තැනින් තැන හිඳිනු මිස ඉන්ට හරි තැනක් නැහැ
පුතේ උඹ ගැබ තියන් ගෙයක් තැනුමකුත් බැහැ
මට වගේ පුත උඹට ගහින් ගහ ලගිනු බැහැ
අතැර යනු මිස වෙනත් විසඳුමක් දැනෙනු නැහැ
ඇසේ මට කිචි බිචිය කුඩුවේ අද උදෙන්
සැඟව ඉඳ බලා උන් අතුපතර තුල ඉඳන්
කන්යොමමි වැරෙන් මා , හදෙහි බය යටකරන්
කුළුඳුලේ උඹේ හඬ දැන් ඇසේදෝ හිතන්
හිතේ ගිනි පහවගිය උඹේ කටහඬ ඇසී
නමුත් ඔබ හදන මව තිගැස්සෙයි හඬ උසී
යලිත් සැඟවී බලමි වසින විට මහ වැසී
කෙසේ හෝ උඹ දකිමි කූඩු මුල්ලක විසී
තදින් කොටනා හොටෙන් පහරවල් වලකමින්
ඉදින් ඉවසා ගනින් ඔබේ ඒ සොහොයුරන්
හිතින් සිය දහස් වර මටම සාපම කරන්
කමක් නැත , දුකක් නැත පුත මගේ රත්තරන්
ඇසෙනමුත් අවලාද මගෙ නමට ඇති තරම්
නෑසෙනා දුරක යමි උඹ හඬනු ඇසී මම්
කෙසේ හෝ පන රැකි ඇතෙන් පුත මගේ පෙම්
සැඟව කඳුලැලි බැවින ඇස රක්ත වෙම්
ප.ලි.
මගේ කලින් කවියකට තුෂානි කියල තිබ්බ කොවුලට සහ පැටියාගේ අම්මට අදහසක්. මට හිතුන දරුවා/බිත්තරේ අනුන්ට දීල කොවුල් අම්මා බයෙන් බයෙන් ජිවත් වෙනවදෝ කියල. ඒකයි මෙහෙම ලිව්වේ. ස්තුතියි තුෂානි අදහසට.
උබත් පැටියෙකි අම්ම කෙනෙකුගේ
ReplyDeleteහිටපන් නොතැවී සලකමි මගෙ සේ
ඉගිලී ගියදා හිතට දුකක් දැනෙන්නේ
පාට එකයි හඩේ වෙනසයි තියෙන්නේ
උබේ සද්දේ කාක් කාක්
මගේ සද්දෙ කොහෝ කොහෝ..
ස්තුතියි මේ කවියට
Deleteහොදයි.....
ReplyDeleteස්තුතියි
Deleteහ්ම්ම්... මිනිසුන් වුනත් තිරිසනුන් වුනත් අම්මා අම්මාමය
ReplyDelete:-|
Deleteමෙහෙම එකක් ගැන කලින් හිතලාවත් නෑ...
ReplyDeleteපට්ට!!
ස්තුතියි!
Deleteසුපර්බ්...!!!
ReplyDeleteස්තුතියි
Deleteවඩු කුරුල්ල ගේ හදන්න ලෙසන් එක දෙද්දි ඉස්සරෝම පැන්නෙ කාක්ක නෙහ්. ඒකනෙ අනුන්නෙ කූඩු වල බිතතර දාන්ට වෙලා තියෙනනෙ.
ReplyDeleteඑතකොට ක්ලාස් කට් කරන පුරුද්ද කලිං පයින පුරද්ද අපිට ඇවිත් තියෙන්නෙ කපුටගෙන් වෙන්න ඇති නේ.බහිහි
ලස්සනයි උපේක්ෂ කවිය අපූරු අදහසක්
ජයවේවා
ඉස්සරම පැන්නේ කාක්කා නෙවෙයි හලෝ, කොහා...
Deleteපන්ති කට් කන එක නම්, අනේ මොකටද ඒ අහිංසක සතා ඕවට ගාවාගන්නේ..? විනාසේ විනාසේ...
ලස්සනයි,,,
ReplyDeleteඒත් මට හිතෙන්නේ කොවුලා කියන්නේ අපේ ජාතියේ එකෙක් කියලා කූඩු හදන්න කම්මැලි ඇති
හික්... කූඩු හදන්න නම් කම්මැලියි.. අපේ ජාතියේ කිව්වේ?
