Friday, July 10, 2015

193. ශෝකය පලකිරීමේ නිවැරදි ක්‍රමය





මගේ යාලුවෝ... ( අප්පා උන් ගැන මෙතන ලියන එක භයානකයි. උන් මගේ මේ බ්ලොග් කට්ට කන මෙලෝ දෙයක් දන්නේ නැති නිසා හොඳයි. ඒත් මේවා කිරිමේල් කඩෙන වැඩ!) ඉන්නවා එක එක ජාතියෙන්. සැලඩ් වගේ. එකෙක් තක්කාලි ගෙඩියක් වගේ. ඒ කියන්නේ බතලයි; රවුම්?  නෑ නෑ හලෝ ඒ හින්ද නෙවෙයි. ඌ ගිය තැන වැඩේ චොර කරනවා. තවත් එකෙක් ගෝවා සහ කැරට් වගේ...

ඔහොම කියන්න ගියොත් එළවලු ජාති ටිකේ නම් ඉවර වෙනවා මිසක් කියල ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙහෙම කියන්නම්...

මම වැඩකරපු කම්පැනි වල සහ වැඩ නොකරපු කම්පැනි වල මට අනේක විධ යාලුවෝ ඉන්නවා. උන් ඇති වෙන්නේ එක්කෝ මගේ නැතිවීම සඳහාමයි. ඒ කියන්නේ උන් සෙට් වීම නිසා මගේ වහගෙන හිටපු කොයිල් ගති මතු වෙලා ඇවිත් කොක්ටේල් පාටියට ආපු බිකිනි කෙල්ල වගේ මට සලකන්න අනිත් උන් පෙළඹෙනවා.

අර ඉස්සෙල්ල කියපු තක්කාලි යාළුවා ගැන මම මේ පෝස්ට් එක සහ මේ පෝස්ට් එක ලිව්වා. අර ගෝවා එක්කනා ගැන මෙහෙම ලිව්වා. තව තියෙනවා, ලියන්න නිකං මොකද්ද මොකද්ද වගේ...

අද මම කියන්න යන්නේ ළමායි , යාලුවෝ ගැන කතාවක්ම නෙවෙයි. ඒ උනාට නොවේ මත් නොවේ... තෙරුනානේ?



ඔන්න එකෝමත් එක රටකදී, නෑ නෑ ... මම මගේ මුල්ම මුල් රැකියාවෙන් අයින් වෙලා වෙන කම්පැනි එකකට ජොයින් උන කාලේ, වෙනදා වගේ නෙවෙයි මම හරිම තැන්පත් සහ ගුණවත් විදියට තමයි අලුත් තැන ජිවත් උනේ.

හැබැයි ඉතින් වැඩි කාලයක් මේ නාට්ටිය රඟදක්වන්න ලැබුනේ නැහැ. ඒක උනේ කැරම් බෝඩ් දෙකක් අපේ ඩිස්ට්‍රෙස් ඒරියා ( අපිට කෑම ගන්න කොටසට අමතරව බීන් බෑග් දාල තියෙන නිදහසේ කෝපි බොන්න පුළුවන් ඒරියා එකක්. වැඩිය ලොකු නැහැ) එකට ගෙනත් දැමිල්ලත් එක්ක.

කැරම් කිව්වම මාව නිකන් කහඹිලියා ගොඩට වැටිච්ච බූල් බාපු චිම්පන්සියා වගේ තමයි. දකිනකොට නලියනවා. දවස් දෙකයි ගියේ, කොල්ලෝ එක්ක හරි හරියට පොරකාගෙන මම දැන් කැරම් පිටියේ! ඔය රෝගෙට ලොකු ඉතිහාසයක් තියෙනවා මගේ.

අපේ ගෙදර ඉස්සර ගමක සෙනග හිටියා. ඉතින් කැරම් බෝඩ් එකක් තිබ්බා ආයේ නැහැ නියම ගානට සීසන් වෙන්න පවුඩර් එහෙම දාල ටිප් ටොප් එකට. මම දොඩම් ගෙඩි දෙකක් වත් උස නැති නිසා එකෙක්වත් මාව ගන්නේ නැහැ සෙල්ලම් කරනකොට. ඒත් මම එහෙම අධෛර්ය වෙන එකෙක්ය? හිටපු ගමන් 'කරන්නම දෙයක්' නැති උන වෙලාවට මට ලැබෙන පිනා චාන්ස් එකට අමතරව, ලැබෙන සෑම වෙලාවකම කැරම් ගැහිල්ලෙන් අවුරුදු 6ක් වත් නොවුණු මම කැරම් කප්පිත්තෙක් වෙලා තමයි හිටියේ. කොටින්ම කැරම් බෝඩ් එක තනියෙන් ආන්බාන් කරගන්නවත් බැහැ , මං ඒ තරම් පුංචියි. පැයක් විතර දත්මිටි කාගෙන තමයි බෝඩ් එක තියෙන තැනින් අදාළ මේසෙට ගෙනියන්නෙත්. ඕකටම හදපු මේස , පුටු ඔක්කොම තිබ්බ අපේ ගෙදර. පසුවට විස්තර ලියන්නම්කො. හිනා යන වැඩ උනේ ඒ කාලේ!

