Thursday, February 5, 2015

145. ගුරු වෙරී - 01


මම පුංචිම පුංචි එකා කාලේ මගෙන් ඒ දවස්වල ලොකුය කියල හිතෙන වැඩිදෙනෙක් අහපු ප්‍රශ්න කීපයක්ම තිබ්බ.
එකක් තමයි අම්මටද අප්පච්චිටද වැඩිපුර ආදරේ? තවත් ඒ ජාතියේ වෘෂභ ප්‍රශ්නයක් තමයි බබා ලොකු උනාම කවුරු වෙන්නද කැමති? කියන එක.



ඒ කාලේ හිතුනේ නැතත් දෙවැනි ප්‍රශ්නෙට දැන් නම් හිතෙනවා
"කවුරු නැතත් ඔයා වගේ නැතුව ඕනේ කෙනෙක් වෙච්චාවේ"
වගේ රුවන් වැකියක් කියන්ට.

කියන්ටත් බෑ... මගේ ප්‍රොෆයිල් එකේ හැටියට සහ මගේ ඉතිහාසේ දන්නා උදවිය කියනා හැටියට පුදුමයි මම ඔහොම උත්තරයක් නොදුන්නා! එක්කෝ ඒ දවස් වලත් අපේ දෙමවුපියන්ගේ නම්බුව තියනවා කියන කාරණේට වඩා තියෙන නම්බුවත් නැතිකරන්නේ නැතුව ඉන්න එකේ තියෙන මහත්ඵල මහානිසංසය ගැන ඒ දවස්වලම හිතේ තියෙන්ට ඇති. ඒකයි උත්තරේ පමා වෙන්ට ඇත්තේ.



වෙන එකක් තියා, උන් එහෙම ප්‍රශ්නේ ඇහුවේ නැතත් මට මතක විදියට ඉස්කෝලේ ඔය පොඩි පොඩි වාක්‍ය රචනා එහෙම ලියනකොට ඔය මාතෘකාව ලැබුනම? මට නම් අද වගේ මතකයි මම එහෙම මුලින්ම මගේ අනාගත බලාපොරොත්තුව ගැන ලියපු රචනාව. කියන්නේ නම් නැහැ ලොවෙත් මොනවද ලිව්වේ කියල.... මොකටද නිකන් ඉල්ලන් කන්නේ? ඒත් ඉල්ලන් කන එක මගේ ඇටමිදුළු දක්වාම ගියපු රෝගයක් හින්ද කියන්නම් කවුරු වෙන්නද කියල මුලින්ම ලිව්වේ...

ඒ තමයි 'විද්‍යාඥයෙක් වෙන්න'



දැක්ක නේද තියෙන ගම්භිර කම!

මම ඔය වචනේ කොහෙන් හොයාගත්තද දෙය්යෝ වත් නොදනී, මමවත් නොදනිමි. කොටින්ම ඔය වාක්‍ය රචනාව ලියනකොට ඒ වෙනකොට ඔය වචනේ ලියන්න ඕනෙකරන අකුරු ඔක්කොම ඉගෙනගන තිබ්බේ නැති නිසා ( මම හිතන්නේ 2 වසරේ වගේ) මගේ ගුරුතුමීට සිද්ධ උනා මට ඒ අකුරු කියලා දෙන්න.

මම කලේ ඉතිරි ටික ලියනකොට ගුරුතුමී ලියල දීපු වචනෙම ආපහු පිටපත් කරපු එකයි. එව්වා ගියාවේ... කවුරු දන්නවද දැන් ඔව්ව? රටම දන්නා කුඩු කාරයොත් දැන් නිදහසේ ඉන්න එකේ... මම මොකට ලැජ්ජා වෙනවද? නේද අනේ?

ඔහොම පටන් ගත්ත මගේ අනාගත බලාපොරෝත්තුව ඉතින් ඉෂ්ට උනාද කියලද අහන්නේ? හා හා.. කට කට! කට වරද්දගන්න එපා.. එව්වා සාර්ථක උනා නම් ඉතින් ඔය රොකට් රෝහිත ළඟින්ම මමත් එදා හිටගෙන ඉන්නවා නේ දෙය්යනේ කියල... ආයුබෝ වේවා කියන්ට අනේ...

