මට තියෙන පිස්සු වලින් කීපයක් ගැන මම ලියලත් ඇති. ලියන්න බැරි පිස්සු සහ ලියාගන්න බැරි කියන ජාති දෙකේ ඒවා ලියන්න මම උත්සහ කරනවා.
එකක් මට අද උදේ එනකොට ආයෙමත් මතක් උනා. ඒ තමයි ඔය කෝවිල් ළඟදී මට දැනෙන අමුතු පිස්සුව!
කොයිල් වගේ ඇති නේද?
මෙහෙමයි...
ඔය කෝවිල් සහ කෝවිල් වලට යන පාරවල්වල තියෙන මල් විකුණන කඩවල් දකිද්දී මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. වැඩියෙන්ම මල් කඩවල් දකිද්දී. ඒ මල් විකුණන කඩවල් වල තියෙන පිච්ච පිරුණු මල් මාලා දැක්කහම මාව පාවෙලා වගේ යනවා. මොනයම්ම හේතුවකට හරි ඒ මල් මාලයක් දාගන්න හරි ඒ පිච්ච මල් වලින් ඔලුව සරසාගන්න හරි හිතෙන එක වලක්වා ගන්න හරිම අමාරුයි. හැමදාම ඒ මල් කඩ පහුකරගෙන යන මම ඒ පාට පාට මල් මාලා හිතින් තෝරන්න දහස් වාරයක් උනත් අමතක කරන්නේ නැහැ. සුදුපාට ලොකු මල් එක්ක දම්පාට මිශ්‍ර කරලා හදලා තියෙන එකට තමයි වැඩියෙම්ම හිත ඇදිලා යන්නේ.