Wednesday, November 26, 2014

121. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 1


වෙනදා වගේම වැහිබර අහසක්...

ඔව්.. මම කැමතිම ජාතියේ අහසක්.. මගේ හිත ප්‍රබෝධමත් වෙනවා වගේ දැනුන. මට ඕනේ කලේ වැව රවුමේ බංකුවක් විතරයි.

එතකොට මේ එතනින් යන එන දෙනෝදාහක් මිනිස්සු?

ආ... කවුද ඒවා ගණන් ගන්නේ... මට ඕනේ මේ ජාතියෙන් බංකුවක් විතරයි. කොතන තිබ්බත් ඒ බංකුව මට ඕනේ මගේ විදියටම.

මම වටපිටවත් බලන්නේ නැතුව බංකුවේ කොනින් වාඩිවුනා. ඇත්තටම කවිබර දවසක්.

"ආ... මේ මොකද මේ භාවනාවක්ද?"

යාලුවෙක් තට්ටුවක් දාගෙන ගියා. ඈ යකෝ.. භාවනාවක් කොරන එකෙක්ට මෙහෙම තට්ටු දාගෙන යනවද බොල ?

මම එහෙම හිතල ඌට හිනාවක් දාල අනික් පැත්ත හැරිලා වාඩිවුනා.



හරියටම මගේ බංකුවට ඉදිරියෙන් තිබ්බ අනික් බංකුවේ මගේ දිහා බලාගෙන හිටපු ඒ රූපය මාව තව ඩින්ගෙන් බංකුවෙන් බිමට දානවා!

විශ්මයෙන් ඇරුන මගේ ඇස් එක්කම මගේ කටත් ක්‍රමයෙන් ඇරෙනබව දැනෙනකොටම මම ක්ෂණයෙන් කට පියාගෙන ඇස් වලින් ගින්දර පිටකලා.

'අසමජ්ජාති කෙල්ලෙක්....'



'කිසිම අවසරයක් නැතුවම, නිදහසේ ඉන්න කොල්ලෙක්ට කැටපොලේකින් විදින නැට්ටුක්කාර කෙල්ලෙක්.'

මම කලේ ඒ කැටපෝල්කාරිට ඉලක්ක නොවෙන්න අනික් පැත්තට හැරෙන්න තීරණේ කරපු එක.

වැරද්දක් නැහැ.. නමුත් එහෙම හැරෙන්න බැරුව ගියේ , එතන ඒ වෙනකොට ආගන්තුක පෙම් යුවලක් තුරුළුවෙන්න යොදාගෙන තිබ්බ හින්ද මිසක් මගේ අඩුපාඩුවකට නෙවෙයි.

මගේ මේ උත්සාහය දැකපු ඒ නොවැදගත් කෙල්ල මොකටද හිනා වෙන්නේ?

මේ වගේ පොදු ස්ථානයක් කොහොමත්ම මම වගේ වැදගත් කොල්ලෙක්ට , නැට්ටුක්කාර කෙල්ලන්ගෙන් වහන්වෙලා සැනසිල්ලේ ඉන්න පුළුවන් තැන් නෙවෙයි.

මට මගේ පුරුදු අහුමුල්ලමයි මතක් උනේ.

ඊළඟ දිගහැරුම

17 comments:

  1. කොලු ගතිය ඇත. ඉදරිය බලමු..

    ReplyDelete
    Replies
    1. ඉදිරිය වෙන්ටැති ;)

      Delete
    2. හි.. හි... හිනත් ගියා මේ කොමෙන්ටුවට....

      Delete
  2. පෙර වදනටත් පෙරවදනක් වගේ කෙටි එකක්.....

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ... ඕක ලියලා ගොඩක් දවස්.... කම්මැලිකමට තිබ්බ හින්ද පබ්ලිෂ් නොකර හිටියේ..

      Delete
  3. පොඩ්ඩක් හිටාන් මට කෙල්ලයි කොල්ලයි මාරු උනා.. :3

    ReplyDelete
    Replies
    1. ඈ.... එහෙම වෙන්න සාධාරණ හේතු තිබ්බ...

      Delete
  4. .. ඇයිද නොදන්නෙමී... මටත් සෑහෙන වෙලාවක් යනකම් කොල්ලයි කෙල්ලයි ටැපළුනා..

    ReplyDelete
    Replies
    1. මොකද බොලේ මේ ඉන්න උන්ට පැටලෙන්නේ... මොනවා ඔතරම් පැටලෙනවද ?

      Delete
  5. කෙටි වැඩිනේ, දිගට ලියමු

    ReplyDelete
    Replies
    1. ටිකක් තව දැම්මා... කියවලා බලන්න

      Delete
  6. සිරාවට කොල්ලයි කෙල්ලයි මාරු උන ලයින් එක තිබ්බා. බලමු.. ඉස්සරහට මේ කොල්ලා මොනවා කරයිද කියලා

    ReplyDelete
    Replies
    1. ^%#$E%^$^% අම්මප දැන් ඉතින් මට!

      Delete
  7. යකෝ පොල්ලෙන් ගහන්න වගේ ඉවර කරන සිරිතක් තියේද හැබෑටම ඈ

    ReplyDelete
  8. මටත් කෙල්ලයි කොල්ලයි මාරු උනා නෙව. අවුලක් නෑ මාරුව ලෙහාගෙන ආයෙම කියෙව්වා. එල! ඉක්මනට ඕනේ ඊගාව කොටසත්.

    ReplyDelete
    Replies
    1. බස්සියෝ මොනාද හලෝ පටලෝ ගන්නේ?? ඔන්න දැම්ම...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...