Monday, September 22, 2014

87. ෆැන්ටසි



සමනළයෙක් පතාගෙන
පොඩි කෝෂයක් බලාගෙන
බොහෝ කල් ගෙවුනා - නොදැනීම...

රුදුරු කතරක් ගෙවාගෙන
කෙම්බිමක් නොසොයාම
උන්නු හැටි සිහිවුණා  - අද මෙන්ම.....



එදත් අද වාගේම
මා සයනයේ පසෙක තබාගෙන
අන් ලියන් වනනු ඇසුවා - නුඹ තාම.... 

7 comments:

  1. සමනලයෙක් වන්නේ දිනකදි
    දළඹුවෙක්මයි විසලොමින් පිරි
    ලස්සනට දිලුනත් උගේ පෙති
    දළඹුවාමයි නොවේද ඌ සකි

    සිතද කතරක තනිවූ විටදි
    මිරිඟුවක් සොඳ අගේ ඇති
    හමුවූ කලෙක සිත නැවති
    මොටද කෙම්බිම් අගේ නැති

    ReplyDelete
  2. අන් ලියන් සමනලුන් ඉගිලවද්දී
    සයනයේ මම තවම
    කොට්ට්ටයක් බදාගෙන

    ReplyDelete
  3. කමක් නෑ යුද්ධේ දිනන්නේ...

    ReplyDelete
  4. ගාණක් නෑ උපේක්ෂා, වනල වනල ඇතිවුනාම එයා ආපහු ඒවි නොවැ.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...