ඔන්න මගේ පරණ සතා එලියට ඇවිත් මම අර කොල්ලෝ ගොඩේ, රණ්ඩු වේවි හරි හරියට කැරම් ගහනවා. ගහන්නේ සිම්පල් රූල් , ඒ කියන්නේ දිනන කට්ටිය ඉතුරු වෙලා පැරදුන දෙන්නා නැගිටින්න ඕනේ. සමහර වෙලාවට එක දිගට පැයම කන්නෙත් නැතුව කැරම් ! මුල් දවසේ තමයි නියම. කොල්ලෝ මට හූ කිව්වේ නැති ටික විතරයි... පොඩ්ඩක් ගියාම කොල්ලෝ මගේ දිහා බැලුවේ 'මේ මොන පඟර නැට්ටියක්ද' වගේ හිතල... හි හි.. උන් හිතන්න නැතුව ඇති මගේ බටු සයිස් එකට කැරම් පුළුවන් ඇති කියල. කොහොමත් මට ඔය වගේ ප්‍රතිචාර පුරුදුයිනේ.

ඔහොම කැරම් කෙලියේ යෙදීමේ අතුරු ප්‍රථිපලයක් විදියට මට ඔෆිස් එකේ පට්ටම පරණ සහ පට්ටම ඉහල තනතුරු දරන අය එක්ක ගොඩක් සුහද වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මම කොහොමත් මගේ බොස්ලට වැඳගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. සුහදව තමයි වැඩ කරන්නේ. ගෞරවය දක්වනවා, ඒ උනාට මගේ අදහස් මම පැකිලෙන්නේ නැතුව කියනවා. බොරු බය පක්ෂපාත බව දක්වන්නේ නැහැ. මේ නිසා මට කෙලවෙච්ච වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ බොසී බෝසලට මාව අල්ලන්නේ නැහැ. මම එහෙම බොස්ලා ගැන ලියලත් ඇති.

ඉතින් ඔය කැටිය අතරේ මාව රෙක්රුට් කරපු බොසත් හිටියා. කම්පැනි එකේ පරණම පොරක් නිසා හැමෝම මිනිහට මාර බයයි සහ ගෞරවයයි. අපි එයාට 'ලසන්ත' කියමුකෝ. ගොඩක් වෙලාවට මගෙත් එක්ක තිබ්බ යාලු ෆිට් එකට අපි දෙන්නා තමයි කැරම් ගහන්න සෙට් වෙන්නෙත්. ඔන්න ඔහොම සතුටින් මම ජිවත් උනා.

එකෝමත් එක දවසක, උදෙන් මම වැඩට යද්දී ( ඒ දවස්වල මම උදේ 8 වෙනකොට ජොබ් එකට වාර්තා කරනවා.. හෙහ්) ඔෆිස් එක නිකන් බැලුම් බොලේ පුපුරවා ගත්ත බර්ත්ඩේ එකක් වගේ වෙලා. ටිකක් ආරංචි කරලා බලනකොට ලසන්තගේ තාත්තා එදා අභාවප්‍රාප්ත වෙලා. පාන්දර තමයි වෙලා තියෙන්නේ මම හිතන්නේ, අනිත් උන් ටික කුටු කුටු ගගා කතා වෙනවා.

වැඩි වෙලාවක් ගියේ නැහැ, අපේ HR එකෙන් ඇවිත් කිව්වා බස් එකක් ලෑස්ති කරලා තියෙන්නේ, මළගෙදර යමු කියල. දැන් වෙලාව 12ට විතර ඇති. දැන් කට්ටියම බස් එකට රිංගලා වාඩි උනා. වෙන දවස් වල නම් මගුල් ගෙදරත්, මළ ගෙදරත් කියන මේ ගමන් දෙකම යන්නේ එකම විදියට. ඒ කියන්නේ සින්දු කියා කියා ජොලියේ ගිහින් අදාළ ස්ථානයේදී හෝ ඒ ආසන්නයේදී අවශ්‍ය විදියට මුඩ් එකට එනවා. හැබැයි මේ පාර එහෙම උනේ නැහැ. එකක් තමයි ලසන්ත කම්පැනි එකේ සීනියර් එකෙක් නිසා, අනිත් එක මේක හදිසි මරණයක්. මම හිතන්නේ ලසන්තයේ පියා මියගිහින් තිබ්බේ හාට් ඇටැක් එකකින්. මමත් දැන් තිරිවාන ගල් ගිලපු මැටි පුසා වගේ සද්දයක් නැතුව ගියා.

