Tuesday, July 7, 2015

191. දුම ( කෙටි කතාව) - 4




මුල් කොටස 
දෙවන කොටස 
තෙවන කොටස 


සිය කබායේ ඇතුල් සාක්කුවට සිය වමත යොමුකළ කමල් ඉන් පිටතට ගත්තේ කඩදාසි ගුලියකි. තමා දිවගෙන එනවිට නැංවුණු දහදියෙන් විවර කරන ලද ලිපිය පෙඟී ගොස් තිබුනද, විවෘත නොවූ ලිපි තුන එතරම් හානියක් නොමැතිව ගුලිවී තිබුණි. ඒ සියල්ලගේම ලියුම් කවරයේ 'කෝප්‍රල් මිලින්ද කොඩිතුවක්කු' යයි කුරුමිණි අකුරු වලින් සඳහන් වී තිබිණි.

"මල්ලි.... බස්සෙක කීයටද යන්නේ?"

රියදුරු අසුනේ සිට සිය බුලත් විට සරිකරමින් ආ කොන්දොස්තර අමතා කමල් ඇසුවේ සිය උඩු කබායෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිසදමමිනි. සිය ගමේ තැපැල් මහතා හඳුනාගත් කොන්දොස්තර තැන, සිය වියලි මුහුණට යන්තම් සිනහවක් නගාගනිමින් විට පොදිය මුවේ රුවා ගත්තේය.

"තව ඩින්ගෙන් යනවා මහත්තය, මොකෑ මේ හදිස්සියේ? ගමේ යනවෑ ?"

"යාලුවෙක්ගෙ මළගෙදරක යනවා, හදිස්සියේ"

කමල් කතා කලේ කොන්දොස්තර තැනගේ ඇස් මගහරිමිනි.

"කොහේ? කැකිරාවේ?"

"නෑ , ඉපොලෝගම හරියේ. හොයාන යන්ඩ වෙන්නේ. හරියටම දන්නේ නැහැ..."



"ඔතැන ගැස්සෙනවා වැඩියි මාත්තය, ඉස්සරහින් වාඩිවෙන්ඩ... ඉස්සරහ දෙවැනි එක ඉඩ අරන් දෙන්නං"

කියමින් කොන්දොස්තර තැන ඉදිරියට ගොස් පොදියක් වැනි යමක් මුල්ලට කොට ඉඩ සලසා දුන්නෙන්, කමල් ඉන් ජනේලය පැත්තට වන්නට ගුලිවී හිඳගත්තේය.

බස්රිය පිටත් වනවිට ප්‍රවේශපත් ගත් සැනින් නිදිබර වන අනෙකුන් අය සේ කමලද නිදිබර බවක් පලකලෙන් කොන්දොස්තර ඉවත්ව ගියේය.

සැනකින් සිය කබායෙන් ගත් හසුන්පත් නැවත දිගහැරී කමල්, නැවත වතාවක් විවෘත කරනලද ලිපියේ අවසන් ජේදය නැවතත් කියව්වේය.

'...... මේක මට තවත් ඉවසන්න බැහැ මිලින්ද අය්යේ. මේකට උත්තරයක් තව සතියකින් ලැබුනේ නැත්තම් මම එනවා ඔයාව හොයාගෙන ඔයාගේ ගෙදර. එපා කියන්න එපා. මට දැන් මේ ගෙදර අපායක්....'

*******************************************


ගුරුපාර අවසානයේ ඇරඹෙන රණවිරු ගම්මානයේ දොරටුව පෙනෙන මානයෙන් නතර වූ කමල්ගේ හිත තදින් ස්පන්ධනය වන්නට විය. තමන් ආවේ නොආයුතු ගමනක් බව ඔහුට එකවරම සිතුනෙන් තවත් නොසිතා ආපසු හැරී ඉක්මන් ගමනින් කඩමණ්ඩිය වෙත පියවර ඔසවන්නට විය. ඒ සමඟම ඔහු අසලින් දුහුවිලි නංවමින් ජීප් රථයක් තිරිංග තදකොට නතරවිය.

"කමල්?"

