Wednesday, February 5, 2014

33. බිස්නස් නම් බිස්නස්...

මම කතාවක් ලිව්වම තව කතා කීපයක් මතක් වෙනවා. එකයි එක දිගට ලියාගෙන යන්නේ.. (ඔන්න ඉතින් පලු අරින්න කලින් කිව්වා....)

ගොඩක් කතා මට මතක් වෙන්නේ මගේ අවුරුදු 4ක් විතරක් ගෙවුණු ඉස්කෝලේ ගැනමයි.. ඒ ඇයි  කියන්න මට හිතා  ගන්න බැහැ . මම කරපු රහස්, ඒ වගේම ඉන්ටරෙස්ටින් වැඩ උනේ එහෙදි හින්දා  වෙන්නත් පුළුවන්.
ඒ මොන හේතුව තිබ්බත් මම මෙව්වා ලියන්නේ මට කවද හරි අමතක වෙයි කියල බයටමයි මොකද, මම පුංචි කාලේ පිටින් නිහඬ, ඇතුලතින් දොඩමළු චරිතයක් හින්දා මටම පුදුමයි මම මේවා කළාද කියලත්.. හි හි... කව්රු මොනවා හිතුවත් මම ලියනවා ඒ හින්ද ...



මම කලින් කතාවකත් කිව්වා නේ මගේ පරණ ඉස්කෝලේ මම මොනිටර් උනා කියලා.... හුහ්... ඔන්න ඉතින් නායක උස්නේ ගැහුවා මගේ ඔළුවට හොඳටම... මම ඉතින් ළමයින්ට අරක එපා.. මේක එපා කියා කියා පොඩි සද්ද දාගෙන හිටියේ.. කෙල්ලෝ නම් මට බයයි .. හි හි හි... මම කියලත් ඇතිනේ අර 'චරිත' (ඇත්ත නම නෙවෙයි) කියල කොල්ලෙකුටයි එයාගේ ගැන්සියටයි මම දාපු රැස් ? හි හි හි....
ඔන්න ඔහොම ඉන්නකොට මට පන්ති මොනිටර් කම වගකීමක් හැටියටම දැනුනා.. එහෙම වෙන්න ඇත්තේ ගෙදර පොඩි එකා හැටියට මාව  මෙලෝ තබේකට මායින් කරන්නේ නැති හින්දාත්, පංතියේ  පොරක්වීම මට ඉතා හොදින් කරගන්න පුලුවන්වීමත් නිසා වෙන්න ඇති කියල මට හිතෙන්නේ. හැම වෙලේම අලුතෙන් මොනා හරි දෙයක් කරලා ළමයි වගේම මගේ ආදර ගුරුතුමී වත් පුදුම කරවන පුදුම කැහිල්ලක් මට ඒ දවස් වල තිබ්බා... ( දැනුත් ඒ වගේ දේවල් මට හිතෙනවා... හි හි හි..) මගේ ආදර ගුරුතුමී ගැන මම කලින් කියලා තියෙන හින්ද වැඩි විස්තර මෙතන ලියන්නේ නැහැ...
මේ ඉස්කෝලෙට ගොඩක් පහසුකම් තිබ්බේ නැහැ. දැන් කාලේ වගේ දෙමව්පියන්ගේ හය්යෙන් ඉස්සර ටීචර්ලා පංතියේ අඩු පාඩු මකා ගත්තේවත්, ඕල්ඩ් ගර්ල්ස් / බෝය්ස් ලාගේ සාක්කු වලින් බලාපොරොත්තු උනෙත් නැහැ. මම වැරද්දක් කියනවා නෙවෙයි, නිකං  මට දැනුන විදියට පසුබිම පැහැදිලි කළා විතරයි.
අලුතෙන් පන්තියකට ගියාම ගොඩක් වෙලාවට යන උන් ඔක්කොම පොදි බැඳන් ගිහිං .. ඒ කියන්නේ කොස්ස, කුණු කුඩේ විතරක් නම් මදෑ... ගුරු මේසෙට දාන රෙද්දත් උසාගෙන තමයි යන්නේ... හි හි හි... මට නම් කවදාවත් මතක නැහැ අපි අලුත් පන්තියට යනකොට එහෙම අපේ පරණ ඒවා අර ගියපු වගක් නම්.... හ්ම්ම්... මතක නැහැ... සමහර වෙලාවට අපි යන්න හදනකොටම එව්වා කලින්ම අතුරුදහන් වෙන හින්ද වෙන්නත් ඇති....හි හි හි.... දෙය්යෝ දනී එව්වට මොන වෙනවද කියලා.......
ඉතින් ඔන්න අලුත් පන්තියට ගියාම දෙස් පුටු වල අඩුපාඩු විතරක් නෙවෙයි මේ වගේ  මුලික අඩුපාඩු ටිකකුත් එක්ක තමයි පටන් ගන්න වෙන්නේ. මගේ සොදුරු ගුරුතුමී මට මතකයි කිව්වා..
"ඉටි රෙද්දක් වත් තිබ්බා නම් හොදයි වගේ.."
මගේ ලෝකේ හිටපු ලොකු ෆිගර් එකක් එහෙම කිව්වම , මගේ හිතට ඒක  කාවැදුනා. එච්චරයි මට හරියටම මතක...

