Sunday, October 5, 2014

93. එයාට කිරි - මුන්ට කැකිරි!

කතාකලයුතු බොහෝ දේවල් තිබියදී මේ සටහන ලියන්නට හිතුනේ ඇයිද කියල හරියටම කියන්න අමාරුයි.. ඒත් එක දෙයක් පැහැදිලියි. අපි බොහෝ දෙනෙක් කතාකලයුතු දේවල් පසෙක තියාගෙන නන්දොඩවන තත්වෙට පත්වෙලා හින්ද, මේ කතාව අමුත්තක් වෙන එකක් නැහැ..

අපේ රටේ සංස්කෘතිය, සමාජ ආකල්ප ගැන කෑමොර දෙන ඔක්කොම දෙනා ඉස්සර ඉඳන්ම බෙරිහන් දෙන, හෙලා දකින දෙයක් තමයි වරදෙහි බැඳීම කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ විවාහක පුරුෂයා, ස්ත්‍රිය හැරුනුකොට වෙනත් ස්ත්‍රියක්/පුරුෂයෙක් කෙරෙහි කාමුකව ආසක්තවිම.

අපේ රටේ ඉතිහාසයේ නරකම නරක ලේබලයක් තියෙන අනුලා බිසව එහෙම 'නරක' අයෙක් විදියට හංවඩු ගැහිලා. ඒ වගේම තවත් රජ පවුලේ/ගොවි පවුල්වල ස්ත්‍රීන් මෙහෙම හංවඩු ගැහිලා, ඉතිහාසෙන් ඕනේ තරම් උදාහරණ. දෝනකතරිනා ගැන තිබ්බ ඒ කැළල හින්දම වෙන්නත් ඕනේ වේදිකාව උඩදී ඇයට සාධාරණයක් කරන්න 'දෝනකතරිනා' නාට්‍ය හදන්නත් ඇත්තේ. ඇය හැබැයි වරදෙහි බැඳුන කෙනෙක් විදියට නෙවෙයි චෝදනාව.

මට තියෙන ප්‍රශ්නය...





අමු අමුවේම වරදෙහි බැඳිලා, ඒ වරදට රජතුමා ( වෙන විකල්පයක් නැති හින්දම වෙන්නත් ඇති, මොකද රජාට නින්දාවක් නේ නැත්තම්) විසින් පනවපු දඬුවමින් ජිවිත අහිමිකරගත් 'ප්‍රමිලා' බිසව ගැන එහෙම මම අහල නැහැ නේ??? දස්කොන්-ප්‍රමිලා ආදර අන්දරය ගැනනේ කියන්නේ? මෙතරම් ශුද්ධ සමාජයක්, මෙහෙම වරදෙහි බැදිල්ලක් මොකද සාධාරණීකරණය කරන්නේ???

කෙනෙක් කියන්න පුළුවන් රාජ අන්තඃපුරේ ඉන්න අයට ආදරේ ලැබෙන්නේ නැති හින්ද ( අකමැත්තන් උනත් රජතුමා බිසවක් කරගත්ත හින්ද) කියල.. මට හිතෙන්නේ ඒක විහිළුවක්!!

නිකං හිතුනා...

මේ දෙන්නගේ 'පිවිතුරු' ආදරේ ගැන ඉතින් අනේක සින්දු ලියවිලා තියෙන්නේ...

මට දැනෙන්නේ  දකුණට සිග්නල් දාල, වමට හරෝනවා වගේ හැඟීමක්... මම කියන්නේ ප්‍රමිලා නරකයි කියල නෙවෙයි... මෙහෙම හිතන එක අමුතුයි කියල

ප.ලි. : මේ පොස්ටුව මෙම ටෙලි නාට්‍ය ගැන නම් නොවේ. තේමාව සහ ඒකට පාදක වෙන කතාව ගැන විතරයි. මොකක් උනත් ඔය දස්කොන්ගේ චරිතෙට සුදුසුම කෙනා ගැන මමත් ජැකත් එක්ක එකෙන්ම එකඟ වෙනවා. රොෂාන් කියන්නේ එහෙම 'කැරිස්මා' එකක්... හි.. හි...

30 comments:

  1. මට හිතෙන්නේ අදට වඩා වැඩි නිදහසක් තිබුණු පැරණි සමාජය තුල තබූ මතය තමා වර්තමානයට කාන්දු වෙන්නේ.
    අද සමාජයේ තිබෙන පිස්සු බැමි එක්ක පැරණි සමාජේ මතය, වමට සිග්නල් දාල දකුණට හරවනවා වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයේ සමහර තැන්වල ඇත්ත සිද්ධි වහගෙන දේශපාලන න්‍යායපත්‍ර ඉස්මතු වෙන හින්ද, ඇත්ත හොයාගන්න බැහැ. නිර්මාණකරණයේදී කවියාට ඕනෙම කුණුහරපයක් ලස්සනට ගලපන්න බාධාවක් නැහැ. වැරද්දක් නැහැ... එහෙම තමයි ක්‍රමේ

      Delete
  2. මේ කතාව බලන්න ඕනේ . මට තියෙන ප්‍රශ්නේ ඔය ඉඳල හිටලා වෙන කඩේකින් කන එක කොහොමද ඔය හැටි වරදක් වෙන්නේ කියල .. අපි තාම හෙන ප්‍රාථමිකයි (මමත් එහෙමයි ). තව කාලයක් යනකොට (අවුරුදු 200ක් විතර ) මම හිතන්නේ ඔය වගේ ප්‍රශ්න මිනිස්සුන්ට නැති වෙයි .

