Thursday, September 11, 2014

81. රුවක්...




ලැයිම් පේළියේ කොනේ
නටඹුන්ව ගිය
පයිප්පය ගාවදි,
හදිස්සියෙන් දැකපු

වේලුගේ බාලදුව
'රෝජා'.....!

වෙනුවට....
ඒකිගේ දිලිසෙන
ඇස්දෙක තියෙන



'මදිමලර්' කෙල්ල..

මගෙ පෙම් සිහිනය
ගලේ ගසමින් සොදන්නි...

--- රෙදි වෙනුවට!


පින්තුරේ : ඒක මම ඇන්දේ.... සාටර් උනාට..


ප.ලි. 

මේ කවිය මම ඇත්තටම මුල් වරට ලිව්වේ මගේ වයස අවුරුදු 17දී. අතින් ලියපු පොතක් විදියට මම මගේම කවි පොතක් පලකලා. ( හෙක්.. පලකලා කිව්වට කලේ අපේ ඉස්කෝලේ කෙල්ලොන්ගේ අතින් අත යවපු එකයි). ඒ පොතේ මගේ සිත්ගත්ත කවි ( මම මගේම පාඨකයෙක්/විචාරකයෙක් වෙනවා සමහර වෙලාවට) අතුරින් මේ කවියට මගේ විශේෂ කැමැත්තක් තිබ්බ. 

ඔරිජිනල් කවිය තියා, ලියපු පොතවත් හංගපු තැනක් මතක නැහැ. ඒ හින්ද කවියේ අදහස අරගෙන, මතක කී වර්ඩ්ස් පාවිච්චි කරලා ආයෙත් ලිව්වා. මට හිතෙන්න ඔරිජිනල් එක මිටවඩා හොඳයි. මේ චිත්‍රෙත් ඒ පොතට මම ඇන්ද. කවිය පොස්ට් කරනකොට මට හිතුන චිත්‍රය තිබ්බොත් හොඳයි කියල, එවෙලේ ඇඳලා ෆෝන් එකෙන් පින්තුරයක් අරගෙන ඇමිණුවා. මේ චිත්‍රෙ මම ඇන්දේ අවුරුදු දහයකට කලින්..... 

13 comments:

  1. රෝජා කියල දෙමළ ෆිල්ම් එකක් හෝ සිංදුවක් තිබ්බා නේද?

    ReplyDelete
    Replies
    1. රෝජා කියල දෙමළ ෆිල්ම් එකකුත් හින්දිගීතයකුත් ඇත...

      රෝජා ජානේ මන්

      Delete
    2. මම හරිම ආස ෆැන්ටසි ටයිප් එකේ ෆිල්ම් එකක්.... පුදුම ලස්සනක්.... මගේ එක පොස්ටුවකදී ලියන්න බැරි උනා ඒ සමහර කැමරා ඈන්ගල්ස් මගේ ඔලුවේම තිබ්බ එව්වා..

      http://upekshad.blogspot.com/2014/06/blog-post_27.html

      Delete
  2. ඇයි බං බොලාගෙ හීන මදි මලර් ට හෝදන්න දුන්නෙ...
    හිහි
    පට්ට ඈ

    ReplyDelete
    Replies
    1. ඒකෙ මඩ... ඔන්නොහෙ හේදුවදෙන්

      Delete
  3. ශා මෙන්න මල්ටි ටැලන්ට් උපේක්ෂා :D, කෙටි කතා, කවිත් එක්ක මෙන්න දැන් චිත්‍රත් අඳිනෝ, පස්ට චිත්‍රෙ උපේක්ෂා,

    උඹ ගලේ ගහන කොට ආලේ
    කුණු පනිනවා බන් හතර අතේ
    අපුල්ලද්දී මගේ ආල වස්තරේ
    තව මොනවා පනීදෝ මට සිතේ

    :D

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි... අවුරුදු ගානකට පස්සේ ඇන්දේ...
      මෙයාගේ කවිය බලන්නකෝ....

      Delete
  4. අපුල්ලද්දි රෙද්ද නොවේ මගෙ ආලේ
    යන්නේ කෙලෙස රෙද්දක් ඇඳගෙන රාලේ
    කිම් කරම්ද අසරණ මා පඹගාලේ
    ඇයි වස්තුවේ ගති නෑරුනෙ නූඹේ ආරේ ??????????? :P

    ReplyDelete
  5. ඇඳුමද මගේ හදවතදෝ ගලේ ගසන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒකිට ඒක නිකම්ම නිකන් ඇඳුමක් උනාට, මට?

      Delete
  6. කවිය වරක් කියවීමෙන් ඇති වූ වින්දනය, අදහස, පසු සටහන දැකීමෙන් සම්පුර්ණයෙන් වෙනස් විය. මෙය අවු 17 ක වයසේ දී ලියුවක් ලෙස කෙසේවත් සිතා ගත නොහැක. ඊට වඩා ගැබුරක් අර්ථයක් හැගෙන හෙයිනි. සමහර විට මට සිතෙන හැගෙන අයුරු වැරදි විය හැක. නිර්මානයක අපුර්වත්වය ද එයයි.
    චිත්‍රය, වෙන්ව සැලකු වූ විට එතරම් ආකර්ශනයක් නැත. එහෙත් කවියේ මුක්‍ය පාඨය චිත්රයෙනුත් සංකේතවත් වෙයි. සංකලනය සාර්ථකය.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වට තරහ ගන්න එපා.. ඇයි පසු සටහනින් වින්දනයට මොකද උනේ? නැති උනාද? නැත්තම් වෙනස් උනාද?

      ඔව්.. මේක දැන් නම් ලිව්වේ අවුරුදු 17ක කෙල්ලෙක් නෙවෙයි තමයි. ඒත් ඔරිජිනල් එක ලිව්වේ නම් එහෙම කෙල්ලෙක්. පොත අහු උනොත් ඒකත් අමුනන්නම්. බොරුවට පුරසාරම් කියනවා කියල හිතන්න එපා, මම මේ වගේ කවි ලිව්වේ වයස 16 විතර ඉඳන්.

      ස්තුතියි රසවින්දා නම්.
      ඔව් මම හොඳ චිත්‍ර කාරියක් නොවෙන බව මම දන්නවා. මගේ මුල්ම චිත්‍රෙ මිට වඩා හොඳයි. ඒත් හොඳ චිත්‍ර කාරියක් නෙවෙයි ඒ කාලෙත්.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...