මම කලිනුත් තැන් කීපයකදී කියල ඇති මගේ සමහර වෙලාවල් වලදී වයර් මාරු වෙනවා කියල. අනිත් එක තමයි අමුතු ප්‍රතිචාර දැක්විල්ල. තවත් එකක් තමයි අනිත් උන් ඔක්කොම දුක්වෙලා , කියෝලා ඉවර වෙලා වරු ගානක් ගියාට පස්සේ තමයි මට හිට් වෙන්නේ! ඔන්න යන ගමනුත් බුම්මගෙන ගියාට මගේ හිතේ මේ කම්පනයක් වගේ මොකද්දෝ එකක් තිබ්බ.

අපි ගියේ තඩි බස් එකක. කොටින්ම මුළු කම්පැනි එකම වගේ ගියා. බස් එකේ තිබ්බ දැවැන්ත කමට, ලසන්තගේ ගෙදර පාරේ හරවගන්නවත් විදියක් නැහැ. හරියට ඇළක නැවක් හරෝනවා වගේ ගේමක් දීලා කට්ටිය වැටවල්, තාප්ප ආදියේ දිග;පළල හරිගස්සමින් , මල් පෝච්චි වල පැල චප්ප කරමින් දැන් බස් එක හරෝනව. ඇත්තටම එතන හිනාවෙන්න තරම් දේවල් උනා. කොටින්ම අපේ මේ අමුතු ආගමනය බලන්න, ලසන්තගේ ගෙවල් අසල ඔක්කොම වගේ උන්ගේ මිදුල් වලට පිරිලා.

'පව් අනේ.... මට දැන් දුකයි. තාත්තට ලසන්ත හරි ආදරෙයි'
'ඔව් හලෝ.. ඊයෙත් කිව්වා මගෙත් එක්ක තාත්ත පෙන්නන්න හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් කියන්න කියල'
'මට නම් හිතාගන්න බැහැ හලෝ මොකක් කියන්නද කියල'

ඔය තමයි මගේ පසුබිමෙන් ඇහුන එක එකාගේ දෙබස්. මම එතකොට?

මම ඉතින් ඕව අහගෙන ඉන්නවා බකමුනා වගේ. පොඩ්ඩක් විතර පපුව ගැහෙනවා. මට අපේ අප්පච්චි මතක් වෙනවා. එයාගේ මුණ මට මැවිලා පේනවා. මේ සතියේ එයාට මොනවා හරි අලුතෙන් ගෙනියන්න ඕනේ කියල හිතෙනවා.

දැන් එකා දෙන්නා දැන් හරෝපු බස් එකෙන් බැහැ බැහැ ලසන්තගේ ගෙදර පැත්තට යනවා. කොල්ලෝ නම් ඉක්මනට ගිහින් තියෙන දේකට උදව් වෙනවා. අපි ගෙනියපු බැනර් එක එකෙක් ළඟ තිබ්බ වැටක එල්ලුව. මම තාම බස් එකට වෙලා හිටිය. දැන් අපේ කෙල්ලෝ ටිකත් එකා දෙන්නා බහින්න ගත්තේ ඔලුව පිරිලි සහ පවුඩර් හැලිලි ඉවර වෙලා.

මම නිකමට ඔලුව දාල බැලුව ගේ දිහා. ගෙදර ඇතුලෙත්, එලියේත් තරමක් සෙනඟ ඉන්නවා. මගේ පපුව මොකද්ද උනා. අනිත් උන් පස්සෙන් මම රිලවෙක් වගේ ඔහේ ගියා. අපි හැමෝටම කතාකරන්න තරම් මානසික තත්වයක ලසන්ත හිටියේ නැහැ. මම හිතන්නේ ඒ හින්ද වෙන්න ඇති මිනියේ වැඩ ටික කරන්න පවුලේ අනිත් උන් ගිහින් තිබ්බ නිසා ලසන්ත හිටියා ගෙදර ඉස්සරහට වෙලා අත්දෙක ඉස්සරහට බැඳගෙන.

මම බිම බලාගෙන ගේ දිහාවට ගියේ අනිත් උන් එක්කමයි. මට ඔය මළගෙවල්වල ශෝකය පලකරන එක තරම් අමාරු වැඩක් තවත් නැහැ. ඒ කියන්නේ, හරියටම මොකද්ද කියන්න ඕනේ කියල තේරෙන්නේ නැති නිසා වගේම මගේ වචන වලින් අහන එකාගේ හිත රිදෙයි කියල මට හරි බයයි.