    ReplyDelete
    Replies
    1. කතාවේ මොනවා බලන්නද ? ජෝඩුව පව් කියල කඳුළු පෙරන් බලන විදියට හදල ඇති ලෙසටම. පස්සේ ඉතින් චෝදනාකරන්න බැහැ ඔව්ව බලන උනුත් ඒ ආදුරුස වලට වැඩකරලා කේස් උනහම. වමට සිග්නල්, දකුණට හැරවිල්ල. කඩෙන් කෑමයි, තහනම් ගෙඩි කෑමයි කියන්නේ මගේ තියරියට අනුව හාත්පසින්ම වෙනස් කාරණා දෙකක් පැතුම්. ඒ හින්ද ඒ වාක්‍යට නම් මට එකඟ වෙන්න බෑ. මම ප්‍රශ්න කරන්නේ සමාජ සම්මතයයි, ඉස්මතුවෙන ඇත්ත කාරනාවලයි තියෙන නොගැලපිල්ල. පුටින් ගැන නොදැන හිටපු සමහරු මේ ළඟදී දැනගත්ත එහෙම ලෝක බලවතෙක් ඉන්නවා කියල, කොහොමද කියල කියන්න ඕනේ නැහැ නේ.... ඌ වීරයෙක් සමහරුන්ට.

      Delete
    2. මම කියන්නේ ඔයා ඔය ප්‍රශ්න කරන සමාජ සම්මත සමහරවිට තව කාලයක් යනකොට වෙනස් වෙයි කියල. දැන් තියෙන තත්වේ හැටියට නම් සක්කරයා ප්‍රශ්න කලත් ඕව වෙන්නේ ඔහොම තමයි..

      Delete
  3. අසම්මත ආදර කතාවන් තමයි ලෝකය පුරාම හැබෑ ආදර කතා හැටියට ප්‍රචලිත වෙලා තියෙන්නේ , එකට හේතුව මොකක්ද කියන්න මමනම් දන්නේ නෑ . ඒත් දස්කොන් ප්‍රමිලා, රෝමියෝ ජුලියට්, ගාමිණි චිත්‍රා මේ හැම කතාවක්ම සම්මත ආදර කතා නෙවෙයි . සම්මත විදිහට ආදරය කරලා ,එක්වෙලා සතුටින් ජීවත් වෙච්ච යුවල කීයක් නම් ලෝකයේ ඇද්ද ? එත් ඒ කවුරුත් ගැන කිසිකෙනෙක් කතා කරන්නේ නෑ. ප්‍රේමයේ සුන්දරත්වය හැමවිටම උත්කර්ෂයට නංවන්න බොහෝ දෙනක් උත්සාහ කරන්නේ මේ අසම්මත කතාවන් හරහා . අතීතයේ විතරක් නෙවෙයි මෑත කාලීනව ජනප්‍රිය වුනු "ටයිටැනික්" චිත්‍රපටිය නිසා තරුණ තරුණියන් අතරේ උන්මාදයක් වගේ පැතිරිලා ගිය ආදර කතාවත් අසම්මත ප්‍රේමයක් ගැන .
    මම හිතන්නේ එතන ආදරේ පිවිතුරු ඇති ,හැබැයි ඒ ආදරේ අතිවෙන දෙදෙනා අතර තියෙන අනෙක් සාධක ආදරය වරදක් ලෙසට ඉස්මතුවෙලා පෙන්නන සාධක වෙන්න ඇති .
    අනේ මන්දා බං මටත් තේරෙන්නේ නෑ , අමුතුයි තමා. උඹ හරි

    ReplyDelete
    Replies
    1. හොරෙං කන දේ රහයි කියනවනෙ. ඒක ඇත්ත. ඒක අපූරු හැඟීමක් වන්නේ මුලු ලෝකයටම හොරෙන් කරන ත්‍රාසජනක ක්‍රියාවක් නිසා. හැබැයි පැවැත්මක් නෑ. අන්තිමට කැරකිලා වැටෙන්නෙ තමංගෙ පවුල් සංස්ථාව ඇතුලටමයි. විශේසයෙන් කාන්තා චරිත මේ සම්බන්ධතා හෙළිවෙන්නට යන සැනින් තම නීත්‍යානුකුල සහකරුවා හෝ තමාගේ පවුල නොබියව තෝරාගන්නවා, අසම්මත ප්‍රෙමය අතහැරලා. ඒක කාන්තාව තුල සහජයෙන් පිහිටන ආරක්ෂිත හැඟීම.
      මේ නිර්මාණ කරන අය එක්කො ඒ අසම්මත ප්‍රේමයේ යෙදුනු කාන්තා චරිතයට ප්‍රේම කරනවා, අනේ මටත් හිටියනං කියල වගේ. එහෙම නැත්තං අතීත සිද්ධිය රස විඳිනවා මනසින් ඒ පිරිමි චරිතයට ආරූඪ වෙලා. හැබැයි තමංගෙ නෝනා මේ වැඩේ කලානං නෝනගෙං හදයි කවුරුවත් කවදාවත් නොහදපු අමුතු නිර්මාණයක්. නැද්ද හා...?

      Delete
    2. තමුන්ට කරගන්න බැරි යමක් තව එකෙක් කරනකොට, බලන් ඉන්න උන්ට අරූ වීරයෙක් වෙනවා... ඕක තමයි වැරැද්ද!

      Delete
    3. අනේ දන්නේ නැති නිසා අහන්නේ......මොකක්ද ඔය සම්මත ආදරය සහ අසම්මත ආදරය කියන්නේ...අසම්මතයි කියන ආදරය , කරදරයක්ද? සම්මත ආදරය කරදරයක් නොවේද? ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ? ආදරයට සම්මතයක්, එහෙම නැත්නම්, ගයිඩ් ලයින් එකක් තියෙනවාද.....එහෙම තියෙනවානම් ඒක එහෙමයි කියලා ලියලා මුද්දරයක් ගහලා සීල් කරලා අතට දෙන කඩදාසි කෑල්ල ගන්නේ කොහෙන්ද?