ඔහොම ඉතින් අමාරු වචන වලින් ආරම්භ වෙච්ච මගේ අනාගත වෘතිය ටික ටික සංශෝධනය වෙලා ගියා. අන්තිමට මොකද උනේ අහන්ට එපා අන්තිමට ඉතින් මේ දැන් ඉන්න මං ඉතුරු වුනා.

ඔය ලිස්ට් එකේ මම තියාගෙන හිටපු දේවල් තමයි ජර්නලිස්ට් කෙනෙක්, චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක්, නිළියක් ( චීයා... ඒ ජාතියේ නෙවෙයි අනේ.. චරිතාංග නිලියක්), නැට්ටුක්කාරියක් සොරි ඈ නර්ථන ශිල්පිනියක්, නවකතා රචිකාවක්, ක්‍රීඩිකාවක් , දන්ත දොස්තර කෙනෙක්( නෑ නෑ  දත් ගලවන එක රස්සාවට කරන එකියක්, නම්බුකාර විදියට - ඒ කියන්නේ එකෙක්ගේ දතක් ගලෝල උගෙන්ම සල්ලි ගන්න එක), ඔය අතරින් ලාවට විතර දැන් කරන රස්සාව...

තිබ්බෙම නැති එකම වෘතියක් වේ නම්... ඒ තමයි ගුරු වෘතිය!!

ආන්න එහෙමයි මගේ ගුරුවෙරි පෝස්ටුව ලියන්ට හිතුනේ!

( අනේ අම්මප මෙහෙමත් ජවුසන්... කවදාවත් කරන්නේ නැති දෙයක් ගැන පෝස්ටු ලියනවා... මම මේ ඇහුවමයි - ඒ අපේ අය්යා.... ඌ දන්නේ නැහැ දැන් වැඩිපුරම කතා කරන්නේ , කරන්න බැරි දේවල් ගැන කියල!)

දැන් ඉතින් හති හලාගෙන කියෙව්වට, දැන් තේරුනා නේද මම මේ කියන්ට යන්නේ මොකද්ද කියල? නෑ ? ආ එහෙනම් මේක සම්භාව්‍ය ඝනයේ සාකච්ජාවක්.!

තව ඉදිරියට යනකොට ටිකාක් තේරෙයි. නැත්තම් එහෙම උනා වගේ ඉන්ට..

කොටින්ම ( ඕක කලින්ම කිව්වනම්  අහවරයි නේ!) කිව්වොත් මගේ තුන් හිතකවත් ගුරුවෙරියක් වෙන්ට අදහසක් තිබ්බෙම නැහැ. මම අද කියන්ට යන්නේ මට ඒ උනාට වෙච්ච දේවල් ගැන...

මම උසස්පෙළ ලියලා ගෙදර ඉන්න කාලේදී අපේ අම්මගේ හොඳම යාලුවෙක්ගෙ පුතෙක්, ඊළඟ අවුරුද්දේ උසස්පෙළට සුදානම් වෙනවා. ඒ කොල්ල අපේ ගෙදර ආවේ-ගියේ නැතත් ඒ ආන්ටි නම් අපේ ගෙදර නිතර යන එන කෙනෙක්. ඔන්න ඌට රසායන විද්‍යාව අමාරුයි කියලා මට කියාදෙන්න පුලුවන්ද කියලා ඒ ආන්ටි අහිංසක ඉල්ලීමක් කළා. ඌ ටියුෂන් යනවා උනත් තේරෙනවා මදි කියල තමයි කිව්වේ. මමත් ඉතින් අන්දොස් පොරනේ... එකපාරටම 'හා' කියවුනා.

ඇත්තම කියනවා නම් ඒ කොලුපැටියා එන්න කියාපු දවසේ ගෙදරට එනකල්ම මට ඕකේ හාන්කවිස්සියක් මතක තිබ්බේ නැහැ.

ඌ අපේ ගෙදර ඇවිත් ගේට්ටුවේ බෙල් එක ගහනකොට තමයි බොලේ මට මගේ ටියුෂන් එක මතක් උනේ. අපේ අක්කා ලලිත ගමනින් ගිහින් ගේට්ටුව අරිනකොට මම දඩ බඩ ගාල මගේ පරණ පොත් ටික අරගෙන ටේබල් එකකට තිබ්බ. කොහොමත් අපේ අක්ක ලලිත ගමනින් ගේට්ටුව ගාවට යනකොට අපිට පුළුවන් දත් මැදලා , මුණ හෝදලා, ඇඳුමක් අයන් කරලා ඇඳගන්න කිසි ගේමක් නැතුව. නෑ නෑ.. බාගෙට නෙවෙයි... හොඳට දත් මැදලා!

