Saturday, September 6, 2014

79. නිකිණි



සැබෑම ආදරය...
කිසිවක් ඉල්ලන්නේවත්,
කිසිවක් නොලද මුත්
අඩුවන්නේ වත් -
මියයන්නේවත් නැත...

කිසිවිට වෛරයට පෙරලෙන්නේද නැත..

දුර  අමතක වන්නේවත් 
ළඟ සිටියද අගය අඩුවන්නේවත් නැත..
"සැබෑම ආදරය"
අවංක හා පිරිසිඳුය 


පුදුම හිතෙන තරම්
අව්‍යාජ,
අහිංසකය ...........................!

24 comments:

  1. ප්‍රශ්නය - ඒ ආදරය තියෙන්නේ කොහෙද?

    ReplyDelete
  2. කදිම ලියවිල්ලක්..
    මාතෘකාව සියල්ලටම වඩා අපූරුයි ..

    ReplyDelete
  3. මං අහන්න හිටිය ප්‍රශ්නය ඉවාන් අහල.

    ReplyDelete
  4. Mam post eka mage fb eke status ekak widiyata danawa kamak na ne

    ah! Oyage blog eke namath ekka

    ReplyDelete
    Replies
    1. මළසේක කිව්වලු...
      ඉඩම් කෑල්ලක් තිබ්බට ඔය මුණුපොත නම් මම වැඩිය වාසය කරන ඉසව්වක් නෙවෙයි. බ්ලොග් එකේ ලින්කුව ඕනෙම නැත්තම් අයින් කරන්න.

      Delete
  5. මං අහන්න හිටී ප්‍රශ්ණය හැලප අයියා අහලා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  6. සැබෑ ආදරේ තියෙන්නේ සුරඟන කතා වල නෙවේ

    ReplyDelete
    Replies
    1. ඔව්.... අපි කොතරම් සුරංගනා කතා වලින් ඈතද ?

      Delete
  7. සැබෑ ආදරය සැබෑම වෛරයට පෙරලෙන්නේ නෑ කියලා ෂුවර්ද?

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ වෛරයට පෙරලෙන්නේ නැහැ කියල විතරයි.. ඒක සැබෑම වෛරයක්ද කියල කියන්න නම් ලේසි නැහැ...

      Delete
  8. එහෙම ආදරයක් හොයා ගන්න එකයි අමාරුව..

    වෙයිරය නෙමෙයි වෛරය වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ලියාගන්න බැරිතැන ඔන්නොහෙ කියල ලියල දැම්ම.. හදන්නම්

      Delete
  9. මේක ලේබල් කරපං අභව්‍ය කතා කියල....:)

    ReplyDelete
    Replies
    1. හි.. හි....
      ඔය කිව්වේ..... ඇයි රවියෝ... එකට වසබිල මැරෙන එක විතරද සැබෑ ආදරය ආ?

      Delete
  10. ඔය ආදරේ බලාපොරොත්තුවෙන් කව්රුත් හීන දකිනවා. ඒත් ඒවා හීනම තමා..මේක දැකපු ගමන් මටත් හිතට ආවෙ ඉවාන් අයිය අහපු ප්‍රශ්නෙම
    තමා

    ReplyDelete
    Replies
    1. :-)
      ගොඩක් දේවල් සාපේක්ෂයි.... හැබැයි එහෙම කියල නිරපේක්ෂ දේවල් නැහැ කියන්න බැහැ නේ..

      Delete
  11. එකඟයි. සැබෑ ආදරය යනු ආශාව හෝ ආත්මාර්ථය නොවේ.
    එය සොයාගැන්ම උගහටය.
    නිකිණි සෙවීම වාගේමැයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බස්සි... මුන් ඔක්කොම අහනවා මේක තියෙන්නේ කොහෙද කියල...
      ඇයි දෙය්යනේ අපි අමුර්තය ගැන කියනවා, උපමා කරනවා.... උන් එකෙක්වත් අමුර්තය දැකල තියෙනවද? හි.. හි..

      Delete
  12. එහෙම ආදරයක් තියෙනවා.. බව්වෝ ලඟ.. කිසිම කොන්දේසියක් නැතුව..

    ReplyDelete
    Replies
    1. ඒ කොන්දේසි විරහිත ආදරේ උන් තේරුම් ගන්නකල්, ඌත් ආදරේ බලාපොරොත්තුවෙන් යම් යම් දේවල් කරනවා.. නැද්ද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...