      Delete
    4. සම්මත කියන්නේ ලෝක සමම්තයන් ගැන. ලෝකේ තියෙනවනේ මිනිස්සු හදාගත්තු නිර්ණායක , කැමති වුනත් අකමැති වුනත් , පිළිගත්තත් පිළිනොගත්තත් ඒ නිර්ණායක ඇතුලේ නේ හැම එකම ජීවත් වෙන්නේ, අන්න ඒවාට අනුව තියෙන සමම්ට අසම්මත බව ගැන මේ කතා කරන්නේ , එහෙම නැතුව නිරපේක්ෂ ලෝකයේ සම්මත ආදරය අසම්මත් ආදරය කියලා දෙයක් නෑ .

      Delete
  4. ප්‍රමිලා ලංකාවට ඉම්පෝට් කරන්නේ ඉනිදියාවෙන්.., නායක්කාර් වංශීකයෙක්.. ඔවුන් අතර ඔය කියන සදාචාරය අතිශය දරුණු විදියට තියනවා.. නායක්කාර් වංශීකයෝ මේ රටට එන්නේ මෙහෙට තියෙන ආදරේකට නෙවෙයි.. ඔවුන්ගේ පරපුරක රජ පරම්පරාවක් හදන චේතනාවෙන්..

    කවුරුත් හොදටම දන්නවා රජු අතඃපුරයක් තියන් ඉන්නවා කියලා.. ඌට බැරිනං මට මොකද කියල ප්‍රමිල හිතුවද දන්නෑ.. මොනවා උනත් තිබුනු සමාජ සංකෘතික වටපිටාව හමුවේ ප්‍රමිලා වැරදියි.. (මටනං හිතෙන්නේ ඕක ටෙලියක් කරන්න තරං දේකුත් නෙවෙයි)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර සමාජයේ කාන්තාවට තිබ්බේ පහත් තැනක්. ඒ කියන්නේ උඹට පුළුවන් නම් මට බැරිද කියල හිතන්න තියා ඔලුව උස්සල කෙලින් ස්වාමියා දිහා බලන්නත් බැහැ. ඒ හින්ද එහෙම හිතුව කියල හිතන්න අමාරුයි. එයා බිසවක්, ගමේ ගොඩේ ගෑනියෙක් නෙවෙයිනේ...
      ඒ කාලේ සමාජය විතරක් නෙවෙයි, අදත් ඒ විදියමයි මිනිස්සු හිතන්නේ.

      ඩයනා මතකයි නේද? ඩොඩී සමග හිටපු කාලේදී කොතරම් අවමන් වින්දද? ඒත් සමහරුන්ට ඈ වීරවරියක්.. විශේෂයෙන් මැරුණට පස්සේ

      Delete
  5. දස්කොන් ගොයියා මෙහෙම කියලා කොටු පනිමුද අහන කොට//යන්නෝ මෙමග රෑ දහවල තොර වෙද්ද - බොන්නෝ මොමග දිය බොර කරලා යද්ද - දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙද්ද -දන්නෝ උපා මිනි බැඳී දොර නාරිත්ද//

    ප්‍රමිලා කෙල්ල අහා කෙල්ල නෙවී මිසිස් සෙල්ලන් පනිනවනම් පනිමු මෙයා කියලා නිකියා කියනවා හැබැයි කන්නේ පරිස්සමෙන් පුතෝ කියලා //අකුරු කලේ කුමද නුවන මද ගුරු - හකුරු කැලේ දමති දියවී යන තුරු - කපුරු මැකේ සුවඳට වැනසෙති බඹරු - කපුරු මලේ දැක දැක නොකරන් වියරු//

    ප්‍රමිලාට බඩු බනිස් වෙලා නොදන්නා ලෙඩක් හැදෙනවා මේ අස්සේ, අර ඉන්දියාවේ හිටපු බඩුවක් වෙච්ච නිසාද නැත්තන් රජා අන්තප්පුරේ ඒවාට කෙලලා මේකටත් අන්න නිසා එහෙම රජාගෙන් එහෙම ලෙඩක් ආවද නැත්තන් දස්කොන් කාරයාගෙන් අවදා කියන්න මන්දා කොහොම හරි ලෙඩක් හැදිලා, එකට බලියක් ඇඳලා බලි අරිනවනේ සිද්දිය ඉතිහාසේ කියන විදියට. ඔය බලියේ මිසිස් සෙල්ලන් වගේම ඇන්දට ගෑනිගේ රහස් බලියේ නැහැනේ, එත් බැලිය ඇඹීම බාර වුනේ දස්කොන් ගොයියට, ඉතින් අම්බවලා. මේ ගොන් හරක එකේ ප්‍රමිලාගේ කලවයේ තියෙන උපන් ලපේ තියනවා.බලි සීන් එකට රජ්ජුරුවෝ සතුටු උනාට යකෝ මගේ ගෑනිගේ ලප බැලිය ඇන්ද එකා දන්නේ කොහොමද කියලා හෙන මලෙන් ඉන්නේ.

    එත් ඊට කලින් දස්කොන්ට බඩු බනිස් වෙලා හිරේ දැම්ම කියලා දැනගත්ත ප්‍රමිලා කෙල්ල අනේ මගේ පනී, බොට මන් ඕක කීවානේ නේද ගොනෝ කියලා අඬන්නේ මෙහෙමයි.

    තුන් කල තුමුල වනයේ මල් රස නොවිඳ
    මත කල ගජන් කොපුලත බිඟු රොනට වැද
    කන් තල පහර වැනි නිරිඳුට හසුව අද
    පින් කල හිතනුවනි දැන් තැවෙනු කුමටද

    ඔන්න එක පොයින්ට් එකක් අල්ල ගන්න, මෙවුන් තහනම් ගහේ ගෙඩි කාලද ඇත්තටම? එහෙම නැත්තන් හිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හින්ද ඔබ දෙස බලන්නම් ලව් එකක්ද? මොකද මේ කවිය ගත්තම යටි අරුත ආයේ අමුතුවෙන් පහදන්න ඕනද? සරල බස් වහරම මොකක්ද කියන්නේ? එත් එතකොට ලප සීන් මොනවාද? මේ ලව් එක ඒ හින්දම ආන්දෝලාත්මකයි? ඒ එක්කම කවිත් එක්ක රස මුසුයි.

