Monday, September 15, 2014

84. කල්පිරිණි...




කොහේදෝ තැනක සිට
මා නමින්....
හෙලන සුසුමක්
දැවටුනා මේ මැදියමේ
වසර හතකට පසුව.....



කිසිදු සැකයක් නැතිව
මම දනිමි
ඒ ඔබගේ යැයි...
එදත් ඔබ ළඟ තිබුණු
ලතෙත් උණුහුම දැනී........

15 comments:

  1. කෙටියි... හොඳයි...

    ReplyDelete
  2. මොකක්ද ඒ කිව්වේ...????

    ReplyDelete
    Replies
    1. හි.. හි.... කම්මැලි අසාර්ථක කවිකාරියක් මම!

      Delete
    2. අපෝ නෑ... සාර්ථක කවිකාරියක්!!!!

      Delete
  3. අපූරුයි... මට පෙන්නෙ උපේක්ෂ අතීත මතක ගබඩාවක කිමිදෙන්න තමයි මේ හදන්නෙ

    ReplyDelete
    Replies
    1. හි.. හි... ඔව්... වැඩිය රෑ වෙනකල් ඇහැරිලා හිටියම අවුල්.. හි.. හි..

      Delete
  4. කල්පිරිණි.

    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. උපේක්ෂා වගේමයි. :D :P

    ReplyDelete
    Replies
    1. හි.... හි...

      මාර කියුට් නේද අප්පා.... ;-)

      Delete
  5. නෑහ්.. මරු..කෙටියි රහයි

    ReplyDelete
  6. කල් දැනුනේ දසකඩ මස පිරුණු තැනේ
    රල් පුලුනේ බරකුත් කුසට නොම දැනේ
    තල් අරණේ නුඹ ලතවේ හිමි සඳුනේ
    මල් පවනේ එන සුසුමන් මටද දැනේ

    ලස්සනයි, එත් expired නේද?

    ReplyDelete
    Replies
    1. හි.. හි.... ඔව්...
      කල් පිරිලා මිසක් කල් පැනල නැහැ තාම ... අවුරුදු හතක්ම!

      Delete
    2. කල්පිරුණ නං ලොකු පොළියකුත් නැතුවයැ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...