Sunday, November 9, 2014

114. දැදුරු සිතක...



හේතුවක් ඕනේ නැති
නුඹේ මේ ආදරේ
විකාරයි....

විරසකෙන් යාලුවන්නට 
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින් 
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට 
ගෙවෙන හැම 
මිනිත්තුවේම 
දෙස් දෙවොල් 
තියමි මම.....


යලිත් ගිනි පුළු නිවී 
නිසල මුහුදක් උනාම 
පුරුදු පරිද්දෙන්ම ඉන්නෙක 
විකාරයි මට..!

මගේ පෙම්බර - සැමිය




ප.ලි. 

මම සිංහල ලියනකොට , කියවනකොට (පුද්ගලිකව) වැකියක තිබෙන විරාම ලකුණු ආදිය එක්ක තමයි කියවන්නේ. ඒ වගේම මම ලියනකොට යොදන කොමාව, විශ්මයාර්ථ ලකුණ ආදිය යොදන්නේ හිතාමතාමයි.

මේ කවියෙහි තිබ්බ කොමාවක් හැමෝටම මගෑරිලා හින්ද වෙනස් අර්ථයක් ආපුබව මටම තේරුනේ ලැබුණු කොමෙන්ටු වලින්. 
"..... විරසකෙන් යාලුවන්නට 
අවැසි නැති ,
එකම විදියට ගලන සතියකින් 
මිදෙන්නැති ,
අඩි තිහක් උස තාප්පෙකට..."

කියලා මම කියනකොට කිව්වේ එකම දෙයක් ගැන. 

මෙහෙම ලියන එක මතුවට මටම හොඳයි කියල හිතුන.


10 comments:

  1. අඩි තිහක් උස තාප්පයක්.. හරිම ශෝචනීයයි නෙ..

    දැදුරු සිතින් එන නුවර කොමලිගෙ කවි ඔමරිය නම් අගෙයි.. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසවින්දා නම්... :D

      Delete
  2. තට්ටු තුනක් උඩ..

    එ්‍ම්බා සැමිය මෙහෙ වර..

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ආව නරය!
      කිමද පුරස්නය?

      Delete
  3. එකම විදියට ගලන සතියකින්
    මිදෙන්නේ කොහොමද අඩි 30ක් උස තාප්පෙකින් වට වෙලා නම් ... බර්ලින් තාප්පෙත් කඩපු එකේ ඔන්න ඕකත් කඩල දාන්න ...

    ReplyDelete
    Replies
    1. කිසිම දේකට ප්‍රතිචාර දක්වන්නේ නැති උන්ට මම කියන්නේ තාප්ප කියල.

      Delete
  4. මේව අහන බලන
    අපේ ඔලුවත් කචලි
    ඇයි හත්තිලව්වේ
    මොන යස්සයද
    අඩි 30 ක් උස තාප්පයක් බදින්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ බොලේ...
      පනින්නට නොවේ
      තාප්පය කලේ!!

      Delete
  5. මෙච්චර කොට එකියකට අඩි 30ක තාප්පයක්?

    ReplyDelete
    Replies
    1. ඔන්න ආව මගේ උස හොයන්න.... හැප් කිව්වේ!!!
      කවුද දන්නේ තාප්පෙට එහා තියෙන්නේ යෝධයාගේ මල් උයනද කියල?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...