Monday, September 22, 2014

88. කුරුමිණියෝ මිරිකුණියෝ

ඕකනේ කියන්නේ..

එක කතාවක් ලියනකොට.... තව කතා පේලියක් ඒ එක්කම පෙළ ගැහෙනවා. කලින් 'කුට්ට කුටං ' කතාව ( කතාව කිව්වට කතාවකුත් නෙවෙයි) කියනකොට මගේ පොඩි කාලේ මඩ සෙල්ලමක් විදියට 'ලේනි බර්ඩ්ස් ඇල්ලිල්ල' කියල එකක් කිව්වා නේ.

දැන් ඉතින් ඔහොම කිව්වට මගේ ඔලුගෙඩිය ඇතුලේ ඔය රස්සාවට අදාළ අටෝරාසියක් ජාති පිරිලා තිබ්බත්, ඔය සෙල්ලම මතක් කරපු ගමන් ඔන්න බොලේ පරණ තිබ්බ පිස්සුව ආයෙත් ගැහුවා ඔළුවට !! දැන් ඉතින් සම්ම ජාතියකට ඔපීසියේ වැඩක් කරන්නම හිතෙන්නේ නෑ මේ පිස්සුව ලියනකල්... ඒ හින්ද මම ලියල දානවා...

ඔපීසියේ වැඩ වගේද අනේ මේ වැඩේ? එව්වා කොයි වෙලේ කරගන්න බැරිද?



දැන් මම මේ කියන්න යන්නේ, මගෙත් අපේ අය්යාගේත් පොඩිකාලේ විනෝදාංශයක් ගැන.. මේක විනෝදාංශයක් කියල කිව්වට ඇත්තටම නසරානි වැඩක්. ඒ හින්ද කට්ටිය දැන් සිල් රෙදි ටික පැත්තකින් තිබ්බොත් හොඳයි. ඒ වගේම මෙව්වා ගැන බොබ සේනා එකට කියලා එහෙම කිරිමේල් කඩනවා එහෙම නෙවෙයි හරිද?

අපේ ගෙදර වටේටම ඉස්සර තිබ්බේ කෝපි වත්තක්. ඒ වත්තට පින් සිද්ධ වෙන්න අපි නිමක් නැති අමුතු අමුතු සෙල්ලම් කළා. රොබින් හුඩ් සෙල්ලම කලේ ඔය කෝපි වත්තේ, කෝපි ගස් උඩ. ඒ දවස්වල බට්ටෙක් උන මමත් අය්යලා එක්ක හරි හරියට ඔය සෙල්ලමට ගියත් මොලේ එතරම් වැඩිලා නැහැ කියල තේරෙන්නේ, අය්යලා සෙට් එක නගින කෝපි ගස් ගැන අපි වැඩිය හොයන්නේ නැති එකත්, උන් අපිව පරද්දන්න පාවිච්චි කලේ 'දිමි හමුදාවක්' කියල අපිට වැඩිය තේරුමක් නැති එක ගැන දැනෙන්නේ දැන් හින්ද.

සටන සිද්ධ වෙන්නේ අපි ළඟ ළඟ තියෙන කෝපි ගස් උඩට නැගලා ලි කඩු වලින් 'සටන්' කරන්න පටන් ගන්න එකෙන්. සටන තීව්‍ර වෙනකොට 'ප්‍රති ප්‍රහාර දියත් කරන්ඩෝ.....'

කියල බෙරිහන් දෙන්න මම පුරුදු වෙලා හිටියේ...

ඇත්තටම මම හිතන් හිටියේ ඒකෙ තේරුම බෝට්ටු වගේ දේවල් වතුරට දානවා වගේ දෙයක් කරන්නේ කියල..

අනේ අය්යලගේ උන් ටික මොලේ කල්පනා කරන නගින්නේ දිමි ගොටු අඩුවෙන් තියෙන ගස් උඩට. අපි මැටි මෝල් ටික නගින්නේ ඉතිරි ගස් උඩට.. දැන් ඉතින් අය්යලා කරන්නේ සටන යනකොට හිටපු ගමන් අපිට උඩින් තියෙන දිමිගොට්ටට ෂේප් එකේ පාරක් දෙනවා! ඔලු ගෙඩියේ ඉඳන් පස්ස පැත්ත වෙනකල් දිමියෝ කනකොට අපිට ගහෙන් බැහැල හිස් ලූ.. ලූ.. අත ගෙදර දුවන්නේ පෙට්‍රෝල් ගහපු පූසෝ වගේ! දියත් කරපු ප්‍රතිප්‍රහාරයක් කොහෙද හෙක්!?


