Saturday, July 5, 2014

57. නිල් නුවන් -01

වෙනදාටත් වඩා වැඩ අඩුවෙන් කලත්, තෙහෙට්ටුව නිසා කලින්ම කාර්යාලයෙන් පිටවුණ නුවන් ඈතින් දකිත්ම ඔහු අසලට දුව ආ රියදුරු ඉක්මනින් අතේ වූ පරිඝනක බෑගය අතට ගෙන දොර විවර කර දුන්නේය.

"සෝමදාස, අද සුපර්මාකට් යන්න ඕනේ , හන්දියේ  නෙවෙයි. එහා තියෙන එකට. අක්කට ඕනේ කිව්වා එතන තියෙනවා කියල බඩුවගයක් "

සෝමදාසගේ සිනහවෙන් මදක් සමහන් වුනු සිත අතගාමින් නුවන් පසුපස ආසනයට බරවිය. වෙනදාටත් මේ වැකිය සොමදාසට හුරුය. එලෙසම මෙවන් විඩාපත් මුහුණත්! නුවන් මහත්තයා ගැන ඔහු තුල ඇති පහන් හැඟීම වසර ගණනාවක් තිස්සේ තිරව පවතින්නට ඒ කිසිවකින් බලපෑමක් නොවුනද, ඔහු ගැන අනෙක් රියදුරන් එක්කාසුවන රථගාලේදී පලවන අදහස් මැඩීමට ඔහුට හැකියාවක් නැත.

රිය පණගන්වා ප්‍රධාන පාරට හරවා, පදවාගෙන යන අතරතුර සෝමදාස වරින්වර කණ්ණාඩියෙන් පසුපස අසුනෙහි සිට නිසොල්මන්ව දෑස පියාගෙන ඉන්න නුවන් දෙස බැලුවේ යමක් කියවන්නට මෙනි.

".. ඔය කිව්වට ලොකු මහත්තුරු... හෙහ්.. අපි නොදන්නවාද.. නැතුවද ගෑණු රට වටේ.... හෙහ්.. හෙහ්... පේනවනේ අපේ මහත්තය.. හෙහ් හෙහ්... ගෙදර පුස වගේ.. බලන්ට එපෑ ඔපිස් එකේ... හාහ් හාහ්.."

නිමල් ගේ වදන් ඔහුගේ කන් වල දෝංකාර දෙන්නා සේය. වසර පහක් තිස්සේ තමන් සේවය කලත්, ඔවුන් කියන ආකාරයේ අසම්මත සබදකම් තමන්ගේ කිසිම ගමනකදී හෝ නොදැනුණි. පෙනුමෙන් වුවත් කිසිවෙකුත් වරකට වඩා හැරී බලන ,තවමත් විවාපත් නොවුණු ස්වාමියෙක් ඉන්නා එකම රියදුරු තමන්ද?



සුපිරි වෙළඳසල අසල නතර කරත්ම, සිය මුහුණෙහි විඩාපත් බව මකාලූ නුවන්, රියෙන් බැස දොරෙන් ඇතුළුවී යත්ම, වේගයෙන් රාක්ක අතුරෙන් දිව ආ යමෙක් තමන්ගේ කකුල් අතරේ පැටලෙනු දැනුණි .
"අප්පච්චි................. මේවත් මට ඕනේ...."

දෙඅත් කුඩා ලැමට තුරුළුකර, එහි පුරවාගත් පැණිරස ජාති පෙන්වමින් නුවන්ගේ පාමුල හුන්නේ, කොන්ඩ කරල් දෙකකින් හිස සරසා, බෝනික්කෙකු සේ ලස්සන කොට ගවුමකින් සැරසුණු පොඩි දැරියකි. සියළු සිතුවිලි වසාගෙන සිහිල් පවනක් හමාගියාක් මෙන් නිවුණු නුවන්, පහත්ව ඇගේ හිස අතගාන්නට තැත්කරමින්
"ඔව් දුව... මම ඔක්කොම අරන් දෙන්නම්"

කියත්ම , පිටුපසට පැන්න හුරතලිය සිය හිස ඔසවා බැලුවාය. දිලිසෙන, රවුම් ඇස් යුවල තවත් විසල්වට විවර කරමින් පසුපසින් පසුපසට ගිය ඇය...
'ඒ ඇස් ' නුවන්ගේ සිත නිසල වුවා සේය..
එකවරම ආපසු හැරී රාක්ක අතරෙන් නොපෙනී ගියාය. ඉහලට එසවූ හුස්ම පහළට හෙලු නුවන්, තවදුරටත් කුඩා දැරිය බියපත් කරවීම නොරිසි බව සිතා සෝමදාස සොයා හාත්පස බැල්මක් හෙලීය. සෝමදාස ඇතුළුවී, සුපුරුදු පරිදි ට්‍රොලියක් රැගෙන ඔහු පසුපසට වැටුණේය.

