විනෝදෙට වෙඩිතියන සුරඟනන්
වෙඩි වැදී වැටුණු සඳ කිඳුරන්
සොයා එන බව දනිමි,
වැටුණු ඒ කිඳුරන්ට
පණ ටිකක් හෝ තියේ නම්
වස පොවා යන්ට බලාගෙන....
මුළු හිතක් පුරෝගෙන,
නොමද ප්‍රේමෙන් පතාගෙන
උන්නු මගෙ හද
සිදුරුකර බිමට ලා
දැන් අහනවද
'රිදුනද? වතුර දෙන්නද'
~~~~~ මෙලංග ~~~~~~
තුවාල කරලා රිදුනද අහනවා
ReplyDeleteඉයාව්! නේද?
Deleteප්‍රේමයෙන් මිලින වූ පබැදුමක් මෙන් සිතේ
ReplyDeleteලස්සනයි දුක සිතෙයි ගැහැණියයි ජීවිතේ
දුක සතුට මවන්නේ තබා හද හාමතේ
කුරිරු අැයි හිතවතිය තාම නුඹෙ හදවතේ
ලස්සන කවියක්...
Deleteඇති යන්තං.. ඇත්ත කතාව කෙල්ලක්ගෙන්ම අහන්න ලැබුනේ.. නැත්නම් හැමදාම.. රුවන් හෙට්ටිආරච්චි කියනවා වගේ.. වැරදි කරලා ඔයා සැමදා.. මට වැරදි කාරයා කියා.. නේ.
ReplyDeleteඕකනේ ඉතින් කියන්නේ.. ඇත්ත කතාකරන්න ගියහමත් එනවා මුව හමට තඩිබාන්න...
Deleteරිද්දලා රිදුනද අහන එකනේ ඉතින් ඉවසන්න බැරි..
ReplyDeleteනිදියගෙන ඉන්න එකා ඇහැරවලා අපි අහන්නේ නිදිද කියල... හා නැද්ද?
Deleteඉස්සරනම් ඒක ඇහුවෙ කොල්ලො
ReplyDeleteකෝකද?
Deleteමෙලංග?? එයාද මෙහෙම කියන්නේ?
ReplyDeleteසිතුවිල්ලක් කියන්නේ සමහර වෙලාවට පුද්ගලානුබද්ධ නැහැ නේද? නමක් කියන්නේ නිකංම නමක්...
Deleteඋපේක්ශාගේ බ්ලොග් එක මෙලංග හැක් කලේ නිකන්ම වෙන්න බෑනේ...ඔය සුරඟනන්ට කියමු අපි එයාර් ගන්ස් වලින් විතරක් වෙඩිතියන්න කියලා..ෆැටලිටීස් අඩු තරමට අනාගතය සහැල්ලුයි..නේද උපේ..
ReplyDeleteකවුද දන්නේ සුරඟන 'අවම බලය' පාවිච්චි කරාද කියල?
Delete