Tuesday, May 20, 2014

37. කාලය කොතරම් සොඳුරුද නපුරිය (01)

අද උදෙන්ම.. ( උදෙන්ම කිව්වට පාන්දර 9 ට විතර) ගාට ගාට එන බස් එකේ නැගල... වාඩිවෙන්න අවස්තාවක් හොයාගෙන ඉස්සරහටම ආවම ... දන්නවනේ ඉතින් අර ගැබිණි කාන්තාවන්ට තියෙන ආසනේ.. ඒක  තිබ්බේ තුන්වෙනි පේළියේ ... මගේ වෙලාවට එතන ඉඳන් හිටපු කොල්ලා බැහැලා යනකොටම මම මගේ ලට පට ටිකත් අරගෙන වාඩිඋනා..

හෝල්ට් තුනක් යන්න ලැබුනේ නෑ ... පොඩියට බඩක් තියෙන කෙනෙක් නැග්ගා බස් එකට... දැන් මට හෙන සැකයි ඇත්තටම මෙයාට දරුවෙක් ලැබෙන්නද , නැත්තම් හොදට කාලා බීලා හදාගත්ත පෘෂ්ටිමත් බඩක්ද කියලා. කොහොම උනත් එයාට ආසනයක් ලැබුනේ නම් නැහැ ඉස්සරහ පේලි වලින් ( සමහර වෙලාවට මම වගේ දෙගිඩියාවෙන් හිටියද දන්නේ නැහැ නේ එයාලත්? ) ඔන්න ඔහේ කියලා මම මගේ ආසනේ දුන්නා.. එකට කියන්නේ පරිත්‍යාග කළා කියලා නේ!

දානෙන් දානේ උතුම් දානේ ( හා හා ... තෑග්ගෙන් තෑග්ග කියලයි පොතේ තිබ්බේ) කියලා එක හෝල්ට් එකක් යන්න කලින්ම ඊට ඉස්සරහ සිට් එකෙන් ඉඩක් ලැබුණා , ඉඳගත්ත බන්ඩි ගෙඩි අම්මා මගෙන් මගේ මළු ඉල්ලලා පොරකනකොට මම ඉක්මනට එතනින් වාඩි උනා, ජනේලේ පැත්තේ හිටියේ කොල්ලෙක් වගේ, මම වැඩිය නොට් කලේ නැහැ. බස් එක අයෙත් ඉබි ගමනේ, මම ඔහේ පුරුදු විදියට මගේ මනෝ ලෝකේ.......



යන්තම් බිමට පාත් උනේ බහින තැන ලන්වෙනකොටමයි... මම මගේ බෑග් ලෑස්තිකරනකොට , පුදුම හදිස්සියක් තියෙන මගේ ජනේලේ පැත්තේ හිටපු කොල්ලා... මවත් පෙරලගෙන බහින්න යන්න කල්පනාව! හුහ්... මට ඉතින් තද උනාට අමාරුව තියෙන එකාට යන්න ඉඩ දීලා මම ඔන්න නැගිටලා පස්සෙන් ආව.

මු දුවගෙන ආවට බහින්න බෙල් එකවත් ගැහුවේ නෑ නේ!!! මූ  නම් ස්ලෝ කරාම පනී .. මම? ඒ හින්දා මම මගේ කොටස කළා... බෙල් එකත් ගැහුවේ ආත්ම ආරක්ෂාවට... මගෙත් එක්කම බහින්න හිටියත් මාවත් පෙරලගෙන ගිහින් බැහැපු පොර කව්ද කියලා මට නිකන් බලන්න හිතුන හින්දා ටිකක් ඔලුව උස්සලා බැලුව....

මටත් කලින් බැහැල ඉස්සරහින් ඇවිදගෙන ගියේ 'ස්මාර්ට් කැෂුවල්' ඇඳගෙන යන හැන්ඩියෙක්‌ !!! බැක්පැක් එකක් කරේ දාගෙන යන හැටියට මට විස්වාසයි මම වැඩකරන බිල්ඩිමටමයි යන්නේ කියලා... ( අහන්න දෙයක් නැහැ... ඔය කොම්පීටර් වල වැඩකරන කොල්ලෝ තමයි කැම්පස් එකෙන් පස්සේ උනත් මෙලෝ විචාරයක් නැතුව වැඩට ඩෙනිම් ගහගෙන එන්නේ... ) පිටිපස්සෙන් යන මට මේ කොල්ලගේ මුණ පෙන්නේ නැහැ... එත් ගමන නම් කඩිසරයි... මොකද්දෝ පුරුදු ගතියක් තියෙනවා...

