මගේ හටනේ ආරම්භක ස්ථානයට යන්නට මෙතන කොටන්න...
මම ඉතින් සතුටෙන් සමාදානෙන් නිදාගත්තා. කූඩුවේ හිටපු නොසන්ඩාල මීයා..
ඌ ද?
ඌ හොඳට කාලා නිදාගෙන ඉන්නවා උදෙන්ම කුස්සියට ගියපු මම දැක්ක. උදෙන්ම කිව්වට ඉතින් දැන් මේ වෙනකොට පෙරවරු 8 වෙලාලු ඈ...
තට්ට තනියෙන් ඉන්නවා කියල මොකක් කරන්නද.. මොනවහරි තම්බගන්න එපැයි. මම ඉතින් කුස්සිය පැත්තට ගියා..
'අලෝ .. අලෝ ... කොහොමද නංගි... අද නම් උදෙන් නැගිටලා වගේ ඈ...'
පෙනේද මුගේ කටේ සව්දම? මම මගේ පාඩුවේ වතුර ටිකක් රත්කරන්න පටන් ගත්ත. තේ එකක් නැත්තම් පන නැහැ වගේ.
'ඔය මොකක් හරි දෙයක් තම්බන් කාල දවල් වෙනකොට බඩපැලෙන්න දෙයක් හදාගන්න බැරිය.. ' කියල හිතන ගමන් මම උදේ කෑමට මොකක් හරි ජරාවක් තම්බන්න කබඩ් ඇරියා.
'ෂ් ... ෂ් ..... '
මම ඇහෙන්නේ නැහැ වගේ හිටියා.
'.....මේ.... නුඩ්ල්ස් ද හොයන්නේ...?'
මට දැන් ගානට තද වෙලා. කුඩුවේ එහාට මෙහාට මූ ඇවිදින්නේ උදේම ජොගින් කරනවා වගේ තාලෙට. ඒ මදිවට මුගේ මේ සව්දම් කට?
'මං දන්නවා.. ඔයා හොයන්නේ පැස්ටා නේ... අපෝ මම නම් ආස නැහැ. ඔය තිබ්බේ යටම කබඩ් එකේ. චඃ... ඕකත් කෑමක්ද ඈ..?? මෙලෝ රහක් නෑ '
මම ඔරෝලා කූඩුව දිහා බැලුවා. අම්මප මම ගිනි විදින මකරෙක් සොරි මකරියක් උනා නම් පෙන්නනවා මුට මම හොයන්නේ මොනාද කියල...
මගේ බැල්මට කියන්න ගියපු දේ ගිලගෙන අරූ හෙමීට කුඩුවේ එල්ලිලා හිටපු අත් දෙක බිමින් තියාගෙන විසිල් පාරකුත් ගහගෙන වෙන අතක් බලාගත්ත. ආ සොරි ඈ .. විසිල් නෙවෙයි 'මීක් මීක්' ගාල කරන සද්දයක්.. මගේ මේ කොයිල් වෙච්ච ඔලුවට එන එව්වා බලන්ටකෝ නේද?
පොඩියට කෑමක් හදන්න හිතාගෙන ඔන්න මම පොඩියට යමක් කොටන්න හා කපන්න ගත්ත. ( නැත්තම් මම ගෙදර කුස්සියේ තියෙන බදු භාණ්ඩ ගැන ඉන්වින්ට්‍රියක් ලියලා මගේ පෝසත්කම ගැන වගේම 'පොෂ්' ගතිය ගැන කියන්ට ගියොත් මේක වෙනම කතාවක් විදියට ලියලා හටන වෙනම කියන්න වෙනවා)
ඔන්න ටිකකින් ආයෙමත් කූඩුවේ සද්දයක් ඇහෙනවා. කම්බි අතරින් අරූ හොම්බ දාල ළඟ වැටිලා තියෙන ෂොපින් බෑග් එකක් අදිනවා.
"ඒයි ... මොකද ඕයි කරන්නේ?"
මගේ සද්දෙට පොඩ්ඩක් වැඩේ නතර කරපු මී රාළහාමි හිටපු තැනම ගල් වෙලා හිටියා. මම ඔය ලගන්නාසුළු වාග් විලාසයට ආභාෂය කරගත්තේ අපේ අය්යා කාරයා. දැක්ක නේද රා බීපු නාලාගිරි දමනය උනා වගේ දමනය වෙච්ච හැටි?