හිස එළියට දැමු සැනින් කවුරුන්දැයි හඳුනාගත නොහැකි වුවද, සිය හිස්වැසුම ඉවත්කොට සිනාසෙනවිටම කමල්ට ඔහු හඳුනාගත හැකි විය.

"මෙත්තේ.. උඹ?"

"ඔව් බං. මම තමයි. උඹ කොහෙද මෙහෙ? මෙහෙද පදිංචිය?"

"නෑ බං. මම මේ වැඩකට ආපු ගමන්. අම්මෝ උඹ වෙනස් වෙලා තියෙන තරම.. හමුදාවට බැඳුන කියල ආරංචි උනා. ගමෙන් ආව කියල අම්මත් කිව්වා."

"ඔව් මචං..."

මෙත්සිරිගේ මුහුණ යන්තමට මෙන් හැකිලී ගියද ක්ෂණයෙන් යථාතත්වයට පත්විය.

"... යමන් අපේ ගෙදර. නැගපන් ජීප් එකට. මම නිවාඩු ආපු ගමන්, හෙට යනවා. නැගපන් ඉතිං"

"බෑ බන්.. මම ආයෙම යන්න ඕනේ"

"පිස්සු කෙලින්න එපා. වරෙන් යන්න ගෙදර..."

කැළඹීමෙන් උන් කමල් බලෙන් මෙන් රථයේ නංවාගත් මෙත්සිරි දුහුවිලි අවුස්සමින් සිය රථය පාරට හැරවිය.

".. උඹ ඉස්සර වගේමයි. මොකද බන් ගෑනි වගේ ලතැවෙන්නේ. උඹ තාම කසාදයක්වත් කරගත්තේ නැද්ද?.. හැක් හැක් "

මෙත්සිරි කමල් දෙස බලමින් ධාවනය කරයි. රණවිරු ගම්මානයේ ගේට්ටුවෙන් ඇතුලට පැදවූ ඔහුට ගේට්ටු කීපයකින්ම ආචාර කරන සේවයකින් සිටියහ.

"මෙත්තා.. උඹ ලොක්කෙක් වගේ නේ?"

කමල් දෙස බැලු මෙත්සිරි පුළුල් සිනහවක් පෑවේය.

"වරදක් නෑ බං. මෙහෙ අපිට ගෙවල් ලැබුන. ඉන්න තැනක් නැතුව හිටපු අපිට වෙන මොනාද බං? අය්යත් මට පස්සේ ජොයින් උනා. අම්මට සලකාගෙන ඉන්න තියෙනවා දෙය්යනේ කියල. පඩිත් හොඳයි. කාටවත් නැමෙන්න ඕනේ නැහැ. පාඩුවේ ඉන්න පුළුවන්."

අලුතෙන් නිමකරනලද යයි සිතිය හැකි, මධ්‍යම ප්‍රමාණයේ නිවසක දුහුවිලි පිරුණු මිදුලේ ඇති දිවුල් ගසක් හෙවනේ සිය ජීප් රිය නතරකල මෙත්සිරි කමල්ට බිමට බසින්නට සන් කළේය. බිමට බැස්සද පැකිලෙමින් සිටි කමල්ව අතින් අදිමින් ගේ දෙසට ගමන් කල මෙත්සිරි  සිනාසෙමින් සිතුයේ කමල් එදා සේම කුලෑටි බවය.

"අය්යේ... උඹට මතකද කමල්? අර මොලී නැන්දගේ බාල පුතා. මෙන්න මට අද මෙතැන හම්බුනා..."

නිවස දෙස බැලු කමල් දුටුවේ රෝදපුටුවක නොසෙල්වී සිටින රුවකි. ඒ කිසිවෙකුත් නොව, මෙත්සිරිගේ වැඩිමහල් සහෝදරයා බව හඳුනාගන්නට ඉතිරිව තිබුනේ ඔහුගේ එකල සිටම පැවති කම්මුලෙහි වූ උපන් ලපයයි. කමල්ගේ හිත උණුවී ගියේය.