".... අනේ........ මට මෙව්වගෙන් එකක්වත් ඕනේ... අනේ...."
"... වැඩි... " හරි හැටි නොඇසෙන උත්තරයක්!

යාබද රාක්කය පසුපස අර කුඩා දැරිය ඇයගේ කවුරුන් හෝ සමග පැණිරස දිනාගැනීමට තැත්කරන ශබ්දය ඇසේ. නුවන් තනිවම සිනාසී අවශ්‍ය බඩු තෝරා පසුපසින් එන සොමදාසගේ ට්‍රොලියට දමන්නට විය.
'හුරතල් කෙල්ලෙක්... ලස්සන ඇස් තියෙන... '

නුවන් සිතුවේ ඇගේ හුරුබුහුටිකම කොතරම් සිත් පැහැරගැන්නාසුළුද යන්න මිස, ඇගේ පැණිරස කෑම ගැන නම් නොවේ.

හදිසි බඩු ලැයිස්තුව සම්පුර්ණ කරගත් ඔහු, බිමබලා ගත්වනම හෙමින් මුදල් ගෙවීමේ කවුන්ටරය වෙත පියමැන්නේය. ඒ ඔහුගේ ස්වභාවයයි. හෙමින්, බිම බලාගෙන ගමන් කිරීමට ඔහු විශ්වවිද්‍යාලයේදීත් ප්‍රසිද්ධව සිටි අයෙකි.

කවුන්ටරය අසලදී ඔහුට ඉදිරියෙන් සිටි අර හුරුබුහුටි දැරිය එකවරම ඔහු දෙසට හැරි

"මෙන්න මේ අංකල් කිව්වා මට ඔක්කොම අරන් දෙනවා කියල"

ඒත් සමගම, ඇය හා සිටි වැඩිහිටියාත් , ලස්සන සිනහවකින් දැරියට සංග්‍රහ කල නුවනුත් එකවර බැල්මක් හුවමාරු කරගත්හ. නුවන්ගේ හුස්ම නැවතුනා සේ විය...

"උ.....මා..."
ඔහුගේ උගුර සිරවූ නිසා, ඒ වචනය හිරවුවා මිස එලියට පැමිණියේ නැත. ඒ වෙනුවට කටින් පිටවුයේ ගොර ගොර ශබ්දයකි. දැරියගේ වැඩිහිටියා, ගල්ගැසී සිටියාය.

නුවන් සේම ඇයත් ත්‍රස්තව සිටියද, නුවන්ට පෙර සිහි එළවාගත් ඇය , අත වූ සියළු බෑගයන් එක මිටකටද, අනෙක් අතින් දැරියද තදින් ග්‍රහණය කර අඩියට දෙකට වෙළදසලෙන් එළියට පැන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරියකගෙන් පලා යන්නා සේය. මේ කලබලයට අවට වූ අයගේ අවධානය එත්ම, නුවන්ගේ පියවි සිහිය පෙනෙන මානයට පැමිණියේය. ගල්ගැසී උන් ඔහු, සිය මුදල් පසුම්බිය ,පසුපසින් ට්‍රොලිය සමග උන් සෝමදාසට විසිකර

"බඩු වලට ගෙවන්න"

කියමින්, දැරිය ඇදගෙන දිවූ අමුත්තිය පසුපස දුවන්නට විය.

වෙළදසලෙහි සියලු දෙනා, ඇස් විවරකොට, කටවල් අයාගෙන මේ චිත්‍රපටි දර්ශනය ග්‍රහණයට ගත්තද, අගක් මුලක් කිසිවෙකුට සිතාගත නොහැකිවිය. ගල්භිත වූ සෝමදාස යන්තම් සිහිය එළවාගත්තේ, මුදල් අයකැමි තරුණියගේ කටහඩටය.

හැකි වේගයෙන් වෙළන්දසලෙන් එළියට පැන්නද, හාත්පස බැලූ නුවන්ට, දැරියවත් , ඇය සමග ගිය වැඩිහිටියාවත් හෝ ඔවුන්ගේ කිසිදු සලකුණක් හෝ  සොයා ගත නොහැකි විය.