මට සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ නමක් ලේසියෙන් මතක වෙන්නේ නැහැ (මතක බැරි වෙනවා අප්පා හරියට), ඒ උනාට මොනවා හරි කොටසක් මතක හිටිනවා... සමහර වෙලාවට ඒක හරි හිනා යන විදියේ එකක්.. එක්කෝ දා ගෙන හිටපු සපත්තු දෙක, එක්කෝ බෙල්ට් එක, එක්කෝ ගහගෙන හිටපු කොණ්ඩ කටුව!! ඔන්න ඔය වගේ සමයං දේවල්!!!! මේ ඇවිදිල්ල නම් මට හොදටම පුරුදුයි.... මතක් කළා මතක් කළා... කොයි? මතක් වෙන්නෙම නැහැ නේ...

ඉදිරියෙන් යන කෙනා ඔන්න වමට වංගුව ගත්ත... අහ් ... මුණ පොඩ්ඩක් පැත්තකින් දැක්කා... ඒකත් දැකල පුරුදුයි.... කව්ද?

හත්වලාමයි!!! මේ "චීස්" නේද?



හය්යෝ... මම මගේ ටොප් ගියර් එකට දාල ඇක්සිලේටරේ පෑගුවා , පෑගුවා .... මොන පිස්සුද... ඉන්බිල්ට් වේගවත් ඇවිදිල්ලක් තියෙන මම මේ ලොම්බ විකන ෆැෂන් සපත්තු දැමිල්ල හින්දා ලොකුම ගියර් එකේ වත් අද්දන්නේ නැහැ...

ඔය "ලොම්බ විකන ෆැෂන්" කිව්වම මතක් උනේ.. ඕකේ ඔරිමජිනල් අයිතිකාරී  වෙන කවුරුත් නෙවෙයි අපේ අක්ක... එයා තමයි මට ඕක රඟදක්වලාම පෙන්නුවේ.. "ලොම්බ විකන ෆැෂන්" කියන්නේ... ලොම්බ විකාගෙන , දුක දරාගෙන උනත් කරන ෆැෂන් වලට.. ඒ කියන්නේ.... අඩි උස සපත්තු දාගෙන ඇවිදිනවා තියා, පින්තුරයක් ගන්න හිටගන්න වත් බැහැ ... ඒ උනාට ෆැෂන් එක කිරීමේ පරම පවිත්‍ර චේතනාව හින්දා ලොම්බ විකාගෙන දාගෙන ගිහින්, ගෙදර ආපු ගමන් ගලෝලා... "බුදු අම්මේ.." කිය කියා තෙල් බෙහෙත් ජාති සහ සපත්තුවට කැපුන, නැමුන තැන්වල සර්ජිකල් ගගා මර ලතෝනි දෙනවා.... ඉස්සර මම හිතුවේ ඒ දෙන ලතොනියට ආයේ මෙයා නම් ඒ සපත්තු දෙක දිහා ඇහැක්වත් ඇරලා බලයි කියල... මොන? පහුවදත් ඒ දෙක හරි අපුරුවට දාගෙන ගිහින්, හවස ආයෙම දුවගෙන ඇවිත් අර තෙල් බෙහෙත් සත්කාරේ කරනවා.... මට ඉස්සර ඕක මැජික්.... දැන් මමත් කරන්නේ ඒටික මයි.... හි හි හි... අයෙත් මගේ කතාවට...

පුළුවන් වේගෙන් ගියත්, අපොයි මෑන් මිස් උනා... හපොයි මගේ හද-මල!!!!



අවුරුදු ගානක අතීතයක්!!! "චීස්"!!! හැන්ඩි චීස් !! හි හි... මම මටම හිනාවක් නගා ගත්තා....

චීස් කිව්වට මම ඒ ළමයාගේ නම දන්නේ නැහැ... කවදාවත් කතා කරලත් නැහැ... ඉස්කෝලේ කාලේ මගේ බයෝ ට්යුෂන් පංතියේ හිටපු හැන්ඩි ම කොල්ල තමයි චීස්... ඉස්කෝලේ යන කාලේ හෙන මෙතෝඩිකල්  උන මම මෙලෝ රහක් නැතුව ඇති කොල්ලන්ට නම්, ඒ උනාට මට මගේම කියලා පිස්සු ලෝකයක් තිබ්බා...

එක දන්නේ මගේ යාළු ෆිට් කෙල්ලෝ දෙන්නෙක් විතරයි... උන් දෙන්න මම වගේ නෙවෙයි, කොල්ලෝ ගැන හෙන ඉන්ටෙරෙස්ට් ... මට තිබ්බේ පිස්සු නටන අදහසක් විතරයි. කොල්ලෝ එක්ක ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම ඇටෑක් නේ... කොටින්ම මම අපිත් එක්ක අපිට සපෝර්ට් කරන්න ආපු කොල්ලොත් එක්කත් නෝ කතා!!!


