Saturday, February 22, 2014

35. අපේක්ෂා 02

මෙතෙක් කතාව මෙතනින් 
මගේ කුතුහලය ඇවිස්සුන මේ කතාවෙන් දිග ඇරුනේ 'බතලයා' ගේ අතුරු කතාව..

කතාව කෙටියෙන් මෙහෙමයි

බතලයා කියන්නේ ටිකක් තලෙළු , ලස්සනට අඳින පළදින, ලස්සන ෆිගර් එකක් තිබ්බ කෙල්ලෙක්. ඉස්කෝලේ ඉවර කරලා 'ආකියක්' විදියට අපේ කැම්පස් ආපු බතලයා ඉස්කෝලෙදි වගේම කැම්පස් එකෙත් හැමෝගෙම හොඳ යාලුවෙක්. එයාගේ ඉස්සර කාලේ පින්තුරක් දැක්කොත් කව්රුත් විස්වාස කරන්නේ නැහැ මේ දැන් ඉන්නේ ඒ බතලයා කියල කීයටවත්. 

බතලයා පවුලේ එකම ළමයා. එයා කැම්පස් එකේ බාස්කට්බෝල් ටීම් එකටත් සෙල්ලම් කළා. මේ අතරේ එයාගේ හිත ගියපු කොල්ලෙක් ඔන්න කතාවට සම්බන්ධ වෙනවා. මට හරියටම මතක නැහැ සියලු සිදුවීම්, නමුත් කෙටියෙන් කිව්වොත් මේ දෙන්න 'ක්‍රෂ් ' වෙලා ඉදල තියෙනවා.   බතලයත් ඉතින් හැඩ  වැඩ කෙල්ල හින්ද විතරක් නෙවෙයි, බතලයාගේ පවුලට තිබුණු වත්පොහොසත් කම් ගැනත් ඉතින් එයා දැනගෙන ඉන්න ඇතිනේ.
ආකි එකේ අන්තිම අව්රුද්ද වෙනකල්ම හැමදේම හොඳින් සිද්ද වෙලා. අවසාන අවුරුද්ද අවාම, කොල්ල එක පාරට වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අතරේ මාස කීපයක් ඇතුලත බතලයාගේ අම්මත්, තාත්තත් දෙන්නම මිය ගියා!! බතලයා අසරණ උනා, හැබැයි පෝසත් කෙල්ලෙක්! කොල්ලා ගැන මම  සංවේදී වෙලා හිටිය බතලයා අනිත් සියලු දේවල් ගැන අසංවේදී උනා... නෑයෝ  ටික කලේ
"දුවේ.. ඔයාට  මෙතරම් දේපලක් පාලනය කරන්න බැහැ නේ.... (  අපිටත් නිකං  බැහැ  නේ) ඒ හින්දා අපි ඔයා ගැන කල්පනා කරලා හිතුවා දේපල විකුණලා ඔයාට සල්ලි දෙන්න"

කිසිම දෙයක් ගැන සංවේදීකමක් නොතිබුන නිසා විතරක් නෙවෙයි, කරන්න වෙන දෙයක් නැති නිසාත් බතලයා ඒකට  එකඟ උනා. අදටත් එය දන්නේ නැහැ දේපල වල හරි වටිනාකමවත්, විකුනපු ගානවත් !!!! ( මේක හින්දි චිත්‍රපටියක් නොවෙන බව මතක තියාගන්න!)
සල්ලි ටික බැංකුවේ ගිණුමට වැටුනට පස්සේ, බතලයා තමන්ට අයිති නැති බව නෑයෝ  ටික කාලෙකින්ම ඔප්පු කරලා. ඉතින් මේ බෝඩිමට වෙලා එයා බැංකු ගිණුමේ ශේෂය තියෙන කල් ඉන්නයි කල්පනාව. අපේ බෝඩිමේ අක්කා කරුණාවන්තයි. එය බතලයාට අනුකම්පා කරලා ඉන්න දෙනවා. හැබැයි සල්ලි ගන්නවා.
මෙයට ඩිප්රේෂන් තියෙන හින්දා නාන්නේ නැහැ. වෙනත් කිසිම කෙනෙක් ඒ හින්දා කාමරේ ෂෙයාර් කරන්න කැමති නැහැ ( සාධාරණයි)

ඒ හින්දා මෙයා හිටියේ අර තනි කාමරේ....


ඔන්න ඕකයි මට පැන්ඩා කියපු කතාව කෙටියෙන්...

මට දැනුනේ පුදුම කම්පනයක්. 'තරුණ ජිවිතයක්' නේද කියල මට හරි දුකක් හිතුනා. මේ මුළු කතාව ඉවර වෙනකල් බතලයා හුමිටි තිබ්බා ඇරෙන්න එක කඳුලක් හෙළුවේ නැහැ. ඒත්  ඒ ඇස්වල තිබ්බ දුක්බර, වියළි  බැල්ම එයාගේ තත්වය මට වටහල දුන්නා.