ආයෙත් මේ සිද්දිය මට මතක් උනේ මීට මාස දෙක තුනකට කලින් අපේ අම්ම මගෙත් එක්ක පරණ දේවල් කියෝ කියෝ ඉන්න වෙලාවක....
"ඔයාට මතකද.... මට විජේසිංහ මැඩම් කිව්වා ඔය පන්තියට කොහොම හරි අලුත් කොස්සකුයි, ඉටි රෙද්දකුයි ගෙනවා කියලා...මැඩම්ට හරි සතුටු හිතිලා මට කිව්වා පස්සේ හම්බ උනහම..."

අම්ම එහෙම කියනකල් මට ඒ සිද්දිය මතක නැති වෙලයි තිබ්බේ.... මම කල්පනා කළා... මම එහෙම කළාද කියලා.. ඇත්තනේ බොලේ!!! මම ගත්ත තමයි...
ඔන්න මගේ මතකය අලුත් වෙන්න පටන් ගත්තා.... කොහෙන්ද මට සල්ලි??? ඔන්න ඉතින් මට හිනා යන්න පටන් ගත්තා එකසිය ගානට.....

මොනවත් හින්ද නෙවෙයි.. මම ඒ සල්ලි හොයපු විදිය මතක් වෙලා.... කියන්නද???? මාව පොලොසියට අල්ලලා දෙයිද???? හුහ්... අපි බය වෙයි ඔව්වට....

වෙන මොනවත් කරලා නෙවෙයි.. බිස්නස් .. බිස්නස්!! හු හු හා...........................

මම පටන් ගත්ත පලවෙනි බිස්නස් එක තමයි ඕනමන්ට් ... හාහ් හාහ්... හා!!!
මමමයි එව්වා හැදුවේ... ( ඔන්න මේවට පේටන්ට් තියෙනවා හරිද.. කොපි කලොත් ගුටි තැපෑලෙන්!)

සාදා ගන්නා ආකාරය
==============
1. කාබන් පෑනක් ගෙන ඒකෙ උල පැත්තේ කොටස ගලවන්න
ඒ දවස් වල තිබ්බේ රෙනොල්ඩ්ස් පෑන් ජාති දෙකයි. එකක් ඉස්සරහින් ගලවන්න පුළුවන්. අනිත්  එක ෆුල් සීල් .... මෙන්න මේ වගේ

මේ පෑන  තමයි ඉස්සරහින් තියෙන එක කරකවලා ගලවන්න පුළුවන් 


මේ තියෙන්නේ සීල් රෙනොල්ඩ්ස් පෑන

ප.ලි. මෙන්න මම පින්තුර දැම්මා ....


2. දැන් පුංචි කඩදාසි තිරුව කපා එහි පාට පාට පෑන් වලින් මල්/රටා අඳින්න... ( පාට වැඩි වෙන තරමට ලස්සනයි..)