මේ බයෝ ක්ලාස් එකේ එක දවසක් හදිස්සියේම ටෙස්ට් එකක් තිබ්බ... ඔන්න ඔහේ අපිත් ලිව්වා.. විනොදෙට වගේ කෝපිත් කළා... අන්තිමට සර් ලකුණු කියෙව්වේ ගෑණු ළමයිගේ වෙනමයි, පිරිමි ළමයින්ගේ වෙනමයි.... ගෑණු ළමයින්ගේ වැඩිම ලකුණු කියෝනකොට වත් මම අහගෙන හිටියේ නැහැ..

අන්තිමට වැඩිම ලකුණු තිබ්බ කියල නම කිව්වේ මගේ!!!! මාව නිකන් විස්සෝප වෙලා ගියා වගේ.... බලනකොට ඒ ගැන අපේ සෙට් එකේම ළමයෙක්ගේ හිතත් නරක් වෙලා තිබිලා තියෙනවා... ( කවුරු දන්නවද ඔව්ව) පිරිමි ළමයින්ගෙන් වැඩිම ලකුණු තියෙනවා කියනකොට කොල්ලෙක්ගේ නමක් කිව්වා... මට ඇහුනෙත් නෑ ... ඔන්න දෙන්නවම නැගිට්ටුවා... මම බැලුව මම වගේ කොපි කරපු එකා කවුද කියල.... බලනකොට නැගිටලා හිටියේ චීස්! (මේ නම අපි මිනිහට දැම්මේ පස්සේ)


ඇත්තම කියනවා නම් එහෙම කෙනෙක් මේ පන්තියේ හිටියා කියල වත් මට note වෙලා තිබ්බේ නැහැ.. මට අදටත් මතකයි ඒ ළමයා නැගිටලා හිටපු සාන්ත විලාසය... හි හි.... අපි දෙන්නට ඊළඟ මාසේ ටියුෂන් නොමිලේ කියලා සර් කිව්වම තමයි මට අර ළමයාගේ ඉරිසියාව සාධාරණයි කියලත් දැන් හිතෙන්නේ....


ඔන්න එදා ඉඳන්, අපි මේ කොල්ලව බග් කරන්න ගත්ත...  චීස් ගේ පෙනුම කිව්වොත් හරිම ලස්සන සමේ පැහැයක් තිබ්බේ.. එකයි අපි මිනිහට චීස් කියල නමත් දැම්මේ. හොදට උසයි, ඒ වගේම උසට හරියන මහතක් තිබ්බේ. හරිම තැන්පත් ඇස් දෙකක් වගේම, දිලිසෙන හිනාවක් තිබ්බේ. මට ගොඩක්ම මතක මිනිහගේ නළල, කලාතුරකින් දකින ජාතියේ නළලක්... ( හිනත් යනවා.. පේනවනේ මට මතක හිටින ජාති??? හි හි හි )  ගමන හරි ශාන්තයි ....

පාරේ යනවා දැක්කොත් ( ටියුෂන් එකට යනකොට) බොරුවට මම පස්සෙන් යනවා... අනිත් උන් හිනා වෙනවා බඩ අල්ලාගෙන... මම එනවා කියල දැනුන ගමන් මිනිහ බස බස ගාල දුවනවා.... කොටින්ම මම ඈතින්  දැක්කොත් දුවල ගිහින් හැංගෙන තරමට මිනිහා මට බයයි... මට හෙන ජොලි....

ට්යුෂන් කාලේ ඔහොම තමයි ගෙවුනේ... ඒ අතරේ මෑන් කෙල්ලෙකුත් හොයා ගත්තා... එයත් එයාටම හරියන ජාතියේ ශාන්ත පෙනුමක් තියෙන කෙනෙක්... එහෙමයි කියලා මගේ බග් කිරිල්ල නතර උනේ නැහැ.... අපේ උන් නම් හිනා උන මට බයේ මු කොහොමහරි කෙල්ලෙක් හොයාගෙන කියල....

ට්යුෂන් ඉවර උනා, අපි උසස්පෙළ ලිව්වා, වෙන වෙන කැම්පස් වලට බෙදිලා ගියා... මොන චිසෙක්වත් මතක නැහැ නේ ඉතින්???? අද මේ දකින තුරුම?

ඒ වගේම.... මෙතක් කාලයක් මම කිසි වෙලාවක සඳහන් නොකරපු අතීතයක් ඒ එක්කම මොකද්දෝ හේතුවක් හින්දා මට මතකෙට ආව....