රථගාලේ ආරක්ෂකයා රථයක් පාරට ගැනීමට උපකාරකොට පාර දෙස සිට එනු පෙනුණි. සියල්ල සන්සුන්ය, නුවන්ගේ සිත තුල මහා ගින්නක් ඇවිලෙන්නට පටන් ගති.

ඉහළට අල්ලාගත් දැඩි හුස්මක්, වේගයෙන් වැඩි වේලාවක් තිස්සේ පිටකළ නුවන් ඉනෙහි රඳවාගෙන හුන් දෑතින් මුහුණ වසා ගත්තේය.

"මහත්තය.."
තමන්ට පසුපසින් සිට පහත් හඩින් කතාකල සෝමදාසගේ ශබ්දය ගල්බෝරයක් සේ දැනුන නුවන්, වහා සාමාන්‍ය වෙන්නට උත්සහ කළේය.
"... පර්ස් එක ... මහත්තය.."

ඔහු දෙසට නොහැරී , සිය පසුම්බිය අතට ගත නුවන් නිහඬවම රථය කරා ගමන් කර පසුපස දොර විවර කළේය. චකිතයෙන් උන් සෝමදාස, එහි බඩු තබද්දී කල්පනාවෙන් උන් නුවන් සිය පසුම්බිය විවරකර රුපියක් පන්සියයක් ගත්තේය.

"සෝමදාස, ඔය බඩු අපේ ගෙදර දාල , ඔයාගේ ගෙදර යන්න"

නුවන්ට අවශ්‍යව තිබුනේ සොමදාසගෙන් මුහුණ සඟවාගන්නටය. සොමදාසගෙන් පමණක් නොව, සියලු දෙනාගෙන්ම මිදී තෙරක් නොපෙනෙන පාරක් දිගේ හතිවැටෙනතුරු දිවීමටය....

කිසිවක් නොකී සෝමදාස බඩු සියල්ල නැවතත් අතට ගෙන , නිහඬව රථයේ යතුර නුවන් අත තබා, මුදල්ද සමග ත්‍රිරෝද රථගාල දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය. ඔහුගේ සිතද මේ සිද්දියෙන් ගැස්සී ගියද, වෙනසක් නොපෙන්වා සිටියේ නුවන්ගේ පෙනුමෙහි වූ අමුතු විලාසයයි.

සෝමදාස ඈතට යනු බලා සිටි නුවන්, මිටමොලවාගත් අතින් රථයේ බොනට්ටුවට පහරක් ගැසිය. ඒ හඬට ගැස්සුණු රථගාලේ ආරක්ෂකයා බියපත් නෙතින් නුවන් දෙස බලාසිටිනු ඇස් කොනින් දුටුවෙන්, කිසිවෙකුත් නොදකින තැනකට එකවර දිවීමේ දැඩි අවශ්‍යතාවයක් නුවන්ට ඇති විය.

සැනකින් රථයට නැගුනු නුවන්, ඉඳහිට ඔහුගේ සිතුවිලි අතර කිමිදෙන සුපුරුදු නවාතැන දෙසට රථය හසුරවන්නට පටන් ගත්තේ ආයාසයකින් තොරවය.

දෙවන කොටස 

23 comments:

  1. බලමු බලමු.. දෑස් පියාගෙන හිිටියයි කිව්වේ සෝමදාසද? නුවන්ද?

    ReplyDelete
    Replies
    1. කියෝගෙන යනකොට පැටලෙනවද ? මම හිතන්නේ ඒක තෝරලා දෙන්න ඕනේ වචනේ එතන නියමිත තැන තියනවා කියලා.

      Delete
  2. ඒ ඇස් තමා ඇස්..... නේද?

    ReplyDelete
  3. උපේක්ෂාත් එක්ස්ප්‍රස් කෝච්චිය වගේ පෝස්ට් දාන්න ගත්තද මංදා.අපට කියවන්නත් වෙලාවක් දෙන්න.පෝස්ටුව තවම කියෙව්වෙ නෑ.කියවල අදහස කියන්නං.

    ReplyDelete
    Replies
    1. වෙලාව තියෙන හැටියට තමයි හැලපේ... ඔන්නොහෙ වෙලා තියෙන හැටියට බලන්න තරහ නොගෙන

      Delete
  4. පට්ට වෙයි වගේ...
    අපූරු කතාවක් පටන් ගැනීමේ සුභ පෙර නිමිති පේනවා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දැන්ම කියන්න බැහැ.... බලමුකෝ නේද? ස්තුති ඉවසීමෙන් කියෙව්වට

      Delete
  5. මේ දෑස මක්කටෙයි...
    හානා හීය පානා අඬහැරෙන් දැනේ...

