Monday, August 18, 2014

63. 1ට කලින් 2

එකපාරක් කියල කට/අත ගන්න ලැබුනේ නැහැ.. ආයෙත් ඒකම කරලා!

හැබැයි මේ පාර නම් තත්වේ දරුණුයි... කරලා තියෙන්නේ සැලසුම් සහගතව.

කොච්චර සියුම්ද කියනවා නම් ෂර්ලොක් හෝම්ස් දැම්මත් හොයා ගන්න බැරි වෙයි කොහොමද මේක කරේ කියල. මට දැන් අලුතෙන් හිතන්න වෙලා කොහොමද මගේ දේවල් පුළුවන් තරම් රහසිගතව තියාගෙන ඉන්නේ කියල.



කියන්න බැහැ , ලියන්න බැහැ , අඩුම තරමේ හිතන්නවත් බැරි වෙලා...

මම කියලත් ඇති මගේ පරිකල්පන හොරාගෙන ලොකු ලොකු අය කරලා තියෙන දේවල් ගැන. කොටින්ම මගේ පේටන්ට් නොදී හිටපු ගැන. ඒකත් කමක් නැහැ කියමුකෝ...

දැන් වෙලා තියෙන්නේ ඊටත් එහා ගියපු වැඩක්...

කොටින්ම කියනවා නම්,



මම ලියන්න කියල හිතාගෙන හිටපු (තප්පු ලෑවා මිසක් මුකුත් කලේ නැහැ.. හි.. හි.. ) කතාවක දෙවැනි කොටස මෙන්න ටෙලි ඩ්‍රාමා එකක් කරලා!!!

මුන්ට මොනවා කරහම හිත් වදිනවද ඈ ??

මෙහෙමයි.....
මේකේ වස්තුබිජයේ තිබ්බ ඇලෙන ගතිය හින්ද මම ලියන එකට උනේ බාලගිරි දෝසෙ ගහපු එකයි. කොටිම කිව්වොත් කතාවේ වතුබිජයට මගෙත් තිබ්බ පොඩි පොඩි සම්බන්ධකම් හින්ද මට හරි කම්මැලියි ඔය ගැන ලියන්න.



ඒත් මගේ වතුබිජය හොරකම් කරලා, පැල කරලා ආපු ගහෙන්... දළු අරගෙන රසම රස සුප් එකක් හදල තියෙනවා දැක්කම.....

හෙහ්.. ඕකට කියන්නේ ඉරිසියාව මැට්ටි !

එව්වා ගියාවේ.
කාලයක් තිස්සේ බලාගෙන යන අතේ ඇඟිලි ගානටත් අඩු රුපවාහිනී කතන්දර අතරේ..... 'චෙස්' කතාව පටන් ගන්නත් කලින් මගේ අවධානය ඒකට ලැබෙන්න චාන්දනිත් (සෙනවිරත්න) බලපෑවා කිව්වොත් ඒක ඇත්තක්. ඒත් ඒක බලනකල් කතාව හිතාගන්න බැරිවුනා.

බලනකොට..... මම මෙතෙක් කාලයක් ඇතුලත ලියන්න හිතාගෙන හිටපු කතාවල් අතරින් එකක අංකුර මේ කතාවේ අස්සේ තියෙනවා දැක්කම.... මට දැනුනේ පුදුම කේන්තියක්. ඒ මොකවත් හින්ද නෙවෙයි, මේක ලියාගන්න බැරුව තටමන්නේ මොන එහෙකටද කියල.

තමුන්ගේ සියලු සිහින හකුළුවන්, පවුල් ජිවිතයට කැපකිරීම් කරන තටු ඇති ගැහැණියක් , කවදාවත් ඒ කුඩුවෙන් මිදෙන්න තනන්නේ නැද්ද? එහෙම මිදෙන්න ඇය කුමක් කරයිද?

ඕන මගේ ප්‍රස්තුතය..... දැක්ක නේද තියෙන සමානකම?

මගේ හිතවත්ම යෙහෙළියක් (ගැහැණියක්) , මේ කතාවේ චන්දනිගේ ( මහේෂි) චරිතයට සමපාත වෙනවා. එක අතකට පිරිමින්ගේ සමහර පීඩනයන්ට ඉස්සර ගැහැණු සාර්ථකව මුනුනදුන්නත් දැන් ඉන්න මහේෂිලා නම් එහෙම ඉන්නේ නැති බව කතාවෙන් සියුම්ව කියනවා. තියෙන ප්‍රශ්නේ තමයි, ඕක තේරෙන්නේ කීදෙනාටද කියන එකයි....

