Monday, February 2, 2015

144. සිස්සත්තෙන් පසු.....







ගස.....
පළමුවර මල් වැරූ විට
උදුරවා ගොස් ,
අළුත් පසකට
යට කළෙමි..





20 comments:

  1. එතකොත 11 වතලෙදී මොතද කලන්නේ....

    ReplyDelete
    Replies
    1. දෙවන මල් වැරුමේදී
      පෝච්චියක සිටවමි...

      Delete
    2. තෙවන මල් වැරුමේදී
      බොන්සායි කරන්නෙමි...


      ඔක්කොම ලියන්නට හිතන් හිටියේ , නමුත් එය ඕනෙවට වඩා වෙයි කියල ඔතනින් නතර කලේ. ස්තුතියි...

      Delete
  2. මල් දැරූ කිව්වනං වඩා හොඳයි නේද? සිස්සත්තෙං පාස් වෙන එක මල් වැරූ වෙන්නෙ කොහොමද කියල අයි කාන්ට් අන්ඩර්ස්කර්ට්.....

    ReplyDelete
    Replies
    1. සිස්සත්තේ ලකුණු ආව කියන්නේ මල් දැරුවා. ප්‍රථිපලේ ඉවර උනා. මල් හලලා අලුත් මල් පුබුදුවන්න ගහ ආයෙමත් උත්සහ කරනවා කියන එක මම අදහස් කලේ.

      හ්ම්ම්.. හ්ම්ම්... එකම දේ කියන විධි දෙකක් නෙව... කොහෙද මේ ගොය්ය එක්ක බෑ නෙව!

      Delete
    2. නිදහසේ ( එතරම්ම නිදහසක් නැතුව උනත්) දුවපු මුල් එකවරම පොච්චියකට ඔරොත්තු දෙයිද?

      Delete
  3. අළුත් පසට
    හුරුවෙනකම්
    පරිස්සමින්..
    ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ
      හුරුවෙයිද ,
      මියයයිද කියල?

      Delete
  4. කී සරයක් නම් මෙහෙම වෙන්න ඇතිද 5දි, 11දි, 13දි, ඒ විතරක් යැයි ...දැන් නම් තව අමතර ඒවත් කීයක්ද ?

    ReplyDelete
    Replies
    1. එක තැනකින් උදුරපු පැලයක් අළුත් තැනකට ඔරොත්තු දෙනතාක් ??

      Delete
  5. නොතේරන දාහක් කවි අස්සේ යාන්තම් එක කවියක් තේරුණා ... හෙහ් හෙහ් .. වෙලාවට මුල් ඇදලද කියල බලන්න ගලවල ආයේ හිටවන එකක් තාම නෑනේද ..

    ReplyDelete
    Replies
    1. අප්පේ... තේරුනා කිව්වා? මට හිතෙන්නේ ගැටපද විවරණයක් ලියන්ට වෙයි එහෙනං මේ කවිත් එක්කම!

      මගේ යාලුවෙකුත් උන්නා එයාගේ අම්මා පැලකරන පැල දවස ගානේ පැලවෙලාද/මුල් හරියට ඇදලද කියල බලන ලෙඩක්. ඒකනම් මිනීමරු ලෙඩක්! ඔයත් ඒ වගේ වෙන්ට ඇති අනිවාර්යෙන්!!

      Delete
  6. හොද වෙලාවට මං නම් එකම තැන මුල් ඇද්දේ..

    ReplyDelete
    Replies
    1. 'හොඳ' වන තරමට, අලුත් පසකට ඔරොත්තු දෙන්නත් පුළුවන් වෙන්ඩ ඕනේ ලු. එහෙනම් ඔයාව මුලදීම හොඳ පසක හිටවන්න ඇති.

      Delete
  7. ගස.....!
    කොතෙක් මල් වැරූවත් නුඹ,
    සියලු වෙර පොහොණි ගෙන
    එදා මෙන් නොවෙනස්ව,
    පිළි ගන්න බලා හිඳිනා හැටි,
    පස....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නවමු පස
      වැළඳ ගත්තට
      මගේ කේශික මුල්ටික...

      Delete
  8. ඒ කියන්නෙ කෙල්ල අලුත් ඉස්කෝලෙකට ගොහින්...

    ReplyDelete
  9. හරියටම හරි

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...