'හෙහ්.... ඌ මට දැන් මාර බයයි.. දැක්කද මගේ වැඩ??? හුහ්... ගෙදර උන් හිතන් ඉන්නේ මට මෙලෝ යකෙක් බය නැහැ, ගණන් ගන්නේ නැහැ කියල නේ... හුහ්.. මහා ලොකු මී රාළහාමි මට බයේ ගල් ගැහුණා ... ෂුවර් එකට චූ ගිහිල්ලත් ඇති'
මගේ හිත නිකන් බම්ප් වෙනවා වගේ. සිංදුවකුත් කියාගෙන මම දැන් අතට ගත්ත පැස්ටා ටිකේ වතුර බේරෙන්න දැම්මා.
'ජර බරස්.. සිරි සිරි බරස්...'
ආයෙත් ෂොපින් බෑග් එක සද්ද වෙනවා. දැන් මම ඌව බයකරගෙන ඉන්න හින්ද ආයේ මොකට බය වෙනවද... දාන්න ඕනේ සද්දයක්..
"මේ.... පිස්සු හැදිලද හලෝ..?? පොඩ්ඩක් ඉන්නවද වද නොදී... මට කෑමටික උයා ගන්න... මල කරදරයක් නේ..."
ඒ පාර නම් වචන ඔක්කොම අය්යාගේ ඩික්ෂනරි එකෙන් ගෙඩි පිටින් ගත්තේ. කවුරු බලන්නද කවුරු දකින්නද? ගෙදරත් කවුරුත් නැහැ.. සියලු අයිතීන් සහ වගකීම් මගේ හිස මත පැටවිලා. ඒ මදිවට මේ මී රාළහාමි මගේ අත්අඩංගුවේ... බරපතල වැරද්දක් කරලා ඊයේ රෑ මාට්ටු වෙලානේ ඉන්නේ...
අනේ දෙය්යනේ... මගේ මේ මේඝ ඝර්ජනාව සත පහකටවත් ගණන් ගත්තේ නැති අර මී රාළහාමි මෙලෝ විචාරයක් නැතුව ෂොපින් බෑග් එක සද්ද කර කර අදිනවා කූඩුව ඇතුලට!!
".... මොකද කරන්නේ? ඉන්න බැරිද මම මේ වැඩේ ඉවර වෙනකල් ඈ ?? "
"අනේ මේ... ඔයා දන්නවද මට තියෙන ප්‍රශ්න..."
මගේ දිහා බලන්නේවත් නැතුව හෙමිහිට ෂොපින් බෑග් එක අදින ගමන් ඌ කිව්වා.
"මම නොදන්නවාද? මොකද පූසෝ ඉන්නවද...? බල්ලෝ ඉන්නවද? කන්න දෙයක් හොයා ගන්න බැරුවද? ඇල්ලුවට මරනවද? ළමයි ගෙනාවට බනිනවද? අගුණ කෑම කන්න තියනවද?... හුහ්... මම නොදන්න ප්‍රශ්න.. අනේ මේ කට පියන් ඉන්නවද මට උයා ගන්න."
"ඔයාට තේරෙන්නේ නෑ මෙයා"
'සරස්' ගාල ෂොපින් බෑග් එක අදින ගමන් ආයෙත් ඔලොක්කු මුණක් හදාගෙන මීරා ( මී රාළහාමි ) කිව්වා.
"කරුණා කරලා ඔය ෂොපින් බෑග් එක අදින එක නතර කරනවද? මොන කරදරයක්ද ජරා බර ගගා.. ෂොපින් බෑග් එකක් මොකදට තමුසෙට?"
ඒ පාර නම් මීරා උගේ ( එතුමාගේ) ජිල් බෝල දෙකක් වගේ දිලිසෙන ඇස් දෙකම මගේ පැත්තට හරෝලා එකම එක පාරක් ඇස්පිල්ලම් ගහලා බලන් හිටියා.
එනපොට නම් හොඳ නැහැ වගේ..... මම උගුරු දෙකට හදා ගත්ත තේ එක බිව්වා. මීරා බලාගෙන ඉන්නකොටම එළවලු ටික මිශ්‍ර කරලා මගේ 'ජරා කෑම' එක හදාගෙන ඉක්මනට සාලෙට ගියා.
දැන් අරූ බඩගින්නේ... පව්.. මට උගේ ජිල් බෝල ඇස්දෙක මතක් උනා. ඌට ප්‍රශ්න තියෙනවා කිව්වේ..? මම ඔන්න පලවෙනි කට හැන්දෙන් අරගෙන කට ගාවට ලං කළා. මට අරුගේ ජිල් බෝල ඇස්දෙකමයි මතක් වෙන්නේ.
චෙහ් විතරක්...