කතාව
පුර්ෂාධිපත්‍යෙන් කියෙව්වොත් - ගැහැණු චපලයි. චපල ගෑනු ඇනගන්නව අන්තිමේදී.. හැක් ... හැක් ... හොඳවැඩේ ගෑණිට !
ස්ත්‍රීවාදී විදියට කියෙව්වොත් - ගැහැණු හිරකරගෙන ඉන්න බැහැ . අන්තිමේදී විඳවන්න වෙන්නේ පිරිමියාටයි. හිකි හිකි... හොඳ වැඩේ මිනිහට.. !

මේ කොමෙන්ටු දෙකම, මට මගේ කනට ඇහිලා තියෙනවා. ඇත්තටම ඒ කතාවල් වල වැරැද්දක් නැහැ. මොකද මේ දෙකටම ආහාර මේ කතාවේ තියෙනවා. මට හිතෙන්නේ ඊට වඩා යමක් තියෙනවා.......

පවුල ඇතුලේ සතුටින් නැති ගැහැණියට - රට මොකක් උනත් - ලොකු අනතුරක් තියෙනවා...........

මේ කතාවේ පලවෙනි කොටස මම මගේ යෙහෙළියගෙන් ඇහුව, ඇගේ ජිවිත කතාව විදියට. ඇගේ ජිවිතේ සමහර තැන් එක්ක මගේ සමහර සන්ධිස්ථාන ගැලපුන හින්ද, ඇත්තටම ඒ කතාවේ මමත් එක චරිතයක්. කතාවේ අන්තිම අඩියට එනකොට මම කිව්වා

"වසු, මම මේක පොතක ලියන්නද? අවුලක් නැද්ද?"
"ලිව්වට කමක් නැහැ උපේක්ෂා, හැබැයි පරිස්සමෙන්"
"ඒ මොකද පරිස්සම් වෙන්නේ... ඔයාගේ කවුරුහරි කියවයි කියලද?"
"සමහරවිට ඔව්, මොකද මම දන්නවා සමහර දේවල් ඔයා ලියන්නේ අමුවෙන්ම කියල. මට බයයි ඔයා මම හිතපු දේම ලිව්වොත්.. හි.. හි.."
"මම ලියන්නේ මම කතාව කියනවා වගේ"
"අනේ එපා.. පිස්සුද ? කලණ ගේ වගේ නෙවෙයි මැට්ටි , මේක ගෑනු කතාවක්... තමුසෙට නරකයි"
"හ්ම්ම්...."

මම කට පියාගත්තා. ලියල කොහේ හරි හංගල තියන්නමයි හිත. කතාවේ අන්තිම හරිය කිව්වට, තාමත් ඒ කතාව යනවා.. මොකද ඇය ජිවත් වෙනවා.
චෙස් බලපු /බලන කට්ටිය දන්නවා මොනාද මේ කයන්නේ කියල. නැති කට්ටියට මගේ ප්‍රස්තුතය ඇති නේද හිතාගන්න?

මේක කිව්වේ ප්‍රවිශ්ටයක් විදියට.....
මේ වැඩ අස්සේ 

9 comments:

  1. කරකවල අත්හැරිය වගේ.
    මක්කයි මේ.

    ReplyDelete
  2. ටිකක් මාන්දමික එකක් නේ...

    ReplyDelete
  3. අපි නොදන්න චෙස්. ලියපියකෝ ඉතින් තටමන්නේ නැතුව. :P

    ReplyDelete
  4. ප්‍රස්තුත අනං මනං දිරවන්නේ නැත...
    නමුත්..
    චාන්දනී සෙනෙවිරත්ත "චෙස්" තුල අගය කල යුතු රඟපෑමක් කරන බව කිව මනාය..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. ඉතිං ලියපන්කො ,අනුන්ගේ චෙස් වලට බාල්දි පෙරලන්නේ නැතුව .

    අපි කොහොමත් ටෙලි නාට්‍ය බලන්නේ නෑ

    ReplyDelete
  6. දැන් ඉතින් එක ලියනකන් ඉන්න වෙයි වගේ අපිට මේක තේරුම් ගන්න..

    ReplyDelete
  7. විකාර විගඩං නාටක මංඥං නැතිව
    ලියනෙකක් ලියකො බං...
    තේරෙන සිංහලෙන්...
    හතර වරං මට නං මේක කියවලා..
    ඔව් ඉදගෙන

    ReplyDelete
  8. චෙස් කියලා කතාවක් තියෙනවද කියලා දන්නෙත් දැනුයි බොල.

    ReplyDelete
  9. ටීවී එක අතහැර දමා දැන් අවුරුදු දහයකටත් වැඩිය. "චෙස් " මට නම් නට්......., ඒ නිසා ලියන මගුලක් හොද හිතින් ලියහන්.
    (මගේ පුස්පේ විසකිත කරගන්නේ නැතුව.)

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...