    ඔන්න ඉතින් දස්කොන්ව මරණ මොහොතේ ප්‍රමිලා කෙල්ල කවියක් යවුලුනේ මෙහෙම, දුක කියලා

    සක්මන් කරන මළුවේදී බැඳී හාද
    සිත්සන් තොසින් දුන් මුව මී බීවාද
    ඉක්මන් ගමන් හිමියනි අද යනවාද
    දස්කොන් මගේ නමට ජීවිත දෙනවාද

    ආයෙත් ප්‍රශනයක්, ගෙඩි කාලද ඇත්තටම, එතකොට හිමියනි කියලා කියන්නේ ඇයි, හිමි නුනත් ගෙඩි නොකෑවත් හිමියනි කියන පිළිගැනීම තිබුනද? රිට් ඔහොමම යමුකෝ දස්කොන් කිව්වා දේට මැරෙන්න මොහොතකට කලින් මේක අහලා

    විසස් කමලාව රස පහස නොවිඳ මා
    දසිස් දුනි පොරණ ඇස සුටු පමණට මා
    වෙසෙස් නුඹේ අමයුරු පහස විඳි මෙමා
    මා හිස් එකක් ගියේ නුඹේ නමට කිමා

    ඔන්න, ආයෙත් කාලද ගෙඩිය //වෙසෙස් නුඹේ අමයුරු පහස විඳි මෙමා// ඔය කියන්නේ කාල කියලා, එතකොට මෙන් යේ මුල්ම කාල නැහැ කියනවා //විසස් කමලාව රස පහස නොවිඳ මා//

    ඔය විසස් කමලාවරස පහස කියන්නේ විසස් කියලා කියන්නේ රාවණාට, කමාලාව කියන්නේ සීතාට සිඉතව ඉස්සුවත් වැඩේ දුන්නේ නැති රාවන වගේ මම කියලයි කිව්වේ ඔය, එතකොට මොකක්ද බෝල වින්ද පහස, එහෙනම් පැහැදිලිවම මේක හිතින් විතරයි කතාවක්ද? එත් ලප සීන් එක තමා අවුල, දෙන්නා මක්ක කතා කරාද මක්ක කරාද මන්දා?

    හැබැයි දස්කොන් ප්‍රමිලා හයිලයිට් වෙන්නේ ඔය ලව් හුට පටේ නිසා, එකේ තියෙන කවි රස නිසා, අනික දස්කොන් බෙල්ල කපන් වීරයෙක් වෙනවා, ඉතින් ප්‍රමිලා වීරවරිය වෙනවා, ඉතාකොට උපේක්ෂා අහන ඇයි ප්‍රමිලා පත්තිනි අම්මාද එයාට ඇයි ස්පෙෂල් කියලා ඇහුවම මේ කතාව දිගේ ගියාම මුන්ගේ ලව් එක හිතින් විතරයි වගේ මටනම්, ඉතින් අර වීර සීන් එක්ක මේකේ ප්‍රමිලා ඉතිහාසය හා ජන වහර ස්පෙචල් කරලා තමා වරදේ බැඳුනාද නොබැඳුනාද කියන්න බැරි උනත් මේ කවිත් එක්ක බැලුවම එහෙම නැහැ වගේ. එත් ලප සීන් එකත් එක්ක ආන්දොලාත්මකයි.

    හරි එතකොට අනුලා පට්ටම බඩුවක් උනේ ඇයි එහෙම කරලා තියෙන්නේ ඇයි කියලා බැලුවම මිනිස්සු මාරු කර කර රජ කම රැක ගත්ත නිසාද, නැත්තන් එකෙකුගෙන් එකෙඋට මර මර මාරු උන නිසාද? එත් කතාවලට අනුව කොටින්ම අනුලා බිසව කතාවට අනුවත් අයව බඩුවක් කරලා, කොටින්ම බස්වහරෙන් පවා එහෙමයි එහි, අතිශයින්ම ශුන්ගාරාත්මකයි (හරිද මන්දා වචනේ මට පුළුවන් විදියට බොලව් ටයිප් කරන්නේ) අනික අනුලාව මරන්න එන වෙලාවෙත් කතාව කියන්නේ රාජ පුරුෂයෙක් එක්ක යහන් ගඩාබඩාවේ ගෙඩි කකා හිටියා කියලා, එතකොට ඇය නාහන තටාකය වටා හිටියේ නපුන්සක සෙබලුලු, ඔන්න ඔහොමයි කියන්නේ, ඉතින් ඕවත් එක්ක ඉතිහාසයේ අනුලා නිකන්ම පට්ට බඩුවක් වෙලා. ඒ ඉතිහාසයේම ප්‍රමිලා එහෙම වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. @සොමියා :
      //විසස් කමලාව රස පහස නොවිඳ මා
      දසිස් දුනි පොරණ ඇස සුටු පමණට මා
      වෙසෙස් නුඹේ අමයුරු පහස විඳි මෙමා
      මා හිස් එකක් ගියේ නුඹේ නමට කිමා//

      මේ කවියේ කියන්නේ
      අතීතයේදී රාවණාට සීතාව දැක්මේ වරදට ඔක්කොම ඔළුටික (10) පුදන්න උනා නම්, ඔබේ පහස විඳලා මගේ එක ඔළුවක් ගහල ගියාට අවුලක් නැහැ

      කියල නේද? කවුරුහරි මම වැරදිනම් නිවැරදි කරන්න.

