් දාන්න.
    බා.........යි

    ReplyDelete
  8. මකරා ඊයෙ පෙරේදා මාන්දමික ලෙස සරණ බන්ධනයට ලක්ව දැං මකරිගේ සිර අඩස්සියට පත්ව ඇත...
    එන්න විදියක් නැත

    ReplyDelete
  9. අනිද්දා ම එන්නම්...

    ReplyDelete
  10. අපරාදේ කලින් කියන්න එපාය.. මකර ආව මේ පැත්තේ... කවද හරි හම්බුනොත් කියන්නම්

    ReplyDelete
  11. විශේෂ නිවේදනයයි:
    මකරෙක් ගැනත්, පණිවිඩේ ගැනත් උනන්දු උනාට ඉස්තුතියි.

    මැරෙන්න වැටිලා ඉන්නවා කියල කිව්වම ඔහොමද හත්ඉලව්වේ උත්තර දෙන්නේ? කෝ මේ ආපදා කළමනාකරණ ලොක්කෝ? ( කොහේ ඉන්නද ඉතින් මිරියබැද්දෙන් පස්සේ ආයේ මොකක් හරි වෙනකල් උඩ බලන් ඇති)

    ReplyDelete
  12. හත්වලාමයි! පණිවුඩේ හම්බුනේ දැන් නේ.. දනටම වෙන්න ඕනි හරිය වෙලා ද මන්දා..
    "හපොයි මගෙන් ඉල්ල ගත්ත ගිනි ගොඩ.."

    ReplyDelete
  13. මකාර..........................

    හහ් හහ් හා......... (ඒ ගිනි පිඹින සද්දය හරිය)

    ආ පණිවුඩේ ගෙනාපු දේශකයා මල්ලිට ස්තූතියි හරිය මල්ලි දැන් පරිස්සමෙන් යන්න
    කේස් එක හෙටනේ
    හරි මං හෙට නිවාඩු දාලා එන්නම්......

    ReplyDelete
  14. ඔබ මොන හේතුවකින් ලිව්වද මේ කව? මට නම් දැනුනේ මෙහෙමයි.ඉස්සර අනන්තව ප්‍රේම කරපු ඔහු දැන් දෙන අනන්ත දුක් උහුලනු බැහැ,අපි දැන් ඈතයි...... මට දැන් වෙහෙසයි,තව දුර යනු බැරි.මම හෙට වන විට මිය ගොස් වග කියන්න. එන්න නම් එපා ඒත් මගෙ මිනියත් හඬාවි ඔහුගේ අනාදරය සිහිවී. ගයාත්‍රී

    ReplyDelete
    Replies
    1. ගයාත්‍රි.... මගේ සහෘද සොයුරිය

      ඔබ ආ එක හොඳයි.....

      මකරාට කලින් !

      Delete
  15. මේ කවි මෙතන දමන එක හරියට කනාගෙ ඉස්සරහට මැනික් දානවා වාගෙයි. කාටද දැනුනේ කවුරුද හැඟුවේ නෙට් එක විතරයි සසල වුනේ. ඔබට හොඳ සහෘයො, රසිකයො ටිකක් ලැබේව යන්න මගේ පැතුමයි. ගයත්‍රී

    ReplyDelete
    Replies
    1. විසල් තණ බිම දකින එහි යනෙ'න නෙක දනන්
      නිසල් වී හිඳින පොඩි මල් නොදැක පිය නගන්.
      අසල් හිඳ නුඹ අසයි එමල් පවසන වදන්
      කුසල් තිබුනිය මටද දකින්නට මේ දසුන්..
      How can I contact you?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...