Tuesday, July 30, 2013

30. නොදුටු පැතුමට... මවකගේ සිතුවිලි


ආදරණිය නුපන් පැතුම!

ඔබ කවරෙකුදැයි තවමත් මා නොදනිමි. කොහි සිට ආවාදැයි සැබවින්ම කිසිවෙකුත් දනුයේද නැත. අඩුම තරමේ ඔබ දුවණියක්ද ,පුතණුවෙක්ද යයි පවා මම නොදනිමි. එහෙත් මා දන්නා එකම එක කරුණක් වෙයි; එනම් ඔබ කවරෙකු වුවත් මගේ ජීවිතය, මගේ අහිංසක පුංචි ලෝකය එකලු කරනු වස් මා පතමින් ආ සසර බැඳීමක් යන වගයි. එහෙයින් මම ඔබ අමතමි.....

ඔබව කුසයේ දරන්නට මම පැතූ තරම් ඔබ අද හෝ හෙට නොදැන සිටින්නට ඉඩ ඇත. නමුත්, එහි ගැබ්ව ඇති අර්ථය ඔබට වැටහෙන්නට තරමක කාලයක් නම් ගතවනු නියතය. එපරිද්දෙන්ම, ඔබව මෙලොවට බිහිකරනතුරා මගේ හිතේ පොපියන දේද අවබෝධ කරගැනීමට ඔබ 'තරම්' වනතුරු මම මේ සටහන සඟවා තබමි.
එය ඔබට දෙන අනාගත දායාද අතරට මා විසින් දෙවැනිව එකතු කරනු ඇත.
කොහේ හෝ තැනක සිට මා අතට එන්නට ඔබ කරන ලද කර්මය මගේ හැකි තරමින් සුවපත් යමකින් පුරවන්නට මා තැත් කරන බව මගේ පුංචි පැටියාට කවරදාක හෝ වැටහෙනු නියතය. මෙය සටහන් තබන මොහොත වනවිට, මා විඳි දුක්ගැහැට මෙපමණයි කියා නිමා කල නොහැකිය.


පැටියෝ.... මට දෙන්නට යමක් වේ නම්.., ඒ ඇත්තේ සිතේ වූ ඒ ඉවසීමයි. ඔබව දකිනා තුරු මා දැරූ ඉවසීම එතෙක් විය හැකිය.

ජිවිතයේ සතුට හඹා යනු පසෙක තබා, තිබෙන සතුටත් ( එය අසතුටක් වුවත්) සමග සැනසීමට මා උගත්තෙමි.එහෙයින් නොයෙකුත් හල හැප්පීම් අතරින් ඉතා පරිස්සමෙන් සුරැකිව තබාගත් සිතුවිලි වලින් ඔබගේ ජීවිතය ලස්සන කරන්නට මම තවමත් සිහින දකිමි..



ප.ලි. මෙය සත්‍ය ලියමනකි..... 

24 comments:

  1. ජීවිතයේ ලද හැකි උපරිම සතුටක් වන මාතෘත්වය ලැබීම වෙනුවෙන්, ඔබට උණුසුම් සුභ පැතුම්. සියළු දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඕකනේ ඉතින් කියන්නේ.....
      මම මේක සත්‍යයි කිව්වට 'මගේ' කිව්වේ නැහැ නේ....

      Delete
    2. තිසර, අනේ බං උඹ ඔය කමෙන්ට් එක නොදැම්මා නම් මම දාන්නයි ගියේ මේකි මෙය සත්‍ය සිදුවීමකි කියලා අපිව නොමග ඇරලා තියෙන නිසා.

      උඹ මුලින්ම පැනලා ඒ පැතුම කරලා අප හැම වෙනුවෙන් වෙනුවෙන් නාගැනීම ගැන නොවක් තුති. :D

      Delete
    3. ඒකත් එහෙමද? එහෙනම් ලඟදීම ලබන්නට නියමිත මව් පදවිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්! :)

      Delete
    4. එහෙම තමයි අනෙකා වෙනුවෙන් කැපවෙන්නේ ඩූඩ් අයියේ..! දැන් බලන්න මම උනත් කිසි බයක් සැකක් නැතුව ඔය සුබ පැතුම පතනවනේ අර සත්‍ය ලියමනකි කෑල්ලට අහු වෙලා!

