Friday, November 28, 2014

123. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 3



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

මට ආවේ පට්ට කේන්තියක්.

"ඔහ් "
කියල තමුන්ගේ වමතින් කට වසාගත්ත කැටපෝල්කාරී, විසල් කරගත්ත ඇස් වලින් මගේ දිහා බැලුවා. ඔව්.. ආයෙමත් මාව පුටුවෙන් බිමට වට්ටන තරම් වන ඇසට - ඇස හමුවිල්ලක්.

වටේ තිබ්බ සියලු දේවල් වෙන්කරලා අහස වෙනකල්ම එකවරම තාප්පයකින් මාව වටවෙලා ගියා වගේ දැනුනා.... ඔව් ඉස්සරවෙලා දැනුන තරම්ම ලොකු කම්පනයක් එක්කම මහා වැහි බීරුමක් මගේ ඔලුව ඇතුලේ නැගුනා..

'ඔව්... ඒ ඇස්..... '
නෑ.. ඇස් නෙවෙයි....... මගේ ඇස් ඇලවිලා තිබ්බේ ඒකිගේ කට වහගෙන තිබ්බ වමතේ! මම මෙතෙක් දැකල තිබ්බ ලස්සනම ලස්සන දිගටි කෝමල ඇඟිලි....

'මගුලක් කතා කරනවා... තෝ කොහොමද බොල දන්නේ ඒවා කෝමලද නැද්ද කියලා.... අඩෝ... උඹට පිස්සුද බොල ?'

ඒත් මගේ කටින් පිටවුනේ
"ඉට්ස් ඕකේ..."

කියල.

"සොරි"
කියල ඒකි කිව්වේ ඊට පස්සේ.
'අඩේ... ඒකි සොරි කියන්නත් කලින් උඹ මොකද්ද බන් ඒ කිව්වේ... තුක් නොදකින්.... ගොන් වස්සා'

මම මටම නම්බු නාම දෙමින් හිටියා.

මෙන්න ඒ පාර කෙල්ල කිසිම වගක් නැතුව බංකුවේ වාඩිවෙලා! ගෙනාපු අයිස් කෝපි එකේ ඉතිරිටික බීගෙන බීගෙන ගියේ හරියට මම ඒකිගෙන් ඉල්ලයි වගේ, නැත්තම් මම ඒක ඒකිගේ ඔඩොක්කුවේ හලයි වගේ. දැන් නම් හරි යන්නේ නැහැ පුතා...

මම කලේ, මගේ ඔඩොක්කොවට වැටුන අයිස් කෝපි බින්දු කීපය මේ වෙනකොටත් ඩෙනිමට උරාගෙන තිබ්බත්, බොරු වංසයක් පෙන්නමින්, එක අතක් මේසය මත තියෙද්දී , අනික් අතින් 'ෂෙක්' හඬ නගමින් දෙතුන් විටක් පිහන නාටකය රඟදක්වපු එකයි.



'එහෙම කොහොමද නිකන්ම සොරි එකකින් යන්න දෙන්නේ... හුහ්... ගෑනු හිතන් ඉන්නේ ඕනේ මගුලකට චොරියක් අතෑරියහම ඔක්කොම කොල්ලෝ නැට්ට *කේ ගහගන්න ඕනේ කියල... හුහ්... දන්නේ නෑ මේ කොල්ලගේ හැටි!'

ගෙනාපු පැටිස් එක රසබලමින් උන්නු මේ කැටපෝල් කෙල්ල දෙතුන් පාරක් ඇස් කොනෙන් බලනවා දැක්කත් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබුනෙම නැති තරම්.

එකපාරටම මේසය මත තිබ්බ මගේ අත අල්ලගත්ත කැටපොල්කාරී ඒකිගේ මෙලෝ හැඩයක් නැති අස්බැමි දෙක ඉස්සුවා.

හැමදාමත් කෙල්ලන්ගේ කෝමල අත් ගැන හිතන මට, ඇත්තටම ඒ කෝමල ස්පර්ශයෙන් පොළොන් විසක් ශරීරගත උනා වගේ සියළු හැඟීම් දැනීම් නැතිවෙලා ගියා.

කොටින්ම කොර උනා! 

අයිස් කෝපි වලින් තියා ග්ලැසියරයකින්වත් ගොඩදාන්න බැරි තරම් මාව විජලනයට පත්වෙලා!!

"ඔයාගේ අයිස් කොෆී එක පෙරලෙන්නයි හදන්නේ....."

මට එකපාරටම නොතෙරුනේ මම උන්නේ උත්තරධ්‍රැවයේ අවසන් කොනේ තිබ්බ හිම කුට්ටියේ, යට හරියේ හින්ද වෙන්ට ඇති.

මේ භ්‍රන්තියට මුල්වෙච්ච අර කෝමල අත ඒ කෙල්ල අරගෙනත් ගොඩක් වෙලාද කොහෙද.... මට පෙනුනේ මගේම අයිස් කෝපි කෝප්පයට මිලිමීටර් කීපයක් මෙහාට වෙන්නට නතරවෙලා තිබ්බ මගේ දකුණු අත!

විගහට මම කලේ, එහෙම වැදෙන්න ගියපු අතින්ම අරගෙන, ඉහිරෙන්න නියමිතව තිබ්බ අයිස් කෝපි කෝප්පය එක හුස්මට බීපු එකයි.


"ඔයා තේජන නේද?....."

කිසිම විදියකින් ගැලපිල්ලක් නැති උනත්, එකපාරටම ගැලපෙනවා කියල හිතෙන ප්‍රශ්නයක් මගේ දිහාට එල්ල කරලා ඒ කෙල්ල විද්දා. මම තත්පරයක් ඒ ගල් පහර කාගෙන කල්පනා කලේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි...