Deleteනියමයි ලස්සන පැදි පෙළක්
ReplyDeleteමගෙත් මීට සමාන ගේය පද පෙළක් තියෙනවා
කෝ බලන්න ලින්ක් එක දාන්නකෝ කවියේ
Deleteහරිම අපූරුයි උපේක්ෂා සංකල්පනාව..
ReplyDeleteතරහ නැත්තම් පුංචිම පුංචි කාරණයක් මතු කරන්නම්, සාමන්යෙන් අපි ය-ව-හ-න් අකුරුවලින් කවියක අග අකුර තියද්දි සැලකිලිමත් වෙන්න ඕනේ පද හතරේම ඊට වහාම පෙර අකුරත් සමානව පවත්වාගන්න.
උදාහරණයක් ගමු, ඔන්න ය යන්න ගමු. ය යන්නෙන් ඉවර කරනවා නම් ය යන්නට කලින් අකුරත් සමානව පිහිටන්න ඕනේ.
ගොඩ මඩ දෙකම සරු සාරය පල බ රය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහ රය
කටුරොද ගම්මාන තරමක් පිටිස රය
කඩමණ්ඩිය පිහිටියෙ ගම කෙළව රය
මෙතනදී ය කාරයට කලින් ර කාරයත් පද හතරේම පිහිටවන්න කවියා වග බලාගෙන තියෙනවා. ඒ අනුව මෙතන දෝෂය වලක්වන්න යොදාගෙන තියෙන්නේ ර යන්න.
(ලොකු කවියෙකුගේ කවියක් කිව්වට මට නම් මේක කවියක් නෙවේ රිපෝට් එකක්, ඒක ඉතින් වෙනම කතාවක්)
ඉස්සරම උන්න කවියෝ යවහන් විතරක් නෙවෙයි, ඒ අකුරුවලින් වර නැගෙන අනිත් අකුරුවලින් පවා ඉවර වෙද්දී මේ පිහිටීම රැකලා තියෙනවා. නමුත් අද කාලේ ඒ තරම් දුරට කවුරුත් සැලකිලිමත් නැති බව තමයි මමත් දැකලා තියෙන්නේ. නමුත් මේ දෝෂය අදටත් කවියෝ වලක්වාගන්නවා.
මේ දෝෂයට කියන්නේ යවහන් දෝෂය කියලා. කවියක් යවහන් දෝෂයට හසුවන එක කවියාට හොඳ නෑ කියලා තමයි පොතේ පතේ කියවෙන්නේ ඔං !
මමත් මේ කාරණය බොහොම පසු කාලයක ඉගෙනගත්තේ මේ වැරැද්ද කල වෙලාවක. මං ගොයියා ඉතින් කවි සංගමේ ලේකම් වුනාට බයෝ කරපු එවුන් ඕවා දන්නවෑ ..
ජය වේවා, සංකල්පනාවයි වැදගත්, එය හරිම අපූරු කෝණයකින් දැකලා තියෙනවා මෙතනදී..
සිරාවටම ස්තුතියි..
Deleteමම මේ කවි ලියන්නේ නිකමට. මට ඒ ගැන මෙලෝ දැනුමක් හෝ ඉගැනුමක් තිබ්බෙත් නැහැ තාමත් නැහැ. ඔබේ මේ කොමෙන්ටුවට මම දහස් වරක් ස්තුතිවන්ත වෙනවා. තාම මම ඉගෙනගන්නවා ලියන්න. ( ඉගනුම ඉවරවෙන්න කලින් වලපල්ලට යයි වගේ, හෙහ්)
දමා යන්න ගිය මුත් කුඩුවේ අනුන්ගේ
ReplyDeleteආදරය අඩුවක් නැහැ තවමත් හද පත්ලේ
දමා ගියමුදු
Deleteගැහෙයි හද මුදු
පස්සට පස්සට පස්සට ගිහින් මිස් වෙච්චි පෝස්ට් ටික කියෝල එද්දි මේක මතක නෑනේ බං.. ආයි කියවන්න උනා.. :)
ReplyDeleteතුශානිට ස්තූතියි උපේක්ශා ගේ කවි හිත කෙනිත්තුවට.. කොවුල් අම්මගේ හිත කියෙව්ව වගේ..
ආ බිසී කිව්වා නේ.....
Deleteචා චා ඉක්මන් කොරල මගේ පෝස්ටු ලියල දාන්න ඕනේ. නැත්තම් නම්බු කටුව සල බලං ගායි... හෙහ්