කවුන්සලින් ඉගෙනගෙන තිබ්බ හින්දා ඕනෙම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් කියන පොර මානසික තත්වයක් මට  ඒ දවස්වල තිබ්බ. බතලයා ගැන රෑ දවල් නැතුව කල්පනා කරමින් මූට මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවද කියලා කල්පනා කළත් , එතරම් සාර්ථක උත්තර මට ලැබුනේ නැහැ.

මේකේ ප්‍රථිපලයක් විදියට මගේ කෑම සාද වලට, පිස්සු කෙලිම් වලට බතලයා මම විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගිකරගත්තා.

'හුරේ... මෙන්න බතලයා හිනාවෙනෝ..."

ඉඳහිට පැන්ඩා ගෙන් එවැනි ඔල්වරසන් ආවා. ඌ දත් පෙන්නනවා කියන්නේ අපිට හිනාවෙනවා හා සමානයි!
ඉඳහිට මම කවුන්සලින් වලිනුත් තෙල් බෙදුවා. එතරම් සාර්ථක නැහැ. මම හොඳ කවුන්සලර්ස් ප්ලේස් එකකුත් දුන්නා.. ගියාද  නැද්ද දන්නේ නැහැ. මේ බෝඩිමෙන් ඉවත්වෙලා යන අන්තිම මාස කීපය ලං වෙනකොට මට පැන්ඩා  අලුත් නිවුස් එකක් කිව්වා. ඒ තමයි, බතලයා මහණවෙන්න  (සිල් මෑණි  කෙනෙක් වෙන්න) යනවා කියලා.

බෝඩිමේ අක්කත් මෙයාට අනුකම්පා කරලා තැනක් හොයලා දීලා.

බොරුවක් නෙවෙයි, සහතික ඇත්ත මම කියන්නේ.. මට ඒක  ඇහුනේ භයානක නිවුස් එකක් වගේ. පැන්ඩා  ඇතුළු බෝඩිමේ සියලු දෙනා ඒ තීරණේ ගැන සතුටින් කතා කරද්දී, මම විතරක්

" ඕක හොඳ අදහසක් නෙවෙයි බතලයා" කිව්වා.. එච්චරයි මම කිව්වේ.

ප්‍රතිපත්තියක් විදියට මම තවමත්, යමකට විරුද්ධ නම්, මගෙන් ඒ ගැන අදහස් විමසුවොත් විතරක් විරුද්ධ බව කියනවා. ඒත්  ඒක  ගණන් ගන්නේ නැතිනම්.. සද්දේ වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවා. මම කලේ ඒක ! හැමදෙනාම බතලයා සිල්මෑණි කෙනෙක් වෙන එකට බොහම සතුටු උනා, මම ඇරෙන්න


to be cont.....

10 comments:

  1. සිල් මෑණි කෙනෙක් වෙන එකනම් අනේ මන්දා. මමත් හිතන්නේ නෑ ඒක එච්චර හොඳ අදහසක් කියලා. නමුත් මිනිස්සු එක එක තත්වවලට පත් වුනාම ගන්න තීරණ පිටින් ඉඳලා බලන අපිට පිස්සු අදහස් වගේ පේනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්...
      කතාව ඇත්ත.. තමන්ගේ ඇත්ත මුහුණුවර වහගන්න ගන්න වෙස් මුහුණක් වගේ

      Delete
  2. ඇත්තනේ.. වැරදි තීරණයක්..

    ReplyDelete
    Replies
    1. හැමෝම කිව්වේ වරදක් නැහැ කියල...

      Delete
  3. ඔයා කරපු දේ හරි ,, අපෙන් අහන්නේ නැත්නම් අපි අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ ,,

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා...
      ඔහොම අදහස් දෙන්න ගිහින් ඇනගෙනමයි ඉගෙන ගත්තේ

      hands on experience!!!

      Delete
  4. පව්... වෙන දෙයක් කරගන්නෙ නැතුව මහණ වෙන්න හිතපු එකත් එක අතකට ලොකු දෙයක්... දැන් එයාට මොකද වෙලා තියෙන්නෙ...?

    ReplyDelete
    Replies
    1. ආවා ආවා... තුන් වෙනි කොටස ආවා..
      ඔබේ පිටපත අදම වෙන් කරවගන්න! :D

      Delete
  5. හුගක් අය මහණ වෙන්න හිතන්නෙ ඕ වගේ දෙයක් වුණාම.. ඇත්තටම අවබෝධයකින් නෙවේ... ඒකයි වැරැද්ද... කලිං වැරැද්දටත්වඩා ලොකු වැරැද්දක්

    ReplyDelete
    Replies
    1. ඔව්...
      හරි හේතුවක් ඇතුව මහන වෙනවා නම් වරදක් මට පෙන්නේ නැහැ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...