Tuesday, December 16, 2014

129. අතීතෙන් කෙනිත්තෙමි



කිසිදිනෙක
නෑල්ලු අතකත්....
හැමදාම බැලූ
නෙතකත් .....
රැඳුනු සුසුමක් අදත්
ඇතිය පතුලේ - හිතේ...

පස්වසක අතීතෙන්
වෙලීගිය සමරුවක්
තවත් ඇත කාමරේ
පුංචි පෙට්ටිය තුලත්...

මැකුණු සෙනෙහස නැතත්
වරක් හෝ මතකයක්
තිබුණි නම් 'ආදරී'
වටිනවා මහමෙරක්....


6 comments:

  1. පිස්සු වැටිලා ඉන්න වෙලේ විරහා කතා, උබලටත් පිස්සු බං....!!!
    ඕ යේස්...!!
    -බ්‍රෑන්ඩ් එක ගල්-

    ReplyDelete
    Replies
    1. පිස්සු වෙලාවට තමයි අනේ විරහා විඳින්න ඕනේ... නැත්තම් පිස්සු කියල හිතනවනේ අනික් උන්!

      Delete
  2. පට්ට
    මේක සිරා දැක්කොත් ං සෑහෙන්න සන්ෙතාස වේවි

    ReplyDelete
    Replies
    1. ලින්කුව එතන දැම්මා... අවුලක් නැහැ දැක්කේ නැතත්...

      Delete
  3. වියෝ වූ පසුවයි දැනෙන්නේ

    ප්‍රේමයේ අභිමන්..
    හැඩූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...//

    ඉවුරු දෑලේ හිද බැලූ විට
    ගඟ හැඩයි කදිමයි..
    දියට වන් විට එවන් ගගුලම
    බිහිසුනුයි චණ්ඩයි..

    වියෝ වූ පසුවයි...

    හඳක් නැති දා අහස් තලයට
    තරුව දෙයි සැනසුම්..
    පුන් පොහෝදා එවන් තරුවම
    ලබන්නේ ගැරහුම්..

    වියෝ වූ පසුවයි...

    ගායනය : සුනිල් එදිරිසිංහ
    පද රචනය : බන්දුල නානායක්කාරවසම්
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඉවාන්... මේ සින්දුව තරම් මාව කම්පනය කල තව සින්දුවක් තියෙනවා නම්, තව කීපයක් විතරයි. මට හේතුවක් නැතුව අඬන්න ඕනේ නම්, අදත් මේ සිංදුවත් 'සොඳුරිය' සිංදුවත් තමයි අහන්නේ. තව මොනවා ලියවෙයිද දන්නේ නැහැ...හි.. හි..

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...