ඔන්න කොහොම හරි අස්සේ හැංගි හැංගි හිටියත් අන්තිමට එක වෙලාවක ලසන්ත මගේ මුණ දිහා එකවරම බලපු වෙලාවක් ආව. මගේ පපුව සිරාවටම 'හෝස්' ගෑවා. වෙනදට තිබ්බ ගම්භිර පෙනුම නැත්තටම නැති වෙලා, ඒ මුහුණේ තිබ්බේ කියාගන්න බැරි තරම් අසරණ කමක්. තමන්ගේ පියා මියගිහයම කෙනෙක්ට දැනෙන්නේ මොකද්ද කියල මට අත්දැකීමත් තවම නැතත් මට යන්තමකට හරි තේරුනා ඒ වේදනාව. අත්දෙක ඉසසරහට බැඳගෙන , නළලේ රැලි නංවාගෙන හිටපු ඒ අසරණ ලීලාව තමයි මොහොත!

මොන මොහොතද? වෙන මොකද්ද ඉතින් මගේ හිට් වන මොහොත.. සිරාවටම කොළ බොක්කට දැනෙන මොහොත!! අප්පටසිරි මට මොකද්දෝ උනා ඒ වෙලාවේ... මට ඉවරයක් නැතුව මගේ අප්පච්චි මතක් වෙන්න ගත්ත. මම හෙමිට ගෙදර ඇතුලට දිරා මාර් වෙන්න යනකොට සාලේ තිබ්බ පුටුවල වැටිලා ලසන්තගේ අම්මත්, අක්කලත් ඉකි ගහනවා දැක්ක. ආයෙමත් අවුල් වගේ... හෙමීට ආපහු හැරිලා ගෙදර සයිඩ් එකෙන් ගිහින් කාටවත් පේන්නේ නැති ඒරියා එකට වෙලා හිටිය ඇඩ් එකක් නොවී.

ටික වෙලාවකින් ඔන්න වාහනේක සද්දයක් ඇහුන. බලනකොට හර්ස් එකක්. මිදුලේ හිටපු කට්ටිය ඔන්න එහෙ මෙහෙ වෙලා වාහනේ ඇතුලට රිවස් කරන්න උදව් කරනවා. දැන් මගේ පපුව ගැහෙනවා. ඩින් ඩොන් නෙවෙයි හලෝ 'දඩි බිඩින් .. ඩෝන් පටෝන්' සද්දෙන් !! ඒ මදිවට ඔලුවත් නිකන් 'කුං' ගානවා වගේ. මගේ ඔෆිස් කෙල්ලෝ ටිකත් දැන් ටික ටික මම ඉන්න පැත්තට ආව මිදුලේ ඉඩ ඕනේ නිසා. මම බිම බලාගෙන හිටිය.

හර්ස් එකේ සද්දේ ඇහුන ගමන් එකපාරටම ගේ ඇතුලෙන් ඇහුන ඉකි බිඳුම විලාපයක් උනා.

"අන්න පුතේ තාත්ත එනවා.................."

හත් ඉලව්වේ... මම හිතන්නේ ඒ ලසන්තගේ අම්මා වෙන්න ඕනේ. මාව නිකන් මයිල් කොයිල් වෙලා ගියා. කටේ කෙල ඔක්කොම හිඳුන. ඒ විතරක්ද ලම්බෝගිනියක් ආවනේ හයිවේ එක පැත්තේ ඉඳන් කෙලින්ම මගේ ඔලුව උඩට..

"මාලිකා.. මට ටිකක් ඔලුව.. ව..ව..ව....."

අම්මප මට ඔච්චරයි කියඋනේ.

"ඒයි ඒයි ...... අල්ලනවා හලෝ"

කියපු මාලිකා ලවුඩ් ඉස්පිකරේ කටේ ඔබා ගත්ත වගේ උනා. වටේම 'ෂෝ...' ගාල ( ඉස්සර චැනල් එක ගියාම TV එකේ වෙන්නේ) සද්දේ තිබ්බත් මට දැන් ඔක්කොම චැනල් එක නැති වෙලා නැහැ ( නැති උනා නම් කොච්චර හොඳද කියල මට හිතුන!) දෙන්නෙක් පැනල මාව අල්ලගත්ත උනත්, මම ළඟ තිබ්බ කොටයක් වගේ එකක වාඩි උනේ මට වඩා මේ කෙල්ලෝ ටික බය වෙලා හින්ද. ඒ මදිවට මට පවන් ගහන්නයි, වතුර බෝතලේ කටේ ඔබන්නයි කීදෙනෙක් වට උනාද කියල නිච්චියක් නැති උනාට දෙබස් ටික නම් යස අගේට ඇහුන..