      Delete
    2. හ්ම්ම් අඩේ ඇත්තට එහෙමද දන්නෙත් නැහැ ඕකා කිව්වේ, මන් කොටපු කොමෙන්ට් එකේ භාගයක් ගුගල් බලදාරියා බොට දාන්න දෙන්න නැහැ කියලා තර්ජනේ කල නිසා කපලා කොටලා දැම්මා. සමහර විට එහෙම වෙන්නැති කියන්න ඇත්තෙත්, ඔයා හරි වෙන්න පුළුවන්, ඔව් කවිය බලන් ගියාම එහෙමම තමා කියවෙන්නේ, ඔයා හරියටම හරි මම මා යෙදුම අල්ල ගත්ත විදිය වැරදියි. එත් මතුවෙන ඒ වගේම හැංගිච්ච පොයින්ට් එක මේ කියන පහස මොන වගේ පහසක්ද කියන එක? එතකොට කොහොම හරි ඔය ලප සීන් එකත් එක්ක ලෙව්කේ අඹරපු ගුලිත් එක්ක දස්කොන් තමන්ගේ නිදහස් බව කියලා නෝක්කාඩු මාලය කියලා පදය පන්තියක් ලියලා යැවුවත් එක රජාට ලෙව්කේ ගිහින් දෙන්නේ නැහැ, එකත් අන්දොලාත්මකයි, වැරැද්දට නිවැරදි බව කියා යැවීම? ඒක රජාට නොදීම වගේ සිද්දි.

      එතකොට මු මැරෙන්නේ කලින් කියන්නේ බොට ඇනලා මලත් මොකද රාවනා බලලම සීතා උස්සලා පච වෙලා බලලා මලානම් කියලද? කොහොමත් ඌට තියෙන්නේ එක ඔලුවනේ හෙක් හෙක් හුනගේ නැට්ට වගේ වැඩෙන්නේ නැහැනේ. :D

      හරි නායක්කර් එවුන් බලය අතට ගන්න ගහපු ගුලියන ඔය රන් දෝලිය, ප්‍රමිලා කියන්නේ ඉන්දියාවේ පට්ට බඩුවක්ලු කියලත් කියනවා, මොකද ඔය ඉඟුරු දීල මිරිස් ගත්ත කාලෙනේ, ඉතින් ඔය මිරිස් වෙච්ච ලන්දෙසියෝ නායක්කර් එවුන් එක්ක එකතුවෙලා අම්බරවපු ගුලියක්නේ සෙල්ලන් රජා කාල තියෙන්නේ.

      එත් දස්කොන් බැලුවම පොරගේ ඉතිහාසය ලැනරෝල් කියලා දෙවැනි රාජසිංහ රක්කුරුවෝන්ගේ කාලේ ආපු ප්‍රංස කාරයෙක් රජ්ජුරුවොත් එක්ක යාලු ෆිට් වෙලා සීන් වලට හිරේ ගිහින් ආයේ නිදහස් වෙලා කොහොම හරි පරංගි ගෑනියෙක් බැඳගෙන නුවර පවුල් කද්දී ඉපදෙන පොඩි එකා පේඩ්රෝ ගැස්කොන්, පන්සලේ හිටපු සුරියගොඩ කිත්සිරිමෙවන් හාමුදුරුවන්ගෙන් ඒ කියන්නේ සඟරාජ හාමුදුරුවොන්ගේත් ගුරු හාමුදුරුවෝ හා ජුසේවාස් පියතුමන්ගෙන් කතෝලික ආගම වගේම පරංගි බස ඉගෙන ගන්නවා. ඉතින් එකට හිටපු බොක්කක් මෙහෙම කරා කියලත් හිතන්න අමාරුයි, ඉතිහාසේම කියන විදියට ඒ යාලු ෆිට් එක ඒ වගේමයි. අනේ මන්දා? ඉතින් අර මතය අයෙත් එනවා, ප්‍රමිලා කොහොමත් බඩුවක් කියන එක. අයි මේ ලව් එක කිව්වත් වගේ විශේෂ වෙන්නේ, මේක නිකන් හරියට සමකොනි ත්රිකොනයකි ඔබත් මමත් අයත් හිටින වගේ එකක්, හරියට ඉතිහාසය නොවිසඳුණු නුල්බෝලයක් වගේ, එක කොනක් අල්ල ගන්න ගියාම කොන් ගේ පෙන කොන් ගොඩක් අහුවෙනවා.

      බැක් ටුද ෆියුචාර් එකේ වගේ එකක් අටවන් යමන් මොකක්ද මුන් කලේ බලන්න අතීතෙට, හෙක් හෙක් බෝලාටත් තියෙන ප්‍රශ්න?

      කොහොම හරි සෙල්ලන් රජා මැරෙන්නේ ලිංගික රෝගයකින්, එතකොට ප්‍රමිලාට බලි අරින්න හැදුන අසාමාන්‍ය ලෙඩේ මොකක්ද? ඔය සිද්දි එක්ක ඉතිහාසය මොනවගේ දේවල්ද සඟවලා තියෙන්නේ?

      දස්කොන් හා සෙල්ලන් රජා සමකාලීන මිතුරන්. කොහොම හරි දස්කොන් හා ප්‍රමිලා අතර සම්බන්දෙ නිසා අන්තිමේ අර හාමුදුරුවෝ වගේම අන්තිමේ ලෙව්කේ ගොයියත් මැරුම් කනවා.

      හරි ඉතිහාසේ කුමාරදාස කාලිදාස සීන් එක ගැන මොකද හිතෙන්නේ එතකොට?

