Monday, September 15, 2014

83. putha... I see something in you....

"Putha... I see something in you.. but i dont 'know what it is.."

මේ වචන ඔබට මතකද?

සමහර අය ඇති මතක තියෙන, සමහරුන්ට මේක විකාරයක් කියලත් හිතෙයි...

මගේ හොඳ යාළුවෙක් මට එවල තිබ්බ ලින්ක් එකක්... මම සාමාන්‍යයෙන් ඔෆිස් එකේ යූ - ටියුබ් එකේ ඒවා බලන්නේ නැහැ. ඒ හින්ද මම ඔෆිස් එකේදී ලින්කුවට කෙටුවේම නැහැ. ගෙදර ගිහිල්ලත් මම සාමාන්‍යයෙන් ලැප ඕපන් කරන්නෙම නැහැ. ඒත් එදා මගෑරිච්ච මේල් බලන්න මම මගේ මේල් එක ඕපන් කරනකොට මේ ලින්කුව දැකල, කෙටුවා.

ඇත්තටම මම මගේ ජිවිතේ අහපු ඉතාම වැදගත් ප්‍රසන්ටේෂන් එකක්.

ඔහු.. නමින් ධනංජය හෙට්ටිආරච්චි.....

දැන් නමින් දන්නා කට්ටිය දැන් වැඩියි. ඔව්.. ඒ ඔහු 'ලෝකයේ හොඳම කථිකයා' කියන සම්මානයෙන් පිදුම් ලබල හින්දම වෙන්න ඇති. ඇත්තටම ඔහුට එය අනිවාර්යයෙන් උරුමයි.

මම අහපු ඔහුගේ ඒ ප්‍රසන්ටේෂන් එක, ඔහුගේ ඒ ගමන්මග ඔහු විස්තර කරන විදිය ගැන කරපු එකක්. ඇත්තටම මම පුදුම උනා. ඔහු කියපු දේවල්ම මම ආයෙත් මෙතන ලියන්න ඕනේ නැහැ. මොකද, මට වඩා හොඳට, ඉතාම ආකර්ෂණිය විදියට ඔහු ඒ ගැන කියනවා.

මම මේ සටහන ලියන්න හිතුවේ, ඒ වීඩියෝව බලපු මම, ඒ ගැන හිතන විදිය පොඩ්ඩක් සටහන් කරලා තියන්න ඕනේ හින්ද. මොකද ඔහු ඇත්තටම ලෙජන්ඩ් එකක් වේවි..



ඔහු සාර්ථක යැයි අපි කියන ජාතියේ කෙනෙක් නෙවෙයි. මොකද ඔහු, ඔහුගේ මුලික අධ්‍යාපනය නැත්තටම නැති කරගත්ත කෙනෙක්. ඉහලට ඉගෙනගන්න එක කරගන්න බැරිවුන අසාර්ථක දරුවෙක්.. ඇත්තටම ඔහු කියන හැටියට ඔහුගේ දෙමවුපියන්ගේ 'නිවැරදි' රැකවරණය, මග පෙන්වීම හින්දත්, තමන්ගේ ගුරුවරු, කලිඩ්ස්ලා ලබාදුන්න දැනුම අපතේ නොයවා ඔහුගේම මොළයෙන් ඒවා නිවැරදි තැන්වල පිහිටුවාගෙන ඉදිරියටම ගිය අයෙක්.

ඔහුගේ හඬට , පර්සනලිටි එකට ඇත්තටම මම වශී උනා. ඉතින් ලොව විශිෂ්ටතම කථිකයා වීම වළක්වන්නේ කොහොමද?




ලොකු ලොකු ටෝක්ස් දෙමින්, රේඩියෝ, රුපවානිහි ආදියෙහි විගඩම් වැඩසටහන් වල කවදාවත් නොවෙන, අභව්‍ය තියරි කියමින් ඉන්න 'උගත්' යයි කියන කතන්දර ආතලාට වඩා, ඇත්තටම ජිවිතේ ඉස්සරහට යන අය අපි අතරින්ම බිහිවෙන බවත්.. ඒ මිනිස්සු අපිට කියන්නේ නොපෙනෙන අනාගතයක් නොවෙන බවත්... ධනංජය මට කියල දුන්න.

ඇත්තටම, ඔහු වෙනුවෙන් උත්සව පවත්වනවාට වඩා, ඔහුගෙන් යමක් ඉගෙනගන්න අපි කාටත් තියෙනවා නම් කොතරම් අගෙයිද?