මම මිට කලින් සඳහන් කලාද කියල මට හරියට මතක නැති උනත්, මම ලියන්න කියල හිතාගෙන හිටපු මගේ ජිවිතේ එක්තරා කාලයක් තියෙනවා. ඒ තමයි ඉස්කෝලේ  8 වසර -  11 වසර අතර කාලේ...

අහ්  මතක් උනා.. අරූගෙ අඩවිය කියෝනකොට මතක් උනේ මගේ ඒ කාලේ... මගේ ලයිෆ් එකේ අඳුරු යුගේ... ( අරූ එක්ක බැලුවම නම් මොනවා කියනවද කියලා හිතෙයි) මම ඒ ගැන වැඩි විස්තර පස්සේ ලියන්නම්, මට කියන්න ඕනේ කලේ ඒ කාලේ මගේ යාලුවෝ රෑන එක්ක මම රස්තියාදුවේ යනවා... ( විකාරයි නේද? කෙල්ලක්??? ඔව් මම එහෙම කළා... ඒක තමයි මගේ අඳුරු යුගේ කිව්වේ) එහෙම යනකොට ටවුමේ කඩයක් තිබ්බ ඒ කඩේ ගාවින් හැමදාම යනවා, යාලුවෝ එක්ක කිචි බිචි ගගා....

මට නොදැනුනත් ඒ කඩේ කොල්ලෙක් මට බැල්ම දැම්ම... මම කියන්න ඕනේ, මගේ යාලුවෝ සෙට් එකේ හිටියේ හොඳට ඇහැට කනට පේන කෙල්ලෝ, ඒ අතරේ මම නිකං , නිකන්ම නිකන් කෙල්ලෙක් විතරයි කියල මට ඒ වයසට උනත් තෙරුන් ගන්න පුළුවන්කම තිබ්බ. ඒ වෙනකොට අපේ සෙට් එකේ කෙල්ලොන් හැමෝටම කොල්ලෝ හිටියා... මට ඇරෙන්න.. මම කලේ ඉන්න උන්ට යටිතල පහසුකම් සපයපු එක විතරයි... මට එහෙම දෙයක් ඇරෙන්න වෙන දෙයක් කරන්න උවමනාවක් තිබ්බෙත් නැහැ.

මම ගැන අර කඩේ කොල්ලා විශේෂයක් දක්වනවා කියල අපේ කෙල්ලෝ කිව්වත් මම ගණන් ගත්තෙම නැහැ. මොකද මම හිතුව එක විහිළුවක්, වෙන්න බැරි දෙයක් කියල.
ඒත් , ටිනේජ් හිතක් නේ...
මම සමහර වෙලාවට එතනින් යනකොට හොරෙන් බලනවා, අපේ ඇස්  හමුවෙනවා..... මම අහක බලාගන්නවා... "වෙන්න බෑ " මම මගේ හිතලුවක් කියල හිත වෙනස් කරගන්නවා. ඔහොම කාලේ ගතවෙනකොට අපේ ගැන්සියේ කෙල්ලෝ මට අර කොල්ලා ගැන විහිළු කරනවා. මම එපා කියනවා නම් මතක නැහැ. ඒ හැමවෙලේම මම කලේ හිනා වෙලා නිකන් ඉන්න එක. ඇත්තටම ඒ කොල්ලා හැන්ඩි යෙක්. හැබැයි සුදු නැහැ. උසයි, කැරලි කොන්ඩේ , හරිම ෂාප් ඇස් !!!



එකෝමත් එක දවසක්, සුපුරුදු විදියට අපි ගැන්සිය එතනින් යනවා, මගේ යාලුවට මුවා වෙලා මම බැලුවා කඩේ දිහා...

"අන්න අන්න... මිනිහත් බලන් ඉන්නවා" මගේ යාලුවෝ කිචි බිචි ගානවා..


එතකොටම කඩේ ඇතුලෙන් එලියට ආපු ඔහු... බය නැතුවම අපි ඉස්සරහට ඇවිදගෙන ඇවිත්..... මොනාද දික් කළා.... මොනවා හරි නමපු යමක්... මගේ දිහා ඒ ශාප් ඇස් දෙකින් බලාගෙන

"ගනිං .. ගනිං .." මට කලින් මගේ යාලුවා ගත්ත එක අතට, අරගෙන මගේ සාක්කුවට දැම්මා... මට දැනුනේ එක පාරටම මගේ හැඟීම් දැනීම් නැති වෙලා මාව ස්ප්‍රිට් එකක් ඇතුලට කිඳා බහිනවා වගේ.

ඒ තමයි මගේ ජිවිතේ පළවෙනි ආදර හසුන....

ඊට පස්සේ සිද්ද උනදේ දන්නවද මෙයා?