      “සිය තඹරා සිය තඹරා සිය සෙවෙ නී
      සියස පුරා නිදි නොලබා උන් සෙවෙ නී”

      “වන ඹමරා මල නොතලා රොනට වනී
      බල දෙදරා පන ගලවා ගිය සෙ වැනී”

      මේ කවි පද හතරක් කල විනාසයක් ගැන මොකද හිතෙන්නේ උපේක්ෂා? ඉතිහාසේ පට්ටයිනේ රස සීන් තව කොච්චර ඇතිද අපි නොදන්න ලයිව් වගේ. :D

      Delete
  6. තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා//
    මා බැලුවේ කම්පා වී කුමක්‌ කරම්ද කියා
    උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා

    ගැඹුරු ඔබේ දැස පුරා ජීවිතේ පෙනේ
    දැත මගේ දැතෙ ඔබා නොකී දුක්‌ දැනේ//
    මල්වරව දෙතොල් අනුරතිය යදී
    මදෙස බලා හිඳිනු කෙසේ දෝ උමතු නොවී

    පොකුරු ගැසූ පෙම් සිතකින් අයිතියක්‌ නැතී
    විස්‌මිත වූ නීල නුවන් අහස මෙන් දිලී//
    මා වියරු වෙවී හිරි ඔතප් රකී
    ඔබ ද මගේ මම ද ඔබේ නෑ එසේ නොවේ

    ගායනය - සනත් නන්දසිරි
    ගී පද - ප්‍රනීත් අබේසුන්දර

    ReplyDelete
    Replies
    1. මචෝ මේක කොහොමද?

      සක්මන් කරන මළුව පාලුයි දේවී
      මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
      ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
      දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

      සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
      පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
      රන්තරු දෑස පියන රෑ හඳපානේ
      අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

      වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
      දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
      ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
      මා තනිකරන්නෙපා මතු සංසාරේ

      පද - රත්න ග්‍රී විජේසිංහයන්
      තනුව - ගුණදාස කුගේ විශාරදයන්
      ගායනය - උතරු මැද සින්දු කියන ආණ්ඩුකාර හා ජොනීගේ බනී

      Delete
    2. සොමියෝ මෙන්න තව එකක් ,

      මිහිරිම වසන්තය අරන් - භග සඳ එබී කවුළුවෙන්..
      දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා..
      නිදිගත් කොවුලිදුට හොරෙන් - සීතල සඳ එලිය යටින්..
      සක්මන් මළුව සොයාගෙන මම ආවා..

      සඳ වතුරෙන් පිරිලා නිල්දිය තිලක මණ්ඩපේ..
      මුව මේ පිරී තිරේ වැව්තෙර කුමුදු මල් සැලේ
      වාසල මිලි බැදි දොර නිහඬව නිදන වෙලාවේ..
      සෙංකඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ..

      මිහිරිම වසන්තය...

      බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ..
      ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසදුන් මගේ..
      කන්දෙන් ඈත රටක හිරුදෙව් නිදන යාමයේ..
      ඉක්මන් ගමන් මොටද දේවිය ලඟ හිදින රැයේ..

      මිහිරිම වසන්තය...

      ගායනය : චම්පා කල්හාරී, ජානක වික්‍රමසිංහ

      Delete
    3. දුකිනා වෙසෙනා බිසවුණි ප්‍රමිලා
      සතුටේ ගිලුණා මගේ මුදු පෙමිණා
      රහසේ බැඳුණා පහසේ මා හා
      මාගේ දිවිදී රැකගමි සොඳිනා //
      රජ සැප නැත තුන් ඔබේ පෙම මට තුන්
      එය සඟවන්නට දිවි තරකරතොත්
      රජ හට වැරදේ පෙම ලත බැබලෙයි
      රජ හට වැරදේ පෙම ලත බැබලෙයි
      රහසේ විඳගත් පහසේ මහිම රැකගනු හැකිවෙද හිස මා වනසා
      නුඹත් සමඟ නොමරන්නේ ඇයි මං මම නොබියෙන්නේ දස්කොන් ප්‍රමිලා
      රජ සැප නැත තුන් ඔබේ පෙම මට තුන්
      එය සඟවන්නට දිවි තරකරතොත්
      රජ හට වැරදේ පෙම ලත බැබලෙයි
      රජ හට වැරදේ පෙම ලත බැබලෙයි
      රහසේ බිව්මි අද විස වුවත් එහි රස නොමැරෙයි මා මිය ඇඳුනත්
      ඔබෙන් ලැබූ සුව නොකියමි කාටත් මතු පරපුර කවි ලියා නිදහසක්
      දුකිනා වෙසෙනා බිසවුණි ප්‍රමිලා
      සතුටේ ගිලුණා මගේ මුදු පෙමිණා
      රහසේ බැඳුණා පහසේ මා හා
      මාගේ දිවිදී රැකගමි සොඳිනා
      රජ සැප නැත තුන් ඔබේ පෙම මට තුන්

      ගායනය - රුකා & ලේඛා

      Delete
    4. සින්දු ඇනෝ : මේ සින්දු ටික මම බලාපොරොත්තුවෙන් හිටිය.. හි.. හි... නරකද මේ ටයිප් එකේ 'පලහිලව්' වලට ලියපු සින්දු ඔක්කොම දැම්මොත්? දාල බලන්න කොතරම් අසම්මත හුටපට 'සුන්දර' විදියට කවියෝ ගොතල තියෙනවද කියල.
      ජෝඩු කීපයක් දාන්නම් සප් එකක් විදියට

      සකුන්තලා - දුෂ්‍යන්ත
      දෝනකතරිනා
      ගජමන් නෝනා ( ඇය කීපවිටක් විවාහ උනා මිසක් අසම්මත පෙමක් ගැන කියවෙන්නේ නෑ. ඒත් ඇලපාත මුදලි පස්සෙන් ඇවිත් තිබ්බ කාලයක්)
      සමුද්‍ර දේවි ( නිරපරාදේ සැකයට පත්වෙලා දුකට පත් උනා)
      සුප්පා දේවිය ( මේකනම් කිරිමේල් එකක්... කවි ලියවුනාද මන්ද)
      කුවේණි
      ...?