Hats off ධනංජය !!! I salute you!!!!!

******************************

මෙහෙම මගෙත් යාලුවෙක් උන්නා... ඌට එදා පේරාදෙණිය සරසවියේ ජිම් එක මැද්දේ, පේරාදෙණිය සිසුන් එකම හඬකින් 'හූ' කිව්වා... ඒ මොකවත් හින්ද නෙවෙයි, ඔහුව මානසිකව වට්ටන්න. එදා උන් දිනුව.

අද... ඔහු 'ගූගල්' සමාගමේ වැඩකරන්නේ.. නිකම්ම නෙවෙයි.... ඉහලම තනතුරක්...
I salute him too!!

12 comments:

  1. හැම කෙනාටම තමන්ටම විහේෂිත වූ හැකියාවන් තියෙනව ඒ හන්ද ඔහු අනෙක් අයට වඩා සුවිශේෂ වෙනව...
    කවද හරි තමන්නෙ හැකියාවෙන් වැඩගන්න බලන මනුස්සය මේ වගේ ඉදිරියට යනව.. නැති එකා කාණු පල්ලට වැටෙනව...
    ඒක තමා නියත තියරිය...

    ReplyDelete
    Replies
    1. මම දැකල තියෙන අලුත් පරම්පරාව එහෙම විශේෂයක් නැති 'පතෝල' වගේ වේගන එනවා.... මම මේ ගැන ලියනවදෝ කියල ධනංජය කියන හාදයා පුදුම කලේ...
      ඔව්.. අපි දන්නේ නෑ , අපි ඇතුලේ එකා යමක් වෙනකල්ම.. හැබැයි ඒකට ජිවිතකාලේම ඉන්න උනොත් අවාසනාවක්!

      Delete
  2. හූ කියන එවුන් හැමදාමත් හූ කියනව. ඒත් ඒ හූ සද්දෙ අස්සෙ ඉස්සරහට යන එකා වෙනුවෙන් ඔල්වරසන් දෙන්න අනාගතේදි තව දාස් ගානක් දෙනා පේළි හැදිල ඉන්නව.
    ධනංජයගේ හඬ පෞරුෂයත්, අසන්නන්ව අල්වා තබා ගැනීමේ හැකියාවත් විශිෂ්ඨයි. ඔහු ගැන සටහනක් තියපු එක ගොඩක් වටිනවා.
    අවසානයට සටහන් කල ඔයාගෙ යාලුවගෙ කතාවත් පෝස්ට් එකක් කලොත් වටීවි කියල හිතනව.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ බස්සි ඒගැන නම් හරියටම. මමත් ඔහොම හූ පාර කාගෙන තනියෙන් තරඟ වලට මුණදීල තියෙනවා. එහෙම මුණදීල පැරදිලත්, දිනලත් තියෙනවා. ඒත් මම මේ ධනංජය තරම් පර්සනලිටියක් තියෙන කෙනෙක් නොවෙන හින්දද කොහේදෝ බිමටම වැටිලා ගිව් -අප් කරලා තියෙනවා. ඒ මගේ අතීතයේ..

      මගේ ඒ යාළුවා....
      මම ඒ ගැන නොලියා ඉන්න එක හොදවෙවී. මොකද ඔහුගේ අත්දැකීම් මම ලියද්දි මට ආගන්තුකයි. මොකද ඔහු එහෙම ඒ ගැන කතාකරන්න කැමති නොවෙන්නත් පුළුවන්. ඔහු ඉතාම දක්ෂ කථිකයෙක් , ධනංජය වගේම. ඒ වගේම හොඳ ක්‍රීඩකයෙක්, ඉගෙනගන්න සමතෙක්. මම මේ කියන ඔත්තු ඇති කෙනෙක්ට ඔහු ගැන හොයන්න. ඒ ඇති කියල හිතනවා.

      Delete
  3. Danajaya's n my story almost same...

