Sunday, November 7, 2021

300: මගහැරුනු අතැඟිලි

 



මම මේ කියන්නේ නිකමට
රිදෙනවා පපුවේ එක පැත්තක් ඊයේ හිට
මතක් වෙනවා මැණික උඹව දැන් ඕසෙට
කියන්නත් බෑ යාලුවෝ බනිනවා යමරෙට

මාළු පිණි මදිවෙලා කටට රහට
බැන්නම, මටත් ඒ කාලේ බැන්නට
කඩෙන්මයි කන්නේ මම, ආසාවට
බිරියානි එක්ක බත් දීපුවා එනවා මතකෙට

වැඩක් නෑ කියා උඹ ගේ මුල්ලකට කලාට
වෙන ගෑනු එක්ක මම චැට් එකක් දැම්මාට
මටම තේරුනේ නෑ මගහැරුණු උඹව මට
දැන් ඉතින් පලක් නෑ , යන්න බෑ ආයේ මට

විසේ නැති බිරිඳක්ව ඉන්ට කියලා කියා
මම හෙව්වේ විසේමයි ඒක දන්නව ඔයා
මටම දැන් මතක නෑ කොහෙන් අරඹමි කියා
මේ තරහ මගෙ නෙවෙයි වගේ ඉන්නෙමි නියා

7 comments:

  1. පපුවෙ පැත්තක් රිදෙනවය කිව්ව. හාට්ටැටෑක් එන්ටද දන්නෑ. චැක් කොර ගත්තොත් හොඳයි.

    ඒ කවිය මරු හොඳේ... මසුරං වෙලාවක සැට්ටුණේ. 🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වට ඔය ඉන්නේ!
      ස්තුතියි ආ

      Delete
  2. ලඟින් ඉන්න කොට නොදැනෙන වටිනාකම!

    ReplyDelete
  3. සුසුම්ලන්න එපා අනේ...

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...