      Delete
    5. දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
      එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ

      සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
      කෙලෙසද හද බැඳ ලන්නේ
      කවුදෝ ‍රැකවල් ලන්නේ
      ඔබ මා යලි හමු වන්නේ

      මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
      ලොව්තුරු සුව වළඳින්නේ
      කිසිදා නැත හමු වන්නේ
      ඔබ මා යලි හමු වන්නේ

      ගායනය අමරදේවයන්, නීලා වික්‍රමසිංහ
      පද සුනිල් ආරියරත්නයන්
      තනුව අමරදේවයන්

      Delete
    6. දස්කොන් සකිසඳ (පළමු ගීතය)

      දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
      සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ මල් දම් ගිලිහී යන්නේ

      සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ සිත යන යන තැන එන්නේ
      සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ සිත යන යන තැන එන්නේ
      මතු දා ඔබ හමු වන්නේ
      මතු දා ඔබ හමු වන්නේ
      මතු දා ඔබ හමු වන්නේ

      ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි පවනේ පාවී එන්නේ
      ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි පවනේ පාවී එන්නේ
      සයනේ සැඟැවී ඉන්නේ
      සයනේ සැඟැවී ඉන්නේ
      සයනේ සැඟැවී ඉන්නේ

      ගායනය - අමරදේව/නීලා වික්‍රමසිංහ
      ගී පද - සුනිල් ආරියරත්න

      Delete
  7. දස්කොන් -ප්‍රමිලා කේස් එක ඔය උඹල හිතාගෙන ඉන්න ජාතියෙ එකක් නෙවෙයි හොඳද? ඒකෙ ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක්...ඉඳහංකො...මම මේ ඒ ඇත්තම කතාව ලියාගෙන යමිනුයි ඉන්නෙ. ඒක ලියල අහවර වෙච්ච දාට බොලාට කරුණු කාරණා සහසුද්දෙන්ම වැටහෙයි. මේ මම කාලෙකට ඉස්සෙල්ල පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් හැටියට ලියාපු ඒ කතාවෙ පොඩි කොටසක්...

    ඔතන රජ්ජුරුවො ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ, කන්ද උඩරට රජකරපු අවසන් සිංහල රජා කියල තමයි කියන්නෙ, එයිට පස්සෙ හිටි හැමෝම නායක්කර් කට්ටිය,

    මේ රජායි දස්කොනුයි පොඩි කාලෙ ඉඳම්ම, ඒ කියන්නෙ ජංගි හැලි හැලි එහෙ මෙහෙ දුව පැන්න කාලෙ ඉඳලම ගජ යාලුවො,බොහෝම කිට්ටු ආස්සරයක් තමා දෙන්න අතර තිබුනෙ,

    ඉතිං ඔන්න පස්සෙං පහු කුමාරයා රජ උනා, තමන්ගෙ හොඳම යාලුවව තමයි ලඟින්ම තියා ගත්තෙ, රට පාලනයට උපදෙස් ගන්ඩ, විවේක සුවයෙන් ගත කරනකොට වගෙ හැම වෙලාවෙම දෙන්නට දෙන්නා නැතුවම බැරි උනා, අනික දෙන්නම හොඳ සෙල්ලක්කාරයො වගේම රසිකයො,ඒ මදිවට කවියො,

    මේ වැඩේ කොහොමවත්ම ඇල්ලුවෙ නැහැ ඒ කාලෙ රාජ සබාවෙ බලවත් වෙලා හිටපු නායක්කර් කට්ටියට,මුං ටික බල බලා හිටියෙ කොයි වෙලාවක හරි දෙන්නම් වැඩේ කියල,

    උපං ලප කේස් එක හැමෝම දන්නව නෙව, ආ......ඔන්න දැං වැඩේ කිරිමෙල් වෙලා, හතර අතේ පත්තුවෙලා තියෙන අස්සෙ රජ්ජුරුවොයි දස්කොනුයි වෙනදා වගේම මුණ ගැහුනා, රජ්ජුරුවන්ගෙ මූණ එච්චර නෙවෙයි කොහොමවත්ම හොඳ නැහැ, දස්කොං ගොයියට ඕවයෙ මොනම ගානක් වත් නැහැ, මිනිහ පුරුදු පරිදි කවියක් මුමුණමින් හිටියා,

    "දස්කොං, නවත්තපං බං ඔය කවිය, උඹට මෙව්වයෙ ගානක් වත් තියේද? හැබෑටම,"

    "ඇයි, නරේන්ද්‍ර, මොකක් ගැනද ඔය කියන්නෙ, ප්‍රමිලා ගැනද?"

    "වෙන මොන බම්බුවක්ද බං, උඹ මොන එහෙකටද අර ලපයක් තිබ්බෙ, හරි තැනක නෙව අම්මප ඒකත් තියල තියෙන්නෙ?"

    "ඉතිං නරේන්ද්‍ර, ලපේ තියෙන තැන එපාය තියන්ඩ,අනික් කාරණේ නරේන්ද්‍රත් මුල ඉඳංම දැනං හිටිය නෙව අපේ මේ සම්බන්දෙ ගැන?"

    "හරි, හරි, මම නැහැයි කිව්වෙ නැහැනෙ, මම මුල ඉඳම්ම දැනං හිටිය වගේම මගේ විරුද්ධත්වයක් තිබුනෙත් නැහැනෙ, උඹල දෙන්නත් ඒක දැනගෙනම මට හොරෙං වැඩේ කරන විදිහටනෙ මෙතෙක් කලේ, ඒක ගැන නෙවෙයි මම කියන්නෙ, උඹ මේ ලප තිබ්බ කේස් එක නිසා මම මහ ජංජාලෙක පැටලිලා නෙව දැං ඉන්නෙ"

    "මොකක්ද ප්‍රශ්නෙ, මම හිතුවෙ නරේන්ද්‍ර රටේ පාලකය නිසා නරේන්ද්‍රට කැමති විදිහට ඕනම දෙයක් කල හැකි කියලයි"

    "සාමාන්‍යයෙන් නම් එහෙම තමයි, ඒත් මේ සාමාන්‍ය කාලයක් නෙවෙයිනෙ, රටේ සම්පූර්ණ බලය තියෙන්නෙ නායක්කර් වංශිකයන් අතේනෙ, මම බොහොම අමාරුවෙන් ඔටුන්න බේරගෙන ඉන්නෙ ඇත්තම කිව්වොත්"

    "හරි, නරේන්ද්‍ර, අපි දෙන්න මතක ඇති කාලෙ ඉඳං එකට හැදුනෙ, උඹ වෙනුවෙන් කරන්ඩ බැරිදෙයක් මට නැති බව උඹ හොඳාකාරවම දන්නව, මොකක්ද මම දැං කරන්ඩ ඕන?"

