Thursday, August 28, 2014

73. උණුවතුර ළිඳ

මම බට්ටම බට්ටා කාලේ, අපේ ගෙදර හදන කාලේ වෙච්ච එක දෙයක්.

ඒ දවස්වල අපේ ගෙදර පුදුම සෙනගක් හිටියේ. බාසුන්නැහැලා රොත්තත් හිටියේ එළියේ වෙනම හදපු මඩුවක. ඒ මදිවට දුරින්- ළගින් නෑයෝ වෙන කොල්ලෝ කෙල්ලෝ අපේ ගෙදර ගොඩක් හිටියේ අපේ අම්මා උන්ට උසස් අධ්‍යාපනයට උදව් කරපු හින්ද. උන්ගේ උසස් අධ්‍යාපනේ කොතරම් විශිෂ්ටව අවසන් උනාද කිව්වොත් ,එකෙක් ඇරෙන්න ඔක්කොම උන් ගියේ PhD ගහල. ඉතුරු උන එකා විතරයි ඉංජිනේරු පීඨයෙන් ඩිග්රියක් අරගෙන ගියේ. PhD උන් ඉතින් (Permanently Head Damage) වෙලා කෙල්ලෝ නම් කොල්ලෝ සෙට් කරගෙන, කොල්ලෝ නම් කෙල්ලෝ සෙට් කරගෙන තමයි ගියේ. ඒ අපේ අම්මගේ බුරුල!

ඒ මදිවට අපේ ගෙදර මේ උන්නු සෙනග හැටියට තිබ්බ බාත්රුම් 2 මදි හින්ද එළියේ නිදහසේ නාන්න තඩිම තඩි බැරල් කීපයක් තිබ්බා. එයින් එකක් අපේ අත්තම්මගේ ඔෆීෂියල් බැරල් එක. අනිත් එක පොදු ළිඳ වගේ තිබ්බ බැරල් එක. අපේ අත්තම්ම උදෙන්ම එයාගේ බැරල් එකට වතුර හෝස් එකෙන් පුරෝනවා. ඔය බැරල් තිබ්බේ උඩතට්ටුවේ කොන්ක්‍රීට් එක උඩ හින්ද ඔතනට දවල්ට ගිනියමට අව්ව වැටෙනවා. අව්ව වැටිලා දවල් 2-3 වෙනකොට වතුර ටික නිකන් ඇඟ සනීප වෙන ගානට රත් වෙනවා. අම්මේ එහෙම සනීප වතුරක් උණුවතුර ළිංවල විතරයි ඇත්තේ.



ඔය බැරල් දෙකෙන් හොඳටම අව්ව එන්නේ අත්තම්මගේ බැරල් එකට. ඒකට අතගහන්න ලැබෙන්නේ නැත්තේ, අත්තම්ම කියන්නේ හැමදාම නාන කෙනෙක් හින්ද වතුරටික රත්වෙනකොට මොනවා තිබ්බත් අත්තම්ම වෙලාවට නාන්න සැපත් වෙනකොට රත්වුණු වතුරටික තියන්න එපැයි !. පච කියන්නේ මොකටද, මම ඉස්සර හැමදාම නාපු කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් මම මේ කියන වයසේදී. දවසක් ඇර දවසක් තමයි මාව අත්තම්ම නාවන්නේ. ඒකත් පහල බාත්රුම් එකේ. මට ඇහෙනවා අපේ අක්කලා, අය්යලා , අර නතර වෙලා හිටපු නෑදෑයෝ වෙන උන් ඔක්කොම කැකිරි පල පල ඔය බැරල් එක ගාව නානවා පැය ගණන්. බට්ටෙක් උන මාව කවුද ඔතනට වැද්දගන්නේ? මට දැන් හෙන අවුල්......

මමත් නාන්න ඕනේ ඕකෙන්......



බට්ටෙක් උනාට ගේමක් නැතුව පරදින්න මමත් කැමති නැහැ. මම මොනවා උනත් හිතල ප්ලෑන් එකක් ගැහුවා... ප්ලෑනේ හැටියට කට්ටිය අඩු දවසක් බලල, මම හෝස් එකෙන් බැරල් එකට වතුර පුරෝලා , හොඳට රත් උනහම ඇති තරම් දියබුන් ගහන්න ඕනේ! ඕ යේ!!!!!! කොහොමද ප්ලෑන් එක? අනේ මේ... අවුරුදු 5ක් වත් නැති බට්ටේක්ට ඔයිට වඩා ගේමක් දෙන්න බැරි නැති උනත්, මගේ සුකොමල මොලේට ආවේ ඔච්චරයි..