මේ සෙල්ලම කරනකොට අඩුම තරමේ එක පැත්තකට තුන් හතර දෙනෙක් ඉන්න ඕනේ. ඔහොම ඔහොම යනකොට අපේ සෙල්ලමේ සෙබළු එකා දෙන්නා අතුරුදහන් උනා. එක එක හේතු හින්ද උනේ, හරියටම මතක නැහැ.

ඔන්න අපේ අය්යා එක දවසක් අමුතු සෙල්ලමකට මාව එක්කන් ගියා.. ඒ තමයි ලේනි බර්ඩ්ස් ඇල්ලිල්ල!!!

මේකට මෙහෙම කිව්වට, ඇත්තටම සෙල්ලම වෙන්න ඕනේ 'කුරුමිණියන් ඇල්ලිල්ල' කියල. මොකද, අපි කලේ විසිතුරු කුරුමිණියන් එකතු කරපු එකයි.

අපේ ගෙදර වටේ තිබ්බ කෝපි ගාල කෙලවර වෙන්නේ පල්ලමක් එක්ක. ඒ පල්ලම මට ඒ දවස්වල දැනුනේ හරියට ට්‍රේෂර් හන්ටින් මුවි වල තියෙන ත්‍රාසය, කුතුහලය, භීතිය පිරුණු අභිරහස් තැනක් හැටියට. හැමදාම මම ඔතනින් පහල තියෙන අපුරු, අත්භූත , මායාකාරී තැන ගැන හිතින් අනෙක වාරයක් කල්පනා කරනවා උනත් ඔතනින් පහලට යන්න හිත හදාගන්න බැරුව හිටියේ. අපේ අයගේ මේ ඇඩ්වෙන්චර් එක තිබ්බේ මේ කියන පල්ලමේ!! ඉතින් මට මේක ත්‍රාසය, කුතුහලය තියෙන දෙයක් වෙන එක අහන්නත් දෙයක්ද?

අය්යත් එක්ක පල්ලමට මම බැස්සේ අය්යා විසින්ම ඒ වෙනකොට හදලා තිබ්බ තාවකාලික ඉනිමගක් හරහා. ලොකු කොහු ලණුවක හරහට ලී කෑලි ගැටගහල හදල තිබ්බ ඒ ඉනිමග ගැටගහල තිබ්බේ පුවක් ගහක. ඕක අල්ලාගෙන අපි පල්ලමට බැස්ස මට මතකයි. හෙක්.. මම හිතන් ඉන්නේ ඔය පල්ලමට බහින පලවෙනි දවසේ මම ට්‍රේෂර් එකක් හන්ට් කරන්න යනවා කියලමයි, කාටවත් හොයාගන්න බැරි අමුතු මකරෙක් වගේ එකෙක් හම්බෙයි කියලයි හිතන් උන්නේ...

ඒ වෙනුවට අපේ අය්යා මාවත් එක්කගෙන ගියා එතන තිබ්බ ලොකු පඳුරු පහුකරගෙන.. එක්තරා ලොකු ගහක් ගාවට. ගැහෙ කඳ පේන්නෙත් නෑ ඒ තරමට වටේට එක එක වැල් ජාති වැවිලා. අය්යා එතන තිබ්බ තද කොළ පාට , බෝ කොලයක් වගේ හැඩයක් තියෙන, පළලින් කෝප්ප කොලයක් තරම් ලොකු කොලයක් උඩට අල්ල තියලා... හරිම හෙමින් ඒ කොලේ යට පැත්ත හැරෙව්වා.....!!!

"මේන් .... බලනවා.... දැක්කද?"

එතකොට තමයි මම මෙතෙක් දැකලා තියෙන විසිතුරුම සතාව මම මගේ පළවෙනි වතාවට දැක්කේ!!!!

"කෑ ගහන්න එපා අයිසේ..... " කියල අපේ අය්යා ඌව අත්දෙක එකතු කරලා වහගත්ත. දැන් මම පණුවෙක් වගේ නලියනවා.

"අනේ අය්යේ... පෙන්නන්නකො.... කෝ..."

මම කියන්නේ නැහැ මු තමයි ලෝකයේ ලස්සනම, විසිතුරුම සතා කියලා. ඒත් අඟල් තුන්කාලක් වත් නැති මේ පුංචි සතා ඒ වෙලාවේ දිලිසිලා මාව පුදුමෙට පත් කළා... මේ ඉන්නේ....





ඔතනින් තමයි මගේ මේ පිස්සුව ඇරඹුණේ.....

අය්යයි මමයි දෙන්නා, ගෙදර හිස් ජෑම් බෝතල්, හෝර්ලික්ස් බෝතල් ඔක්කොම ගල් කරලා හෝදලා ගන්නවා, එක්කෝ අත්තම්ම එහෙම හොදනකල් ඉඳල ගල් කරනවා. ඊට පස්සේ මගේ අර විස්මලන්තයට ගිහින් එක එක කොලේ ගානේ බලමින් 'ලේනි බර්ඩ්ස්' ලා හොයනවා.