මොනවා වෙන්නද, මම වෙනම මගේ මනෝ ලෝකේ අතරමන් වෙලා උන්නේ.... මම ලියුමට ප්‍රතිචාර දැක්වුයේ, අයෙමත් ඒ පැත්තේ යනකොට නොබලා හිටපු එකෙනුයි . එත් මගේ යාලුවෝ වාර්තා කරපු විදියට ඒ ඇස් මගේ පස්සෙන් එන එක නතර උනෙත් නැහැ, එත් මම එතනින් යන එක නතර කලේ නැත්තේ ඇයි කියන්න මට අද තේරෙන්නේ, තරුණ හිතේ ස්වභාවය කොයි වගේද කියල......


ඔහොම මම හිතන්නේ එක සතියක් යන්න ඇති.... මම සුපුරුදු විදියට සති අන්තයේ ප්‍රැක්ටිස් යන්න පිටත් උනා ගෙදරින්. ටවුමට ඇවිත්, ආයෙත් බස් එකක් අරගෙන ඇන්තනිස් එකට යන්න ඕනේ... මම වෙනදට කරන්නේ නුවර ටවුමට එක්කෝ බස් එකෙන් ඇවිත් ක්ලොක් ටවර් එක ගාවින් කටුගස්තොට යන්න වෙන එකක නගිනවා, නැත්තම් දිගටම යන කටුගස්තොට ( පැණිදෙනිය -කටුගස්තොට) CTB එකක එකවර නගිනවා. එදා මොකද්දෝ හේතුවක් හින්ද, මට හිතුනා අර කඩේ කොල්ලා ඉන්නවද බලන්න ඕනේ කියල.

මේ කියන කඩේ තිබ්බේ, හරියටම කිව්වොත් යටිනුවර විදියේ... කතෝලික පල්ලියට මෙහා... මම උඩ පාරෙන් බැහැලා තොග කඩ  තියෙන හරස් පාරෙන් හෙමින් හෙමින් ආව. බයක් හිතේ තිබ්බත් ඒ වෙලාවේ මට හිතට හය්යක් ආවා ... පළවෙනියට තියෙන පාරෙන් හැරුණු ගමන් යටිනුවර වීදිය.... අනපේක්ෂිත දෙයක් උනේ.... මේ කියන තරුණයා ඒ වෙලාවේ කඩෙන් එළියේ මම එන දිශාවට හැරිලා කාගේත් එක්කදෝ කතාවක් අතරතුරේ ඔලුව ඉස්සුවා විතරයි.... මට ක්ෂනයක්වත් ලැබුනේ නැහැ.... ඔහු , ඔහුව සොයපු මාව දුටුවා... අතේ මාට්ටු... මම ආයෙත් හැරුනා, ආයෙත් ආපු පාරේ යන්න.... මගේ පිටිපස්සෙන් අඩි සද්දයක් ආවා...

"කොහෙද යන්නේ? මාවද හෙව්වේ" 

ඒ කටහඬ ඔහුගේ... මාව වටේ ගිනිදැල් වගේ දැනෙන්න ගත්ත... මම දන්නේ නැහැ එහෙම කලේ මගේ ටිනේජ් කමද කියලා 

මම නොනැවතී ගියා, ඔහුත් මාත් එක්ක ආවා.. මම උඩ පාරේ මේන් බස් හෝල්ට් එකත් පහුකරගෙන ඔහේ ගියා.. ඔහුත් මා සමගම ආවා... අරමුණක් නැතුව, කතා බහක් නැතුව... කෝවිල, පොලිසිය, සිනමා හල, චැනල් කඩ... ඔහොම දිගට දිගට ඇවිදගෙන ගියා.. මටම තේරුනේ නැහැ මේ මොනවා කරනවද කියල... අදටත් මට හිතෙන්නේ, ටිනේජ් ළමයින්ටත් වටපිටේ ගැන කිසිම දෙයක් සංවේදී නොවෙන්නේ අරුමයක්ද? මම ඒක  විඳලා තියෙන හින්ද...

තනියෙන් හිනා වේවි යන මට ඉඳල හිටලා මොනවා හරි කියන්න ඒ තරුණයා අමතක කලෙත් නැහැ. 
"ගෙදර කොහෙද"
"කීය වසරේද"
"කොහෙද අද මේ යන්නේ" වගේ දේවල් 

අන්තිම එකට නම් මම උත්තරයක් දුන්න මතකයි. යන්තමට හැරිලා, ඒත් මුණ බලාගෙන නෙවෙයි. ඔහොම කොතරම් දුර ගියාද? මට දැන් ආපු වැඩෙත් මතක නැහැ, අමුතු සතුටක් දැනෙන හින්ද. කැන්ඩි කොන්වන්ට් එකත් පහු කරගෙන, ටෙලි පික්ස් එකත් පහු කරගෙන..... ඔහොම යනකොට තියෙනවා අර බෝල පල්ලියට මෙහායින් ගුඩ් ෂෙඩ් එකට බහින්න පොඩි ෂොට් කට්  එකක්. (මම මේක දැනගෙන හිටියේ නැහැ )


මට පොඩ්ඩක් සිහියට නැගුනා මට ප්‍රැක්ටිස් යන්න ඕනේ බවත් ( මේ වෙනකොට හොඳටම පරක්කු වෙලා) . 

