Thursday, March 12, 2015

160. මල් - කෝපි - රිවෝල්වර





ඉදින් මා පුරවමි
පතුරොම් එකින් එක
මල් අමුණන විවේකෙට
ලැබෙන උණු
කෝපී තොලගාමින



කිසිවිටෙක ගී නොකී
සිතාරයක තතක - වයලීනයක
ගුලිවෙලා අස්ථානගතව,
උඹ ඉන්නෙක ඇත්තටම
රිවොල්වරයකි
කොයි වෙලේ හෝ
කොකා ගැස්සෙන



28 comments:

  1. "ඇත්තටම රිවොල්වරයකි කොයි වෙලේ හෝ කොකා ගැස්සෙන" මේ කිව්වේ උපේක්ෂා ගැනද ?

    ReplyDelete
    Replies
    1. මම කෙසේ වෙතත් ඔයාට නම් කොකා ගැස්සිලා වගේ... ප්‍රොෆයිල් පින්තුරේ සාක්කි!

      Delete
  2. හරිම භයානකයි...

    ReplyDelete
  3. අහ් :((( හෙනටම ගැඹුරුයි වගේ

    ReplyDelete
    Replies
    1. නිධාන කතාවක් කියන්න වෙයි වගේ... හි.. හි..

      Delete
  4. උණ්ඩ හය පිරී අවසන
    ගයයි ගී එසැනින
    පුබුදුවා මල්
    අමුණා ඇති රටාවට

    ReplyDelete
    Replies
    1. එක් කානුවක්
      හිස්ව තබමි
      නිහඬ ගීයක් සැමරුමට


      ස්තුතියි. ඔබේ පිළිතුර ලස්සනයි

      Delete
  5. මේ මොකද්ද අප්පේ මේ ??

    ReplyDelete
    Replies
    1. වෙඩි තැබීමක්? අපරාධ ස්ථානයක්? කෝපි හලක්?

      Delete
  6. ඇත්තම කියනව නං මට නං මෙක මඤ්ඤං..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්ව එක කොතරම් වටිනවාද.... රිවෝල්වරයක් ඕනෙද?

      Delete
  7. මෙයිට වඩා හොඳයි සීනි දාල වෙඩි තිබ්බනම්.. @ ඔය කවිය තේරුම් ගන්න උපරිම ට්‍රයි කරමින්.. :(

    ReplyDelete
    Replies
    1. ඉලක්කයට තියාගන්න බැරි උනොත්??

      Delete
  8. හා...මියුසික් එකක් ඇහෙනකොට ඔය පුරවපු පතුරම්ද පත්තුවෙන්නේ ඇත්තටම....
    මම හිතුවේ ලංකාවේ ඇත්තෝ විවේකෙට බොන්නේ තේ කියලා..කෝපිනෙව බොන්නේ....

    ReplyDelete
    Replies
    1. මියුසික් නැතුව වෙඩි තැබීම..!
      ලංකාවේ සහ පිටරට කියන මේ ජාති දෙක අතරින් කෝපි කොයි කුලකයටත් අයිතියි. කෝපී කියන්නේ මත්වෙන්න ගජ මිතුරෙක්!

      Delete
  9. මම හිතුවේ මල් කිව්වම් වෙන ජාතියක්, ඒත් මං මේ බැලුවේ වැඩි සීනි ප්ලේන්ටියක් නැතුව කෝපි මොකද කියල...

    ReplyDelete
    Replies
    1. ගල් මල්, සල් මල්, කෙහෙල් මල්..... කෝකත් මල්..

      වැඩි සීනි ප්ලේන්ටි නොබොමි.

      Delete
  10. මේ වගේ කවි කියවන කොට මට නිකං

    මල් පිපෙයි ..
    කන කසයි..

    වගේ හැඟීමක් තමයි එන්නේ ... අනේ මන්ද මගේ කුඩා මොලේට සම්භාව්‍ය වැඩියි ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ තමයි.

      මල් පිපෙයි
      වෙඩි තියයි... සරලයි

      ගණන් ගන්න එපා පැතුම්.

      Delete
  11. මෙහාට ආපු පළවෙනි දවසෙම මොලේ මඥ්ඥන්....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. කටුස්සෙක් කිව්වා නේද? කටුස්සෙක් උනහම ඔහොම නෙවෙයි ඕනේ හැටියට පාට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ... දැන් බලන්න... (ඔහේ නෙවෙයි මෙහෙ බලන්න..!) මම කිව්වට ඔය වචනේ උනත්... අන්න රවියා ලියලා තිබ්බ හරියට...

      මෙව්වා මෙලෝ රහක් නැති බව මම දන්නවා... එව්වගෙන් සැලෙන කෙනෙක්ද මම? හුහ්!

      Delete
  12. කවියක් වගේ අති දරුණු..

    ReplyDelete
    Replies
    1. යාන්තමට වගේ කන ළඟින් ගිහින්.. හි.. හි... ස්තුතියි යාලුවා

      Delete
  13. නගා මක්ක කියනවද මංදා....!!

    ReplyDelete
    Replies
    1. මෙව්වා නොදැක්ක මේ දෑස මක්කටද කියල හිතුනද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...