උන් අල්ලලා බෝතල් වලට දාල, බෝතලේ කට කඩදාසියකින් වහලා , කඩදාසිය හිල් කරනවා උන්ට හුස්ම ගන්න. කොළ කඩන් ඇවිත් උන්ට කන්නත් දානවා. ඔහොම හොයනකොට පුදුම විසිතුරු සත්තු අපිට මුණගැහුණා. උන් හරිම වර්ණවත්. සමහර දවස් වලට අපි උන් බලන්න යනවා විතරයි. ලස්සන බලල එන්න එනවා. උන් අපි ආව කියල වෙනසක් නැහැ, හැමදාම ඉන්න කොලේ යටටම වෙලා කොලේ පොඩ්ඩ පොඩ්ඩ කකා ඉන්නවා. 

මේ කොලපාට තිත් තියෙන එකා මම හරිම ආසා එකෙක්. ඒ වගේමයි අර රත්තරන් පාට එකා. ඔහොම යනකොට සමහර එවුන් මට හම්බ වෙලා තියෙනවා අඟල් බාගයක් විතර විශ්කම්භයක් තියෙන. උන් හැබැයි අපි අල්ලන්නේ නැහැ... බෝතල් වලට නොදා හැමදාම උන් බලන්න යනවා.



ඔය ලේනි බර්ඩ්ස් බැලිල්ල කරනකොට කාලය යනවද කියල මෙලෝ මලදානයක් තේරෙන්නේ නැහැ. ඒ මදිවට එකින් එක කොළ බලාගෙන බලාගෙන අපි සමහර වෙලාවට අනුන්ගේ ඉඩම් උඩින්, වැටවල් උඩින් කිලෝමීටර් ගානක් ගිහිං!!






ඒ උනාට පේනවා නේද තියෙන විසිතුරු කම? 

ඉතින් ආස හිතෙන්නේ නැද්ද ?

ඔය සෙල්ලමේදී මේ සත්තු ඉන්නවද කියල තේරෙන්න කාරනා දෙකක් තුනක් විතර චෙක් කරන්න ඕනේ. කොලේ පොඩ්ඩක් විතර හිල් හිල් තියෙනවා නම් ඒ කියන්නේ මේ ජාතියේ සත්තු කොලේ යට ඉන්න 'පුළුවන්'

හොරේ.........න් කොලේ හරොල බලන්න ඕනේ...



ඒ කොලේ නැත්තම් වෙන කොලේක... ඒකෙ නැත්තම් වෙන කොලේක... නැත්තම් වෙන කොලේක... ගහක කොතරම් කොළ තියෙනවද? හෙක්... ඒ හැම කොලේකම!!!!!


අබින් කනවා වගේ...





ඔය වැඩේ කොතරම් දරුණුවට ගියාද කියනවා නම්...
එක දවසක් අපේ අම්මා රාජකාරි වැඩකට ගිහින් ඉන්නකොට වැටිලා, දකුණු කකුලේ මැණික් කටුව වළලුකර ගාවින් පුපුරලා ගෙදර ගෙනත් තියෙන්නේ කට්ටිය උස්සගෙන. අපේ අම්ම ඒ දවස් වල ෆීල්ඩ් එකේ යන එක අනිවාර්ය නොවුනත්, ෆීල්ඩ් ඔෆිසර්ලා අයිස් ගහන හින්ද අම්ම එයාලත් එක්කම ගිහින් වැඩේ තිතට කරලා තමයි එන්නේ. එහෙම ගියපු හින්ද අම්මාගේ ප්‍රොජෙක්ට්ස් වල ප්‍රථිපල විදියට ඒ දවස්වල ගොඩක් පවුල් ඔවුන්ගේ ස්වයන් රැකියාවෙන් ඔලුව ඉස්සුවා. ඔහොම ගියපු දවසක තමයි අම්මා කන්දකින් පෙරලිලා තියෙන්නේ. එතරම් දුෂ්කරයි ඒ මිනිස්සුන්ගේ ගමනාගමනය.

දැන් අම්මව ගෙදර උස්සගෙන එනකොට, ගේ දැක්ක ගමන් 
"මගේ දරුවෝ කෝ.."
කියල අපේ අම්මට ඇඩිලා..... 