"මම කටුගස්තොට යන්න ඕනේ" මම හැරිලා එහෙම කියල ඉක්මනට ඉස්සරහට හැරුන...

මේ සේරම යන ගමන්.. මෙහෙම කියනකොට අපි ටෙලි පික්ස් එක පහු කල විතරයි.

"පාර පනින්න.. මෙතනින් යන්න පුළුවන් ගුඩ් ෂෙඩ්" ඔහු කිව 
මම ඒ හින්ද පාර පැනලා ඉස්සහරට ගියා. අර ෂොට් කට් එක ලන්වෙනකොට මගේ බෑග් එකෙන් ඇදලා ඔහු නතර කළා. 
"පොඩ්ඩක් ඉන්න"

එහෙම කියල ළඟ තිබ්බ කඩේකට ගිහින් ( ඒක තිබ්බේ හරියටම අර ෂොට් කට් එකට ඇතුල්වෙන තැන, දකුණු පැත්තේ, හෝටලයක් වගේ) පොඩි කඩදාසි කවරයක් ගෙනත් මගේ අතේ තිබ්බ. 

ඩෙල්ටා ටොෆි! 
මම ඒක අතේ තියාගෙන ඉන්නකොට දැන් ඔහු පාරේ මට ඉස්සරහින් යන්න පටන් ගත්ත, මමත් නිහඬව ඔහු පස්සෙන් ගියා. ඩෙනිමක් ඇඳලා , පිරිසිඳු ටීෂර්ට් එකක් පිළිවෙලට යට කරලා, එච්චරයි මම දැක්කේ.



එක පාරටම, සුරුරුදු හදිසි ගැස්මක් මාව වෙනස් කළා.... පටු වුනු ඒ තිරය ඉවර වෙනවත් එක්කම, ඔහුව ඉස්සර කරපු මම 

"මම යනවා" කියල එතනින් ආපු  බස් එකක එල්ලුනා.... හැරිලා වත් බැලුවේ නැහැ...

පපුව හය්යෙන් ගැහෙන්නත්, ඔලුවේ බර ගතියක් දැනෙන්නත් පටන් ගත්තේ ඒ වෙලාවේ ඉඳල තමයි. ඒ අතරින් පතර මටම හිනා... දරුණු විදියට පරක්කු වෙලා ප්‍රැක්ටිස් වලට වාර්තා කලත්, ලැබුණු දඬුවම මට එදා නම් කිසි ගානක් උනේ නැහැ.... අදෝමැයි !!!! 

මේ සිද්දියෙන් පස්සේ, මම නොවැරදීම, ටවුමේ එතනින් ගියා... එක එක හේතු හදාගෙන.. ඒ හැම වතාවකම, බයක් නැතුව මමත් හිනා උනා.. ( හැබැයි හෙමින් ) යාළුවන්ට අමුතුවෙන් මුකුත් කිව්වේ නෑ .. උන් සුපුරුදු විදියට මට විහිළු කළා... 

28 comments:

  1. යකෝ මේ නුවර කුමාරි අපේ රවියගේ නංගියෙක්වත්ද?? මට හති කියවලම... චිස් දැක්කේ කරුමෙටද මන්දා.. හැක්..

    ReplyDelete
    Replies
    1. හති කියන්නෙ උසේං ලේට් පස්සෙං දීවත් මෙච්චර හැති නැතිව ඇති ඔව් ඉදගෙන

      Delete
    2. රවියා? බුදු අම්මේ.... මට එකෝම එක අය්යෙක් ඉන්නවා.. ඌ ඇති හතර වරිගෙටම... තව එකෙක්? ඒ මදිවට රවිය ?? කෝ සාරියක් දීපල්ලා මට... ෆේස් බුක් නොවෙන හේතුවට එල්ලිලා මැරෙන්න !

      Delete
  2. සමනළ වියේ සමනල් කතාවක්.. පාසල් කාලය මටත් මෙනෙහි වුණා.අව්‍යාජ ආකාරයට ලියලා තියනවා. එත් ටිකක් හංගපුවත් ඇති මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. හි හි මොකටද බොරු කියන්නේ... හන්ගපුවා තියෙනවා. ඒත් ලිව්ව කොටසේ නෙවෙයි.. සොයන්නාට සම්බවේ..!