මම ඔලුව දෙපැත්තට වනලා ආයෙත් ඒ ඇස්දෙක ඔලුවෙන් බිමට හැලුවා. ඔන්න ඒ පාර ඇහෙනවා ෂොපින් බෑග් සිලි සිලි සද්දේ. අම්මප උයාගත්ත දෙයක් සැනසිල්ලේ කන්න දෙන්නේ නැති හැටි...
පිඟාන පැත්තකට දාපු මම බොදු බලේ එකෙක් වගේ කඩාගෙන බිඳගෙන ( සන්සුන් ගමනින්) ගියා කුස්සියට. මෙන්න අරු ෂොපින් බෑග් එක අදිනවා ආයෙමත් කූඩුව ඇතුලට!!
"මම දැන් කිව්වා නේද ඔය මෝල් වැඩේ කරන්න එපා කියල. ඊයේ මගේ කකුලත් හපල.. හුහ්.. මොකටද ඔය ෂොපින් බෑග් එක අදින්නේ ඈ ?? ආයෙමත් කිසිම වැඩකට ගන්න බැරිවෙනවා නේ... හැබෑටම බැරිද කුඩුවකට වෙලා වත් ඉන්න එක විදියකට"
'ඊයේ මගේ කකුලත් හපල' කොටස ඇහෙනකොටම මීරා බැලුව නේද මගේ දිහා බැල්මක්... මාව කොයිල් වෙලා ගියා... එතකොටම කට කොනට නෝන්ඩි හිනාවක් ඇවිත් මගේ දිහා බලාගෙනම ඇදගෙන.. ඇදගෙන... ඇදගෙන.. ඇදගෙන ගියා ඔක්කොම ෂොපින් බෑග් එක ඇතුලට.
'හික්... මම නිකන් ජොලියට වගේ බැලුවේ.. ඔයා නිදිද කියල'
මම දැන් අත්දෙක ඉනට තියාගෙන බලන් ඉන්නවා. මීරා මගේ දිහා බලන් ඉන්නවා. එකපාරටම මොකද්ද කියන්නේ කියල මට ආවේ නැහැ.
"පිස්සු... පිස්සු නැතුවට පිස්සු "
'මේ.... මට ගෙදර යන්න ඕනේ...'
"දැන්ම බෑ පස්සේ... මම කාල ඉවර වෙලා එනකල් ඉන්නවා. කොහෙද ගෙවල්?"
'වෙන කොහෙද ඉතින් මෙහෙම මිසක්'
"හෑ ....???"
'නෑ නෑ .. මම මේ කිව්වේ මේ හරියේ එයා ගෙදර මිසක්'
"ඉන්නවා මම කාල එනකල්. මට බඩගිනියි"
මම ආපහු යන්න හැරුන. 'අම්මප මූ එහෙනම් දන්නවා මූට යන්න දෙනවා කියලත්. ගෙනිහින් දානවා ආයේ නෑ මමවත් නොදන්නා පළාතකට. පැයක් විතර ඩ්‍රයිව් කරගෙන ගිහින් දානවා ඈතකට... පට්ටම පට්ට ඈතකට... මමවත් දන්නේ නැති'
මම ඉතින් පුටු පුටු ගගා ආයෙත් කෑමකන්න ගියා.
'අනේ මන්දන්නෑ... ලොකු නෝනා හරි මහත්තයා හරි හිටිය නම් මේ මොකවත් නෑ... කොහෙද දැන් හැදෙන එව්වෝ මෙලෝ කමකට නැහැ. නැත්තම් මට මෙපමණ රාජකාරි තියෙද්දී මේ කූඩුවල තැපල නාස්ති කොරන්ට කාලයක් තියේද? අරහේ ගෙදර ගෑනි බලන් ඇති.. ඇයි හත්ඉලව්වේ කීයට ආපු ගමනද? කන්ඩ දෙන්නෙත් නෑ ... යන්ඩ දෙන්නෙත් නෑ......'
ඕන්න ඇහෙනවද මීරා පුටු පුටු ගගා බනිනවා... ඒ මදිවට කුඩුවේ කම්බිය කොනිති ගහනවා. තරහටම මෙලෝ රහක් නැති උනත් මගේම පැස්ටා එක මම කාගෙන කාගෙන කාගෙන ගියා. මදැයි සැනසිල්ලේ පිස්සුවක් නටන්න උන්නා??
මම වෙලාව බැලුව.. අම්මේ 9.30යි. තව පැයක් යන්නේ නැහැ අපේ ගෙදර කට්ටිය සම්ප්‍රාප්ත වෙනවා. එයාල යතුරක් ගෙනිච්චෙත් නැහැ. ඉතින් කොහොමද මූව කොහේ හරි අතරමං කරන්නවත් එලියට යන්නේ?