"...... අය්යා හිටියේ ෆ්රන්ට් එකේ බං. ෂෙල් එකක් වදිනකොට ආපු ෂොක් එකට තමයි වැඩිපුරම. කතා කරන්න බෑ තාම"

කමල්ගේ තිගැස්ම හඳුනාගත් මෙත්සිරි හිඳගැනීමට අසුනක් පෙන්වමින් කිවේය. කමල් අපහසුවෙන් මුහුණට සිනහවක් නංවා ගනිමින් හිඳගත්තේ කියන්නට යමක් නැති බැවිනි.

"අය්යා ගිය පයින්ම? හැන්දෑ වෙනවා කිව්වා නේ? හෙනං අම්මවත් එක්කන් යනවද කඩේ ඉතිරි බඩු ටික ගන්න?"

"ආ.. නංගියේ... මම මේ යාලුවෙක් හම්බුන නිසා ආයෙත් ආව. අම්මට කියහන්කෝ මේ නෑයෙක් ඇවිත් කියල..."

දොර රෙද්ද අසලින් එබුනු ගැහැණු රුවක් නැවත ගෙතුලට අතුරුදහන් වනු දුටුවද කමල් බිම බලාගත්වනම සිටියේ මෙතැනින් ගැලවී යන අකාරය ගැන හිතමිනි. හිතේ නැගුනු ආවේගයට පැමිණි මුත් බරක් පතලක් තමා සිතුවේ නැත්තේ ඇයි ?

"ඉතින් ඉතින් බන්? කියපන්කො විස්තර... නංගියේ මොනා හරි ගෙනෙන්කෝ කන්න. තේ ටිකක් තියහන්... ආ උඹ මේ බලනවා ඇත්තේ මට කොයින්ද නංගියෙක් කියල. මේ අපේ අය්යාගේ නෝනා බන්..."

සිය පුටුවෙන් නැමී කමල්ට ලංවී මෙත්සිරි සිනහවක් පහල කරමින් පහත හඬින් කතා කරන්නට විය.

".... දැක්කද අපේ එකාගේ වැඩ? උගේ කෙල්ල හොයන් ආව බන් ඌව...."

එකවරම දොර රෙද්ද මෑත් කරමින් මතුවුයේ බිස්කට් බන්දේසියක් අතැති නිර්මලාය. කමල් විසල් කරගත් දෑස් වලින් සිය වියළුණු යටි තොල සපාගත්තේය. නිර්මලා කිසිදු වෙනසක් නොපෙන්වා බන්දේසිය අතැතිව කමල් අසලට එනවිට සිය දුරකතනයට ආ ඇමතුමට උත්තර දීමට මෙත්සිරි මිදුලට බැස්සේය. බන්දේසිය කමල් අසල ටිපෝවෙන් තැබූ නිර්මලා එයින් එක බිස්කට්ටුවක් ගෙන රෝද පුටුව කරා ගමන් ගති.

"න.. නි... නි.. නිර්මලා...."

"..............?...."

රෝද පුටුව කමල් දෙසට හරවා එය තල්ලු කරගෙන ආ නිර්මලා සිය අතෙහි වූ බිස්කට්ටුවේ කුඩා කොටසක් රෝද පුටුවේ උන් මිනිසාගේ මුවෙහි හොවද්දී, ඉන් වැඩිපුර කොටස බිමට හැලී ගියේය.

"....මහත්තය දැන් යන්න.... මේ අය්යාව මට සනීප කරගන්න පුළුවන්. මිලින්ද අය්යේ.... මේ මහත්තය මට ගමේදී ගොඩක් උදව් කළා"

කමල්ගේ කකුල් දෙක පන නැතිව ගොස් සියල්ල අන්ධකාරයට යනවා සේ දැනුනද මේ දකින්නේ සිහිනයක්දැයි සැකයක් ජනිත වන්නට විය. රෝද පුටුවේ උන් මිනිසා යමක් කියන්නා සේ 'ගොර ගොර' හඬින් ශබ්දයක් පිටකරන්නට උත්සහ කළේය.

නිර්මලා රෝදපුටුව තල්ලු කරගෙන ගෙතුලට යන්නට සැරසෙනවිට සිය කබා සාක්කුවේ ඇතුල් පස වූ කඩදාසි ගුලිය මිටිකොට අල්වා ගත් කමල්ගේ උගුරෙන් යමක් පිටවිය.