මෘදු හදවතක් තියෙන අපේ අම්මට දුක හිතෙන්න ඇති අපි ගැන හිතුවම. මොකද මේ දවස් වෙන කොට අපේ අප්පච්චිත් දුර බැහැර හිටියේ. දැන් අත්තම්මයි, වැඩට හිටපු කට්ටියයි ඔක්කොම හොයනවලු මාවයි, අය්යාවයි... 
ගෙයින් එලියට බහින්නේ නැති අපේ අක්කා විතරක් අම්ම ගාවට වෙලා ඉන්නකොට අපේ අම්ම 'අනේ මගේ කොල්ලා කෝ...' කියා කියා අහනවලු.. ( අම්මප මාව ඇහුවේ වත් නැද්ද හැබෑට?) 

බලනකොට අපි දෙන්න කොලෙන් කොලේ බල බලා... ගහෙන් ගහට මාරු වේවි.... ගිහිං කිලෝමීටර් ගානක් දුරට!!! ගෙදර එනකොටත් හවස් වෙලා. අම්මා ඇඩු කඳුලෙන් ඉඳල තියෙන්නේ.  අන්න එදා තමයි අපේ මේ සෙල්ලම මධ්‍යම ආණ්ඩුව දැනගත්තේ!!!



අදටත්, ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක මෙහෙම වැලක් තිබේ නම් , ඒ වැලේ කොළ තැන තැන් හිල් වගේ හැදිලා තියේ නම්... මගේ සරුවාන්ගෙම කහන්න ගන්නවා කොලේ යට බලනකල්!!! කවුද දන්නේ විසිතුරු කුරුමිණියෙක් හිටියොත් හෙම?????

මේ ලඟක් වෙනකල් මම හිතන් උන්නේ.... මේ සත්තු ලේනි බර්ඩ්ස්ල කියලම තමයි. මේ පොස්ටුවට පින්තුර හොයනකොට තමයි නේ බොලේ දන්නේ මුන් කුරුමිණියෝ කියල!!

30 comments:

  1. කුට්ට කුටං හදිස්සියේ ඊයේ ෆෝන් එකෙන් කියෙව්වට ඒ රහට නුවර කුමාරිගේ කුරුමිණි කතාව කියවන්න ආවා කියමුකෝ කුරුමිණි කියනකොට මතක් උනේ ගැඩවිලන්ට මන් පට්ට ලයික් ඔන්න කතාවක් මතක් උනා...... ඉස්සර ගස් බඩ ගාන ආසාව මටත් තිබ්බා...හැබැයි ඉතින් මම සින්ගල් ගස්බඩ ගාලා සත්තු හොයලා බලපු කෙල්ලෙක්..........මෙව්වා කියවද්දි පොඩිකාලෙට යනවා අප්පා මරු මරු....

    ReplyDelete
    Replies
    1. ඈ බොලේ.... කිකිළි පැටියෙක්ද පණුවෝ ඔතරම් කැමති.. මමත් ඉස්සර පොලව කොටනකොට පණුවෝ හම්බුනොත් බලන් ඉන්නවා උන්ගේ හැටි, ඒ උනාට පට්ට ලයික් නම් නෑ බොලේ...

      සිංගල් කිව්වා? චෑ චෑ....... සිංගල් උන්ට අලි ෆන් එකක් මිස් වෙන්නේ අක්කල, අය්යල, නංගිලා, මල්ලිලා නැතුව.. අනේ ඔව්... මගේ ගස් නැගිල්ල ගැන මම මිට කලින් ලියලා ඇති...

      උත්තර දෙන්න මගෑරිලා... සමාවෙන්න හොදේ!

      Delete
  2. දකුණු කකුලෙ මැණික් කටුවක් කොහෙද ළමයො,දකුණු අතේ වෙන්න ඇති.කකුලෙ නං වළලුකර.

    ReplyDelete
    Replies
    1. හැලප,

      කකුලෙ කොහෙද බං වළලු කරක්? තුනටිය ගැන වෙන්න ඕන ඔය උපේස්සා මහගෙ කියන්නෙ

      Delete
    2. හුටා හුටා.... වැරදුනා... හැදුව වළලුකර කියල. ඇත්තටම ලියන යනකොට මොකද්දෝ අවුලක් තේරුනා... ගණන් ගත්තේ නැහැ.. හි.. හි...

      Delete
  3. උපේක්ෂා, ඇත්තම කතාව මම මේ පොස්ට් එක බැලුවේ නැහැ, නිකන් පින්තුර ටික බලන් ගියා විතරයි.