ඔන්න මම උදේ හොරෙන් ගිහින් හෝස් එක ඇරලා වතුර පිරෙන්න දාල ආව. මොකද එදා ගෙදර කට්ටිය ඔක්කොම වගේ එළියේ. ඒ කියන්නේ ඔය බැරල් නෑමට කෙනෙක් නැතිවෙන පාටයි. බැරල් එක කොතරම් ලොකුද කියනවා නම් සාමාන්‍ය හෝස් එකකින් ටිකක් වේගෙන් වතුර ඇරලත් පැය තුන්කාලකට වඩා යනවා පිරෙන්න. තිබ්බ උනන්දුවට  වෙලාව දන්නේ නැති උනත් විටින් විට ගිහිල්ල බංකුවක් තියල පිරිච්ච ගාන බලල ඔන්න මම වතුරටික පුරෝ ගත්ත.

ඔය බංකුව ඔතන තියෙන්නේ අපේ අත්තම්ම ඕකේ වාඩිවෙලා තමයි රෙදි හෝදන්නේ, කුණු අතුල්ලන්නේ. ඊට අමතරව අතොරක් නැති වැඩ කන්දරාවකට ඔය බංකුව ඔතනට ඕනේ කල හින්ද, ඔතනම පැත්තක නොතෙමෙන තැනක පර්මනන්ට් වෙලා තිබ්බේ.මට නම් බැරල් එකේ විසිතුරු බලන්න ඕක හරිම ප්‍රයෝජනවත් වුනා.

ඕක මිෂන් එකක් වෙන්නේ කාටවත් ඇහැ ගැටෙන්නේ නැතුව කරගන්න ඕනේ හින්දයි. මොකද ඔතන මට නාන්න තහනම් තැනක්. මට කියල තිබ්බේ එහෙම. දන්නේ නැහැ ඇයි කියල. ඊට පස්සේ ඔන්න රත්වෙන්න තියන එක. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ නේ... මම මොනවා කරන්නද,රත් කරන්නේ ඉර වෙච්චි! මම ඉතින් මගේ පාඩුවේ හොර ගල් අහුලා අහුල හිටියා. දැන් ඉතින් දොළහ පැනල හවස් වේගන එනවා.

ඔන්න හවස් වේගන එනකොට මට ඉන්නම බැරිතැන මම ගියා මගේ උණුවතුර ළිඳේ පරික්ෂාවට. ඒ කියන්නේ හොඳට රත් වෙලාද කියල බලන්න. බංකුවක් තියල අත දාල බැලුව... හම්මේ හරිම සීතලයි!!! අපේ අත්තම්මා මාව නාවන්නේ ලාවට උණුවතුරෙන් හින්ද මේ පට්ට හිතල වතුර එක නානවා තියා හිතන්නත් බැහැ . අත්තම්මගේ බැරල් එක තරම් රස්නේ වෙන්නේ නැතිබව මට එතකොටයි තේරුනේ. ඒත් ගේම අතෑරලා කොහොමද.



ගියා ගේ ඇතුලට. ඒ දවස්වල අපේ අප්පච්චි ගෙදර ගෙනත් තියන් හිටියා අලි පත හීටරයක්. පත කියන්නේ ඒක අඩියක් විතර දිගයි, මම දැකල තියෙනවා අපේ අප්පච්චි ඕක බැරල් එකේ වතුර උණු කරලා නානකොට මේ හීටරේ ගහනවා. මමත් ගිහින් තිබ්බ තැනින් හොරෙන් අරන් ආව හීටරේ. ගෙනත් අප්පච්චි කළා වාගේම හිටරේ ගහල ඇතුලට දැම්ම.  දාල පහලට ඇවිත් ඉස්තෝප්පුවේ වාඩිවෙලා හිටියා වෙලාව එනකල්.

අපේ ගෙදරට පහල ගෙදරක නංගි කෙනෙක් හිටියා. මට වඩා අවුරුද්දක් බාල උනාට මිනිහ හෙනම කට්ට කයිරාටික පොර! හික්... මම කියල ඇති ඉස්සර මගේ යාලු ෆිට් කමට එයාගේ රෙකෝඩ් පොත එඩිට් කරලා දුන්න හැටි එහෙම. හි.. හි... ඔන්න මිනිහ ආව අපේ ගෙදර. මගේ යාලු ෆිට් එක කියන්නේ මිනිහා මොන වැඩේ කලත් මාවත් ඒකට මාට්ටු කරගන්නවාමයි. ඒ වගේම මමත් යනවා හැම දේටම උඩ පැනගෙන.