ඔන්න ඔහොම තමයි මම ප්‍රසිද්ධියේ ගුරුවෙරියක් උනේ. ප්‍රසිද්ධියේ කියල කෑල්ලක් දැම්මේ අප්‍රසිද්ධියේ කොතෙකුත් තෙල බෙදිලි, ගුස්ති, කුමන්ත්‍රණ , හොර තක්කඩි වැඩවලට ඕනේ තරම් මම ගුරුවෙරියක් විදියට වැඩකරලා බොහොම අත්දැකීම් තියෙනවා. මම ඉතින් වැඩි ප්‍රසිද්දියට අකමැති එකියක්නේ... ( දාපු ඇඩ් වලට තාම සල්ලි යැව්වෙත් නැහැ... චෙප් යහපාලනේ හින්ද සල්ලිත් ගෙවන්න වෙලා!)

මගේ ටියුෂන් වලින් ඌ ලංකාවේ අංක එක උනා කියල ආරංචියි. නෑ නෑ විභාගෙන් නෙවෙයි, උගේ පවුලෙන් අංක එකට රට ගියේ ඌ තමයි. යන්තම් B පාස් එකක් අරගෙන පිටරට ගියා ඉගෙනගන්න. මට ඇතෙක් බරට තෑගිත් ගෙනත් දුන්න. වැඩේ කියන්නේ ඌ තරාදියේ කිරන්න අරගෙන තියෙන්නේ පොඩි ප්ලාස්ටික් ඇතෙක්. ඒ හින්ද පොඩ්ඩක් විතර පාර්සලේ බරින් අඩුයි. ඒ උනාට මැක්සා රැපින් පේපර් එක!

ඔය අතරේ මට වැළඳුනා ලෙඩක්. ඒතමයි 'ප්‍රයිවට් සෙකට්‍රි ලෙඩේ'!!

කොහෙන් බෝ උනාද මන්ද ( වෛරස් වෙන්න ඇති). ඒ කියන්නේ මට ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් වෙන්න මාර ආසාවක් ආව. විභාග ප්‍රථිපල වලින් මොකක් වෙයිද කියලවත් මට නිනව්වක් නැතුව හිටියේ. ලංකාවේ කොහොමත් එහෙමනෙ. බහුතරයක් දෙනාගේ ජිවිතේ තනිකරම තීරණේ වෙන්නේ උසස්පෙළ ප්‍රථිපල නිකුත් කරපු දවසේ. අද යසට උන්නු යාළුවො දෙන්නගෙන් එකෙක් එකවරම දොස්තර වෙලා, අනිත් එකා කොන්දොස්තර වෙනවා.

ඇත්තම කියන්න මම මේ ජොබ් එකේ කරන්නේ මොකද්ද කියලවත් හරියට දැනගෙන හිටියෙවත් නැහැ. පිස්සුවෙ  කොතරම්ද කියනවා නම් මම එහෙම ජොබ් වලට තියෙන කෝස් එකක් හොයාගෙන අම්මිට කිව්වා කරන්න කැමතියි කියල.

අපේ අම්මි මට සාමාන්‍යයෙන් එපා කියන්නේ හරි අඩුවෙන්. එපා කිව්වොත් නම් පුතේ ආයෙමත් නෝකතා. මම හිතන්නේ ඈ මම ගැන දරන මතය හින්ද වෙන්න ඕනේ. ( මම හැමවෙලෙන නිවැරදියි කියල හිතන හින්ද නෙවෙයි. ) උසස් පෙළ ඉවර වෙලා කරලා ගෙදර හිටපු නිසා වෙන්නත් ඇති. කොහොමහරි අපේ අම්මි මට කෝස් එකට රෙජිස්ටර් වෙන්න සල්ලිත් දුන්න.