ප.ලි. මෙන්න පින්තුර


3. දැන් ඒ තීරු අර පෑන්  වල ඉදිරිපස ත්‍රෙඩ් වල ඔතන්න. ( එක වටයක් එතුවාම ඇති)

ප.ලි. මෙන්න පින්තුර



4. ඉන්පසු පෑන  හොදින් සවි කරන්න.
5. දැන් ඉදිරිපස කොටස ගැලව අර කඩදාසි තිටුව රව්මට තිබෙද්දී හෙමින් ගැලව ඉවත් කරන්න...

දැන් ඔබට ජපන් වෙසක් කුඩුවේ මිනි සයිස් එකක් ලැබෙනු ඇත...

ප.ලි. මෙන්න  පින්තුර


මිල සත 50 කි හි හි හි.....

මෙව්වා මම ගෙදරදී හදාගෙන යනවා... මේවා හරි ලස්සනයි... ළමයි පොර කක මගෙන් සල්ලි වැටට ගත්තා... සල්ලි ටික එකතු උන ගමන් මම ගුරු මේසේ දිගත් ලකුණු කරගෙන ගිහින් ඉටි කොලයක් ගෙනාව. මට දැන් මතකයි ඒක  කහ පාට ඉටිකොලයක්.

කොස්සක් ගන්න මම කලේ වෙන ජාතියක බිස්නස් එකක්.....
එක බෙහෙතක්! හැක් .. හැක් ....

සාදා ගන්න ආකාරය
==============
1. ගෙදර කරාබු ගහේ මල් ටික කඩා ගන්න (අය්යට හොරෙන් ගස් නගින්න වග බල ගත යුතුය..)
2.  මල් වල රේණු වෙන් කර ගන්න
3. සුදු කඩදාසි වලින් රවුම් කපා  ගන්න
4. රේණු පුංචි ප්‍රමාණයක් ගෙන එම කඩදාසි වල ඔතන්න ( ඔන්න නියම පැකේජින් ....)
5. පිටත "තැල්මට" කියා ලියන්න

මම තාමත් දන්නේ නැහැ මෙව්වා තැල්මට හරි යනවද කියලා... හි හි හි...... මෙව්වා වැඩිපුරම ගත්තේ කොල්ලෝ..... උන්ගේ වැඩේම දවල්ට ඉන්ටවල් වෙලාවට ගහ ගන්න එකමයි..... එව්වට හොඳ ඇති... මට මොකද.....

සල්ලි එකතු උනාම මම ගිහින් කොස්සක් ගෙනාවා...... හි හි හි.... ඔන්න බිස්නස්!!!!! කරනවා නම් බිස්නස්! හි හි හි....

තව එක පාරක් කලේ ගම්  බිස්නස්....
අපේ අම්ම අපේ ගෙදර තුන් දෙනෙක් ඉස්කෝලේ යන හින්ද ගෙදරට ස්ටේෂනරි ගේන්නේ තොග විදියට. ෆුලස්කැප් , හෆ ෂීට් , ගම්......
එක දවසක් බැරි වෙලා මගේ ගම බෝතලේට ඩිමයි  පේපර් එකකින් කොලයක් වැටිලා ගම්  බෝතලේ නිල පාට වෙලා තිබ්බා.. ලා නිල්  පාටක් වගේ... මේක මගේ යාළුවන්ට මැජික් එකක් උනා... මගේ මීටරේ වැඩ කළා එතකොටම.... මම ගෙදර ගියපු ගමන් කලේ , ගම බෝතලෙන් කොටසක් අරගෙන එකට වෙන් වෙන් විදියට ඩිමයි  කොළ දාල වෙන වෙන පාටවල් හදපු එකයි... පහුවදා ඒවා පොඩි පොඩි බෝතල් වලට දාල ගෙනිච්චම උණු කැවුම් වගේ ගියා.....

පොලිස් කාරයෝ ඉන්නවා නම් මුකුත් කියෙව්වේ නැහැ වගේ ගියොත් හොදා........

දැන් ඉතින් මෙතන මට දෙස් දෙවොල් තියන්න පටන් ගන්නවා හොදයි.. හෙර .... අපිව උනත් විකුණන් කයි කියල වගේ එව්වා මෙව්වා..... හුහ්.. අපි බය නැහැ හරිද??????