"මොකද මොකද උනේ?"
"උපේක්ෂට කලන්තේ හැදුන "
"ඈ ??"
"ඔව් හලෝ.. තව ඩින්ගෙන් වැටෙනවා... පොඩ්ඩක් අල්ලගන්නවා අම ගිහින් වතුර බෝතලයක් ගේන්නම්"
"උපේක්ෂා.. උපේක්ෂ.... හලෝ... සිහිය නැද්ද මෙයාට තාම ?"
කවුද මන්ද මගේ කම්මුලට තට්ටු කරනවා. අම්මප කලන්තේ හැදුන එකෙක්ට කම්මුලට ගහනවද යකොව්!!!! මගේ කට ඇරෙන්නේ නැහැ....

"මොකද උනේ..." ඒ අලුත් එකෙක්... ඔන්න දැන් මම ඇඩ් එක වෙනවා. මම ඇස්දෙක අරින්න බුදු ට්‍රයි එක දෙනවා, ඊට පස්සේ හිතුව දැන් රෙදි නැතුව පෙරහරේ නැටුවා හා සමානයි, ඇස්දෙක වහගෙන හිටපන් යකොව්! කියල.

මම ඇස්දෙක වහගෙන හිටපු හින්ද, එකපාරටම එකෙක් මාව උස්සල ගත්ත.

"එපා.. එපා"
ඔන්න මගේ කට අරුණ. ඒ උනාට මම කියපුවා ඇහිලා නැහැ එකෙක්ටවත්. ඔන්න කොහේදෝ තැනක තියපු ගමන් මගේ මුණට වැදුන වතුර පාරක්! යන්තම් ඇහැ ඇරගන්න පුළුවන් වෙනකොටම, මම හිටියේ කාමරේක...... දොර රෙද්ද අස්සෙන් මට පේනවා ගෙදරට ගෙනාපු මිනිය වටේ ගෙදර උන්දලා මර හඬ තලනවා.
"දැන් හරිද??"
මගේ ගාව හිටපු මාලිකා මගේ උරහිසෙන් අල්ලලා ඇහුවත් මම එකපාරටම ඇස් ඇරියේ නැත්තේ විලිලජ්ජාව බොලව්! අන්න ඒකට... එතකොටම කාමරේට දුවගෙන ආවේ ලසන්ත වගේම පෙනුමක් තියෙන තවත් පිරිමි රූපයක්

"කලන්තේ හැදිලද?.... මේ කවුද? පවුලේ කෙනෙක්ද?"


ඒ වෙලාවේ උගේ මුනේ තිබ්බේ මෙන්න මේ වගේ පෙනුමක්..




අහන්ට එපා ඊට පස්සේ වෙච්ච දේවල්! කුජීතයි සහෝදරවරුණි !!!!!!

අන්න එහෙමයි මළගෙවල්වල ශෝකය පළකරන්නේ.... දන්නේ නැත්තම් ඉගෙනගන්න සහෝදරවරුනි... නැවතත් මෙවන් පාඩමක් එක්ක මුණගැහෙමු...


ප.ලි. මේ දවස් වල හරී..................රී..............රී............රී.............. යට වැඩය. කුලියට වැඩ බාරගනු නොලැබේ.



30 comments:

  1. උපේක්ෂත් තක්කාලි ගෙඩියක්ම තමයි. ගියොත් චොර කරනවා..

    කතාව මරේ මරු.. N.K එක මාරු කරන්න වෙනවා B.K කියල

    ReplyDelete
    Replies
    1. ඈ ?? මට තක්කාලි කිව්වා? එව්වා හරි ආශාධාරණයි ඈ.. කියෙව්වද මගේ තක්කාලි යාලුවාගේ වැඩ? හුහ්.. එයාට සාපේක්ෂව මම හොඳායි හරිද? හුහ්..

      B .K කියන්නේ මොකද්ද ඈ ? මේ දවස්වල ඔක්කොම දේශපාලනේට සම්බන්ධ වෙලා තමයි අර්ථ ගැන්වෙන්නේ. ඒ නිසා මට ඕකත් කියවෙන්නේ සැටලයිට් නෝනා වගේ..

      Delete
  2. තක්කාලි නෙවෙයි නිකම් ලෑතර වගේ නමක් සෙට් වෙනවා මෙයාටනම්! :D

    ReplyDelete
    Replies
    1. අලේ... ඇයි ජෝකේ එහෙම කියන්නේ?? ( අර ශ්‍රංග ගේ චාරුලතා පුංචි ගේ වොයිස් කට් එකකින්!)

      මේ... කාටවත් කියන්න එපා හරිද.. මෙව්වා රාජ රහස් වගේ රකින්ට අප්පා

      Delete
  3. ඇදන් නානවා කියල ලිදට පැනලා නාන සිරිතක් තියෙනවා යෑ....