ඔන්න මම එතැනට ගිහින් තනියෙන් රෙජිස්ටර් උනා සෙකට්‍රි කෝස් එකට. උගන්නන්නේ ලියනගේ කියලා සර් කෙනෙක්. ඒ ආයතනයේ පරිඝනක පාඨමාලා එහෙමත් පවත්වනවා. ඊට අමතරව ඔහු ඉංග්‍රීසිත් උගන්නනවා. පරිඝනක උගන්නන්නේ පොඩි අයටත් එක්ක. ඒ කියන්නේ වයස 3 සිට ඉහලට ළමයි එනවා.


පස්සේ ඉතිරිටික කියෝමු නේද?

37 comments:

  1. තෝන්තු වගේ කියවල ඉවරවෙනකොට. බඩගින්නකුත් ආව, මම යනව කන්න.

    ReplyDelete
    Replies
    1. ලියල ඉවර වෙනකොට මටත් තෝන්තු වගේ. ඒකයි පොඩියට කට් එක දාල දිව්වේ... බඩගින්නක් ආව කිව්වා? මම කෑමක් ගැන කොහෙවත් ලිව්වෙත් නැතුව? ෂුවර් එකට අර තරාදිය ගැන කියන තැනදී වෙන්න ඕනේ! කෑමයි තාරදියයි එකම වගේමයි.. නැද්ද?

      Delete
  2. හප්පේ .. කොත්තුවක් කාලා වැඩි සීනි ප්ලීන්ටියක් බිව්වා වගේ ...

    ReplyDelete
    Replies
    1. ඔක්කාරෙට ආවද? මේක බිත්තර කොත්තුවක්!

      ඉවාන්ට කියන්ට ඉවාන් මම ඉස්සර කොත්තු මරුවෙක්. පුදුම ආසාවක් කොත්තු කන්න. තනියෙන් බද පැලනකල් කොත්තුවකට වැඩේ දීලා ලතෝනි දිදී තමයි නැගිට ගන්නේ. ආයේනම් මේ මලජරාව කටේ තියන්නේ නැහැ , තුහ් විතරක්! කියල බැන බැන ඉඳල, දවස් දෙකකින් ආයෙමත් ගේනවා ඒ ජාතියෙන්ම කොත්තුවක්...

      නැද්ද බලන්න දැන් ඔක්කාරෙට ආවට, මේ ජාතියෙන් ආයෙත් එකක් ලිව්වම වමනේ දාල, බැනල යන්නවත් එන්නේ නැද්ද හා?

      Delete
    2. ඔක්කාරෙට ආවේ කොහෙද බොල , කොත්තුවක් කාල වැඩි සීනි ප්ලේන්ටියක් බිව්වම පට්ට ගති . උඹ කරලා බලපන් මම කිව්වට . ඒ ආතල් එක දවස් දෙක තුනක් යනකං අන්ගේ තියෙනවා .

      Delete
    3. ගෑල් ලමයි ගැන මහලොකුවට ලියන කියන අයගේ කෙරුවාව බලන්න .මාතලන් ගෙ බ්ලොග් එකේ මෙහෙම තිබුනෙ.

      //AnonymousFebruary 4, 2015 at 10:09 PM
      ඔය දින 100 යෙ මගුලෙන් කාරි නෑ
      අනේ අර දිල්කා කෙල්ල 360 ටේ පෙනෙන්න නැත්තෙ ඇයි කියල කවුරු හරි කියනවද.
      මට ඒකිව දකින්න නැතුව තොන්තුවාව වගේ.
      අර ගොරිල්ලෙක් වගේ එකෙක් දැන් ඒක කරගෙන යනව කිසි ගතියක් නෑ

      Replies

      දේශක යාFebruary 4, 2015 at 10:29 PM
      හැක් හැක්.. මටත් ඕකම හිතුනා බොල.. මොනා උනත් ඒ කෙල්ල හරි සිරියාවයි.

      Maathalan - Priyantha HewageFebruary 4, 2015 at 11:06 PM
      ඊට වඩා පට්ට කෑල්ලක් ඉන්නවා සෝමවාහිනියේ අඟහරුවාදා හරි බදාදා හරි රෑට .. අරයා කැළේ...