"පොඩි අක්කි... යමුද වෙලට... ගිරව් එළවන්න "

මගේ අම්මේ මගේ කනට මීපැණි වගේ ඒ වචන!
"අත්තම්මා... මම වේලට යනොඕ...."

කියාගෙන පැන්නා , ගියා නේද වෙලට.... පැනපු ගමන් ඔහොම කියාගෙන දිව්වේ මට ගිරව් එලවන්න යන වැඩේට අපේ අත්තම්ම වැඩි කැමැත්තක් තිබ්බේ නැති හන්ද යන්න නොදෙයි කියලමයි

ඔය වෙලට එන ගිරව් පන්නන එක මම හරිම ආස වැඩක්. ඒ කියන්නේ... උන් වෙලට එන්නේ පැලවෙන වී ටික කන්න. උන්ට මම හරිම ආසයි. ඔය අතරේ එනවා වාත්තු කළා වාගේ කොළපාට ගිරව්. මාල ගිරව් කියන්නේ මගේ ආසම ජාතිය. උන්ට උන්ගේ ඕනේ හැටියට වී කන්න දීලා මමයි නංගියි දෙන්න උන්ගේ හැඩ බලනවා.... අම්මේ එහෙම ලස්සනක්... උන් උන්ට ඕනේ තරම් කාල ඉවර උනහම උන්ව අපි පන්නනවා... අන්න එහෙමයි ගිරව් එළවන්නේ!

ඔය වැඩේට ඉතින් පැයක් දෙකක්ද? පැය තුන හතරක්ම යනවා. ඒ වගේද ජොලිය. ඔය වෙලා තිබ්බේ ඉස්සර අපේ ගෙදරට යන පාරේ මුල තියෙන වෙල් යායෙන් හැරිලා යනකොට. ඒ වෙල්යාය කියන්නේ අපේ සරුංගල්, එල්ලේ පිටි! දැන් ඔක්කොම ඒවා ගොඩකරලා ගෙවල් හදල. දිගට තියෙන වෙල්යාය මැද්දෙන් වැටිලා තියෙන පාර දිගේ තමයි අපි ඉස්කෝලේ ඇරිලා එන්නේ.

අපේ ගෙදර නිල නොලත් නීතියක් තියෙනවා. ඒ කියන්නේ අම්ම ගෙදර එන වෙලාවට කොහේ උන්නත් අපි තුන්දෙනා ගෙදර ඉන්න ඕනේ. එහෙම නොහිටියොත් අපේ අම්මා එදාට නොහිටිය එකාව/ඒකිව ගණන් ගන්නේ නැහැ.

ඔන්න අපේ අම්මගේ රථය ඈතින් පේනකොටම මට සිහිය එලවිලා හිටපු තැනින් නැගිට්ටවුනා.

"අඩේ... අම්ම එනවා. යමු හලෝ..."

ඔහොම කියල මම පණ කඩාගෙන දිව්වා. නංගිත් දුවන් එන්න ඇති. ඔය වෙලාවට භාවිත කරන හොර පාරවල් කීපයක්ම තියෙනවා. ඒවගෙන් දිව්වම සමහර ගෙවල්වල මිදුල් මැදින් ගියත්, ඉක්මනට අපේ ගෙදර මිදුලට සේන්දුවෙන්න පුළුවන්. යන්තම් ගෙදරට ලෑන්ඩ් කරා. දැන් ඉතින් සද්ද නැතුව ඉන්න ඕනේ හින්ද කාමරේට රිංගුවා.

අඩේ ....



එතකොට තමයි දැක්කේ මම නාල අඳින්න කියල හිතාගෙන ගත්තු ඇඳුම් ටික ඇඳ උඩ !! හෑ !! මම හීටරේ ගහල දැන් සෑහෙන වෙලාවක් නොවෑ ???? මට දැන් තාරකා පන්ති අතරින් ක්ෂිරපතය වගේ එකකුත් පේනවා වගේ. එකපාරටම හිතුනේ මොනවයින් මොනවා හරි වෙලා අපේ අත්තම්ම මම ගෙදර එනකල් බලන් ඇති කියල මුනත් දෙල් කරගෙන!!!

