කතන්දරයක්, සිද්ධියක් උනත් ලියන්න ගියහම කපන්න කොටන්න වෙනවා.
මොකද සමහර දේවල් අමුවෙන් කියනකොට අපුල ගතියක් දැනෙනවා වගේම අමුවෙන් කියනකොට දැනෙන දේ සාර්ථක ප්‍රථිපල ගෙනදෙන්නේ නැහැ කියල පුද්ගලිකව විස්වාස කරන හින්ද.
නමුත් මම කියවපු සමහර බ්ලොග් වලින් දෙන ව්‍යංගය උනත් නොතේරෙන ගතියක් තියෙනවා කියල පොදුවේ මට දැනිල තියෙනවා.
එක්කෝ අපේ රසාංකුර මොට්ට වෙලා. නැත්තම් අපි බලාපොරොත්තු වෙන ව්‍යංගය ඇත්තටම එතන මැවිලා නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ පලවෙනි කාරණේ ඔප්පු වෙන එක.
එතැනදී මම කියන්නේ නැහැ, මට ඔක්කොම තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නැහැ කියල. මමත් එන්න එන්නම මොට්ට පරිකල්පනයකට ඇදිල යද්දී තමයි මට කල්පනා උනේ මම මොකද ලියන්නේ නැත්තේ කියල.
ඇත්තටම කියනවා නම්, ඉස්සර මම කවි, කතන්දර, විචාර ලියනකොට මගේ හිත හැම වෙලේම තිබ්බේ අලුත් වෙමින්. ඒ අලුත්කම මටම පහසුවක්. එක එක හේතු හින්ද ලියන එක නතර කලහම මම මගේ ඇතුලෙම පල් ගඳ ගහන ගොහොරුවක් උනා. ඒ ගොහොරුවෙන් මිදෙන්න නම්, මට නම් හරි ගියේ ආයෙත් ලියන්න පටන් ගන්න එකෙන්.
ඒකෙන් මම කියන්නේ නැහැ මම ලියන්නේ ප්‍රබුද්ධ සහ කාලින දේවල් ගැන හරබර පෝස්ටු කියලා. එහෙම දේවල් ලියන්න මට වෙනම වටපිටාවක් ඕනේ.
මම ලියපු ගොඩක් දේවල් කඩදාසිය ලිපේ දැම්ම වගේ හදිස්සියෙන් ලියල පලකරලා තියෙන හින්ද එතරම් වෙලාවක් අරගන නැහැ ඇත්තටම. එහෙම දාල ඉවර උනහම කොමෙන්ටු වලින් හොම්බට නෙලලා ගිහින් තියෙනවා ගොඩක් දෙනෙක්. පෝස්ටු දානවා වේගේ වැඩියි කියල. ඔව්... වේගේ වැඩියි තමයි. මට හිතෙන වේගේ ඊටත් වඩා වැඩිනේ... මක් කරන්නද?
සමහර කම්පිත වෙන අදහසක්/සිද්ධියක් ලියන්න ගියහම මහමෙරක් වගේ විලිරුදාවක් දැනුනත් , මි පැටියෙක් වගේ දෙයක් තමයි ලියන්න වෙන්නේ. මොකද මුල්ම දවසෙම නොලිව්වොත් එන්න එන්නම සමහර සිද්ධි ලියවිල්ලෙන් අයින් කරන්න හිතෙනවා. මුල්ම දවසේ ලිව්වොත් නම් ඇත්තටම ලියන්නේ ඔරිමජිනල් දේ.. එහෙම වෙලා නැද්ද? මට ඕක එක පාරක් නෙවෙයි.. කීප පාරක්ම උනා.
එහෙම උනහම මට එකපාරටම මගේ පරණ ලියුම් රටාව සිහිවුනා. ඉස්සර මම ඔහොම අදහසක් ආවම කරන්නේ මගේ රහස් පොත් ගොන්නෙන් ගත්ත පොතක පිටු ගානක් යනකල් ලියන එක. ඒ මොහොතේම ලියන ඒ අදහස් හරිම නැවුම්, ඒ වගේම නිරාවරණය වෙච්ච හැඟීම්. අන්තිම අකුර ලියල නැවතීමේ තිත තියපු මොහොතේම මම කරන්නේ ආයෙත් ඒ පොත, පොත් ගොන්න ඇතුලේ හංගන එක. නැවත ඒ පොත සහ ඒ සටහන කියවන්නේ එක්කෝ අහම්බෙන්, නැත්තම් ඒ වගේම වෙන හිතක් පහල උනහම මම කලින් ඒ වගේ ලියපු දෙයක් කියෙව්වම දැන් තියෙන අදහස එක්කෝ සමනය වෙනවා. නැත්තම් අලුත් තර්කයකට මග පෑදෙනවා.
