Monday, July 13, 2015

194. අයුතු





අන්සතු කොවුලෙකිය
ගී ගයන විට විතරක්
මගේ වන,
ඉඳහිට පලවැල ඉල්ලන
නොඉල්ලූ විටද
පලවැල තබා එන


මම...


විටෙක කපුටන්ටද
රැවටෙන....
හැමදාම නුඹේ කටහඬට
ගැලපෙන ගී තෝරන...




12 comments:

  1. කෙටියි රහයි
    ලස්සනයි
    ජයවේ උපේ!

    ReplyDelete
  2. තෝත් ඇන්ඩ් තුවිට්.

    ReplyDelete
  3. ගයන්නට පෙම් ගීය
    වදන් අමතකයි මෙමට
    සිතයි මට සොයා එන්න
    මට අහිමි මගේ කවිය.

    ReplyDelete
    Replies
    1. දමා ආ ඒ කවිය
      සැගවිමි සෙරෙප්පුවක

      Delete
  4. කොවුලා .... ගුටි කා පලා යන්නේ උගේ අම්ම නිසාය......
    අම්ම ඌවකපුටු කුඩුවේ තිබ්බේ .... කුඩු හදන්න තියන කම්මැලි කමටය......
    එහෙව් එකේ කපුටන්ටත් රැවටෙන එක කජ්ජක්ද ....? උපේකෝ......?

    මේවටත් හේතු ඔය නොසන්ඩාල ආදරේමද ......?

    ReplyDelete
    Replies
    1. කොවුලෙක් උනත් අම්මෙක් විඳින දොස?

      Delete
  5. ඒක මරු උඹ දාල තියෙන පින්තුරේ ඊට වඩා මරු

    ReplyDelete
    Replies
    1. සික් විතරක් නොසන්ඩාල ගෙම්බා

      Delete
  6. කයිය එල ද බ්‍රා
    පිංතුරේ ඩබල් පුෂ්-අප් එල ද බ්‍රා

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...