දැන් මගේ පපුව ගැහෙනවා. එකක් ගිරව් එලවන්න ගියපු එක. අනිත් එක මේ හීටර් ගහල අහුවෙච්ච එක. මම අම්මගේ අඩි සද්දේ ඇහෙනකොට කලේ ටුක් ගාල ඇඳේ පෙරලිලා නිදි වගේ හිටපු එකයි. අම්ම සුපුරුදු විදියට ගෙට ඇතුල්වෙලා බඩුටික තියෙන සද්දේ ඇහුන. ඔය සද්දෙට අර ෂොපින් කවරයක් සද්ද වෙනකොට දුවන් එන පුස් රැලක් වගේ අපි තුන්දෙනා දුවන් එන්නේ අම්ම මොනවහරි පොඩි දෙයක් ගේනබව දන්නා හින්ද, ඒක නොවරදවාම ගන්න! පරක්කු උනොත් අපේ අය්යා ඕකට වගකියන වෙලාවල් තියෙනවා
'අහ්... මොකද පරක්කු... බඩගිනි හලෝ, මම ඒකත් කෑවා ' ඔන්න උගේ උත්තරේ? පුත්‍රවාදී ගෙදරක මොන සැපතක්ද??

අක්කගේත්, අයගෙත් කටහඬවල් ඇහෙනවා, ඊටත් වඩා අර ෂොපින් මලු සද්දේ වැඩියෙන් ඇහුන මම හිතන්නේ. මට දැන් ඉන්න බැහැ ඇඳේ ...... 'ඕනේ එකක්' කියල හිතාගෙන මම ඇඳෙන් බැහැල සාලෙට දිව්වා.

වෙනසක් නැහැ. අත්තම්මත් ඉන්නවා කෑම කාමරේ. මාවත් දැක්ක. නෝ සද්ද.. ඒ කියන්නේ එක්කෝ තාමත් වැඩේ මාට්ටු නැහැ, නැත්තම් වෙන මොකක් හරි අලකලංචියක් වෙලා. දැන් මමත් ඉන්නවා ඉබ්බෙක් වගේ... පොඩ්ඩක් කට්ටිය එහාට මෙහාට වෙනකල් ඉඳල මම දිව්වා කළුවරේම උඩ කොන්ක්‍රීට් එක උඩට. බංකුව තියල බැලුව. යන්තම් කළුවරේ දැක්ක විදියට හීටරේ පේන්න තිබ්බේ නැහැ. ඒ වගේම වතුර ටිකත් සෑහෙන්න අඩුවෙලා තිබ්බේ.

මොකක් වෙලාද? මාව මාට්ටුද? නැද්ද? හීටරේ හොරු ගෙනිහිල්ලද? උණු වෙලාද?

කාගෙන් කියල අහන්නද?

මමත් ගෙට ගිහින් හිටිය සද්ද නැතුව. 

බලනකොට වෙලා තියෙන්නේ මොනවද දන්නවද? මම ඉතින් ගිරව් එලවන්න ගිහින්නේ.... වතුර රත්වෙලා විතරක් නෙවෙයි, තේවතුර බොන්න තරම් නටලා... කවුරු දන්නවද ඉතින් ගෙදරත් වැඩිය කවුරුත් ඉඳල නැහැ නේ. වතුර උතුරලා උතුරලා වාෂ්ප වෙලා බාගයකට වඩා. හවස අක්කලා තමයි දැකල ඔෆ් කරලා තියෙන්නේ. ඒත් අදටත් කවුරුත් දන්නේ නැහැ ඒ මම තමයි මේ පිස්සු අන්දොස් වැඩේ කලේ කියල.

"අර චන්දරේ වෙන්නැති.... කිසිම වගක් නැහැ නේ උන්ට"

අත්තම්ම චන්දරේ මාමගේ අකවුන්ට් එක ඒ විදියට අප්ඩේට් කළා. මම නෙවෙයි කතා කලේ.... 
ඉතින් මම කිව්වෑ මම කලේ නැහැ කියල...!

18 comments:

  1. හීටර් එක තාම තිායෙනවැයි.. ලයිට් බිල කෝමද දන්නෑ ඒ මාසේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. හි.. හි.. ඔව් මම හිතන්නේ තියෙනවා ගෙදර. ඔය සිද්ධියෙන් පස්සේ හීටරේ හැංගුවා.