මේවා විකාර වැඩ...
ලිව්වා මිසක් වැඩකට නැති වෙන්න පුළුවන්...
කියෙව්වා මිසක් අත්හදා බලන්නේ නැතුවම ඉන්න පුළුවන්!
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ලියපු ගමන් පල කරන්න ඕනා. නැත්නම් කුණුකූඩෙ තමයි. මම ලියන ඒවා එකතු වෙන්න ගත්තෙත් බ්ලොග් එක නිසා.
ReplyDeleteඑකනේ බස්සි
Deleteමටනම් තියෙන ලෙඩේ කම්මැලිකම.. කෝටියක් දෙවල් හිතනව.. අහම්බෙන් වගේ එකක් දෙකක් ලියනව.. හැබයි ඇත්ත.. කල්පනා කරල කරල ලියනවට වඩා හිතට එන ගමන්ම ලියන එක අමුයි..නිර්ව්‍යාජයි.. ඒ වගේම හරිම නැවුම්.. හරියටම මේ ලියල තියෙන එක වගේ.. ජය ශ්‍රී!
ReplyDeleteහි.. හි..
Deleteඑක අතකට හිතන හැමදෙයක්ම නොලියන එක ගැන 'මම' නම් මාර විදියට සතුටු වෙනවා. හෙහ්.. හෙහ්.. නැත්තම් අම්ම ගහයි බැට් එකෙන් තමයි...
කියවීම මිනිසා සම්පූර්ණ කරයි නම් ලිවීම මිනිසා මෙකෙක් කරයිද දන්නෑ
ReplyDeleteලිවිම මිනිසා පිස්සෙකු කරයි.
Deleteසහතික ඇත්ත.
ReplyDeleteහැක්.... අම්මප?
Deleteමමත් ගොඩක් කලාතුරකින් තමයි හිතල මතල කපල කොටලා හදල මොනවා හරි ලියන්නේ .. සමහර වෙලාවට කිසිම ප්ලැන් එකක් නොගහ ඔහේ ලියාගෙන යනවා ඒ වෙලාවට හිතට එන දේ ... ජනතාවට පණිවිඩ දෙන වගේ ඇඩ්වාන්ස්ඩ් අරමුණු වලින් බ්ලොග් ලියන්නේ නැති නිසා ඉතින් මම නම් හිතන්නේ තමන්ගේ හිතට එන දේ ලියල දාන එක අවුලක් නෑ ...
ReplyDeleteඔයා නම් හිතන්නේ නැතුවම ලියන හින්ද හොදයි. අප්පෝ බය වෙන්න එපා..... හැදෙන ළමයින්වත්, පණිවිඩ අවශ්‍ය ජනතාවවත් ඔයාගේ බ්ලොග් එක පැත්ත පළාතේ, හතර මායිමේ පස් පාගන්නේ නැහැ... අනේ ඔව්....
Deleteහැක් හැක්. මටත් මේ දවස් වල ඔහොම දැනෙනවා..
ReplyDeleteසාමා.. එන්න සල් මල් නෙලන්න... මේ සල්ගස උසයි..
Deleteමම ලියනවට වඩා හිතනව ඒ කියන්නෙ මොකක් හරි කවියක් නැත්තං කතාවක් මගෙ හිතේ හදාගන්නව ඊට පස්සෙ මමම ඒක රස විිදිනව පස්සෙ අමතක වෙනව
ReplyDeleteඒමත් වෙලාවක තමා දෙයක් ලියල දාන්නෙ
කම්මැලි කම ඔලුවෙ ඉදං හැම තැනටම ගහල
මනෝ විකාර...
Deleteඕක ලෙඩක් නෙවෙයි. ආශිර්වාදයක්!
ලියනකොට ලියවේගෙන යනවා, ලියන්න පටන්ගන්න තමයි මට අමාරු
ReplyDeleteඕකට කියන්නේ ස්ථිතිකත්වය කියල. ලෙඩක් නෙවෙයි. බොරුනම් අහන්නකො අපේ පොලිස් ප්‍රකාශකගෙන්!
Delete