    රස කථාවක් අැරඹිලා වගේ..
    ජය වේවා!!

    ReplyDelete
  6. ම්ම්ම් බලමු ඊළඟ කොටස් එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... බලන් ඉදල තලාපල්ලා මට ඇති වෙනකල්!

      Delete
  7. කිව්වට තරහ වෙන්න එපා...උඹේ සුපුරුදු නිසංසලේ ගලා යන රිද්මය ඇත්තෙම නෑ. හැප්පි හැප්පි කියෙව්වෙ.....:(

    විවේචනය කියන්නෙ එහෙමනෙ. හොඳයි නම් හොඳයි කිව. නරකයි නම් නරකයි කිව්ව.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති රවියෝ... වෙන්න ඇති... මගේ මේ ශෛලිය මිට අවුරුදු 10කට කලින්! මගේ නිදහස් ශෛලිය පස්සේ පටන් ගත්තේ. අවුරුදු ගානක් මෙහෙම නොලිය ඉඳල දැන් ලියනකොට, කියෝන මමත් හැප්පෙනවා. වලගොඩැලි නැතුව කාපට් කරමු හෙමින්...

      එළ එළ රවියෝ.. අන්න නියමයි, මම කැමති එහෙම කියනවට. වටෙන් බොරු බටර් ගානවට වඩා.
      මටම තේරෙනවා, මට මේ ශෛලිය දැන් දිගට ලියන්යන්න තාම එන්නේ නැහැ.

      උත්සහ කරනවා ඉක්මනට ට්‍රැක් එකට එන්න! එතකල් වලවල් වල වැටි වැටි කියවන්න... හි... හි...
      වර්ජනේ තහනම් හොදද? හෙදියොත් අරහේ පටන් අරගෙන නේ!

      Delete
    2. ඔවු! මේකෙ මොකක් හරි හැප්පිල්ලක් තියෙනව කියල ලියන්ඩ හිතාගෙන පල්ලං බහිද්දි රවී අයිය ඒක කියල..
      මොකද්ද පැහැදිලි නැති ගතියක් තියෙනව...

      Delete
  8. is this from another blog? it seems I have already read this.

    ReplyDelete
    Replies
    1. What? NOOOO.. this is purely my own imagination... has anyone else had SAME thoughts???? that's surprising!

      Delete
    2. ඔව්. මේක මම කලින් කියවපු එකක්. පත්තරේකද මන්දා. ඊයේ රෑ මේක කියවනකොට රීඩරෙන් දැක්කම පුදුම හිතුනා. ඒකයි ඉන්ග්ලිශ් වලින්ම ලීවෙත්. සමහරවිට ඔයාගේ ලියුම් කලින් පත්තරවලට දැම්මද?

      Delete
    3. රංගි , කතාව අවසානයේ මම ලියන්න හිතාගෙන හිටපු දෙයක් මෙතන ලියන්න වෙනවා මම ඔය ප්‍රශ්නෙට උත්තර දුන්නොත්. හැබැයි මට මෙහෙමත් අහන්න හිතුන.. කොයි කාලේ වගේද පත්තරේ දැක්කේ?

      ප්‍රශ්නෙට බාගෙට උත්තර දුන්නට සමාවෙන්න. කතාව අන්තිමට හරියටම උත්තරේ දෙන්නම්.

      Delete
    4. මම හිතන්නේ මාසයක් හෝ දෙකක් වගේ මිසක් බොහෝ කල් කතාවක් නෙමෙයි. සමහරවිට ඊට අඩු වෙන්නත් පුළුවන්. මම ඔන්ලයින් විතරක් කියවන නිසා ඔයාට ඕන නම් ඕක කොපි පේස්ට් කරලා ගූගල් කලා නම් හොයාගන්නත් පුළුවන් වෙයි.

      Delete
  9. ඔන්න මම උපේක්ෂාවෙන් කියවන්න පටන් ගත්තා . මේක කියවන්ට දේවල් තියෙන තැනක් කියලා තේරුනා . ජය !

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්... සාදරයෙන් පිළිගන්නවා !

      උපේක්ෂාවෙන් කියවන්න තමයි වෙන්නේ. නැත්තම් මොලේ කචල් වෙනවා, පරිස්සමෙන්! ස්තුති

      Delete
  10. බලමු බලමු මේ අදෝනාවත් කියවලා :p

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...