      Delete
  2. හෙක් හෙක් අනේ අම්මපා මෙහෙමත් නෑමක්, අපි නම් ඉතින් ඔය ගමේ ගියාම ලිදටම බැහැලා නානවා, අන්න නෑමවල් නානවානම්, ඔය බැරල් වලින් නාන සීන් එකත් පස්ට, හම්මේ ඒ ලිඳ මතක් වෙද්දී නාන්නමයි හිතෙන්නේ (ඔව් ඇදගෙන)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්... එහෙම උතුරන ළිඳක් තිබ්බ අපේ අම්මගේ මහගෙදර වත්තේ කොනේ. නිල්කැටේට වතුර. කියල වැඩක් නැහැ ලැබෙන සතුට ඒවගෙන් නාල. ඒ වගේම පිල්ලකින් නාල තියෙනවා... මාර ජොලි. ඒ නම් නුවර

      Delete
  3. මරු කතාවනෙ අන්තිමට එනකල් මමනං හිතුවෙ අහුවෙයිම කියලයි.එදා සැරේ ලයිට් බිල හොඳට තියෙන්න ඇති නේද.

    ReplyDelete
    Replies
    1. හි.. හි...
      ඔය තියා මමත් හිතුවේ අහුවෙයිමයි කියල. වෙලාවට කාටවත් හිතුනේ නැහැ මම ඔහොම වැඩක් කරයි කියල. මොකද හොඳට උණුවතුරෙන් දවසක් ඇර දවසක් නාවන ළමය වෙච්චි කොට!

      Delete
  4. කෝම කෝම හරි එදත් නෑවේ නැතිලු.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. එදා කොහොමත් නාන දවසකුත් නෙවෙයි. එහෙම දවසට මාව හුඹහේ ඉඳල හරි ඇදල අත්තම්ම නාවනවා! තේරුනා නේද මගේ මගහැරීම? හැක්

      Delete
  5. >>පච කියන්නේ මොකටද, මම ඉස්සර හැමදාම නාපු කෙනෙක් නෙවෙයි.<<
    උපේක්ෂාගේ හොඳම ආත්ම කථනය.

    අම්මෝ පොඩිහිටියෝ කාලේ කරන වැඩ කොච්චර අනතුරුදායකද කියලා හිතෙන්නෙ වැඩි හිටියෝ වෙලා ඒ ගැන කල්පනා කරන කොටයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි
      පස්සේ තනියෙන් නාගන්න කාලේ මුල් කොටසේ මම නාන්න පට්ට හොරයි. හි.. හි... අත්තම්ම පලු අරිනවා. ඉන්න මම ලියන්නම් පස්සේ දවසක

      ඔව් හෙන්රි.... ඔයිට වඩා භයානක වැඩ කරලා තියෙනවා. දැන් මතක් වෙනකොට හිතෙන දේවල් කියල වැඩක් නැහැ. කොහොම අපේ අම්මා මේවා ඉවසන් හිටියද මන්ද. මම නම් ළමය හමගහල !!

      Delete
  6. අපේ යාලුවො කන්ඩායමකුත් ලොකු හොරකම් වගයක් කරන්න ප්ලැන් කරන්න කලිං මේ දවස්වල පොඩි හොර වැඩ කරන්න උත්සාහ ගන්නවා. එයාල විසාල මාපියා ගේමක් දනේන කලියෙන් ප්ලේන් එකක වතුරු බෝතලයක් ගෙනියන්න තමය් පෝගැම් කරන්නෙ. එතකොට පස්සෙන් පහු විසාල දේවල් ගෙනියන්න හැකියාව උදා වේවිය කියලා තමයි එයාල හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. හික්... වෙල්කම් ටු ද ක්ලබ්

      Delete
  7. හෙහ් මරු කතාව..

    හැබැයි කෝම උනත් ලිදකින් නාන්නත් ආසයි දැන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔව් මම ගමක් වගේ පරිසරයක් තිබ්බ නගරයට ළඟ වටපිටාවක. මේ හැමදෙයක්ම මම වින්ද, වෙලාවට!

      Delete
  8. Replies
    1. හි හි...... ඇයි බොලේ මම? අහු උනා නම් මාව දරු පොතෙනුත් කපල දායි කරපු වැඩවලට

      Delete
  9. හිහික්...
    යකෝ අලි පත හීටරයක් වුණත් බැරල් එකක් රත් කරන්න ගියාම...
    ලය්ට් බිල නං නැගල තියෙන්න ඇති සූ ගාල...

    උපේස්ස ත් කොරල තියෙන්නෙම පට්ට පට පට පිස්සු වැඩ නොව...
    හිහි

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්... ඒ දවස්වල දන්නේ නැහැ නේ ඕව. අපේ අම්ම දරාගන්න ඇති, පව් නේද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...