"ම.. ම.. මම තමයි"

නිර්මලා හිස හරවා බැලුවේ විදුලි වේගයෙනි. ඒ සැනින් කමල් වෙත ඉක්මන් ගමනින් ආ නිර්මලා කමල්ගේ ඉවතට හැරුණු ඇස් ඉදිරිපිට බලෙන් මෙන් සිටගත්තාය.

"ඔව්... ඒ නිසා තමයි යන්න කිව්වේ. හිතුවද මම මේ ගමන ආවේ ඒක නොදැන කියල? කරුණා කරලා ආපු විදියටම යන්න මහත්තය..."

කමල් බිමට හරවාගත් හිසින් යුතුව මිදුලට බසිනු දුටු මෙත්සිරි පුදුමයෙන් මෙන් නිර්මලා දෙස බැලුවේය.

"... අය්යට බෙහෙත් ටික දෙන්න යනවා...."

කියමින් ඇය රෝද පුටුව තල්ලු කරමින් නිවස තුලට පිටත්විය.



~~~~~~ නිමි ~~~~



ප.ලි. බැනපල්ලා මට දැන් ඉතින් 

30 comments:

  1. //ප.ලි. බැනපල්ලා මට දැන් ඉතින් //
    මොකටද බං බනින්නෙ? මේ තියෙන්නෙ හරියක් දිගේ ලෙස්සලා ආපහු ආවා වගේ.

    ReplyDelete
    Replies
    1. බනින්නේ නැහැ... ??? ඉහි ඉහි....

      Delete
  2. මිට වඩා ඇඩ්වෙන්චර් එකක් තියෙයි කියල හිතුවා ..

    ReplyDelete
  3. එතකොට කමල් අර ලියුම් ටික හොරකම් කරලද, මොකද්ද අෆ්ෆා අගමුල තේරුනේ නෑනෙ. ආයෙම කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මම වචන තුල දේවල්/සාක්ෂි හංගනවා. කතාව දුර්වල බව මම තේරුම් ගත්ත. පොඩි අවුලක් උනා...

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න... මේක ගොසිප් ලියන්න තියෙන තැනක් නෙවෙයි. ගිහිල්ල තමුන්ගේ තාප්පෙක ලියාගන්න.

      Delete
  5. මරු ඕයි....!!!!
    මම මේ කෙටි කථාවක් කොටස් වශයෙන් කියෙව්වමද කොහෙද...!

    මේකත් තාප්පෙක ලියාගන්න කියාවිද දන්නේත් නැහැ....!

    ReplyDelete
    Replies
    1. මමත් මේ කොටස් වශයෙන් නව-කෙටි කතාවක් ලිව්වමයි. මාරයි නේ?? ( හැමෝම කියනවා...!)

      අපෝ.. තාප්ප මේ දවස් වල අඟලක් බර ගානක් වෙනවා. මුර කාරයෝ දාල රැක්කත් උදේ වෙනකොට තට්ටු දෙක තුනක් පෝස්ටර්!

      Delete
  6. මංද මට පිස්දු වගේ. මොක්ක වුණා.....????
    මංඥං වුනා
    ටටා කියපු කැත

    ReplyDelete
    Replies
    1. මේ කෘර ලෝකයෙන් මිදී
      ඔබ වෙතට පලා එන්නම්
      මේ කෘර ලෝකයෙන් මිදී
      ඔබ වෙතට පලා එන්නම් ......
      හඳේ තෙතක් නැ දයා දියක් නැ
      බැලු බැලු ඇත කිසි පිළිසරණක් නැ ..
      මුළු ලොවම රව ඔරවා බලන වෙලේ
      ඔබ වෙතට පලා එන්නම්....
      මේ කෘර ලෝකයෙන් මිදී .
      ඔබ වෙතට පලා එන්නම්
      මේ කෘර ලෝකයෙන් මිදී
      ඔබ වෙතට පලා එන්නම් ......
      රාගී නෙතු යුග දැල්වේ තැන තැන
      සියුමැලි වදනක් ගව්ගන්නක නැ ..
      රණ බිමක ගැටී ලොව අවි ගටනා වෙලේ
      ඔබ වෙතට පලා එන්නම්.
      මේ කෘර ලෝකයෙන් මිදී
