Sunday, July 21, 2013

27. තරු එළියද .. ඉඟි බිඟි කරයි...

මගේ හිතේ තියෙන දරුණු සිතුවිල්ලක් ගැන මම මේ දවස් වල කල්පනා කරනවා.... 
කොතරම් කල්පනා කලත් මෙලෝ දෙයක් එන්නේ නැහැ නේ හිතට? එන්නෙම එකම දෙයයි...

"මම ඇයි  එහෙම කලේ?"

වරදක් කළා වගේ හැඟීමක් එනවා හිතට. ඒත්  ඒක  කොතරම් සුන්දර වරදක්ද?
ඇත්තම කියනව නම් මට ඊට වැඩ හිතට වදදෙන ප්‍රශ්නයක් මේ දවස් වල තියෙනවා. මම ඒත්  අර රෝමය ගිහි ගන්නකොට විණා  ගහපු එකා වගේ වෙලා නේ අප්පා..... කොතරම් දරුණු ප්‍රශ්නයක් උනත් මගේ හිතට වදින්නේ නැති තරමට මම විසින්ම තනාගත්ත මනෝ ලෝකයක් තනාගෙන මම..... එක අතකට ඒක  ආරක්ෂාකාරී.. තව අතකට හරියට කඩන්  වැටෙන බිල්ඩිමක් අස්සේ මනෝ විකාර මවමින් ඉන්න කෙනෙක්ගේ වගේ හිනා යන වැඩක්...


අනේ ඉතින් මොනා කරන්නද? බර පියාපත් වලින් දුර පියාඹලා මගේ අත්තටු දැන් හොදටම රිදෙනවා. එක්කෝ රිදිල්ල නම් ඉස්සර ඉදන් උනත් තිබ්බ, මට දැන් තමයි ඒ රිදිල්ල දැනෙන්නේ... එක අතකට ඒක  අපරාදේ... රිදෙන්නේ නැතුව වගේ උන්න නම් කොතරම් හොදද? මට මම හිටපු හීනෙන්.. (ඔහ් .. නැහැ එක හීනයක් නෙවිනේ... විහින් ඇති කරගත් නිද්‍රාවක් ) ඇහැරෙන්න ඕනේ උනේ නැහැ... ඇයි  මම ඇහැරුනේ? මගේ කර්මය මාව ඇදගෙන එන්න ඇත්තේ මේ පාරෙන් ගිහින් කටු අතු වල පැටලිලා මගේ සිරීම් තුවාල බලන්න උරුම නිසා වෙන්නත් පුළුවන්.

අවිවාදයක් නැහැ... මට මේ මාර්ගය තෝරලා දුන්නේ මමමයි... කිසි කෙනෙක් නෙවෙයි. ඒ උනාට මට දුකයි ඒ පාරේ යන්න උනේ ඔබත් එක්කයි!! මගේ සිරීම් තුවාල වලට බෙහෙත් ගල්වන්න ඔබ දරන උත්සාහය ගැන මම ණයගැති උනත්.... මේ උරුම නැති සාත්තුවට මම මිලක් නියම කරන්නද? නැත්තම් මට මාවම නැති උන දාකට  මම කොහොම ගෙවන්නද?

ලියන්න බැහැ... තරුවක් මගේ දිහා බලන් ඉන්නවා.... දැක්කොත් එහෙම???

8 comments:

  1. අනේ මන්දා අදනං නින්දෙන් ඇහැරුණු ගමන් ලියලද කියලා හිතෙනවා.//අවිවාදයක් නැහැ...// මෙතැන හරිද?

    ReplyDelete
  2. ඈ.....තව සැරයක කියවලා එන්නම්.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හරි මට තේරුණා.....ඔය "තරුවා" නේද?....ඕකා ඉස්සර ඉඳන්ම ඔහෝම තමයි....

    ReplyDelete
    Replies
    1. මාත් දැනගත්තා ඔය තරුවා තමයි කියලා :D

      Delete
  3. තමන්ගේ මනෝ ලෝකයේ තමාම අතරමං වෙන්න නං නරකයි. එතකොට ඒක ඇත්තක් කියල හිත කියාවි.. ඊට වඩා හොදා නෙව මනෝලෝකෝ නියමාකාරයෙන් සැරිසරන එක.. හැබැයි සැබෑ ලෝකෙත් මනෝ ලෝකෙට සමපාත වෙනවා වෙලාවක. ඒ නිසා ඇහැ ඇරගෙන මිසක් වහගෙන ඉන්න එපා. මට තේරෙනවා මොකද මටත් එහෙම ලෝකයක් තියෙනවා හුගක් දෙයින් ගැලවෙන්න උදව් වෙන

    ReplyDelete
  4. මේ මොකක්ද මේ වෙන්න යන්නේ?

    ReplyDelete
  5. maybe you are in love :) එහෙම උණාම මෙහෙම දේවල් හිතෙනවා.

    ReplyDelete
  6. සයිලන්ට් සහන්ගේ මනෝ උපදේශන සායනයට යන්න. :D

    ReplyDelete
  7. ම්ම්ම්ම්ම්.... ආ......................... දරයක් ඇතිවෙලා වගේ........... හිහි....

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...