ප.ලි. මම 'අනිත්කොණ ' ට කියපු මිකී මවුස් ගේ පින්තුරේ තමයි මේ...


23 comments:

  1. ඒ කාලෙ ඉස්කෝලෙදි එහෙම අපිත් බිස්නස්ම තමා කලේ..

    රෙනෝල්ඩ්ස් පැනක් දකින්න තියෙන ආසාව... :)

    ReplyDelete
    Replies
    1. අම්මේ ඇති යන්තම්.. මම හිතුව මෙතන මට වසන්ට බැරි තරම් වෙයි කියලා... හි හි.. ඉස්තුති කොමෙන්ටුවට

      Delete
  2. බාර බිස්නස් කාරියක්නේ. ඉතින් ඔය නිර්මාණ ඇත්තටම හදලා ෆෝටෝ අරන් දාන්න තිබ්බනේ වැඩේ පැහැදිළි වෙන්න. ඒක කියෙව්වට හරියටම තේරුණේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉන්න එහෙනම් මම පින්තූර දාන්නම් ... කොහෙද අනේ ත්‍රෙඩ් තියෙන ඒ ජාතියේ පෑනක් හොයා ගන්නත් අමාරුයි දැන්..

      Delete
    2. ඔන්න හෙන්රි , කකා මම පින්තුර දැම්මා.. ඉස්සර තරම් ලස්සනට හදා ගන්න බැරි උනා නේ....

      Delete
    3. අන්න එහෙමනේ වැඩේ කෙරෙන්න ඕනේ. දැන් තමයි කතාවට නියම ගැම්මක් ආවේ.
      Great! :D

      Delete
  3. පැහැදිලි අනාගතයකට පාර කියන්නනෙ සුන්දර මතකයන්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්... ඉස්තුති

      Delete
  4. අම්මට සිරි මමත් හෙන බිස්නොස්කාරයෙක් තමා ඉස්සර...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ තව කස්ටිය... අම්මේ ඇති යාන්තං... එක ජාතියේ කුරුල්ලෝ එකට වහල ඉන්නවා කියනවා නේ.. ඒ වගේ බ්ලොග් ලෝකෙත් වෙදිපුර ඉන්නේ මෙව්වා කරපු කට්ටිය වගේ. හි හි.. ඉස්තුති කොමෙන්ටුවට

      Delete
  5. ඇත්තමයි උපේක්ෂා, මට බ්ලොග් ලියන්න , කියවන්න වෙලාව ලැබෙන්නෙ කලාතුරකින්... ඒකයි මේ බ්ලොග් එක මිස් වෙලා තියෙන්නෙ... ඇත්තටම අපූරුයි මේ ඉස්කෝල කතා, හරිම දක්ෂ ක්‍රියෙටිව් මයින්ඩ් එකක් කියලයි හිතෙන්නේ.. මටත් අර පෑනේ සිද්ධිය තේරෙන්නෙ නෑ...කොහොම පෙනෙවිද කියලා. ඒත් සුන්දර ළමා කාලයක් ඔයාට තිබිලා තියෙන්නේ. මමත් ඒ කාලේ චිත්‍ර විකුණුවා. මට හොඳින් චිත්‍ර පිටපත් කරන්න පුළුවන්. මිකී මවුස් මිනී මවුස් වගේ කොළේ කෙළවරක ඇඳපු කඩදාසි කොල විකුණුවා කියලා යාන්තම් මතකයි.

    ReplyDelete
    Replies
    1. ආන්න මට මගේ තව බිස්නස් එකක් මතක් උනා... ඔව් ඔව් මමත් මිකී මව්ස් ගේ පින්තුර විකිණුවා. මම අදටත් ඒ පින්තුරේ අඳින්නේ කිසිම ආයාසයකින් තොරව. මම පින්තුරේ ඇඳලා පොස්ටුවට අමුනන්නම්කො. ඒට අමතරව මම පිටපත් කරලා විකිණුවා 'ස්පුට්නික් ' මැගසින් එකේ පිටිපස්සේ තිබ්බ අම්ම කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්න පින්තුරෙකුත්.. දෙකම එක වගේ විකිණුනා...

