හේතුවක් ඕනේ නැති
නුඹේ මේ ආදරේ
විකාරයි....
විරසකෙන් යාලුවන්නට
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින්
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට
ගෙවෙන හැම
මිනිත්තුවේම
දෙස් දෙවොල්
තියමි මම.....
යලිත් ගිනි පුළු නිවී
නිසල මුහුදක් උනාම
පුරුදු පරිද්දෙන්ම ඉන්නෙක
විකාරයි මට..!
මගේ පෙම්බර - සැමිය
ප.ලි.
මම සිංහල ලියනකොට , කියවනකොට (පුද්ගලිකව) වැකියක තිබෙන විරාම ලකුණු ආදිය එක්ක තමයි කියවන්නේ. ඒ වගේම මම ලියනකොට යොදන කොමාව, විශ්මයාර්ථ ලකුණ ආදිය යොදන්නේ හිතාමතාමයි.
මේ කවියෙහි තිබ්බ කොමාවක් හැමෝටම මගෑරිලා හින්ද වෙනස් අර්ථයක් ආපුබව මටම තේරුනේ ලැබුණු කොමෙන්ටු වලින්.
"..... විරසකෙන් යාලුවන්නට
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින්
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට..."
කියලා මම කියනකොට කිව්වේ එකම දෙයක් ගැන.
මෙහෙම ලියන එක මතුවට මටම හොඳයි කියල හිතුන.
අඩි තිහක් උස තාප්පයක්.. හරිම ශෝචනීයයි නෙ..
ReplyDeleteදැදුරු සිතින් එන නුවර කොමලිගෙ කවි ඔමරිය නම් අගෙයි.. :D
ස්තුතියි රසවින්දා නම්... :D
Deleteතට්ටු තුනක් උඩ..
ReplyDeleteඑ්‍ම්බා සැමිය මෙහෙ වර..
ඔන්න මම ආව නරය!
Deleteකිමද පුරස්නය?
එකම විදියට ගලන සතියකින්
ReplyDeleteමිදෙන්නේ කොහොමද අඩි 30ක් උස තාප්පෙකින් වට වෙලා නම් ... බර්ලින් තාප්පෙත් කඩපු එකේ ඔන්න ඕකත් කඩල දාන්න ...
කිසිම දේකට ප්‍රතිචාර දක්වන්නේ නැති උන්ට මම කියන්නේ තාප්ප කියල.
Deleteමේව අහන බලන
ReplyDeleteඅපේ ඔලුවත් කචලි
ඇයි හත්තිලව්වේ
මොන යස්සයද
අඩි 30 ක් උස තාප්පයක් බදින්නෙ
ඇත්තනේ බොලේ...
Deleteපනින්නට නොවේ
තාප්පය කලේ!!
මෙච්චර කොට එකියකට අඩි 30ක තාප්පයක්?
ReplyDeleteඔන්න ආව මගේ උස හොයන්න.... හැප් කිව්වේ!!!
Deleteකවුද දන්නේ තාප්පෙට එහා තියෙන්නේ යෝධයාගේ මල් උයනද කියල?