    බ්ලොගේ කිසිවක් ලියලා දැම්මට පස්සේ එක කියවන අයටත් එක කියවන්න //ප්‍රමාණවත් කාලයක්// ලබා දෙන්න ඕනා නේද? ඉතින් ඔබ ඒ [ඔස්ට් දෙකක් අතර ඒ කාල පරතරය ඔබ තබා ගන්නවද? මට කියන්න තියෙන්නේ ප්‍රමාණවත් කාල පරතරයක් ඇතිව ඒ ඒ ලිපි පල කරන ලෙසත් ඒවා කියවීමට හා අදාළ ලිපියට වටිනාකමක් ලැබීමට ඉඩ හරින්න කියාත් පමණි. ((මෙය හුදු ඉල්ලීමක් පමණි))

    මොකද ඔයාගේ බ්ලොග් එක ඔයාගේ, ඔයාට ඕනා දේ තමයි ඔයා පල කරන්නේ, ඉතින් ඔයාට ඕනා වෙලාවක ඕනා දෙයක් පලකරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනා නෑ තමයි. ඉතින් එක නිසයි අර කලින් කිව්වා වගේ කියවන අයට කියවන්න ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න කියලා කියන්නේ.
    ((යලිත් කියන්නේ එක ඉල්ලීමක් පමණයි))

    පොඩ්ඩක් ඒ ගැන අවදානය යොමු කරන්න.

    //බොලට කලින් පොස්කටුවකත් ඕක ගැන කවියෙන්ද කොහෙද කිව්වම බොලා කිව්වේ බනිනවා කියලනේ, :P//

    {{ඔය කීවට පස්සේ වෙලාවක කියවන්නම් හරිය :D}}

    ReplyDelete
    Replies
    1. සමාව භාජනයක් කරන සේක්වා...

      ඔව් ඔව් මට තේරෙනවා. එත් ඉතින් මෙහෙමයි නේ... කවියක් මම ලියන්නේ... ගත්ත හිස් පිටුවක්.... ලිව්වා වචනයක්... ඒ වචනෙට ඊළඟට එන දේ ඇමිණුවා .... තව වචනයක් ලිව්වා... ටිකයි... ටිකකින් කවිය ලිව්වා... ඉවරයි... පොස්ට් කළා... එක්කෝ draft කරලා තියල, පස්සේ දානවා.

      කතන්දරයක්, සිද්ධියක් උනත් හිතපු ගමන් ලියනවා. ලියපු ගමන් පොස්ට් කරන්නේ. ඒකත් කරන්නේ හදිස්සියෙන්. ඒ මගේ හැටි සොමියා. මක් කොරන්නද? කිව්වා නාහන ගුරු ඉහල ගියත් එකයි.. පහල ගියත් එකයි කියනවා නේ....

      මම කවි ලියන්නේත්, කතා ලියන්නෙත් ගොඩක් වෙලාව අරගෙන නෙවෙයි. කෙලින්ම ඔරිමජිනල් එකේ ලියනවා මිසක් කටුසටහනක්, සෝදුපත් බැලිල්ලක් කියල එකම 'හොඳ' දෙයක්වත් පාවිච්චි කරන්නෙත් නෑ .. ඇත්තටම.. ඒ ලියන දෙයක් උනත් දෙපාරක් තුන්පාරක් තියා, එක පාරක්වත් බලන පුරුද්ද මට නැහැ.. ඒක අඩුපාඩුවක්, කොටින්ම මම උත්තර පත්‍රයක් වත් දෙපාරක් චෙක් කරන්නේ නැති මැටි මෝලෙක් !!

      මම මිටපස්සේ Shedule කරන්නම්.. හික් හික්...

      වෙලාව තියෙන හැටියට කියවන්න. අවුලක් නෑ සොමියා.

      තරහ වෙන්න එපා සොමියෝ මෙහෙම කිව්වට. මම ලියන දේ කියෙව්වේ නෑ කියලා හරි, කියවන්නේ දෙතුන් දෙනෙක් කියන එක හරි මාව අධෛර්යට පත් කරන හේතු නෙවෙයි, කවදාවත්.

      Delete
    2. ඔන්න දැනුයි කියෙව්වේ :D

      එකම ට්‍රක් බන්, ඒ කාලේ ඔලු වලට එන සෙල්ලන් ටෙලිපති වලින් වටේටම ගියාද මන්දා, නම් නම් ඇල්ලුවේ තණකොළ පෙත්තොයි, අර රතු පාට පිටේ කළු ඩොට් ඩොට් තියෙන උනුයි විතරයි, අයි ඒ දවස් වල මාළු පිස්සුව, ෆයිටර් විමානයයි ජාම් බෝතල් වල, උන් කොටවන එකත් පට්ට, ඇයි පොඩි වලක් හාරලා එකේ තව ඇරෙහං මෙහෙන් පාරවල් හදලා දිමියෝ දෙන්නෙක් අල්ලන් උන්ට තනකොළ යුෂද කොහෙද පොවලා ඔය වලට දාල එකට උඩින් විඉදුරු කෑල්ලක් තියලා දවසම උන් දෙන්නගේ වැඩ බලන් ඉන්නෝ, සමහරක් වෙලාවට කුබින්ට ආතල් දෙනෝ, කුඹි ගුලක් වටේ සීන් දාල උන් පෝලිමේ එන කොට සීනි ටික අයින් කරනවා, හෙක් හෙක් :D. ඉස්සර මදටිය ඇට එකතු කරනවා, මැයි මලේ තියෙන රේණු වලින් කොකු ෆයිට් කරනවා, මොනවාද බන් අපි නොකළේ?