    "රාජ සභාවෙ ඉල්ලීම උඹෙ හිස ගසා දමන්ඩය කියල, මට ඒක කොහොමවත් කරන්ඩ බැහැ, දස්කොන්, මම කියන්ඩද, අද රෑම මඩකලපුවට හරි ත්‍රිකුණාමලයට හරි හොරෙන්ම ගියා නම් හරි, ලන්දේසීන් උඹට ආරක්ෂාව දෙයි,"

    "මට ඒක කොහොමවත්ම කරන්ඩ බැහැ, නරේන්ද්‍ර, මගෙ ජීවිතේ බාගයක් උඹ, ඉතුරු බාගෙ ප්‍රමිලා, මට කියලා ජීවිතයක් ඇත්තටම නැහැ, මම මෙහෙං ගිහිං පණ බේර ගත්තත් මට ඉතුරු කාලෙ ගෙවන්ඩ වෙන්නෙ මැරිච්ච මිනිහෙක් වගේ, එයිට හොඳයි, මේ ටික දවසත් මෙහෙම ඉඳල දං ගෙඩියට බෙල්ල තියන එක, "

    "දස්කොන්, ඒ කියන්නෙ ඒ තීරණේ ආයෙ වෙනසක් වෙන්නෙ නැහැ, එහෙමද?"

    "නැහැ, නරේන්ද්‍ර, කොහොමවත් නැහැ, මගේ ජීවිතේ කිසිම පසුතැවීමක් නැහැ, මම ජීවත් උනේ සන්තෝසෙන්, මැරෙන්නෙත් ඒ වගේම සන්තෝසෙන්, එච්චරයි"

    එයිට පස්සෙ වෙච්චිදේ ඉතිං හැමෝම දන්න විදිහටම තමයි උනේ,

    ReplyDelete
    Replies
    1. කන්න ඕනේ උනහම කව්ද අර කබරගොයත් තලගොයා කරගන්නවා කිව්වේ? හික්.... ෂුවර් එකටම මෙහෙම කතා හැදෙන්න ඒකාලේ ඉඳන්ම රවියා වගේ උන් බ්ලොග්කරනයේ නෑ නෑ .. සාහිත්‍යකරණයේ යෙදිලා ඉඳල තියෙනවා. නැත්තන් කොහොමද මෙහෙම ගොතන්නේ?

      Delete
    2. රවී අයියගේ වර්ෂන් එකේ විදියට ඉතින් රජ්ජුරුවන්ට ලේසියෙන් ම තිබුනනේ ලපේ තිබ්බේ එයාගේ අණින් කියල වැඩේ ගොඩ දාගන්න..ඒ කියන්නේ දස්කොනා ව බේර ගන්න.

      Delete
    3. රවී අයියා එවුන් එතකොට ත්‍රී සම් කොරලද? :D අනේ මන්දා, හ්ම්ම්ම් පැතුම් කියන කතාවත් ඇත්ත, එත් නායක්කර් එවුන් ලන්දෙසිත් එක්ක එකතු වෙලා ගහපු ගුලියක් තමා ප්‍රමිලා.

      Delete
    4. පැතුම්,

      රජ්ජුරුවො එහෙම කරන්නෙ කොහොමද බං? මේ යස්සය දස්කොං සකිසඳ කෙලින්ම බලිය අඹන නායක්කර් ඇදුරටමනෙ කිව්වෙ මෙන්න මෙතන තියාපල්ල උපං ලපයක් කියල. කලවෙ කිව්වට ඕක කලවෙමත් නෙවෙයි තිබිල තියෙන්නෙ. කලවෙ නම් ඔහෙ ජල ක්‍රීඩා කරනකොට ලපේ දැක්කයි කියල වත් විත්ති වාචකයක් ඉදිරිපත් කරන්ට තිබ්බනෙ. මේ කෙහෙම්මල් ලපේ තිබ්බයි කියන්නෙ ඊටත් උඩිං නෙව...:)

      Delete
  8. උපේක්ෂා........මොන මංගල්ලයක්ද මන්දා මට මේ චරිත ටික ඔළුවට ආවා. මාතලන්ගේ බ්ලොග් එකේ චානුක ලියපු පෝස්ට් එකේ මා ඇතුල්වුනු සංවාදයේදි. දැන් පැයකට කලින් යමක් ලිව්වා. පුළුවන් නම් කියවන්න. ලියන්න ගොඩාක් දේවල් හිතෙනවා. උපේක්ෂා ...මම එතැන දාපු කමෙන්ට් එකෙන් යමක් අරන්..අපි කතා කරමු. හොඳ මාතෘකාවක්. එතැන ලියපු දේ මෙතනට ගේන්න වෙන්නේ, මම අනුලා දේවී ගැන එතන ලියපු නිසා. මගේ ටෙක්නිකල් සයිඩ් එක අප්සට් ඒ කොටස විතරක් මෙතනට ගේන්න. අපි කතා කරමු. ඒක වඩා වැදගත් මෙවන් බ්ලොග්ස් තුල.

    ReplyDelete
  9. මගේ අදහසට අනුව ආදරේට රාමු නෑ, ගයිඩ්ලයින් නෑ, සිග්නල් දාන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි රිවර්ස් ජියරුත් නෑ...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...