මගේ කකුලත් කෑවා . ඒ මදිවට මගේ නම්බුවත් කනවා. කට්ටිය එනකල් මුව තියාගත්තොත් මූව එලියට අරන් මේ කූඩුවට මාව දමයි අපේ ගෙදර උන්. ඒ තරම්ම අවිහිංසාවාදියි!
පිඟාන හෝදන්න යනකොට ඇතුලට ගත්ත ෂොපින් මල්ල ගුලියක් ගහලා ඌ පැත්තකින් තියාගෙන ඇලට් පාරක් දාගෙන ඉන්නවා. හුහ්... මුගේ හිතේ මු පුටු පුටු ගාපුවා මට ඇහුනේ නැහැ කියල නේද?
'යන වෙලාවට මට ඇහැරවන්න හරී ? ඊයෙත් හරියට නින්දක් නෑ .. මම පොඩ්ඩක් නිදාගන්නවා'
"ඔහොම්මම ඉන්නවා... ගෙනියන්නෑ කොහෙවත්!"
මම දැන් කෙලිම්ම බොදුබල සේනාවෙන් ගත්ත දෙබස් කියන්නේ.
'ඈ ?? මක් කිව්වා? එතකොට ලොකු නෝනා ආවම මම කියනවා.... හුහ්"
මම පිඟාන නවල තියල ගැස්සුන හිත වෙනස් වෙන්ට කියල වතුර ජෝග්ගුවක්ම බිව්වා.
'.... ලොකු නෝනා හිටිය නම් මෙහෙම වෙන්නේ නැහැ'
"මොකටද එහෙනම් මගේ කකුල හැපුවේ ?"
'මොකටද දෙගොඩහරි ජාමේ සාලෙට වෙලා හිටියේ?'
"ඈ බොලේ. ඒ මගේ සාලෙනේ... මම නැතුව කවුරු ඉන්නද එතැන ?"
'ඒ මගේ ගෙදර සොරි සොරි මගේ සාලේ රෑට... ඔහේ ඕනේ නැති වෙලාවල් වල මොකද සාලේ කරේ?'
'එහෙම කොහොමද.. මට ඕනේ වෙලාවක මම ඇහැරලා ඉන්නවා. තමුසේ කවුද ඒක එපා කියන්ඩ?"
'හා.. එහෙමයි කියමුකෝ... මොකටද එහෙනම් කකුල් පල්ලෙහායින් තියන් හිටියේ. මොකද ඕක අපේ නගුට වගෙය? යස අගේට අකුලන් ඉන්ට තිබ්බේ'
"යකඩෝ.. මාර කතාවක්නේ... මගේ කකුල මට ඕනේ තැනක තියන් ඉන්නේ."
'හරි එහෙමයි කියමුකෝ.... මොකටද සේරෙප්පුවක්වත් නැතුව උන්නේ... සෙරෙප්පු තිබ්බ නම් මම හපනවද?'
"ඈ ... ඒ මොන කතාවක්ද? තමුසෙනේ ඇවිත් හැපුවේ.. මම ගියාද ඇඟේ හැපෙන්න ?"
'ආන්න ඕක තමයි වැරැද්ද..... මම ගියේ මගේ පාඩුවේ මගේ සුපුරුදු පාරේ... ඔහේ තමයි මම යන පාරේ වාඩිවෙලා ඉන්නහේ කකුලක් දාල මාව ඇවිස්සුවේ. තමුන් දැනගන්න එපාද තමුන් වාඩිවෙලා උන්නේ මගේ පාරේ විත්තිය ?? මම මක්කොරන්නද? ඔහේ තමයි වැරැද්ද කලේ... හොයා බලන්නේ නැතුව ඔහේ නිකාං මට බනිනවා'
එක පාරටම මට මතක නැති උනා දැන් කාගේද වැරැද්ද කියල..
'අඩේ ..... මූ කියන්නේ ඇත්තද මන්ද..... මමනේ උගේ පාරේ හිටගෙන ඉඳල වලිය පටන් අරන් තියෙන්නේ බොලේ...'