      ඉවාන් පවුලූශාFebruary 5, 2015 at 2:01 AM
      පොඩ්ඩක් ඉවසලා ඉඳිල්ලා ඒකි අඩු ගානේ හම්බවෙච්ච් ළමයට කිරිටිකක් වත් දෙනකං

      Helapa kadeFebruary 5, 2015 at 2:27 AM
      ඔව් බං ඔය කොල්ල කියනවා වගේ තුවාල වේලෙනකල් වත් ඉවසපල්ලකො.අනික උඹල ළමය බලන්නවත් ගියාද?//


      බබා හම්බෙවෙන්න ගිය ටිකට වත්
      කතා නාහ ඉන්න පිනක්
      නැති අසරන ගෑල්ලමයා මං.
      බබා හම්බ වෙද්දි හැදුනු
      මගෙ තුවාල වේලෙනකන් බලන් ඉන්න
      මාමලා වගෙ මිනිස්සුන්ගෙ
      කතා අහන්න වෙච්ච ගැල්ලමය මං.

      තමන්ගෙ ගෙදර ඉන්න හඩු ගඳ ගහන, බඩ තඩි, කිහිල්ලෙ මයිල් පුරෝගෙන වයසක මාමලාගෙ නාකි නෝනලා, දූල ගෙදර පරිස්සමට තියල, රටේ ඉන්න අනිත් ගෑනුන්ට, තමන්ගෙ දුවලා වගෙ උනත්,කෙල පෙරන මහා මානව හිතවාදියන්ගෙ සබෑ අදහස් තමයි ඔය උඩින්ම තියෙන්නෙ.
      ඒ කියන්නෙ,
      මාතලන් ට ඉවාන් ගෙ දුව උනත් කෑල්ලක්
      හැලපෙට ට මාතලන් ගෙ දුව උනත් ලමයා හම්බෙලා තුවාල වේලෙනකන් ඉස්පාසුවක් නැහැ.
      මේක කමෙන්ට් කරාම,
      ඉවන් පව්ලූශ යි, මාතලනුයි,
      ඉක්මනට එම කමෙන්ට් මකලා දැම්මා.
      හැබැයි දකින්න ඕනැ අය දැක්කා.බස්සි මේකට මොකද්ද කියන්නෙ කියල අහන්න මම කැමතියි. මේක මකන්නෙ නැතුව උත්තර දෙන්න.

      Delete
    4. මේ මොකද්ද බොලේ මේ?

      අනිත් අයගේ බ්ලොග් වල ඇලෙව්වම ඒවා මැකුව නිසා හදමල ඌය්යා වෙච්ච හින්ද මෙතැන ඇලෙව්වද ? මොකද පෝස්ට් එකට කිසිසේත්ම සම්බන්ධයක් නැති නිසා. ඒ මානව හිතවාදීන්ගේ අදහස් වලට ඔබ යසට පිහාටු දෙන්න දන්නවා වගේ. එක්කෝ මගෙනුත් අහපු දෙයක් නැතිකොට... නරකද බස්සිගේම බ්ලොග් එකට ගිහින් දැම්මොත් ඔබේ මේ පුංචි කාක් පිහාට්ට? නැත්තම් ඔබේ සමාජ සත්කාරය කරන්න හැම බ්ලොග්කාරියන්ගේම පෝස්ටු වලට අලවලා දාන එකද කරන්න හදන්නේ?

      Delete
    5. bassige eke ano nahane paney.....!

      Delete
  3. අනේ හැබෑටම.. මට කියන්න හිතෙන එක එක්කෝ මම කියන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔහේගෙනම් ඔහේ ගන්න... හොඳ නැහැ නොවැ දොස් කියන්න...

      Delete
  4. මමත් පොඩි කාලෙ ඉඳල ගුරු වෛරී තමයි... මට පෙන්නන්න බැරි, ‘ගෑණුන්ට කරන්න සුදුසු‘ කියල කියන,( ගොඩක් වෙලාවට මේ අකමැත්තට හේතුව ඔය විශේෂනේම වෙන්න ඇති මං හිතන්නෙ..) රස්සාවල් දෙකක් තියෙනව. එකක් ටීචිං.. අනික නර්සිං.... නර්සිං පොඩ්ඩක් ෂේප්... ටීචිං තමයි පෙන්නන්නම බැරි..