      ස්තුති මම ගැන හොඳ කිව්වට... මගේ ක්‍රියේටිව් වැඩි කමට තරහ ගත්ත ගුරුවරු මට ඉඳල හිටලා ඇටෑක් කරලා තියෙනවා.. දැන් කාලේ ළමයෙක් නම් දිවි නහගෙන හි හි හි....

      Delete
  6. හරිම සුන්දර ළමාකාලයක් තමයි ඔයාට තිබිලා තියන්නෙ :)
    හ්ම්ම්.. අයෙත් ඒ කාලයට යන්න පුලුවන්නම්...

    ReplyDelete
    Replies
    1. උත්තරයක් ලියන්න පමා උනාට සමාවෙන්න.මට මගෑරිලා.

      Delete
  7. Replies
    1. ඔව් ඔව්..... පිට නෑ ... පිට නෑ !!

      Delete
  8. ලස්සන බ්ලොග් එකක්. මුල ඉඳන් කියවන් එනවා තාම. වැඩියම හිතට වැදුනේ අර දවසක් පරණ ඉස්කෝලෙ ගත කරපු Post එක. මමත් 3 වසරෙදි එහෙම Platignam වලින් චිත්‍ර ඇඳන් යනව ඉස්කෝලෙ. යාලුවෝ දැක්කම ඉල්ලනවා. එයාලටත් ඒ විදියටම ඇඳල දෙනවා. විකුණුවෙ නම් නෑ. හැබැයි වලියක් ගිහාම දීපු චිත්‍රෙ ආයේ ඉල්ල ගත්තා. ඒ කාලෙ සුනදරයි. ඔයාගේ ලිවීමටත් සුභපැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා !

      හි.. හි.. ගොඩක් අය ඒ පොස්ට් එකට කැමතියි... මමත් ඇතුළුව! ස්තුති හොඳයි කිව්වට.

      Delete
  9. ඔයාගෙ ලමා කලෙ හරිම සුන්ඳරඉ. මම බොහොම ආාසවෙන් කියෙව්ව​ා එක හුස්මට. බොහොම ස්තුතී මෙ බ්ලොග් එක්ට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. වැඩේ කියන්නේ ඒ කාලේ ඔය සුන්දර කිව්වට වැඩිය වැටහීමක් නැහැනේ... නැද්ද? මට නම් එහෙම එකක් තේරුනේ නැහැ. නමුත් සමහර සන්ධිස්ඨාන මට ඒ මොහොතේ ගොඩක් සුන්දරව දැනිල තියෙනවා.

      Delete
    2. ඔව් එක අැත්ත​. එත් මට මගෙ පාසල් කාලෙ ඔයාගෙ තරම් සුන්දර උනේ නැහැ. ඒකට හේතු උනේ මගේ පාසැල කොලඹ ලොකු posh ගනයේ එකක්. එත් මගෙ සෙල්ලම් කාලෙ, ගෙදර හිටපු දවස් හරිම සුන්දරයි. ඔයාගෙ සමහර පෝස්ට කියවන කොට මට මගෙ අතීතෙ මතක් වෙනව​. ඔයාගෙ පොස්ට ලස්සනට ගලාගෙන යනව​. හරිම අව්‍යජ විදිහට ලියලා තියෙන්නෙ. මම දැන් වැඩ කරන්නෙ ඩුබායි වල​. ඉතින් කියන්න ඔිනෙ නැහනෙ මෙ පෝස්ට වල තියෙන වටිනාකම. බොහොම ස්තුතී ඒකට.

      Delete
    3. ස්තුතියි. මමත් මගේ ස්කොලශිප් එකෙන් පස්සේ ගියේ එහෙම පොෂ් කියන ගනයේ පාසලකට. ඒ ගැනත් මම විස්තර ලියලා ඇති. ඔබ යම්තරමකට නිවැරදියි. ඒ පාසල්වල ඇත්තේ පොරයක් මිස ලස්සන මතකයන් නෙවෙයි ගොඩක් වෙලාවට.
      ඩුබායි ඉන්නවා නම් මට තේරෙනවා තත්වේ.. හි හි... ස්තුතියි මේ දිරිගැන්වීමට

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...