Friday, January 30, 2015

143. සඳ කිඳුරු වැළපුම






විනෝදෙට වෙඩිතියන සුරඟනන්
වෙඩි වැදී වැටුණු සඳ කිඳුරන්
සොයා එන බව දනිමි,

වැටුණු ඒ කිඳුරන්ට
පණ ටිකක් හෝ තියේ නම්
වස පොවා යන්ට බලාගෙන....



මුළු හිතක් පුරෝගෙන,
නොමද ප්‍රේමෙන් පතාගෙන
උන්නු මගෙ හද
සිදුරුකර බිමට ලා
දැන් අහනවද
'රිදුනද? වතුර දෙන්නද'


~~~~~ මෙලංග ~~~~~~

14 comments:

  1. තුවාල කරලා රිදුනද අහනවා

    ReplyDelete
  2. ප්‍රේමයෙන් මිලින වූ පබැදුමක් මෙන් සිතේ
    ලස්සනයි දුක සිතෙයි ගැහැණියයි ජීවිතේ
    දුක සතුට මවන්නේ තබා හද හාමතේ
    කුරිරු අැයි හිතවතිය තාම නුඹෙ හදවතේ

    ReplyDelete
  3. ඇති යන්තං.. ඇත්ත කතාව කෙල්ලක්ගෙන්ම අහන්න ලැබුනේ.. නැත්නම් හැමදාම.. රුවන් හෙට්ටිආරච්චි කියනවා වගේ.. වැරදි කරලා ඔයා සැමදා.. මට වැරදි කාරයා කියා.. නේ.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කියන්නේ.. ඇත්ත කතාකරන්න ගියහමත් එනවා මුව හමට තඩිබාන්න...

      Delete
  4. රිද්දලා රිදුනද අහන එකනේ ඉතින් ඉවසන්න බැරි..

    ReplyDelete
    Replies
    1. නිදියගෙන ඉන්න එකා ඇහැරවලා අපි අහන්නේ නිදිද කියල... හා නැද්ද?

      Delete
  5. ඉස්සරනම් ඒක ඇහුවෙ කොල්ලො

    ReplyDelete
  6. මෙලංග?? එයාද මෙහෙම කියන්නේ?

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් කියන්නේ සමහර වෙලාවට පුද්ගලානුබද්ධ නැහැ නේද? නමක් කියන්නේ නිකංම නමක්...

      Delete
  7. උපේක්ශාගේ බ්ලොග් එක මෙලංග හැක් කලේ නිකන්ම වෙන්න බෑනේ...ඔය සුරඟනන්ට කියමු අපි එයාර් ගන්ස් වලින් විතරක් වෙඩිතියන්න කියලා..ෆැටලිටීස් අඩු තරමට අනාගතය සහැල්ලුයි..නේද උපේ..

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ සුරඟන 'අවම බලය' පාවිච්චි කරාද කියල?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...