Friday, November 20, 2015

235. පස්වරක්








මට මාව ඕනේ වෙලාවට
මම යන්නේ කවුළුව ළඟට
වැසුණු පියනක වම් පැත්තට
මැඳ'ඟිල්ල පස්වරක් සිපගන්නට

'ටක් ටක් ටටක් ටක්'

ඒ හැම විටෙකම
ඇසිල්ලක් නැතුවම
ලැබෙන පිළිතුරකම
තිබුනේ පස්වර තානම

'ටුක් ටුක් ටුටුක් ටුක්'

අලුත් කවුළුව
නැත, එය වීදුරුව
තට්ටු කෙරුමක් නැතුව
එබෙයි අහන්නෙත් නැතුව


20 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අප්පට බොල මෙච්චර හොඳයිද ? තුන් සැරයක් හොඳයි කියන්නේ ?

      Delete
    2. ගුඩ් 1 යි කියලා කියන්නේ අැයි බං.... ඒකපාරම ගුඩ් 3 යි කියලා කිව්වානම් හරිනේ...

      Delete
    3. ගොඩක් හොඳ නම් වෙරි ගුඩ් කියනවානේ. මේ කම්මලයා බෝවෙන රෝග අංශෙට ඇරිය නැති එකේ ආදීනව

      Delete
    4. මේක පස්වරක් කිව්වම තුන් වරක් ඔට්ටු නැහැ හරිද?
      පලා කොළ ටික තුන් තැනකට බෙදුවම.... දන්නවනේ ඉතිං

      Delete
  3. අර කතාව නතර කලාට පස්සේ ඉතින් තෝ මළා වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. මං මලා? කෝ බලන්න....
      ඔලුවත් සීතලයි, යටි පතුලත් සීතලයි... අම්මප මැරිලම තමයි... මං මලා................ ( මම උන්නේ අප්පච්චි මලා කිව්වහම උන්දැට මොකක් හිතෙන්න ඇතිද කියල? සාදාරනයි අප්පා... සාදාරනයි..... )

      Delete
  4. අවංකවම තේරුනේ නෑ.......

    ReplyDelete
    Replies
    1. සාධාරණ කොටා වගේ.. ඔයා අවංක කොටා නේද? ඊළඟ පාර උත්සහ කරලා බලන්න. මේක කියෙව්වොත් සල්ලි තමයි වැඩසටහනෙන්

      Delete
  5. Replies
    1. චක්කරේ පාඩම් නේ? එහෙනම් හරි

      Delete
  6. පස්වරක් බැලුවත් තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ගස් මාරු පෙති චෝරු පැතුමෝ..... ගහකට මාරු උනාවද්ද?

      Delete
  7. මේක ගැන විශ්ලේෂණය කරන්න ත්‍රයිලෝක විජයපත්‍ර ටිකක් හොයාගන්න වෙනවා...නොතේරුණත් ෆලෝ කරන්න තීරණය කරා... මම ත්‍රයිලෝක හොයන්න ගිහින් පොලිසියට මාට්ටු වෙලා හිරේ තපින්න කලින් කව්රුහරි පින්වතෙක් මේකේ තේරුම කියහල්ලකෝ..

    ReplyDelete
    Replies
    1. යකෝ මේක මාරම වැඩක්නේ.... අමාරුවෙන් ලියල දැම්මහම ආයේ තේරුම කියන්ට වෙලා. මේක හරි යන්නේ නැහැ, ගන්න ඕනේ ලේකම් කෙනෙක්.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...