      Delete
  2. මදෑ කොලා. ලිව්වම ඒක ඇත්තක්ය කියල කියන්නත් වෙලා නෙව.. උණුසුම් සුභ පැතුම්.. ඒක තමා පහුගිය දොහේ හිටියේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මොනා කියන්නද කියලා... හි.. හි...

      Delete
  3. හිටපු ගමන් පීල්ල මාරුවෙනකොට මම බැලුවා මොකද කියලා, මේකනේ කතාව. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මම පිස්සු කෝච්චියක් කියලද හිතන් හිටියේ පීලි මාරු කරන්න හෑ ????
      මේකත් ඉතින් කතාවක් වගේ තමයි...

      Delete
    2. ඉතින් හැබෑටම ඔයා පිස්සු කෝච්චියක් නෙවෙයිද ඈ.....:D

      Delete
  4. කවුරු වුණත් අම්ම කෙනෙක් වෙන්න යන කෙනෙක්ගේ හැගුමක්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත වෙන්න ඕනේ...... වචනවලට අහු වෙන්නේ නැති දේවල් තව කොතරම් ඇති නේද ?

      Delete
  5. මේ අම්මාට බුද්ධිමත් නිරෝගී දරු සම්පතක් ලැබීමට වාසනාව උදාවේවා

    ReplyDelete
    Replies
    1. එලෙසම වෙන්න ඕනේ රෙහානි

      Delete
  6. මේ අර කිව්ව කතාව නේද උපේක්ෂා?

    >>දරුවෙක්ගේ උපන්දිනයක් කියන්නේ දෙමවුපියන්ගේ නැවත ඉපදීමක් වගේ. මුලින්ම දරුවා ගේ මුණ දැක්ක දවසේ දැනුණ හැඟීම් වල තියෙන ප්‍රභලබව අවුරුද්දෙන් අවුරුද්ද දැඩි වෙනවා. මේ ගැන පොස්ටුවක් ලියන්න හිතන් මම අද හිතන් හිටියේ. හෙටම ලියන්නම්කො.<<

    Well Done!

    ReplyDelete
    Replies
    1. අන්න මගේ අදහස තේරුම් ගත්ත 'ඩුඩ්'... ස්තුති ඩුඩ්
      ඔව් එක තමයි.....
      Hats off!!

      Delete
  7. Replies
    1. හෑහ් .....
      මට කෑ ගැහුනද මන්ද

      Delete
  8. සුදු ඇත් පොව්වෙක් - සුදු නෙළුම් මලක් ගෙන
    පැදකුණු නොකළත් සිරි යහනේ....
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳු..

    මට රජ පැටියෙක්....

    ඔන්න අපෙන් සුභ පැතුම්.........

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ පිරිසිඳු සිතුවිල්ලක් තමයි.... මටත් හිතෙනවා ඒ සින්දුව ලියන්න ඒ රචකයා ගොඩක් මහන්සි වෙන්න ඇති

      Delete
  9. අම්මෙක්ට අප්පෙක්ට දරුවෙක් කියන්නේ කොයි තරම් වටින සම්පතක්ද කියලා දැනෙන්නේ දරු දුක හඳුනන කෙනෙක්ට විතරමයි.

    ඒත් දරු දුක හඳුන ගන්න අම්මෙක් අප්පෙක් වෙන්නම ඕන නෑ මාමෙක් පුන්චියෙක් ලොකු අම්මෙක් බාප්පෙක් මහප්පක් ට උනත් තේරුම් ගනන් පුලුවන්.

    මේ කියන අම්මාටත් සියලු අම්මා වරුන්ටත් ශාන්තියක්ම වේවා . . !

    ReplyDelete
  10. හංකිති කවමින් කුස තුල සක්මන් කරනා
    ඔබ දඟයෙකු වේදැයි නිකමට මෙන් මට සිතෙනා
    පැටියෝ,
    නුඹ දුවෙකු උනත් මට පුතෙකු උනත්
    නුඹ හිස පලදන්නේ..
    වෙනසක් නැති එක ආදරයයි..

    ReplyDelete
  11. පූස් පිනෙ කිවුව පැන්ඩා ගේ පැතුම මම හිටන් ආවේ ඉටු වෙලා කියල කලින්ම..කොමෙන්ට් දැක්කමයි තේරුනේ

    ReplyDelete
    Replies
    1. හි... හි...
      ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලුව වගේ නැද්ද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...