"හරි හරි... කට පියන් ඉන්න දැන්. තව ටිකකින් යන්න දෙන්නම්"
"ආන්න දැක්කද.... ඕන්න දැක්කද.... හැම වෙලේම තව ටිකකින්... තව ටිකකින්.... බාලගිරි දෝසෙ.. බාලගිරි දෝසෙ..... මොනවා කරනවද මන්ද මගේ ගෑනි මගේ ඔලුව කයි. මම ෂොපින් බෑග් එකක් ගත්ත යනකොට මොනවහරි ගෙනියන්ට කියල. ඔය පැන්ට්‍රියේ යට ලාච්චුවේ තිබ්බ සබන් කෑලි ටිකක්. පොඩි එකාට දත් පාරවල් දෙකක් ගහගන්ට ගෙනිච්චොත් ඇති. ගෑනි ඒවා ගාන්ට හරි මනාපයි. අර පත්තක්කා ගෙඩියෙන් ටිකකුත් දාගත්ත නම් මරු '
"චෙප් ... කට කට... ඇති ඇති..... මොන පත්තක්කද.... යනවා නම් යනවා ඔය විදියට.. තව එක එක ජාති ගෙනියන්ඩත් කතාව!"
'ඕකනේ කියන්නේ... ඔහෙට තේරෙන්නේ නැහැ නේ මගේ ප්‍රශ්න... ඔහෙත් කවදාහරි මගේ ගෑනි වගේම වෙයි... අනේ ඔව්.... මිනිහගේ ඔළුගෙඩියේ කෙස් ටික නැති වෙනකල් ලතෝනි දෙයි. ඔහෙට කොහෙද තේරෙන්නේ එව්වා'
"කට වහගන්නවද? නැත්තම් දෙනවා එහා ගෙදර පූසට !"
එකපාරටම ගල් ගැහුවා වගේ මීරා කට සීල් තියාගත්තා.
බැහැ තවත් මෙව්වා ඉවසන්ට.
පිජාම පිටින්ම මම ගත්ත පරණ කෝටුවක්. අරගෙන ඒක දාල කූඩුව උස්සලා ගත්ත කොක්කෙන්. 'හිටපන් උඹට හොඳ වැඩක් කරන්ට' මම තනියෙන් පුටු පුටු ගගා ගියා දොරත් ඇරගෙන. මීරා දැන් ගල් වෙච්ච පිළිමේ වගේ ඉන්නවා මුල්ලකට වෙලා. මම යන පාර තේරිලා ද කොහෙද මු උඩට ගත්ත හුස්ම ටික පොඩ්ඩක් පහලට හෙලනවා දැක්ක.
'මේ.... මම මේ....'
"මොකද?"
'මේ..... අර ඔතන පඩිපෙළ ගාවින් දාන්ට '
"තමුසේ හිතුවද මම තමුසෙට ලිෆ්ට් එකක් දෙන්න ආව කියල? අම්මල එන්න කලින් යවන්න ඕනේ හින්ද මිසක්..... නැත්තම් තමුසෙට මම..!"
'ඔව්ව ගණන් ගන්ට එපා අනේ.... දන්නේ නැද්ද රෑ තිස්සේ ඇහැරලා හිටියම පොඩ්ඩක් අන්දොස් ගතියක් දැනෙනවා. මොනවා කියනවද මන්ද. අතෑරලා දාන්ට අනේ.'
ඔන්න දැන් මම එක ගේට්ටුවක් ළඟටම ඇවිත්. එලියට යන්ට හැටියක් නැහැ පිජාමා පිටින්. ඒ ගේට්ටුව කෙලවර වෙන්නේ වෙලක් අද්දරට කිට්ටු වෙන්න. එකම එක පැත්තකින් විතරක් අසල්වැසි ගෙදරක පැත්තක් අහු වෙනවා. මට හිතුන වැඩේ ගොඩින් බේරෙන්න නම් මේ හරියෙන් යන්න දුන්නොත් ශේප් වෙයි කියල. මම වටපිට බැලුව කවුරුත් ඉන්නවද කියල. වෙලාවට හිටියේ නැහැ.
මම කූඩුව බිම තියල කෝටුවෙන් පියන තියෙන පැත්ත හැරෙව්වා පාර පැත්තට.
"මේ... ආයේ එහෙම මේ පැත්තේ එනවා නෙවෙයි හරිද? දන්නවනේ මගේ හැටි?"
සද්දයක් නැහැ.
".... මේ ඇහුනද?"
'හා හා හරි හරි..... ඒ උනාට අර පත්තක්ක ගෙඩිය'
"ආයේ කියනවා! හැප් කිව්වේ.... දෙන්නේ නැහැ කිව්වොත් දෙන්නේ නැහැ තමයි.... යනවා කිව්වේ... මම කිව්වේ ආයේ ආවොත් බලාගෙනයි කියල"
මගේ වොයිස් එකත් වැඩි කරලා භයානක විදියට මම කිව්වේ.
'අපිත් ඉතින්.. මහින්ද මහත්තයා... ... ...'