      බොලා අර ටික්කො කියලා ඇට ජාතියක් කඩලා තියෙනවද? කෙල ටිකක් හරි වතුරට හරි දැම්මම ටුක් ගාල පුපුරන?

      //තරහ වෙන්න එපා සොමියෝ මෙහෙම කිව්වට. මම ලියන දේ කියෙව්වේ නෑ කියලා හරි, කියවන්නේ දෙතුන් දෙනෙක් කියන එක හරි මාව අධෛර්යට පත් කරන හේතු නෙවෙයි, කවදාවත්.//

      අනිවා එක තමා වෙන්නත් ඕනා, ජය වේවා!!! ඒ වුනාට පොඩි ගැප් එකක් තියපියෝ :D

      Delete
    3. හෙහ්... අර රවියා කියන්නේ මෙහෙම උන් උන්ගෙන් පස්සේ හිටියේ නැහැ කියල... මම ඉතින් කියල දැම්ම මමත් රවියා තරම්ම පරණයි කියල. සොමියෝ.. ඇත්තම කියනවා නම් අපිත් ඔය වලක් හාරලා සත්තු දාන වැඩේ කළා... මහා පවුකාර වැඩ නැද්ද? හැක් !! තව එව්වා තියෙනවා, කිව්වොත් කෙල්ලෙක් හින්ද මට දීගතල යන්ටවත් බැරිවෙයිද මන්ද, එහෙව් කොල්ලෝ නොවෑ මගේ සමකාලීනයෝ!

      මාළු?? මාළු පිස්සුව තදටම තිබ්බ. ඒක නම් ජාන වෙන්න ඇති, අපේ අප්පච්චිට තිබ්බ ලොකු මාළු ටැංකි පිස්සුවක්. ඒ හින්ද ඉපදිච්ච දවසේ ඉඳල මේ අද වෙනකොටත් පවත්වාගෙන යන අලීම අලි මාළුටැංකියක් අපේ ගෙදර තියෙනවා. ඒන්ජල්ස් , කාෆ් , ගෝල්ඩ් ෆිෂ්, ෆයිටර්, ආලෝක මාළුවෝ ( උන්ගේ ඇත්ත නම දන්නේ නැත) වගේම සාරිගප්පිත් එක වගේ... සාරිගප්පි නම් වැඩිපුරම හිටියේ බෝතල්වල.

      ටික්කො ඇට නම් මතක් වෙන්නේ නැහැ. මට මතකයි අර ගස් වලින් බඹරයක් වගේ කැරකි කැරකි වැටෙන ගෙඩි ජාතියක් නම්. මදටිය නම් හම්බානක එකතු කළා. අපේ අය්යා කාරයා මට දවසක් ලුනුමිදෙල්ල කව්ව , වෙරළු කියල.

      මතක් වෙනකොට හිතෙනවා අපි වැද්දෝ වත් නොකරන ජාති අපි කරලා කියල...

      Delete
  4. ඒ හින්ද වෙන්න ඇති උඹට කුරුමිට්ටා කිව්වේ කට්ටිය :P

    ReplyDelete
    Replies
    1. අනේ මේ..... හුහ්... අල්ලලා දානවා කුරුමිණියෙක් කණේ !

      Delete
  5. "අපිව අල්ලන් යන්න යෝධයො දෙන්නෙක් එනවෝ "කියල ඒ කුරුමිනියො කොල අස්සෙ හැංගෙන්න ඇති නේද? මට Ant bully මතක් වුණා. :P

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනේ ඒ ෆිලුම නෙව!

      Delete
    2. ඇත්තටම බස්සි, මම ඔය දෙබස දාන්න හැදුවේ. වැඩිපුර ආලවට්ටම් ලියන්නේ නැතුව ලියන්න ඕනේ කියල හිතපු හින්ද ඒ අදහස අතඅරගත්තා.. හි.. හි... ඇත්තටම උන් එහෙම හිතන්නත් ඇති ඇයි සමහරු මෙහෙමත් හිතන්න ඇති

      "අන්න මචෝ අදත් අර පිස්සෝ දෙන්න එනවා..."
      "ආ.. ඇත්තද? චැක් විතරක් මගේ ගෑනි නැත්තම් මම වෙන පළාතකට ගිහිල්ල ඕයි .. අම්මප! හැමදාම ඇවිල්ල වඳුරෝ දෙන්න වගේ එබිලා යනවා. අපිටත් කියල නැද්ද බන් ප්‍රයිවට් ලයිෆ් එකක්... චැක් !!"