    ReplyDelete
    Replies
    1. මම ලෝකේ අකමැතිම රස්සාවල් කීපයක් තියනවා. පළවෙනිම එක පොලිස් වෙන එක, අනිත් එක ලංකාවේ රාජ්‍ය සේවකයෙක් වෙන එක, අනිත් එක කස්ටම් ඔෆිසර් කෙනෙක් වෙන එක... අනිත්ව මගේ අකමැත්තක් නැහැ, නමුත් තෝරාගන්නේ නැති ජාතියේ. ( පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කලෙත් නැහැ වගේ.. හි.. හි..)
      ඔය රස්සාවල් වල තියෙනවා නේ Occupational hazards කියල ජාතියක්. ඒ අතින් ඔයා කියන ඔය ජොබ් දෙකම තියෙන්නේ නරක පැත්තේ. හි.. හි... නැද්ද?

      Delete
  5. මාත් ඔහොම නංගිලා 3න දෙනෙකුට ඒ දවස් වල ප්‍රෝග්‍රෑමින් (Java ) ඉගැන්නුවා හෙහ් හෙහ් ... අනේ කාලේ වනේ වාසේ වගේ උන්ට මොනවා වුනාද කියල දන්නේ නෑ ... මාත් යනවා චු කරලා නිදා ගන්න ...

    ReplyDelete
    Replies
    1. hah hah ha..
      e eka lamayek dan me blog eka kiyawanawa
      sorry ayya we should have called you, you helped us lot
      I got B+ for java in that semester (It was a good result. As I remember no one get A+ or A in that semester)

      Delete
    2. හුටා .. මල කෙලියයි ..හෙහ් හෙහ්....කොහොම හරි කමක් නෑ හොඳින් ඉන්නවා නම් ඒ ඇති ...

      Delete
    3. පැතුම්,

      ඔන්න බලාපං වැඩේ හැටි....මේ අංගනාවිගෙ මරු කියවිල්ල හින්ද උඹට ලෝංග් ලොස්ට් ගෝලයෙකුත් නැවත මුණගැහුන......හෙහ්,හෙහ්,

      Delete
    4. පැතුම් :
      දැක්කද අපි හැරදා ගියපු අර නැවත ගෙන්වා දෙනවා... ඇත බලා සාස්තර කියනවා, පොරොන්දම් බලනවා ( තාවකාලිකව අනාවැකි කීම අත්හිටුවා ඇත), මියගිය ප්‍රාණකාරයින් ඕනෙනම් එලොනවා, නැත්තම් ගෙන්නලා දෙනවා!

      මෙව්වා මිට කලින් බ්ලොග් වලින් ඉටුවෙලා තියෙනවද? අත්දුටුවයි සත්තයි. අදම අමතන්න!

      Delete
    5. රවී අයියා , කියල වැඩක් නෑ .. මේ උත්තමාවියට අපි සලකනවා මදි ...

      උපේක්ෂා , ටිකක් කචල් වෙලා මෙහෙම නම් ෆුල් ම කචල් වුනාම කොහොම හිටි ද ? අපරාදේ රජ තුමා එලෙව්වේ ...

      ඒ නංගිලා තුන් දෙනාත් මේ වගේ ඇන්ටිලා දිහා බලල හොඳට හැදෙයි. නිතර මේ බ්ලොග් එක බලනවා කියන්නේ ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම හිතන්නේ .. හෙහ් හෙහ් ... :D

      Delete
    6. පැතුම්: උන් ටික ඔබතුමාට අය්යා කියල මට ඇන්ටි කියන එකෙත් තියෙනවා අමුතු මෙව්වා එකක්. මම කිව්වේ නිකන් විජාතික කුමන්ත්‍රණයක් වගේ එකක්. නිතර මගේ බ්ලොග් පැත්තේ ආවට කෝ රොටියක් වත් අරගෙන ඇවිල්ල නැහැනේ. අඩුම තරමේ ලැම්බෝගිනියක් වත්? එව්වා දැන් මුඩුක්කු අස්සෙත් තියෙන එකේ! සැක් විතරක්!!

      රජතුමා එලෙව්වා කිව්වා? කෝ කොහෙද? අර ඉන්නේ අපුරුවට මාළිගාවේ සීමැදුරු කවුළුවේ එල්ලිලා... අනේ පව් නේ? ඒකයි මේකයි අතරේ සම්බන්දයක් නොපෙනේ...

      Delete
    7. රජ තුමා ගියාට පස්සේ අත බලා සාස්තර කියන අයට ඒ හැටි වගතුවක් නෑ නේද? හෙහ් හෙහ් දැන් තේරුණා ද

      Delete
    8. ගියා කිව්වට ගියේ නෑ! හරියට අර මෙගා එව්වගේ මැරෙන එව්වෝ වගේ. මැරුණා කිව්වට උන් මැරිලා නැහැ බලනකොට...

