Tuesday, September 16, 2014

85. අන්තෝ ජටා - බහි ජටා

පින්තුරේ ඉස්සුවේ මෙතනින් : http://trolarti.blogspot.com/2010/10/art-analysis-hanshofmann.html



ආදර හුටපට
හැමතැනම...

එක හුටපටයක්
ගෙදර ඉන්නකොට,
තව එකක් මම
ඔෆිස් එකේ තියාගෙන..



කිසිම විදියකින්
ලාබයක් නැති - හුටපටේ
අතාරින්නත් බෑ...........
ලෝබයි !



23 comments:

  1. ඒ ගමන ආදර ඇරියස් එක උස්මුරුත්තාවට ඇවිත් වගේ.දවසට පොස්ට් දෙක තුන දාන්න ගත්තෙ.

    ReplyDelete
    Replies
    1. හිතුන.. ලිව්වා.. පොස්ට් කළා...

      වැඩිය මොකටද හිතන්නේ... මේක රටේ ආර්ථිකය රඳාපවතින කාරණාවක් නොවෙනකොට?
      හි.. හි... බැනපල්ලා මට ඉතිං

      Delete
  2. බොලගේ හුට පට
    බ්ලොගේ ලට පට
    කියවන්නේ පට පට
    කොහොමදැයි මගේ කට

    මොකෑ දුම්මල වරම ගත්ත කට්ටඩියා වගේ, බොලා බොලොග් මැරතන්ද? :D

    ReplyDelete
  3. හුටපට පටලවන්
    එක දිගට කවි ගලපන්
    අපිට රට පටලන්
    මෙන්න මූ දුවනවා මැරතන්

    මිනි කවිය රස පිරි
    මම කැමති කවි කැටගරි
    වැඩ ගොඩක එරි එරි
    ඉඳිද්දිත් කියවමි කොහොමහරි

    ReplyDelete
    Replies
    1. කියෝපන් බස්සියේ
      ලිව්වේ මං හදිස්සියේ
      ඒක නොවැ පිස්සියේ
      බනින්නේ මුන් ඇවිස්සියේ !

      Delete
  4. මට අරහන් මේ කවි
    බොටත් එපා වෙයන් කවදා හරි

    ReplyDelete
    Replies
    1. ඇරපන් මැලේ උඹෙ කට..
      දාන්නං පුළුවන් දෙයක් ඕකට...

      Delete
    2. බොට අරහං කවි
      හින්ද උඹට හරි
      ලැබෙන දෙයක් හරි
      දාගන් කට ඇරි !

      Delete
  5. //කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...//

    කියෙව්වා...
    හිතුවා..
    කොමෙන්ට් කෙටුවා...
    හෙටත් එනෝ....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔය ලොකු ලොකු ආදුරුස මොකට අහනවද? හි.. හි... කෝ බනින්නේ නැද්ද?

      Delete
  6. හික්ස්.... ආචර මුටපට එකක් දෙකක් නෙවේ නැතුවම හිටයත් පාඩුවක් නෑ...
    ඒ තරං අරහං

    ReplyDelete
    Replies
    1. එව්වා ආදරම නෙවෙයි අනේ... හුටපට!

      Delete
  7. පට්ටමයි පට පට
    සිතුනි කව දුටු විට
    තෝන්තුයි සිතගත
    නිසාවෙන් හුට පට :)))

    ReplyDelete
    Replies
    1. කියාපන් මට
      නොදැකම හුටපට
      බැලුවද වට පිට
      මුන් බනිනවා මට!

      Delete
  8. මෙහෙමයි..
    හුටපට අරන් එහේ මෙහේ ඇවිදින්න එපා...
    ගෙදර හුටපට ගෙදර තියලා
    කන්තොරු හුටපට කන්තොරුවේ තිබ්බාම..
    අඩුම ගානේ..
    ඔය ස්ථාන දෙක අතර ගමන් කරන කාල වකවානුවේවත්..
    ඔහේට ඔය හුට පට වලින් බේරෙන්න පුලුවනි නිසා...
    නැත්නම්.....
    අම්මලාට කියන්නකො දැන්ම බැහැය කියලා
    එතකොඅට එක හුටපටයක් අහවරයි..
    හෙක් හෙක්....

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි.... ලෝක වෙන වෙනම මේන්ටේන් කිරිල්ල... ඇත්තටම මමත් ඔහොම කරනවා වෙලාවකට... නෑ නෑ හුටපට නෙවෙයි, ගෙදරත් අනිත් තැනුත් වෙන් වෙන්ව තියාගන්න එක.

      Delete
  9. There isn't anything .......to comment.

    ReplyDelete
  10. අනේ මන්දා බං උඹ හැබෑ ජීවිතෙයි, නිර්මාණ ජීවිතෙයි එකට අනලා මේකෙ දාන හන්දා කමෙන්ට් කරන්නත් බයයි.

    ReplyDelete
    Replies
    1. හැබෑ ජිවිතේ උනත්, නිර්මාණයක් උනත් ලැබෙන ප්‍රතිචාරය මම පර්සනලි නොගෙන වැඩකරන්නේ හෙන්රි. කියන්න ඕනෙම දෙයක්. මේක හැබෑ ජිවිතේ ගැනද, නැත්තම් නිර්මාණයක්ද කියන එක මට එතරම් වැදගත් නැහැ. I wont judge anyone like that

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...