    මටත් තියෙනවා පොඩි සීන් එකක් මගේ ශෝක මුඩ් වෙලාවට ඔන් වෙන්නේ නෑ අප්පා..ගෙදර උන්ට ආයුබෝවන් කියනකොට මම හෙන අමාරුවෙන් විරිත්තිල්ල නවත්තන්නේ..බොක්කෙන්ම එනවා නෙහ් විරිත්තිල්ලක් ලස්සන සුටි කැල්ලක්ව දැක්ක වගේ

    ReplyDelete
    Replies
    1. අනේ මම නාන්න තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබ්බේ නැති වෙලාවක ළඟ වැලේ වනල තිබ්බ දිය රෙද්ද ඇඳගෙන නාන්න නේ උනේ? ඉතින් ළිඳට පනින එක අහන්නත් දෙයක්ද? අනිත් එක නාන එකේ ළිඳේ හොඳම හරියෙන් එපැයි නාන්න..
      'ළිඳ මගේ නම්, මම ළිඳේ නම්, කාටවත් ඇයි වේදනා?'

      මට නම් ඔය හදිසි මරණ සිද්ද වෙච්ච ගෙවල් නම් අල්ලනෙම නැහැ. ෆුල් අවුල් වෙනවා

      Delete
  4. //මේ දවස් වල හරී..................රී..............රී............රී.............. යට වැඩය.// මෙහෙත් එහෙමයිලු. එඅත් ඉතින් මේවටනම් හිනා නොවී බෑ.. හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ 'සේෆ්ටියාට' වැඩ ලු..... දැන් ඉතින් දෙය්යනේ කියල අපේ සේෆ්ටිය ෂුවර්ය.. මොකද වෙලා අරන් හිතේ හැටියට මඩ ගහන්න වෙලා නැහැ කියන්නේ.. මරේ මරු! ලියන්ට ඕනේ ඉක්මනට මේ වගේ කතා ඔක්කොම.. හෙහ්

      Delete
  5. හිනා වෙලා මැරෙනව අප්ප හිහි.........
    දන්නවද වැඩක්... බොලා නං ටියුබ් ලයිට් එකක් වගේ පහු වෙලා හරි ඔන් වෙනව.. මට කරන්නම බැරි වැඩේනෙ ඔය මළ ගෙවල් වල ගිහින් සීරියස් මූඩ් එකක් ගන්න එක... ඕක තදටම දැනෙනව ගෙදර ඈයො අඩනව නං හූ තිය තිය... මොකෝ මුං මොන වගේද දන්නවනෙ ඒ හංද හිනා යනව බං අඩද්දි... ලොවෙත් නැ කියකො... මං මළ ගෙවල් වල ගියත් ලේසියකට ඇතුලට යන්නෙ නෑ බොඩි එක බලන්න මොකද මට ඒ වැඩේ කරන්නම බෑ...
    බොලා වගේ සිහි නැති වෙන හංද නෙවී මගෙ දත් තිස් දෙක මට කලිං එලියට පයින හිංද
    ඔව් සෝකබරිතයි

    ReplyDelete
    Replies
    1. හිනා ගියාද? මේ මොනවා කියනවද... රෙදි නැති වැඩේ!! හය්යු...

      මට නම් සීරියස් මුඩ් එන එක තමයි අවුල

      Delete
  6. ආයිත් ඔෆිස් එකේ කට්ටිය එක්ක මළ ගෙවල් වල යන්න නැතුව ඇති නේද .. හි.. හි... :D

    ReplyDelete
    Replies
    1. ගියාද දන්නේ නැත. උන් මාව හලලා යන්න තීරණේ කරන්න ඇති එක පයින්... හය්යු..

      Delete
  7. හෙහේ,යකෝ අරූගේ මුණ දැක්කාම හිනා කාලා මැරෙනවා හිටං.
    මරණ ගෙදර ගිය ඔෆිස් එකේ සෙට් එකෙන් නියම විදියට ශෝකය පල කරලා තියෙන්නේ උපේ තමයි.ලකුණු සීයෙන් සීයයි.

    ReplyDelete
    Replies
    1. අරූගේ මුණ නෙවෙයි හලෝ ඒ වෙලාවේ මගේ මුණ එපැයි බලන්න... පයින් ගහපු පුඩිම වගේ තියෙන්න ඇති... හපොයි මගේ නම්බු කටුව!