      ඒ මහානුභාවසම්පන්න සජතුමා නොහිටින්න මේ ජනමුල කමක් කොහෙන් දැනගන්ටද? අනිත් එක අපේ සාස්තරේට දුන්න අනුග්‍රහය බලන්ටකෝ.. අන්න එව්වා තමයි සොයන්-රැකියා උත්පාදනය. කොතරම් අහිංසක මිනිස්සු රොත්තක් ඕකෙන් ජිවත් උනාද? අනේ අප්පේ.. මතක් වෙනකොට පපුව 'ටොයින් ටොයින්' ගානවා. හිතුවද අපි අත විතරයි බලන්නේ කියල? අපි අත විතරක් නෙවෙයි අනාගතේම බලල තමයි සාස්තරේ කියන්නේ... ඉන්ටකො... ආයෙත් ආවම... දෙන්නේ වශිබෝලෙන්!

      Delete
  6. අපොයි මටත් පේන්න බැරි වැඩක්නේ ඕක..ඒ නම් ඉක්කෝලේ නොසණ්ඩාල කෙල්ලෝ ගුරුවෙරියන්ට කළ ප්‍රශංසා අහලමයි මගේ හිතේ...පස්සේ නම් මට ගුරුවරියෝ පේන්නම බැරුව ගියා..හේතුව පුද්ගලිකයි රහසිගතයි! :D

    ReplyDelete
    Replies
    1. හපොයි උඹ ගුරුවරියක් වුනානම් ,ගෝලයෝ අංගුලිමාලලා වෙලා තමයි නවතින්නේ ..ඕ.. යේස්

      Delete
    2. දෙයි හාමුදුරුවනේ.... මුන් ඔක්කොටම ගුරුවෙරියෝ පේන්න බැරි මොකද බොලේ? මට නම් ගුරුවෙරියෝ උන්නා දෙජාතියෙන්ම, ඒ කියන්නේ හොඳ සහ නරක. මම ගුරුවරියක් වෙන්න හිතල නැති උනාට ගුරුවරියන්ට වෙන්න විශේෂ අකමැත්තක් තිබ්බේ නැහැ, අදටත් නැහැ.

      Delete
    3. ඉවාන් : ඒකනේ යකොව් මම ගුරුවෙරියක් නොවී අංගුලිමාලයෙක් උනේ..එන්න එපා හරිය? ඇඟිලි 2-3ක්වත් කපාගන්නවා..! ඕ..යේස්! :P :P

      Delete
    4. ඔව් ඔව් බං..එහෙම හොඳම හොඳ කට්ටියත් ඉන්නවා..හැබැයි බහුතරය කචල්..බහුතරයකට තියෙනවා මෙන්න මේ වගේ යහපත් ගුණාංග : අන් අයගේ ඕපාදූප සෙවීම්, අන් අයට ගැරහීම, මං විතරයි දන්නේ සිතීම, නියම මෝරා අසුවුණ කල නියමෙට බ්‍රේන්වොෂ් කිරීම, දෙන්නම් දොඩම් ආකල්පය..
      දැන් නම් ඉස්සර හිටි ජාතියේ ගුරු වෘත්තීයේ දෙවිවරු බොහොම විරලයි මං හිතන්නේ..:D

      Delete
    5. තනි තරුව: ඇඟිලි කපාගත්තට කාරියක් නැත. නමුත් කපන ඇඟිල්ලක් ගානට බදු ගෙවීමට අමතක නොකරන්න.
      ප.ලි. ගුරුවරු කියන්නේ අපේ සමාජයේම එක කොටසක්. හොඳයි ඔබ ගන්න ගෘහනියක්... ඔබ කියන ජාති ඔක්කොම ඒ ජාතියත් කරනවා නේද? එහෙනම් ගන්න රජයේ කාර්යාලයක සේවිකාවක්. ඒත් ඒ වගේ නේද? දැන් ඉස්සර වගේ නෙවෙයි. ගුරු වෘතිය කියන්නේ රැකියාවක්. වේතනයක් ගෙවනවා උහුලන්න බැරි ප්‍රෙෂර් එකක් දරනවා. ඉස්සර සමහර වෙලාවට වේතනයක් නැහැ, ගුරු පඬුරු කියල දෙන්න ගොහින් අමාරුවේ වැටෙන්නේ කවුද? හි.. හි... මම ගුරුවරුන්ගෙන් අනේක හිරිහැර විඳලා තියෙනවා. නමුත් ඔවුන් ගැන තරහක් දැනෙන්නේ නැහැ. ගණන් ගන්න .එපා අනේ....