      ඔබ වෙතට පලා එන්නම්

      ගායනය - නිරංජලා සරෝජනී ..

      Delete
  7. මදැයි ? උඹ කලොත් ඔහොම නොසන්ඩාල වැඩක් තමා . එල

    ReplyDelete
    Replies
    1. අපි කලොත් තමයි නරක... හුහ්

      ( මේ ඒක නෙවෙයි... මට බැන බැන ඉන්නේ ලියනවකෝ මොනා හරි. නැත්තම් ඔන්න අපි පණ්ඩිතයෝ වෙනවා. ආයේ නොකිව්වයි කියන්ට එපා!)

      Delete
  8. ඇයි අපිට මෙහෙම කලේ නුවරෙ. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියල හීනෙකින්වත් හිතුවේ නැ නුවරෙ.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්ට එපා අය්යා.... දුක් වෙන්ට එපා.....

      Delete
  9. පොඩ්ඩක් හිටු.තව පාරක් කොටස් හතරම එක පාර කියවන්න වෙයි වගේ.

    ReplyDelete
  10. ඒකත් එහෙමද? මාස කීපයකට පසු,දින කීපයකින් අනතුරුව වගේ කෑලි ටිකක් පෝස්ට් අතරට දාගන්න ඕනෙද? නැත්තම් මට වයර් ද? මොනව උනත් ඔහොම කෙල්ලොත් අතලොස්සක් ඉන්නවා.. ඔහොම කොල්ලො කියන උනුත් ඉන්නවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩුපාඩුවක් තමයි ඒ කාලය ගැන හොඳින් කියවන්නාට නොදැනීම. ස්තුතියි. මම සැලකිලිමත් වෙන්නම්.

      Delete
  11. එක අතකට එහෙම තමා වෙන්න ඕනේ ලියුම් හොරුන්ට.

    ReplyDelete
    Replies
    1. අහිංසක වගේ උන්නම ගොඩක් දෙනෙක් සැක කරන්නේ නැහැ.

      Delete
  12. අපොයි මට අනිත් කොටස් ටික මිස් වෙලානේ ...කියවලාම එන්නම් ...
    හොල්මන්ද පොල්කොළ වගේ ...

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරක්ද? මම හිතන්නේ හැමෝටම එහෙම වගේ. කතාව සාර්ථක නැහැ කියල පිළිගන්නවා

      Delete
  13. නියමයි. එක පාරට තේරුම් ගන්න බැරි උනා හැබැයි :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මම සැඟවූ අදහස් දක්වපුවා ප්‍රභල නැති නිසා වෙන්න ඇති. සාර්ථක නැති බව පිලිගන්නවා.

      Delete
    2. මම අසාර්ථකයි කියල කිව්වෙ නෑ අප්පා. මං හිතුවෙ ඒක මගෙ අවුලක් කියල :)

      Delete
    3. නෑ.. ඔබ ගැන විතරක්ම නෙවෙයි මම කිව්වේ. නිර්මාණය එක්ක මගේ බාහිර පරිසරයේ බලපෑම මතුවෙලා ඒක දියාරු වෙලා ගියා. අසාර්ථක නිර්මාණයක් බවට සැකයක් නැහැ. ඔබ කියවලා ඇතිනේ අනිත් අයගේ සාර්ථක නිර්මාණ? අවන්කෙන්ම මම කියන්නේ..

      Delete
  14. මට හොඳට ලියන්න බෑ. හැබැයි හොඳට කියවන්න පුළුවන්. මටනම් එහෙම අඩුවක් පෙව්නෙ නෑ. ලස්සනට චිත්තරූප මැවෙනව. සමහර තැන්වල හංගපුව එලියට දැම්මනම් කතාව අමු හෙළුවෙන් වගේ වෙනව. ඒත් පොඩ්ඩක් කොටට අඳින කෙල්ලො දිහා කොල්ලො බලනව වැඩි. :ඩී

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...