      ආයෙත් අහල... ඔයා හිතන්නේ මේ පලවෙනි සහ අවසාන එක කියලද? නෑ සහෝදරයා.. මම හෙම සැලෙන කෙනෙක් නෙවෙයි. කියෝලා නැද්ද මගේ ලේ දන්දීමේ ඉතිහාසේ?? අන්න ඉතිහාස කතා! හුහ්

      Delete
  8. පණ එපෝ හම්මේ කොන්ද මගෙ :D


    //ගොඩක් වෙලාවට මගෙත් එක්ක තිබ්බ යාලු ෆිට් එකට අපි දෙන්නා තමයි කැරම් ගහන්න සෙට් වෙන්නෙත්. ඔන්න ඔහොම සතුටින් මම ජිවත් උනා. //


    අම්මප මගෙ හිත වල් වැදිලා තියෙන තරමක් හැබෑට.. :'( :D


    ReplyDelete
    Replies
    1. කොන්ද කැඩුනද? මිට පස්සේ පෝස්ටු කියෝනකොට බිම දිගා වෙලා උඩුබැලි අතට කියවන්න. සියලු රෝග නිවාරණයි.

      ඇයි ? දැන් මොකද්ද ඒ වාක්‍යයේ තියෙන වැරැද්ද?

      Delete
  9. කියන්න තිබ්බෙ මට සනී ෆනැන්... ඩෝ. මම ඊයේ රෑටත් කැවෙනෑ අද උදේටත් කෑවෙනෑ. මේ මලගෙදර යන්න ඕනැ හින්දමයි ඔෆීස් ආවෙ නැත්නං නිවාඩු දානව කියල


    ඔයාගේ පොස්ට්වල උපමා "පූස් ඇබියුසිවු" හලෝ...

    නැට්ටට රබර් බැන්ඩ් එකක් දාපු පූස වගේ
    තිරිවාන ගල් ගිලපු මැටි පුසා වගේ

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සුට්ටන් මොළයක් තිබ්බත්, කට ඇරගන්න මම දීපු ට්‍රයි එක දන්නේ මමනේ... කිව්වා ඔක්කොම, එකෙක්ටවත් ඇහිලා නැහැ...

      පූසෝ.. උන් මාව උපමා වලට ගනින්කෝ කියල හෙන කරදරේ. ඒ හින්ද මම උන් ගැන වැඩිපුර ගන්නවා... චෝයි නේ?

      Delete
  10. වෙලාවකට උඩු හිතයි යටි හිතයි ට්‍රැක් දෙකක යන බව හිතාගන්න හොඳ උදාහරණයක්. සමහර දේවල් අපේ හිත්වලට කොයිතරම් කාවැදිලද කියලා තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ.

    ReplyDelete
    Replies
    1. දෙය්යෝ සහ මම දනී වෙච්ච නවනින්ගිරාව!

      Delete
  11. වෙලාවට ඕක මළ ගෙයක් උනේ. මගුල් ගෙදෙරක එහෙම කට්ටිය අඬන වෙලාවක සිහි නැතුව වැහ්න කියමුකො. කට්ටිය මොකක් නොකියාද?

    අප්පේ මතක් වෙනකොටත් සංතෝසාහේ.
    ජය වේවා. වැඩිවැඩියෙං කලංතේ හැදේවා.

    ReplyDelete
    Replies
    1. මුළු සරුවාන්ගෙම සීතල වෙලා ගියා ශ්‍රංග කොමෙන්ටුවක් තියෙනවා කියල දැකල... දන්නවනේ කොමෙන්ටුව ආයේ නැහැ හොම්බේ මිරිස් ගෑවා වගේ දෙයි කියල.

      වෙලාවට මගේ නම්බු කටුව බේරලා ලියල තියෙනවා.. ඉස්කොතුයි ඈ

      Delete
  12. //මම බිම බලාගෙන ගේ දිහාවට ගියේ අනිත් උන් එක්කමයි. මට ඔය මළගෙවල්වල ශෝකය පලකරන එක තරම් අමාරු වැඩක් තවත් නැහැ. ඒ කියන්නේ, හරියටම මොකද්ද කියන්න ඕනේ කියල තේරෙන්නේ නැති නිසා වගේම මගේ වචන වලින් අහන එකාගේ හිත රිදෙයි කියල මට හරි බයයි.///

    මේ සිද්දිය මටත් එහෙම්මමයි,, මට තේරෙන් නැහැ ශෝකය ප්‍රකාශ කරන්න.. ඒත් අනිත් අය අඩද්දී අපේ සීයව මතක් වෙලා මං හෝ ගාලා අඩනවා ,,, මිනිස්සු හිතේ පවුලේ කෙනෙක් කියලා.. හි හි උපහැරණ මරු,, මාත් කැරම්
    ගහන්න මාර ලයික් ,, මල ගෙවල් වල කැරම් ගහලා ගුටි කාල තියෙනවා තාත්තගෙන්,, මොකද ලංකාවේ සංස්කෘතිය හින්දා,, එක දිගට ගහගෙන ගහගෙන යනවා රෑ වෙනවා,, කෙල්ලෝ එකා දෙන්නා එහෙට මෙහෙට ගිහින් අන්තිමට මන් විතරක් කොල්ලෝ ගොඩක් එක්ක ,, හම්මේ ඊට පස්සේ ඕවට ගමේ කතා හැදෙනවනේ,, පස්සේ ,මාත් ලියලා දාන්නම් කතාවක්
    උබව නම් හම්බෙන්න ඕනේ බන් ආවම

