Friday, February 5, 2021

289: පුංචි පහේ ආරංචියක්

පොඩි කාලේ ඉඳලා මට තිබ්බ විනෝදාංශ අතරේ එක එක සුකුරුත්තම් හැදිල්ල ප්‍රධානයි. ඒ අතරේ වෙච්ච විනාශකාරී දේවල් නොතිබ්බ නෙවෙයි. 

 

වැඩියෙන්ම කෑවේ සල්ලි! ඊළඟට කාලේ..


අන්තිමේදී, මේ ළඟදී තීරණේ කළා , නිදිමරාගෙන පාන්දර දෙක තුන වෙනකල් කරපුවා තවත් කෙනෙක් එක්ක බෙදාගත්තොත් හොඳයි කියල. මෙන්න බොලේ හොඳ ප්‍රතිචාර ලැබුනානේ!

ඒ හින්දා මම හිතුවා මේක ඉන්ස්ටග්‍රෑම් දාලා ටිකාරියක් විතර ලස්සනට කරන්ට ඕනේ කියල.

https://www.instagram.com/torirucreations/



 

මේ දවස්වල ගජරාමෙට හදන්නේ මේ paper quilling කියන සාස්තරෙන් කරන සුකුරුත්තම්

  1. බිත්තියේ එල්ලන, මේසය උඩ තියන නිර්මාණ
  2. කරාඹු


තමයි වැඩිපුර හදන්නේ.

මේ තියෙන්නේ ඒවායින් සමහර කොටසක්.















 

 

 

ඊට අමතරව වයින් බෝතල් වලට කරන ගෘහ අලංකරණ නිර්මාණ, බිත්ති සැරසිලි එහෙමත් එකතු කරනවා. මේවා මේ වගේ ඇසුරුමක දාල ගෙදරටම ලැබෙන්න සලස්වනවා ලංකාවේ කොහේ හිටියත්!





 

රෙදි මේඩ් තියන ඒවා නම් දවස් තුනක් ඇතුලත ලැබෙන්නත්, තමන්ට කැමති ජාතියේ මෝස්තරයක් දුන්නම එක හදලා දෙන්න සතියක් වගේ කාලයකුත් යනවා. මේ ඔක්කොම කරන්නේ බඩ රස්සාවක් එක්ක හින්දාත්  හොබී එකක් විදියට කරන කටයුත්තක් නිසාත් හැමෝගෙන්ම ඉල්ලනවා මේ ඉන්ස්ටග්‍රෑම් එකට ගිහින් තමන්ගේ කැමති නිර්මාණයක් ඇනවුම් කරන්න කියල.

සපෝට් එකක් විදියට පස්සෙන් පන්නන බට්න් එකත් ඔබන්ට හොඳේ!

අදහස් ගල් සහ මල් ලබාදෙන්න. මේක මමමයි කරන්නේ, ඒ හින්දා අතරමැදියෝ නැතුව පහසු මුලකට ලැබෙන්න සලස්වනවා.

හරි එහෙනම් ඈ !


Thanks ALL

13 comments:

  1. බුවෑක්ක! සැක් ඉතරක්...


    ඩිෂුම් ඩිෂුම්!
    බුදු අම්මෝ! මෙන්න මේකි ගහනෝ...

    ReplyDelete
    Replies
    1. ගහල මදි දත් සෙට් එකත් ගලවන්න ඕනෙ!

      Delete
    2. ඒකට පරක්කු වැඩියි. පළවෙනි පාරිම්ම දත් ටික බඩේ...

      Delete
    3. හි හි ඉතින් ඔහොම කරල මදි, කැත හින්දා තරහකාරයෙක්ට මේවයින් එකක් යවමු? හරිනෙ!

      Delete
    4. හිකිස්...! ඒකත් හොඳ බිස්නස් එකක් වෙයි. අර ෆිල්මම් එකක් තිබුණා, dirty work කියල... අන්න ඒ වගේ.

      Delete
  2. ඔව්ව ඕඩර් කොර කොර ගෙන්න ගන්ට වෙලාවක් නෑ බං..නුවර එන වෙලාවක ගෙනල්ල දීපං..එහෙම නැත්තං නුවර මාකට් එකේ මිඩ්ලන්ඩ්ස් හෝටලේ කැෂියර්ට දීපං මට දෙන්ට කියල...මම ඇවිල්ල ගන්නං..හාද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඕකනේ!
      ඕනේ මොකක්ද කිව්වොත් සලස්වනවා! තව අලුත් සෙට් එකක් හැදුවා. මේකේ ඔක්කොම දාලා නැහැ. ඔක්කොම නිර්මාණ 40ක් වගේ තියෙනවා.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...