"මොකක් කිව්වා?? මක් කිව්වා???"
'නෑ මම කිව්වේ අපිත් ඉතින් කිව්වේ නැති උනාට මහින්ද මහත්තය අඳුනන අය තමයි... අපි ඉතින් වැඩිය ඔව්ව කිය කියා යන්නේ නැහැ. '
මගේ මල් පොකුරම පැන්න ! දුන්න ෂොට් එකක් වන් ෂොට් වගේ කූඩුවේ දොරට දෙපළු වෙන්න. කූඩුවේ පළුව ඇරුන පමාවෙන් මීරා කොහෙන් දිව්වද දන්නේ නැහැ....... හුහ්.. පුදුම දිවිල්ලක්
"හුහ්... මහින්ද දන්නවලු... හුහ්.. ඒ උනාට දුවන්නේ වලිගෙත් පස්ස පැත්තේ ගහගෙන! මොකටද මගේ කට.... අපි බය නැහැ ඕයි ඕවට... එන්ට කියාපන් ඕනේ එකෙකුට... නෑ නෑ .... ආයේ තමුසේ නම් එන්ට එපා පැත්ත පළාතේ. ඔය අම්මගේ අනං මනං පව් එව්වා මෙව්වා නෑ මගේ ගාව.... කෙලින්ම කූඩුවේ හරී !!"
දිව්ව එකාට ඇහෙන්නම මම කිව්වේ හොඳ සද්දෙට.... පිජාම එකෙත් පැත්තක් අල්ලාගෙන! ඒ සේය්යාවෙන්ම ආපහු හැරෙනකොටම මම දැක්කේ... එහා ගෙදර ඇන්ටි ඇස් දෙකත් දොබ ගෙඩි සයිස් එකට ඇරගෙන මගේ දිහා බලාගෙන ඉනා සුන්දර දර්ශනේ.... මාව දැක්ක ගමන් ඇරිච්ච කට වැහිලා එක පාරටම කට පොකට් එකක් වගේ පළල් උනා...
අලීම අලි ජරාගොඩක් පෑගිලා ඒකෙ සුගන්ධය පැතිරෙනවා වගේ මගේ කිර්තිය පැතිරෙන දර්ශනයක් මට මැවුනේ කොහොමද කියල මට හිතාගන්න බැහැ. මම ලොකුම ලොකු පළල හිනාවක් දැම්ම..
"නෑ ආන්ටි... තාම නෑ ....... මම මේ යාළුවෙක්ට කතාකලා...යන්නං ඈ.."
ඔන්න හටන සිද්ද වෙච්ච හැටි!
මෙතන කිසිම හටනක් නැති එක ගැන මගෙත් එක්ක හටන් කොරන්ට ලෑස්ති වෙනවා එහෙම නෙවෙයි හරිද?
ප.ලි.
1. මේ වෙනකොට ආණ්ඩු පෙරලි මෛත්‍රී යුගයක් තිබුනේ නැත. මහින්ද රජතුමා රට දැහැමෙන් - සෙමෙන්- සොරෙන් පාලනය කළාහුය.
2. මම බොරු කිව්වේ නැත. මීරා යහළුවෙකි.

"හේ... හේ.... මම මේ බැලුවේ කවදාවත් නැතුව මෙතැන ගේට් එක ගාව කවුද කතාකරන්නේ කියල. මිසිස් ....... ල ආවද? ඔයාගේ අම්ම කිව්වා පොඩ්ඩක් ගෙවල් පැත්ත බලන්න කියල, මම මේ නිකමට බැලුවේ හය්යෙන් හය්යෙන් කතාකරන සද්දෙට"
අලීම අලි ජරාගොඩක් පෑගිලා ඒකෙ සුගන්ධය පැතිරෙනවා වගේ මගේ කිර්තිය පැතිරෙන දර්ශනයක් මට මැවුනේ කොහොමද කියල මට හිතාගන්න බැහැ. මම ලොකුම ලොකු පළල හිනාවක් දැම්ම..
"නෑ ආන්ටි... තාම නෑ ....... මම මේ යාළුවෙක්ට කතාකලා...යන්නං ඈ.."
****************************************
ඔන්න හටන සිද්ද වෙච්ච හැටි!
මෙතන කිසිම හටනක් නැති එක ගැන මගෙත් එක්ක හටන් කොරන්ට ලෑස්ති වෙනවා එහෙම නෙවෙයි හරිද?
ප.ලි.
1. මේ වෙනකොට ආණ්ඩු පෙරලි මෛත්‍රී යුගයක් තිබුනේ නැත. මහින්ද රජතුමා රට දැහැමෙන් - සෙමෙන්- සොරෙන් පාලනය කළාහුය.