      Delete
  6. මගේ "යෝධ කුරුමිණි යුද්ධය" ගැන මේ තරම් අපූරු පෝස්ටුවක අග්ගිස්සේ ලියා නිකම් පච වෙන්න බැරි හින්දා කට පියාගෙන නිකා සිටිමි. අනික මේ වගේ නෙමෙයි මගෙ සෙල්ලම බොබසෙ එකට ලීක් වුනොත් අනිවා සුදු වෑන් එකක් සුවර්!!

    ReplyDelete
    Replies
    1. බස්සිගේ මේ කොමෙන්ටුව මම බලාගෙන උන්නේ වැටෙනකල්.... බස්සිට කියන්න බස්සියෝ ඇත්තම කියනවා නම්... මම නොකියපු කොටසකුත් තිබ්බ. ඒ තමයි ජෑම් බෝතල් වලට දමාපු සමහර උන්ගේ බෝතල් කට කඩදාසි කොලෙන් වැහුවට, සමහර වෙලාවල් වලට අපිට කොලේ හිල් හදන්න අමතක වෙනවා. පහුවදා බලනකොට හිට්ලර් විෂ දුම් ගහල මරපු යුදෙව්වෝ වගේ... අනේ උන් ටික ඔක්කොම මැරිලා... මම උන් ගැන දවස් ගණන් දුක් වෙලා තියෙනවා.. හි.. හි.. ඒත් ඉතින් ආයෙත් දවසක ඔහොම අමතක වෙලා තියෙනවා.... පව් නේද?

      සුදු වෑන් එක පාක් කලාද? ( අනේ අපි වගේ සුට්ටන් අය ගෙනියන්න මොකටද වෑන් ? හැක් !!)

      Delete
  7. Halapayo kathawa rasa windapan ahu mulu hoyanne nathiwa...

    ReplyDelete
    Replies
    1. ane.. ganan ganna epa ane... mama aasai ehema poddak ahumulu kiyanwata. ethakota thamai post eka kiyola kiyala hithenne.. he he... thx Ano

      Delete
    2. ගාණක් නෑ ළමයෝ.ඌත් හැම අහුමුල්ලකම රිංගල කැකුණ තලාගෙන ජීවත් වෙන එකා නොවැ.

      Delete
  8. එකක් ඇර එකක් තමා කොමෙන්ට් කරන්නේ.
    කියවන්න ජුන්ඩක් වෙලා දෙන්න

    ReplyDelete
  9. ඒයි..ලේනි බර්ඩ්ස් නෙවෙයි බං ලේඩි බර්ඩ්ස්....අපිත් ඔය එවුං එකතු කලා නෙව. බතල කොලවල තමයි වැඩිපුරම හිටියෙ. අනික මම මේ කල්පනා කලේ අපේ කාලෙන් පස්සෙ පොඩි එවුං ඔය වැඩේ කරනව මම අහලම නෑ. උඹටත් මට පේන්නෙ....හෙහ්,හෙහ්,

    පලි- Lady Bird Books කියල අපි පොඩි කාලෙ තිබ්බ එංගලන්තෙ පොත් ප්‍රකාශන සමාගමකින් ගහපු බොහොම අපූරු ළමා කතා පොත් පෙලක්.

    ReplyDelete
    Replies
    1. ඒ පොත්වල මුල පිට්ටෙයි අග පිට්ටෙයි තිබුනෙ රතු පාට ලේඩි බර්ඩ්ලා පිරුන හිස් පිටු දෙකක්... :D

      Delete
    2. ඔව් රවියෝ.. මම දන්නවා උන්ගේ නම ලේඩි බර්ඩ්ස් කියල ( ඇත්තටම උන් බග්ස්ලා).. අපි පොඩි කාලේ කිව්වේ ලේනි බර්ඩ්ස් කියල... අනේ අපි දන්නා ඉංගිරිස්!!

      අහල නෑ කිව්වා? අනේ අනේ... ඔයා නම් වැඩක්ම නෑ... ඔයාල වගේ නාකිම අයට පස්සේ ඔය වගේ සෙල්ලම් කරපු උන් වඳ වෙන්න ඇත්තේ ඔයාල එකතු වෙලා මේ සත්තු ටික ටික වඳ කරලා දාන්න ඇති... ආ... මම ඉතින් පට්ට නාකි බව මම කියල තියෙන්නේ.. ඇයි මතක නැද්ද?

