Monday, December 8, 2014

127. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 5



පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

තුන්වෙනි පාරට මට මේඝනා හමුවුනේ කවදාද කියල මට මතක නැහැ. හතරවෙනි පාරට, පස්වෙනි පාරට... ඔව්.. ඊට පස්සේ කීපාරක් හමුවුනාද කියලා මට කොහොමත් මතකයක් නැහැ. මතක තියාගන්න ඕනෙකමක් තිබ්බෙත් නැහැ.

මාව කුඩු කරලා , ඒ කුඩු වලින් හැමදාම මට කිවිසුම් යවන නරුම කෙල්ලෙක්ට මම මේ අහු උනාමයි. පියාඹන අස්සයෙක් වගේ හැමතැනම තටු ගහලා, මේඝනා ගාවදි තටු ටික අකුලන් ඉන්න මට කිසිම ආයාසයක් ගන්න උනේ නැහැ. මොකද ටික දවසකින්ම මට තේරුනා වඩා ලේසි ඒ වෙලාව කියලා.

පියාඹන අස්සයෙක්ගෙන් අහල තියෙනවද, උගේ තටු , බිමක වේගෙන් දුවන එකට ඇත්තටම බාධාවක්ද කියල?

"සිගරට් බිව්වද?"

ඊතලයක් මගේ දිහාවට එල්ලකරගෙන ඉන්නවා වගේ බැල්මකින් මාව හිරකරලා මේඝනා ඇහුව. මට නොදැනුවත්වම කටේ හුස්මක් පිටි අල්ලට එල්ලවුණේ මගේ සිගරට් සුවඳ , රස පරීක්ෂණයකට ලක්කරමින්.



"න්... නෑ "
 කමින් හිටපු අයිස් පලම මට දීපු මේඝනා මගේ දිහා බැලුවේ මොන හිතුවිල්ලක් එක්කද කියල මට එකපාරටම තේරුනේ නැහැ. ඇත්තටම මේඝනා පොඩ්ඩක්වත් ප්‍රේඩික්ටබල් කෙල්ලෙක් නෙවෙයි.

"තේජන....  සිගරට් නෙවෙයි ගංජා බිව්වත් මට කමක් නැහැ. මගේ ළඟට එනවනම් හරි, මාව බලන්න එනවනම් හරි බීලා ආවොත්......"

මේඝනා මේඝ ඝර්ජනාවක් වගේ කිව්වත්, එතනින් එහාට කිව්වේ නැහැ.

ඉතිරිටික ඒකි කියනකල් මම බලන් හිටියා... මම කියනකල් ඒකි බලන් හිටියා......

සංවේදී තත්පර අටකට පස්සේ අපි දෙන්නටම හිනා ගියා. ඒ හිනාවෙන් ටිකක් සන්සුන් උනාට පස්සේ මේඝනාගේ වම් කම්මුලේ වලක් ඇතිකරන, කට කොනක් උඩට යවන හිනාවක් අගදී, ඒකිගේ බෑග් එකෙන් ගත්ත පත්තරයක් මේසේ උඩින් තිබ්බ.

"මේකේ තියෙනවා මම මාක් කරපු ජොබ්ස්.... "

තවත් කොල මිටියක් මේසේ උඩ තිබ්බා.

"..... මේ තියෙන්නේ ඔයාගේ CV ටික. මෙන්න කවරින් ලෙටර් ටික. මෙන්න ලියුම් කවර ටික.  මුද්දර ගහලා තියෙන්නේ. ඔයාට තියෙන්නේ ජොබ් ටික ලියාගෙන, මේ ලියුම් ටික අදම.. මේ දැන්ම පෝසට් කරන එකයි."

මම ගල්ගැහිලා බලන් හිටියා. මේ මොන හරුපයක්ද?

ඒත් එක්කම මේඝනා ඒකිගේ අර මායාකාර කැරලි කොන්ඩේ ගැටගහපු පටිය ගලවලා කොණ්ඩේ අතරින් අර මායාකාර ඇඟිලිතුඩු ගෙනිච්චා. හැම මොහොතකම වගේ මේ මොහොතේත් මම ඒ මායාකාරී සිදුවීම බලන් හිටියා. හැබැයි හොරෙන්..

"... මම කියපු දේ ඇහුනද?"
".................."
"ඇහුනද?"
"..................."
"උදේ පෝස්ට් එකට අහුවෙන්න දාන්න ඕනේ. මාර්කට් එකේ අර කොනේ තියෙන්නේ පෝස්ට් ඔෆිස් එක"
"මට බෑ "

"බෑ ?"


කිසිම හැඩයක් නැති ගනකම් ඇහිබැමි දෙකක් උනත් , මේඝ ඝර්ජනාවක් එක්ක එසවෙන හින්දද මෙතරම් මායාකාරී? මට ඇත්තටම විස්තර කරන්න බැහැ මේ හිතුවිලි. කෙල්ලෙක් ඉස්සහරහ කොල්ලෙක්ට ඇතිවෙන හිතුවිලි විස්තර කරන්න සරල සිංහල පාවිච්චි කරන්න බැහැ. ඔක්කොම ලියන්න වෙන්නේ ශුද්ධ සිංහලෙන්!

"මට අණ දෙන්න.... ඔ..යා ක-වු-ද?"

අවසාන කොටස මගේ කටින් බිමට වැටුනා.
'චෙප් විතරක් සෙවලයා! ඊයේ රෑත් මම උඹට කිව්වා නේද? කන්නයි උඹ හදන්නේ එදා වගේ. කළුපටි ජිට්-කුන්-ඩෝ කාරියෙක්ගෙන්! නොදකින් විතරක්...'