    ReplyDelete
    Replies
    1. I'll be so happy if you could share it here.. with us! Please do :-)

      Delete
  4. කතාවේ එක තැනක දනන්ජය කියනවා අම්මගේ කඳුළු ජාති දෙකක් එකවිට දුටුවා කියලා, එකක් දුකෙහි කඳුල, අනික ලැජ්ජාවේ කඳුල, ඔව් මමත් ඒ දෙකම දැක්කා ඉස්කෝලෙ පන්තියේදී ළමයි 45ක් ඉස්සරහා, එතකොට මම 7, ඇත්ත මවකගේ කඳුළු දරුවෙකුගේ ජීවිත ගමනේ දිශානතිය කුමන හෝ අයුරකින් වෙනස් කරනවා, ඇට්ටර වෙලා ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ වත් නොකර අපතේ ගගහා හිටපු මම අද ඉන්න තැනට එන්න ඒ කඳුළු උදව් වුනා, ඔව් මම ඒ අවුරුද්දේ පිමි 33 ක් පැනලා පන්තියේ 3 වෙනියා උනාම මම දැක්කේ අම්මගේ සතුටු කඳුළු, තැනගේ අංග ඇතුලේ හැඟවිලා ඉන්න එකාව හොයලා එලියට ඇදලා අරන් උගෙන් වැඩ ගන්න පුළුවන් වෙන්න ඕන හැම කෙනෙකුටම, එක සෑහෙන්න අමාරුයි, හැබැයි අම්මා කෙනෙකුගේ කඳුලට කල නොහැක්කක් නොමැත.

    නියම හඬ පෞර්ශත්වයක්, ඉතින් විශිෂ්ටයකු නොවී කොහොමද, ඔහුගේ කතාව තුල ආසන්නව මොහොතලට හෝ ඔහු ඉවතට යවන්නේ නැහැ, වටින පොස්ටුවක් අපිත් එක්ක බෙදාගත්තට තුති උපේක්ෂා.

    ReplyDelete
    Replies
    1. සොමියා...
      ඒ කතාවේ හැම ඉස්පිල්ලක් පාපිල්ලක්ම වටිනා අදහස් වලින් පිරිලා නේද? මට කවදාවත් අමතක නොවෙන කතා කීපයක් තියෙනවා, ධනංජයගේ මේ කතාව ඒ ගොඩට වැටිලා දැන්.
      ඔය වගේ අපේ ජිවිත උඩු යටිකුරු කරපු අම්මලාගේ කඳුළු, ගුරුතුමීලා , යාලුවන්ගේ වචන අපි හැමෝටම තියෙනවා, නැත්තම් එතන මොකක් හරි අඩුවක් තියෙනවා...
      මේ මගේ එක්තරා කාලයකදී වෙච්ච සිද්ධියක්

      කාලය කෙතරම් සොඳුරුද නපුරිය

      ඇත්තටම ඔහු මාව වශිකලා....

      Delete
  5. උපේක්ෂා අද මගේ ජීවිතේ වටින විශේෂ දවසක්..ඒක තවත් අරුත්බර කරන්න ඔයාගේ මේ පොස්ට් එක ගොඩක් වැදගත් උනා..
    මේ වතාවේ මම ලබපු හොඳම තෑග්ග මේක කිව්වොත් ඔයා පුදුම වෙන්න අවශ්‍ය නෑ... :) ඉස්තරම්ම පෝස්ටුවක්
    //සමහරුන්ට මේක විකාරයක් කියලත් හිතෙයි...// සංවේදී හිතක් තියෙන , බුද්ධිමත් කෙනෙක් නම් කවදාවත් ඔහොම හිතන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. මට හරි සතුටුයි මේ පොස්ටුව ඔබේ දවස කාන්තිමත් කළා නම්... ඇත්තටම ඒ ධනංජයගේ හැකියාවක්. එයින් අපි ප්‍රයෝජන ගන්නවා නම් කොතරම් වටිනවාද? ගොඩක් වෙලාවට අපි දේශනා අහනවා අතොරක් නැතුව, ඒත් ඔඩොක්කොවේ තිබ්බ බෝලයක් බිම වැටුන වගේ එතනින් නැගිටිනකොටම අපිට අමතක වෙනවා, එක්කෝ ඔලුවට යන්නේ නෑ.. මොහු එහෙම කෙනෙක් නෙවෙයි...

      සමහර මිනිස්සු මේක අහල.. මාරයි කියනවා... මාරයි කිව්වට අන්තිමට ක්‍රියාත්මක කරනේ නැහැ... කීපදෙනෙක් ඒ තුල දැකල, ඒ මොහොතේම ක්‍රියාත්මක වෙනවා. එහෙම කෙනෙක් ඔබත්.. මේ ගරුත්වය අයිති ධනංජයට !

      Delete
  6. Thanks. I like dannjaya. Just to suggest prince ea. he is on YouTube and instagram. He is my all time best as I'm atheist..good luck girl..!!

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...