      ඔව් ඔව්.. තාමත් ඒ පොත් තියෙනවා...

      Delete
  10. හෙක්... කුරුම්ණියො
    මෙහෙ ඉන්නෙ පොල් කුරුමිණියො විතරයි බාං....රතු කුරුමිණියා සහ කළු කුරු මිණියා...
    රතු එකා පොල් ගහකට ගැහුවොත් සොරි තමා...

    හා ඒව වැඩක් නැ නෙ...

    ReplyDelete
    Replies
    1. මහේෂ්: මුන් කුරුමිණියෝ කියල මම දන්නේ මේ පොස්ටුව ලියන්න ගත්තහම!! එතකල් මම හිතන් හිටියේ මුන් 'Lady Birds' ලා කියල

      Delete
  11. //ඔපීසියේ වැඩ වගේද අනේ මේ වැඩේ? එව්වා කොයි වෙලේ කරගන්න බැරිද?// ඇත්ත කතාව ,
    මොකෝ මගේ වැඩ වෙන එකෙක් හොරකන් කරන යන් නෑනේ

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් එකෝමත් එක දවසක මරු කතාවක් කිව්වා.. අපේ අය්යා කොහෙන්දෝ ගෙනත් අලි පත යකඩ ගොඩක් වගේ වාහන කෑල්ලක් ගේ ඉස්සරහ දාල තිබ්බ. අපේ අම්ම හෙන අමාරුවෙන් ඕක එහාට කලත් ගේ කිසිම පිළිවෙලක් නැහැ ඕක ඉස්සරහ තියෙනකොට. මට කියනවා
      "අනේ මේක හොරෙක්වත් ගෙනියන්නේ නැහැ නේ කියල...." මට මැරෙන්න හිනා...

      Delete
  12. ළමා කාලේ විතර රසවත් කාලයක් ආයේ එන්නේ නැති බව අපිට ළමා කාලෙදි නොතේරුන එකයි දුක. ඒ කාලේ බලාගෙන හිටියේ ළමා කාලේ පහුවෙනකල් මොකද අවුරුදු දහ අට වුනාම කරන්න ඕනේ දේවල් ගණනාවක ලැයිස්තුවක් හදාගෙන හිටපු නිසා. ලයිසන්ස් ගන්න එක එකක්. ඡන්ද අයිතිය ගැන නම් කිසිම ඕනේ කමක් තිබ්බේ නෑ.

    Lady birds ප්‍රශ්ණේ රවියා ඇදලා තියෙනවනේ. ඒ British English වලින්. American English වලින් ඕකා lady bug මම හිතන්නේ. දැනුත් කියන්නේ කුරුමිණියා වෙනස් කියලද?

    ඔය පින්තූර වල ඉන්න එවුන් මට පේන්නේ ප්ලාස්ටික් කේස් වල දාලා ඉන්නේ. ඒ වගේම උන්ව පේන්ට් කරලදත් මන්දා.

    ReplyDelete
    Replies
    1. ළමාකාලයේ රසවත්බව තේරෙන්නේ ඒක නැති කාලෙක, ටිනේජ් කාලයේ රසවත් කමත්, සිංගල් තරුණ කාලයේ නිදහසත් දෙකම දැනෙන්නේ ඒවගෙන් මිදුනහම. මට හිතෙන්නේ අපි එහෙම හිතන්න හොඳ නැහැ... හිතන්න ඕනේ.. මම ළමාකාලයේදී හරි, කොයිකාලයේදී හරි අදාළ වයසට නිසි දේවල් කලාද, වින්දාද කියන එක විතරයි. එහෙම නැත්තම් ඉදිරියට තියෙන කාලවල් වල එහෙම කරන්න ඕනේ... කොයි කාලයේදී උනත් අපි විඳීමක් ඉතිරිකරගන්න ඕනේ.. නැද්ද?
      මම ඔය සත්තු හොයන්න නෙට් එක පිරනකොට Lady කිව්වට ආවේ නැහැ. bug කිව්වම තමයි ආවේ හරි පින්තූර. මදුර ඩික්ෂනරි එකේ bug කිව්වම කියන්නේ 'කුරුමිණියා' කියල.

      ඔව් හෙන්රි.. උන් හරිම විසිතුරුයි... ඒ වගේම ඩිටෙල් බැලුවොත් විශ්මිත රටා තියෙන්නේ. අපි උන්ව බෝතලේ දාල පිටින් බලනවා උන්ගේ කකුල් තියන් ඉන්න විදිය එහෙම.. මේ සමහර පින්තුර වල ඒවා පේනවා

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...