2. මම බොරු කිව්වේ නැත. මීරා යහළුවෙකි.
අපූරු ඉට්ටැයිල් එක. මේ ක්‍රමයටම නේද ඩූඩ් ලියන්නෙ?
ReplyDeleteඑක හුස්මට කියවතෑකි. ජයවේවා!
මේකෙ ඇසුරෙන් කවිපෙළක් හදනවා. කමක් නෑනෙ.
Deleteහ්ම්ම්.. ඩුඩ් ලියන විදිය ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ. මේ මම ලියන විදියක්. ස්තුතියි.
Deleteහි.. හි.. ඔව් මම දැක්ක කවි ටික නම්... නියමයි...
හැක හැක හැක ..උඹට පිස්සු උඹට පිස්සු ..හොඳටම පිස්සු.....
ReplyDeleteයකෝ මේක ඇන්ඩිලාගේ ලෝකයක්නේ
පිස්සු කිව්වා? අනේ මේ... පිස්සෝ කොහොමත් හිතන් ඉන්නේ අනිත් ඔක්කොටම පිස්සු කියල තමයි.
Deleteකියැව්වා ඒක දිගට ම .......... ලියැවිල්ල නම් නියමයි.........
ReplyDeleteස්තුතියි. මම හිතුවේ බෝරින් වෙයි කියල...
Deleteටොම් ඇන්ඩ් ජෙරී සිංහලෙන් බැලුව වගේ .. හෙහ් හෙහ් .. මීයොත් එක්ක සහජීවනයෙන් ඉන්න ඉගෙන ගන්න .. මීයෝද මියෝය !!
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්
Deleteමම දෙයක් කියන්නද පැතුම්... ඇත්ත නැත්ත හොයල බලන්නකෝ හරිද..
ඔය මීයෝ , කැරපොත්තෝ, හූනෝ එක්ක සහජීවනයෙන් ඉන්න කියල ලොරි ටෝක් දෙන උන් ගැන මම සමීක්ෂණයක් කළා... උන් ඒ සහජීවනය කියන්නේ උන්ගේ කාමරේ/ගෙදර ඉඩකඩ විතරක් නෙවෙයි කොටින්ම කෑම බීම පවා පුදුම විදියට උන් එක්ක බෙදාගෙන කන්නේ. ඒ කියන්නේ කනකොට වැටෙන දේවල් කිසිම විදියකින් අතුගාන්නෙ නැහැ. පව්නේ අරුන්ට කන්න නැති වෙනවා නේ. පිඟානක් කෝප්පයක් වැරදිලාවත් හරියට හෝදන්නේ නැහැ, නැත්තම් හෝදන්නේ වතුරට වැටිලා තිබ්බොත් විතරයි. උන්ගේ ඇඳුම් පැළදුම් අස්සේ පවා අර සත්තු ඉන්නවා. ඒ තමයි සහජීවනය!! හා නැද්ද කියමු බලන්ට??
අනේ අම්මෝ.. මගේ නම් එහෙම හවුල් නැහැ ඔය මීයෝ , කැරපොත්තෝ, හූනෝ එක්ක නම්.. ලොවෙත්!!
හෙහ් හෙහ් කැරපොත්තා සහ මම (මම කිව්වේ ඔයා) යනු දෙකක් නොව එකක් කියල උපේක්ෂට හිතිලා නැද්ද ? . මට නම් එහෙම හිතෙනවා. ඉතින් ඕව ගැන අමුතුවෙන් සමීක්ෂණ කරන්න දෙයක් නෑ ... කසාදයට පෙර විඳපු සුන්දර අත්දැකීම් වලින් මේ කියන්නේ .. හෙහ් හෙහ් හෙහ් .. බැන්දට පස්සේ නම් 4 මායිමේ කරපොත්තෙක් තියා කුඹීයෙක් වත් එන්නේ නෑ ...
Deleteකැරපොත්තා සහ මම යනු කෙසේවත් එකක් නොවේ. මට ඌට තරම් මිතුරන් ( ඔබ වැනි) නැත. බැන්දට පස්සේ තමයි ඔය ගොඩක් පිරිමි උදවිය කැරපොත්තෙක් හූනෙක් කට නොගසපු තේ බොන්නේ, කෑම කන්නේ. කොහෙද වළලු තියෙන අතක වටිනාකම දන්නවා කියලද?
Deleteමොකට කියනවද ඒ කොටස...
ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට.
ReplyDeleteබෝරින් නෑ චුට්ටක්වත්..:-D :-D
හි.. හි.. බල්ලෙක් වගේ බැනුම් අහන එකෙත් තියෙනවා සොමියක් නැද්ද?