      Delete
  3. හප්පේ... මෙයා හිතන දේවල් ඈ...
    ඒක නෙවී චීස් කවදාවත් කතා කරේ නැද්ද...
    ුලුවං නං අකුරු ටිකක්ලොකු කරන්නකො.... මෙහෙම අමාරුයි කියවන්න... ස්ක්‍රීන් එකට ලංවෙලා කියවන්න ඖන එතකොට ඇසි රිදෙනව...
    පීස් .... (ලොල්)
    ඉතුරු ටිකත් දාන්නකො අපි එන්නං හැමදාම කියවන්න

    ReplyDelete
    Replies
    1. මෙව්වා කියෝනකොට ඔය 16+ 20+ වගේ හෙඩිමක් දානවට වඩා ප්‍රැක්ටිකල් වැඩක් නේ කලේ... වයස අනුව එව්වා ගානට ෆිල්ටර් වෙලා බලන්න සිද්ද වෙනවා.. හි හි.... හරි හරි.... වෙලාවක් තිබ්බොත්... ටැංකිව්

      Delete
  4. එතකොට කෝ චීස් ?......
    හැලපෙ වගේ පනිනනව නේද කැලේ...

    දිගටම ලියමු...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. පැන්නා කියන්නේ ආපු පාරක්වත් මතක නැති වෙන්න පැන්නා නොවැ....
      චීස් ගැන ඉතින් කියන්න තියෙන්නේ... වෙලාවක හාෆ් ඩේ එකක් කාරිය දාල, අබේ බිල්ඩිමේ හැම කොම්පැනියටම ගිහින් බලන්න වෙනවා... එහෙමයි කියල කොහොම හොයන්ටද? :-( නමක් වත් නොදැන??? නත්තල් කාලේ වත් අල්ලලා, සැන්ටෙක් වෙලා නම් වැඩේ අපුරුවට කෙරෙයි... හි හි... අයිඩියා නම් එමටයි! හැක් හැක් ...

      Delete
  5. ඔයා හොඳ රහට ඇතිවෙන්න කියවන්න ලියනව,ඔයාට ලියන්නත් පුළුවනි,වැරැද්ද අවුරුද්දකට සැරයක් විතර ලියන එකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති අනේ බටර් පාරට...
      වෙලාව තමයි නැත්තේ... කෝඩ් කෙටිල්ලයි... පිරිස් පාලනයයි ඇරෙන්න වෙන මක්කා කරන්නද මේ ඔපීසියේ

      Delete
  6. එහෙමත් කස්ලයක් තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමත් කාලයක් තිබුණා නේද?

      Delete
    2. කියල වැඩක් නෑ කකා.... තව තියෙනවා කරපු වැඩ.. දැන් නම් මතක් වෙනකොට මටම හින් දාඩිය දානවා

      Delete
  7. හපොයි... මටත් හති... හි හි....

    අම්මේ ඔය කාලේ.... මගෙත් තිබ්බ බොලේ ඔහොම සීන් එකක්... අවුරදු 2ක්ම බලං හිටියා උන්දැ එනකං... තාමත් ඒ නම කොහෙ හරි දැක්කම පපුව නිකං ‌‌ඩීප් ‌ෆ්‍රීසර් එකේ තියල ගත්ත කොකා කෝලා බෝතලයක් උඩ බලාගෙන කටට හලා ගත්තම, ඒක අගුර හරහා ගිහින් බඩට යනකොට වගේ දැනෙනව...

    හැබැයි මට නං අඳුරු යුග තිබ්බෙ නෑ... ඔක්කොම හෙන ආතල් යුග... හි හි... ( කොල්ලව හම්බුවෙන්න කෝච්චිය පස්සෙ එලෝපු කතාව මං ළඟදි ලිව්ව මට මතක හැට්යට.... )

    ReplyDelete
    Replies
    1. මගේ නැහැ නේ ඔය බලන් ඉදිලි එව්වා මෙව්වා.... ෆස්ට් කම්, ෆස්ට් සර්ව්.. ඕ යේස් !!! හි හි හි
      ඔය චීස් දැක්කමත් මටත් ඔය කොකාකෝලා කතාවම තමයි.... මටම හිනා මම පස්සෙන් යනකොටත්, ඉස්සර විදියටම හි හි හි.... පපුව පැලෙන්න ආවේ මෙච්චර දුර මගේ ළඟින්ම වාඩිත් වෙලා ඇවිත් නේ?? හය්යෝ..... පපුව... ඌ ෂුවර් එකට මාව අඳුන ගත්තේ නැහැ.. නැත්තම් වාඩි උන වෙලාවේම ජනේලෙන් එළියට පනිනවා බුදු ෂුවර් හි හි හි