    ReplyDelete
    Replies
    1. එකනේ ඔමා.. උන් අඬන්නේ උන්ගේ දුකට. අපි අඬන්නේ අපේ වෙන මොකක් හරි එකකට කියල කොහොම කියලදෙන්නද මන්ද!

      අන්න නියමයි ඔමා , එහෙනම් සෙට් උනාම කැරම් ගහමු ආයේ නෑ වරුවක්වත්! මට ආසම ෂොට් එක තමයි මැද්දේ තියෙන ඉත්තෙක් කපලා වලට ගහන එක. ඇත්තටම ඒකෙ තියෙනවා ගණිතයක්... නැද්ද? කෝණය සහ වේගය මත සියල්ල තීරණේ වෙනවා. ලොකු අයත් එක්ක සෙල්ලම් කරපු නිසා මම පට්ට අසාධාරණේ විඳගෙන තමයි ඉස්සර සෙල්ලම් කරන්න සිද්ද උනේ. ඒ කියන්නේ උන් සමහර වෙලාවට ඉත්තෝ උස්සනවා. පිළිගන්නෙම නෑ .. පොඩි නිසා මට කරගන්න දේකුත් නැහැ.

      ඔය වගේම මම කාඩ් සෙල්ලම් කරන්නත් ඉස්සර කප් ගහලා. වැඩියෙන්ම ඕමි ! මම හිතන්නේ ඔමාත් ඒ බෝට්ටුවේ වෙන්න ඕනේ..

      Delete
  13. ඇත්තටම මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ.බලමුකො මේ විදිය ට්‍රයි කරලා....
    ඒ උනාට හරිම කුජීතයි නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ ජබර කලන්තේද? නැත්තම් මළගෙවල්වල ශෝකය පළකරගන්න බැරි වෙන එකද? නැත්තම් ගිය තැනක ඇඩ් එක දාන එකද?

      මම දැන් කොතනද මේකේ විසඳුමක් ලිව්වේ? මම එහෙම එකක් ලිව්වද හැබෑටම? නැත්තම් කලන්තේ දැමිල්ල මෙයාට විසඳුමක් විදියට පෙනුනද මන්ද..

      Delete
  14. ප්‍රශ්නය තමයි ශෝකය පලකරන එක.
    විසදුම ජබර කලන්තය.

    ReplyDelete
    Replies
    1. මලියෝ මලියෝ.... බුදු මලියෝ මේක අත්හදා බලන්න නම් යන්න එපා. හරියට සුවිසයිඩ් බෝම්බ කාරයෙකුට ඩෙමෝ එකක් දෙන්න ගියා වගේ වෙයි. පිස්සු නම් කෙලින්න එපා...

      Delete
  15. හිනා ගියේ නෑ උපයා. මොකද මේ වෙලාවෙනම් කතාවට වඩා මේකෙ පසුබිම් කතාවයි මගෙ ඔලුවට වැදුනේ. මන්දා. හෙනම අවුල්.

    ReplyDelete
    Replies
    1. මම මේක කිව්වේ හිනාවෙන්න නෙවෙයි බස්සියෝ. මම දන්නවා ඔබට රිදුන බව. ( සමාවෙයන්) මේකයි බස්සි, අනිත් උන්ට මැජික් වගේ උනාට මට ඔය කොයිල් විදියට ෆිට් යාලුවන්ගේ දුකේදී හැසිරෙන එක වලක්වන්න හරිම අමාරුයි.

      බස්සිට කියන්න, ඉස්කෝලේ කාලේ මම අපේ ටීම් එකේ කෙල්ලෙක්ගෙ පියාගේ මළගෙදර ගිහින් ඌ එක්ක එකට ඇඩුව , සමහරු හිතල මමත් දුවෙක් කියල. අදටත් මට හදිසි මරණ සහ දරුවන්ගේ මළගෙවල්වල යන්න බැහැ. වැඩේ කියන්නේ මම ඉන්න යකඩ මුඩ් එක නිසා මේක පට්ටම ඇඩ් එකක් වෙනවා. මගේ ප්‍රතිරූපය සලබලාන් ගාල බිඳෙනවා. උන් පුදුම වෙනවා.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...