Friday, October 10, 2014

95. සිකුරාදාවක - සවස




අල්ලට ගත්
දිය අහුරකි..
සති අන්තය 

26 comments:

  1. සුන්දර ස්වප්නයක්මැයි
    ඇහි පිල්ලමක වේගෙන්
    අවදිවෙන

    ReplyDelete
  2. මටනං ජල අණුවකි,
    සති අන්තය..
    සෙනසුරාදත් වැඩ නිසා :D
    අපි එක්ක වැඩකලා ටිකක් මැදිවියේ පොරක් සති අන්තෙ ගෙදර යන. පොර අපිට කියන්නෙ “උඹලා සතියෙ දවස් හතම ගෑනිට බයේ ඉන්නෙ. මම දවස් දෙකයි“ කියලා.

    ReplyDelete
    Replies
    1. කාලය ගැන විතරක් නෙවෙයි මම හිතුවේ. හි.. හි... යාලුවාගේ කතාවේ ඇත්තක් නැත්තේම නැහැ නේද?

      Delete
  3. ඕකනේ අපි දවස් හතම වැඩ කරන්නේ

    ReplyDelete
    Replies
    1. දවස් හතම? හ්ම්ම්.. ඔව් මමත් එහෙම කාලයක් ගෙව්වා. දැන් පුද්ගලික ජිවිතේ රස්සාවෙන් වෙන්කරගෙන ජිවත් වෙන්නේ.

      Delete
  4. බලන් සති අග
    වැටෙන සැටි බිම
    දෝතට ගත දිය
    බිඳක් ලෙසටම
    උදාකර සඳුදාව

    ReplyDelete
    Replies
    1. වෙරදරන විට
      වඩා විඳුමට ,
      පෙරී යන හැටි
      ඇඟිල'තරින්

      Delete
  5. අපි නම් හෙටත් වරුවක් වැඩ අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. රාජකාරිය > දේවකාරිය .. හික්...

      Delete
  6. හොඳ වැඩේ....මම වීක් එන්ඩ්ස්වල වැඩ.

    ReplyDelete
    Replies
    1. දැක්ක නේද ඉරිසියාව? හුහ්

      Delete
  7. අල්ලේ ඇති දිය අහුරෙනුත්
    බොහෝ දේ කළ හැකිය.


    ReplyDelete
    Replies
    1. හික්.. හික්... පැතුම්.. මේ කොමෙන්ටුව මට ලොකුම ලොකු පොස්ටුවකට ප්‍රස්තුත වෙනවා.. හික්.... දැනට කටපියාගන්නම්!

      Delete
  8. ඔය දිය බින්දුවෙන් රෙදි ටික හොදන්නවත් බැ ගොඩක් වෙලාවට.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි හලෝ... පට්ට කතාව

      Delete
    2. අන්න දැක්කද... ජිවනට තේරෙනවා.. අර කාටද වගේ

      Delete
  9. මන්සිවෙලා කැපවීමෙන් රැකියාව කරන කෙනෙකුට නම් මේක සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. හෑ... කවුරු ගැනද කියන්නේ? අහ් ඔව් මේ මම නේද? ඔව් වොව්... නැතුව නැතුව.. කැපවීම කියන්නේ ආයේ නෑ පාන්දර 9ට ගෙදරින් යන්නෙත්..

      Delete
  10. උඹ මේ දවස් දෙකක් මදිවෙලා කතා කරනව...හෙහ්,හෙහ්, කිව්වට විස්වාස කරපං..මගෙ දශක තුනක වෘත්තීය ජීවිතේට ඉස්සෙල්ලම දවස් දෙකක සති අන්තයක් ගතකරන්ට ලැබුනෙ මේ පහුගිය අවුරුද්දෙ ....ඒකත් සතියක් ඇර සතියක්...එහෙම හම්බ උන එකත් දැන් මාස හයකට ඉස්සෙල්ල නැති උනා. දැන් ආපහු සුපුරුදු එක්දින සති අන්තය......:(

    ReplyDelete
    Replies
    1. මේ... අපිට මතක නැතිව කියල හිතනවද අර ඉස්සර ගෙවල් මිදුල් අතුගාල දීගෙන ගුරුවෙරී ගේ ළමයින්ගේ ලස්සන කොමෙන්ටු අහගත්තා? එක්කෝ ඒ කියන්නේ සිකුරදාවෙන් පස්සේ එන දවස් දෙකට නෙවෙයි වෙන්ට ඇති.. හරි හරි... ඔන්න විස්වාස කොලා..

      Delete
    2. ඒ මිදුල් අතුගෑවෙ බං මම ඔය රස්සා දෙකක් අතර ගෙදරට වෙලා රිලැක්ස් එකේ ගෙවපු සංක්‍රාන්ති කාලයක...:)

      Delete
    3. හි.. හි...
      මම කියන්නමයි හිටියේ රවී... රස්සාවක් අතැරලා ඇවිත් අලුත් එකකට යන්න ඉන්නකොට මට හරි අන්දොස් ගතියක් දැනෙනවා නේ අප්පා... අඬාගෙන ආයෙත් පරණ එකට දුවන්න හිතෙනවා...

      Delete
  11. ඒ ටික තමයි ජීවිතය
    මහ මුහුදේ අතරමං
    උන අපිට...

    ReplyDelete
    Replies
    1. මුහුදක් උනත් යස
      පහන් කණුවක් නැති ?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...