      Delete
  8. මළකෙළියයි, ජූලි හතයි..යකෝ ඔය කියන්නෙ අර ලක්ෂ්මන් ස්ටුඩියෝ එකට එහා තියෙන හෝටලේ වත්ද? ඒක කරන්නෙ අපෙ හාමිනේගෙ අයිය කෙනෙක්...උඹ මේ ලයින් දාල තියෙන්නෙ ඒ අයියගෙ පුතෙකුටද කොහෙද?...හෙහ්,හෙහ්,

    ඇන්තනීස් එකේ මොනවද බං ප්‍රැක්ටිස් ගියෙ? සූමිංවත්ද?

    බොහොම අගෙයි..නෝනා...ලිවිල්ල අන්තිම ඉහළයි… :)

    ReplyDelete
    Replies
    1. කට කට! ආව මෙතන කඩේ මොකද්ද කියල හොයාගෙන.. හැප් කිව්වේ! හි හි හි
      නෑ ... මේක හෝටලයක් නෙවෙයි.. ඇඳුම්, විසිතුරු බඩු තිබිච්ච කඩයක්

      ඇන්තනිස් ගියේ ජිම් එකට... බැඩ්මින්ටන්

      Delete
  9. මරු ඈ. නුවර එකීට හොඳට ලියන්න හැකි බව මම දැනගෙන හිටියා. නමුත් මේ කතාව වෙනදටත් වැඩිය රසවත්. බොක්කෙන්ම ලියලා තියෙන්නේ. ඒ වුනාට තමන්ගැන අවතක්සේරුවක් තියෙනවදෝ කියලත් මට හිතෙනවා.

    ඇයි බොල මෙච්චර පොඩි අකුරෙන් ලියන්නේ? මේක මීඩියම් හරි ලාජ් වලින් හරි දැමුවොත් අතින් පයින් යනවද?

    ඔය පැණිදෙනියේ අපි කරක් ගහනකොට උඹලා ගිය ආත්මේ වයසක ඩයල් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඩුඩ් ....
      ඔව් බොක්කෙන් ලියපු එකක් තමයි...
      හ්ම්ම්... අවතක්සේරුව ම නෙවෙයි ඩුඩ් .... මට ඕනේ කරලා තිබ්බේ අධිතක්සේරුව නොකර සිටින්නයි ... ඇත්තටම තත්වෙත් ඒක තමයි :-) කව්ද ඔව්ව වැඩිපුර හිතන්නේ? හි..හි...හි...
      ඔය අකුරු වල size එකෙන් මම ඔටෝ ෆිල්ටරයක් හදාගෙන නේ තියෙන්නේ... 16+ 30+ 60+ කියනවට වඩා ඒක හරි ඉෆෙක්ටිව් ඔහ් යේස් !!!!

      පැණිදෙනිය ? ඔහ් වෙන්ට ඇති.. හි හි... තාම මම ඉහත ආත්මේ කියන්න පටන් අරන් නැහැ නේ

      Delete
  10. හැක ඔය තියෙන්නේ ඉන්න කෝ දෙවැනි කෑල්ලත් කියවනක්ම්

    ReplyDelete
    Replies
    1. :-) උඹලට හරි හිනා නේද?

      Delete
  11. පට්ට කතාව. ආපහු හැරිල බලනකොට තමා ඒවායේ රහ.මේ ලියපු ලිවිල්ලට නම් තව දේවල් ඇති මයෙ හිතේ, හිතා මතාම නොලියපු.

    වෙලාවක් ඇතොත් තෙලිදිය වාඩිය පැත්තේ ඇවිදින් යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මම මේවා රසවිඳිනවද , නැත්තම් විදෝනවද කියල... හ්ම්ම්ම්.. හ්ම්ම්..

      Delete
  12. අතීත ස්මරණ නේද? මොනවා කියන්නද කියලා හිතෙන්නේ නෑ, කාලයේ මවපු එක එක දිශානතියන්, යන නොයන එක අප සතුයි, එත් තල්ලු වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේක මම දැන් දකින්නේ මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විදියට...

      Delete
  13. ඔය චීස් ළමයා 2007/2006 කාලේ පොරක්ද? අපෙත් ඔය කාලේ ඔහොම අඳුරන පොරක් හිටියා... ඌද කියලා බැලුවේ

    ReplyDelete
    Replies
    1. :D මම උත්තරයක් නොදුන්නා නම් හොඳයි කියලයි හිතන්නේ.. හි.. හි... මගේ කෙසේ වෙතත් චීස්ගේ නම්බු කටුව ගැන හිතලා..

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...