මම ගරු නම්බු පොලිෂ් කරමින් උන්නා.

ඔව්... එදා වගේ අප්‍රසිද්ධියේ නැතුව, අද නම් පබ්ලික් එකේ කන්නයි යන්නේ. මෙහෙම කෙල්ලෙක්ට බයේ ජීවත් වෙන්න වෙන එක මහා නරක කලදසාවක්. මගේ දිහාවට විදින්න ආසන්න දුන්නේ දුනුදිය අල්ලාගෙන ඉඳල මේඝනා එකපාරටම අහක බලාගත්ත.

"තේජන.... ම්..ම්...."

'හෝ.... හෝ..... පුතා දැන් නම් රබාන රත්වෙලා වගේ... හොඳ සුරලක් අල්ලලා ගහනවානම්'

මගේ ඇතුලේ උන්නු ස්වභාවික කොල්ලා කිව්වා. ඒත් මෙහෙම වෙලාවක වත් මේ කෙල්ලට බැරිද මේකිගේ මේ මායාකාර කොණ්ඩේ පොඩ්ඩක් වහගන්න.

"... හ්ම්ම්... ම්ම්..."

දෙඹරෙක් වගේ මේඝනා ගුම් නද දෙන්න අරන්. මගේ ඇතුලේ උන්නු ස්වභාවික කොල්ලා කෙකරගාමින් හිනාවෙන්න ගත්ත.

'හෙහ්... ඔන්න මම මේ මේඝ ඝර්ජනාව ගුම් නාදයක් කළා.. කොහොමද කොල්ලගේ වැඩ...?'

ඒ මොහොතේ මගේ මේසයට බරදීලා ඉස්සරහට නැමුන මේඝනා කියන්න යනදේ අහන්න මාවත් ඉබේම ඉදිරියට දික්වුනා.

"....... කලිසමේ ෂිප් එක වහල නෑ නේද? පෝස්ට් ඔෆිස් යනකොට ඒකත් වහගෙනම යන්න "

***************************
අවසාන කොටස 

16 comments:

  1. අමුතුයි....රහයි.....මේක කියෙවුවට පස්සේ අනිත් 4ම කියෙවුවා.දිගටම ලියන්යමු.
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  2. ලස්සනයි . ඒත් තාත්වික මදිද මන්ද . කෙල්ල කොල්ලට ජොබ් හොයන්නේ මොකද ලගම ඇසුරක් නැත්නම් .එහෙම එකක් තියෙනවනම් එහෙම උනේ කොහොමද ? ඒ ටික නෑනේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තාත්වික නැති ගතියක් තියෙනවද? බලමු ඔයාගේ ප්‍රශ්න වලට උත්තරයක් අගදිවත් ලැබෙයිද කියල... මේ වගේ සත්‍ය සිද්ධියක් මුල් කරගෙන තමයි කතාව ලිව්වේ. එහෙනම් ඒක තාත්වික නැති දෙයක් වෙන්න ඇති..

      Delete
  3. උපේක්ෂගේ මේ අමුතු ලිවිල්ලට මම ආසයි ... කතාවේ ගතියක් තියෙනවා මෙහෙම ලියද්දි .. ඉතිරි ටිකත් බලලම ඉමු ... (මෙගා නාට්ටියක් වගේ ඇදෙන ලක්ෂනත් පේනවා පේනවා වගේ ... :) )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      අෆොයි... මෙගා වගේ කිව්වා මගේ මෙගා - කෙටි කතාව? ඉක්මනට ඉවර කොරන්ට ඕනේ... හි.. හි..

      Delete
  4. පට්ට පට පට....
    නියමයි නියමයි....කතාවේ අඩු ටික ඉස්සරහින් ජොයින්ට් කරන්ඩ...

    ReplyDelete
    Replies
    1. ඉස්සරහින් කිව්වේ??

      අවසන් කොටස දැම්මා...

      Delete
  5. මොනවද බං, උබ ඒ කොල්ලව අමු අමුවේ විනාස කොලේ, ඒ මදිවට රෙදිත් ගැලෙව්වා,
    මේ ඊලග සැරේ පොඩ්ඩක් දිගට ලියහන් සෙද්ද....!!
    (උපරිමයි ඈ..........!!!)

    ReplyDelete
    Replies
    1. හි.. හි... කොල්ලෝ හිතන් හිටියට උන් හෙන ස්මාර්ට් කියල... ඇත්තටම එහෙම නැහැ.. හි.. හි.. කෙල්ලෝ උන්ව දනගස්සවන්නේ හස්තියාව බිම දාන කටුස්සා වගේ. ඔන්න අන්තිම ටික දිගට දැම්මා...

      Delete
  6. සැක් පව් අප්ප අරූ....
    හිහි
    කලිසමේ සිප් එක කෙල්ලෙක්ගෙ ඉස්සරහ ඇරිල තියෙනව තරං වහක් තවත් නැතිව ඇති...
    ිහි

    ReplyDelete
    Replies
    1. අනිවා.. අනිවා... දන්නෝ දනිති

      Delete
  7. සැක්... වෙන්න පුළුවන් චාටර් ම සීන් එක. සිප් එක ඇරිලා කියල කෙල්ලෙක් දකින එක... :3

    ReplyDelete
  8. අමුතු හැඩේක භාජනේකට වතුර වැටෙනකොට වතුර ටික භාජනේ හැඩේ ගන්නව විතරක් නෙවෙයි කොච්චර අමුතු උනත් භාජනෙත් පිරෙනවා.. තේජන හා මේඝනා මට ඒ වගේ ..

    ReplyDelete
    Replies
    1. හැබෑටම?

      මම ආසයි ඒ පරිකල්පනයට. බලමු ඉස්සරහට.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...