'පිස්සු කොරවෙනවා නේ.... මාර සිනිඳු අතක්..... කොයිල් වගේ..'

"...... දිනුක අය්යලගේ යාලුවෙක් නේද? ට්‍රින්ටි එකේ??"

මොහොතකට කලින් කොල්ලෙක්ගේ අතකට දෂ්ඨ කළා කියලා ගානක්වත් නැතුව මේ නැට්ටුකාර කෙල්ල කතාකරන ලස්සන?

මට සිහිය එලවගන්න ඕනේ උනේ නැති උනත් මගේ තත්පර කීපයක පරතරයට මේකි විදින ප්‍රශ්න තොගේ කොහොම මතක තියාගන්නද? ඊටත් බටර් පාට හමක්වත් නැති , නිකම්ම නිකන් කැරලි කොණ්ඩයක් තියෙන කෙල්ලෙක්.....

"මාව දන්නවද?"
එක ගලෙන්, උත්තර ගොඩක් ඔතල විසිකලා. ඒත් එක්කම අනිත් කෙල්ලට දමන යටැස් බැල්මකුත් කඳුළු ගෑස් විදියට විසිකලා.

'ලිහාපන් බලන්න , නැත්තම් කඳුළු ගෑස් වලට අහුවෙයන්'

කැරලි කොණ්ඩයක් තිබ්බ අර කෙල්ල එකපාරටම මගේ මතකයට ආවේ මොකද? ඒ කෙල්ල මගේ ඒ යටැස් උගුල ගැන මට කෙලින්ම කියපු හින්දද?

"වත්සලා මතකද? දිනුක අය්යාගේ.. අර... අර..... කොන්වන්ට් එකේ... අර..."

දිනුකගේ කොන්වන්ට් කෙල්ල ගැන මතක් උනත්, මට ඕනේ කලේ මේ කෙල්ලව බිමට දාන්න. පොළගෙක්ට එහෙම යන්න දෙන්න පුලුවන්ද? ඊටත් වඩා කිසිම හේතුවක් නැතුව තමන්ගේ කියන මොලොක් අතකින් කොල්ලෙක්ට බලහත්කාරකමක් කරපු 'නිකන්ම නිකන්' කෙල්ලෙක්?

"..... දම්සිරිනි මතකද? කොන්වන්ට් එකේ.....? අර කැරලි කොන්ඩේ තියෙන... ඇස්දෙක නිල්පාට "

"ආඃ "

මේකි කැටපෝල් කාරියක් නෙවෙයි... කාලතුවක්කුවක්....! හුටා.. මගේ කැරලි කොණ්ඩා කාරිත් දන්නවනේ... මටත් අමතක නම... අඩේ මේකි මම අහන ප්‍රශ්න ඔක්කොම මගෑරලා එනහැටි, හරියට ජොනී බට්ටෝ මගාරිනවා වගේ...

"දම්සිරිනි මගේ හොඳම යාළුවා... මට ඔයාගැන ඔක්කොම විස්තර කියල තියෙනවා"

කෙල්ලගේ කිසිම අමුත්තක් නැති මුණ මේසේ කොනක තිබ්බ පොඩි රටාවක් දිහාවට ගොනුවෙලා බිමට නැමුනා, ඇත්තටම කටහඬත් පොඩ්ඩක් දෙදරුවා..

ඔන්න පුතේ කෙලවෙන්නයි යන්නේ..!

කොල්ලෙක්ට වෙන්න පුළුවන් දරුණුතම ස්වභාවික ව්‍යසනය තමයි, තමන් බුට් එක තිබ්බ කෙල්ලගේ හොඳම යාලුවාට කොටුවීම!!

13 comments:

  1. මල් හතයි, පැණි ගොනියයි ! 
    නියමයි

    ReplyDelete
  2. ඕ යේස්.......!! ඕම යං ඕම යං........!!

    ReplyDelete
    Replies
    1. :-)
      මේ ඉන්නේ දක්කන කට්ටිය... කොහෙද තණකොළ ඩිංගක් කන්නවත් නතරවෙන්න දෙන්නේ නැතුවද?

      Delete
  3. //කොල්ලෙක්ට වෙන්න පුළුවන් දරුණුතම ස්වභාවික ව්‍යසනය තමයි, තමන් බුට් එක තිබ්බ කෙල්ලගේ හොඳම යාලුවාට කොටුවීම!!// අපෝ මම නම් එහෙම හිතන්නේ නෑ... :v

    ReplyDelete
    Replies
    1. මේ වයසේ කොල්ලෙක්ගෙන් අහල බලන්න.... ඔයා ඒ වයසේදී හිතුවේ මොකද්ද එහෙනම්..? කෙල්ලොන්ට බූට් දෙන කොල්ලෙක් වෙන්නත් ඕනේ...

      Delete
    2. ඒ හොඳම යාලුවා දැන් මගේ හොඳම යාලුවාගේ කෙල්ල.. :D කපුකම කරේ මම.. :D

      Delete
  4. Replies
    1. 1-2-3

      හැප් කිව්වේ! ආව මෙතැන test කොරන්න!

      Delete
  5. 3 කලින් මිස් උනා.. හතර බලන්න ගිහින් ආපහු ආවේ.. 3 නැතුව 4 බලල හතර වරං වෙන නිසා.. 3 න්ම 4වරං උනාද මංදා.. අඩුම අවුරුදු විස්සකට කලින් කියවන්න තිබ්බ කතාවක්.. ෂෙහ්..

    ReplyDelete
    Replies
    1. ඇයි ..... මම ඔයාව කොයිල් කලාද? හිහ්

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...