හිතක් තිබිය හැකිද, කියවන්න හැකි මුළුමනින්ම? හිතක් ඒ සිතුවිලි ගොන්නත් එක්කම එකට ගත්තත් හිතාගන්නට බැරිනම් අපේ හිතුවිලි? කොතරම් දුර්වලද එහෙම හිතන එක..
ගොඩක් දේවල් බැඳිලා තියෙන්නේ අපේ හිතත්, ඒ හිතේ ඒ දේවල් ගැන තියෙන ආකල්පයත් හින්ද. දරුවෙක් තමන්ගේ නම් එක ආදරේකුත් අනුන්ගේ නම් තව ආදරේකුත් වෙන්නේ අපේ ඒ බැඳීමේ පරතරය පෙන්නන මිනුම්දඬු වගේ. ඒ වගේමයි... මෙතෙක් කාලයක් නිකන්ම යාළුවෙක් , අදහස් දක්වන්නෙක් වෙලා ඉඳල එක පාරටම ( ඇත්තටම කියනවා නම් එකපාරටම නෙවෙයි, 'එක පාරටම ටික ටික' ) වෙනත් අර්ථයකින් දකින්නෙක් උනහම අපේ හිතේ ඒ අදහස්, අංගචලන, ප්‍රතිචාර ගැන වෙනස් චිත්‍රයක් මැවෙන්නේ...
කොතරම් ආදරයක් තිබිය හැකිද හිතක් තුල සැඟවිලා..? කියාගන්නට , මනින්නට බැරුව..?
මගේ සෙනෙහස
මෙතෙක් වේයැයි
මනින්නට තව
උගෙන නැත ඔබ
මගේ අවසන්
සුසුම පමණද
අවැසි ඔබහට
මා දකින්නට......
බිරිඳක් ලෙසට , සැමියෙක් ලෙසට, පෙම්වතෙක්; පෙම්වතියක් ලෙසට අපි දකින ආදරේ දරුවෙක් ලෙසට, මවක් ලෙසට විඳින, ලබන ආදරේට වඩා වැඩියෙන් ගුප්තයි.
මට ලියන්නට අවැසිවුයේ මෙපමණයි....
මගේ හිත තුල , ඔබ ගැන තිබුණු ආදරේ ගුප්තයි. ඔබ පිරිසිඳු ජලතලාවක් සේ පැහැදිලි වුවත් මම ගොහොරු මඩක් සේ අඳුරුයි. චපල මගේ හිතට දෙන්නට ඔසුවක් ඔබ ළඟ තිබෙනවා නිසැකයි. ඒ ඔසුව නොලබාම මියයන්නට මට ආසයි....
කැන්ඩි,
ReplyDeleteඇත්තක් උනත් බොරුවක් උනත් හරිම සංවේදීයි. වෙන මොකුත් කියන්න බෑ. එක පාරටම හිතට ආවේ මේ සිංදුව..
සෙනෙහස ඉල්ලා ළිය තඹරා ලඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්
වැහි කළුවර ඇති සැන්දෑ සමයක
තරු මල් පිපුණලු අහස් ගැබේ
දේව දූතයොත් හඬා වැටෙනවා
පෙම් මල් ඉහිරුණු පාර දිගේ
යෞවනයේ සිත විෂ කල ප්‍රේමය
කලියුගයේ ඇත පහල වෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහළු වෙලා
- මාලිනි බුලත්සිංහල
මේ ගැන තව ලියන්නයි හිත. නොලියා ඉන්නමයි ඒත් තවමත් හිත!
Deleteඒක අපූරු හිත.. :D
Deleteමේකෙ නම් මොකක් හරි අභ්‍යන්තරයක් තියනවා... රවි අයියගෙ මාමා කෙනෙක්ද කොහෙද මේ අභ්‍යන්තරේ නිර්මාතෘ
ReplyDelete:D
DeleteUpeksha hena patha kotuwak panala wage!
Deleteඇනෝ මිත්‍රයා > කොටුවක් පැන්නොත් ඒ ගැන බ්ලොග් එකේ ලියන්නට තරම් මම මැට්ටෙක් කියල හිතනවා නම්, ඔබ ගැන කණගාටුයි. ඔබත් එහෙම කරන කෙනෙක් නම් පරිස්සම් වෙන්න. අනිත් එක, නිර්මාණ වලට තමුන්ගේ අත්දැකීම් විතරක්ම යොදාගන්න තරම් අදහස් කාන්තාරයක් තුලද ඔබත් ජිවත් වන්නේ?
DeleteHave a life man!
ආදරය හරි සුන්දරයි... ඒක සැගවිලා තියෙනකල් ඒකේ තියෙන මිහිර ඒක එළිවුණාට පස්සේ නැති වෙනවා... ඒකත් එක විදීමක්.... සමහර විට වේදනාව විදීම නොහොත් ඩෙත් ඉන්ස්ටින්ක්ස් කියන්නෙත් ඒකට වෙන්ටඇති.................
ReplyDeleteආන්න හරි!
Deleteගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ReplyDeleteගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
ඒ සින්දුවේ මගේ කොටස විතරයි මම ගත්තේ... ස්තුතියි ලින්ක් එකට
Deleteආදරය සුන්දර වරදකී
ReplyDeleteකිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
ඔබ දුන්නු දුක හොඳටම ඇති............................
:-)
Deleteඅපුරු බ්ලොග් එකක්,, අද යි මේ පැත්ත ට ආවේ..
ReplyDeleteසාදරෙන් පිළිගන්නවා...
Deleteමොනරි කිව්වම තරහ වෙන්න එපා මට මතක් වෙන්නේ 'පිං ළමයා' කතාවේ රණ මොනරි ව... ඒ මොනරි වෙන්න බැහැ නේද?
ඉලව් ලව්.... :-(
ReplyDeleteආදරේ යදින්න එපා කවදාවත්, එකට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම රැකෙන්න ඕන.
ඒ වටිනාකම නොදන්නා පුද්ගලයෙක්ට ඒක දීලා තේරුමක් නැහැ..
බෝරින් මාතෘකාවක් :(
හි.. හි...
Deleteඒකනේ ඕක නම් ඉලව්වක්ම තමයි!
අපේ ඔලුවේ වැඩකරන 'බුද්ධියේ' තර්කය තමයි ඔබ ඔය කියන්නේ. සමාවෙන්න බෝරින් නම්....
ආදරයට ඉතිං නිර්වචනයක් නෑ නොවැ...කෙසේද ආදරයට නිර්වචනයක් දෙන්නෙ...එය බොහොම චංචලයි... ඉහළින්ම තිබූ ගීතයේ කොටස් කාරයො මෙන්න මේ අය....මේ බ්ලොග් ඉසව්වට මගේ මංගල ආගමනය අදයි...ජය !
ReplyDeleteගී පද - බණ්ඩාර කේ. විජේතුංග
ගී තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ස්තුතියි කොමෙන්ටුවට.
Delete