      Delete
  7. උඹල අපෙ අත්තම්මගෙ නෑයොද කොහෙද? අපෙ අත්තම්මත් කිව්වෙ ගුරුවිරී කියල...හෙහ්,හෙහ්, " සුට්ටි පුතේ...ඔන්න අපේ කුල ගෝස්තර වලට හරියන හොඳ රතු ගුරුවිරියක් හොයාගන්ට ඕන හොඳද? " ආං එහෙමයි මයෙ යන්තමට උගුරු ඇටේ කැඩිච්ච දා ඉඳල උන්දෙ කියන්ට ගත්තෙ

    / ඒ තමයි 'විද්‍යාඥයෙක් වෙන්න' /

    විද්‍යාඤයෙක් වෙන්න ….අන්න එහෙමයි හරි....:P

    ReplyDelete
    Replies
    1. හෙහ් රවියා..... මගේ අම්මේ... නෑයෝ - වේයෝ - මීයෝ ජාතියේ සම්බන්ධයක් තමයි එහෙනම්!

      රතු? අපේ අත්තම්මටත් ඔය අමුතු පාට කිවිල්ලක් තිබ්බ. රතු අයට පුදුම සැලකිල්ලක් තිබ්බේ. එයාගේ කලර් කෝඩ් එකේ මම හිටියේ දම් /ලා දම් කොටසේ. අපේ අක්කා නම් රතු.. මොකට කියනවද ඒ රතු!

      ඈ එහෙනම් බීට් අලයක්ද හොයාගත්තේ? නැත්තම් නයි මිරිස්? ( රතු නම් ඉතින්)

      ඔය කිව්වේ spellings නියමෙට!

      Delete
  8. හරියට හරි. අම්මටද තාත්තටද වැඩියෙන් ආදරේ කියන එක වෘෂභ ප්‍රශ්ණයක් තමයි.
    "මම දෙන්නටම එක වගේ ආදරෙයි" කියලා පොඩි එකා උත්තර දුන්නොත්
    "නෑ නෑ. දෙන්නටම එක ගානට ආදරේ වෙන්න බෑනේ. කාටද වැඩියෙන්ම ආදරේ? අම්මා නේද?" කියලා අහලා පොඩි උන්ව බයිට් කරන වෘෂභයොත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කොහොමහරි පොඩි එකාගෙන් වැඩිහිටියාට ඕනේ උත්තරේ ගන්නමයි හදන්නේ. පොඩි උන්ව බයිට් කිරිල්ල මට නම් හරි හිරිකිත වැඩක්.

      Delete
    2. ඇයි බං කම්මුල් මිරිකන එක.

      Delete
    3. ඇයි තව තියෙනවා ඩුඩ්..

      1. අතේ තියෙන සෙල්ලම් බඩුව ඉල්ලන එක ('මට දෙන්නකෝ' කියල )
      2. ඇඳගෙන ඉන්න ඇඳුමට මොකක් හරි හිත රිදෙන කොමෙන්ටුවක් කියන එක.
      3. සපත්තු, කොණ්ඩ බෝල, අත් ඔරලෝසුව ඇතුළු පැළඳගෙන ඉන්න සියලු දෙයක් වේ නම් ඒවා ගන්න එක/ඉල්ලන එක/ පැහැරගන්න එක

      තව කියන්නද?

      Delete
  9. මමත් ඉතින් ගුරු වෘත්තියට ආයෙත් පණ දෙන්න හදන හැටි ගැන මේ දැන් කාමරේ දොර ඇරලා ලිව්වා ආයුබොවන්ඩ.....

    ReplyDelete
  10. තුති තිටර් ... . . හොදම ජොබ් ටික සංශෝධනය කරගෙනනේ...

    ReplyDelete
    Replies
    1. හි.. හි.... ඔයින් ගියා මදැයි අනේ....

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...