Deleteස්තුතියි රසවින්දා නම්.
පට්ටයි ඈ. ලොවෙත් පට්ටයි
ReplyDeleteඒත් සමහර තැන්වල ඒ කීවෙ මැද හරියෙ දෙබස් ටිකක් වැඩී වගේ හිනාව ආයෙ හොයන්න වෙනව ඒ ටික කියවන්න
ජයවේවා
ඇත්තටම මහේෂ් මම ඒ දෙබස් චුට්ටයි දැම්මේ. මොකට මම ඔයිට වඩා වෙලාවක් ඌ එක්ක බැනගත්ත. අන්තිමේ මට මතක නැහැ මොකටද බනින්නේ කවුද කාටද බනින්නේ කියල... හි.. හි..
Deleteමම හිනාවෙන්නම ලිව්වත් නෙවෙයි... හරි හරි තේරුණා.. මදැයි ඔයින් ගියා.. මම හිතුවේ පට්ට බෝරින් වෙයි කියල.
මියා බය කරන්න තිබ්බේ ෆයිල් තියනවා කියලා!
ReplyDeleteනාඩියාට කියන්න නාඩියෝ ඌ දුවනකොට මෙහෙමත් කියාගෙන ගියානේ
Delete'පිස්සු හටනක්!'
ඒකෙන් තමයි මේ සිද්ධියට මාතෘකාව ආවේ. මට ලියන්න අමතක උනා ඒ කොටස. නැත්තම් මෙතැන ඇති හටනක් නැති බව සහසුද්දෙන්ම තේරෙනවා නේ..
යහ පාලනේ එන්න කලින්ම මීයාට මෛත්‍රී කරලා.. ඒ වුනාට මීයෝ එලවලාම දාන්න ඕනි. ආයෙ එන්න ඉඩ තියන්න හොඳ නෑ.. ජය ශ්‍රී!
ReplyDeleteප.ලි. මම නම් මීයන්ට පට්ට බයයි. මී කැරපොතු කේස් සියල්ල උප කොන්ත්‍රාත් දී කකුල් දෙක උඩ තියාගෙන ලියුවෙමි.
අනේ මන්ද මෛත්‍රී ද මොකද්ද කියල.... මමත් මීයෝ ගෙදර ඉන්නවට ආස නැති උනත් මීයෝ පට්ට කියුට් ජාතියක් ලෙස දකින පිස්සු කෙල්ලෙක්. ඇත්තට කියන්න ඔහොම කූඩුවේ ඉන්න මීයෝ දැක්කම මට හරි ආසයි. මම මූට බැන්නෙත් හිත ඇතුලේ තිබ්බ ආසාව යටපත් කරගෙන. නැත්තම් ඊගාව දවසේ එයි සිය පවුල සමඟ. අපේ වගේද උන්ගේ පවුල් වල ඉන්න සෙට් එක! හුහ්....
Deleteඔය පිස්සුව තද උනේ Ratatouille බලලා. ඒකෙ ඉන්න මීයා තමයි මගේ මී role model එක. සූපවේදී මීයා !!! ඒ උනාට මේ අහුවෙන එක මියෙක්ට හරියකට හොද්දකට ලුණු බලාගන්නවත් බැහැ නේ.
වෙලාවකට හිතෙනවා උබටද පිස්සු නැත්තන් මටද කියලා....!!!!!
ReplyDeleteෂුවර් එකට මට පිස්සු නැහැ. අහන්න 'මීරා' ගෙන්!
Deleteෂහ් නියමයි, කිසි වෙහෙසක් නැතුව කියෙව්වා.. එකම අවුල පළවෙනි කොටසයි, දෙවෙනි කොටසයි අතර කාල පරතරය සෑහෙන්න වැඩි වුණ එක... :D
ReplyDeleteමටත් කියවන් යද්දි මතක් වුණේ Ratatouille...
බොලාට කොහෙද වෙහෙසක්? මමනේ මේ හටන කොලේ..
Deleteඇත්තම කියන්ට.. ඔය පලවෙනි කොටස ලියල එක හුස්මට දෙවැනි කොටසේත් බාගයක් ලිව්වා. මට මොකද්දෝ හිතිවිල්ලක් කිව්වා මේක මාර බෝරින් කතාවක් කියල. ඒ හින්ද ඒක Draft තියෙද්දීම ඉන්න ඇරියා.
දැන් කියන්න බලන්න ළමයා මේ කතාවෙන් ගතහැකි ආදර්ශ මොනවද කියල? හි.. හි..