Saturday, October 31, 2015

232. මොන බොරුවක්ද 'බියුටි'





මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?

මූන කට ලස්සනට
නොතිබුනට,
'බිස්ට්'ලට කැමති වෙන එක
මැරුමකි  - මිනී
හිනා යන....

හාද්දකින් පුළුවන්ද
කුමාරයෙක් කරන්නට?

මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?




ප.ලි.
කොමෙන්ටු වලින් පෙනී යන්නේ මගේ කවිය අසාර්ථක බවයි. එහෙමය කියල මම එහෙම සැලෙන එකෙක් නෙවේය!! හික් හික්... 

11 comments:

  1. මටනං තේරුණේ නැද්ද මන්දා..........

    ReplyDelete
  2. බීස්ට් ලා අහිංසකයි
    හැමදාම හැමතැනම
    ඒ වගේද බියුටිලා
    බීස්ට්ලා අසරණ වෙනවා
    කෑවම බියුටිලා
    හදවත

    ReplyDelete
  3. බියුටිගෙ හිත ඇතුලෙ බීස්ට් කෙනෙක් ... බීස්ට්ගෙ හිත ඇතුලෙ බියුටි කෙනෙක් ..ලස්සනම හිතක් ඇති කෙනා බියුටි කෙනෙක් ;)

    ReplyDelete
  4. හාද්දකින් කුමාරයෙක් වුන ගෙම්බගේ කතාවනම් මම අහලා තියනවා....
    ගෙම්බා කුමාරයෙක් උනාම හරි ලස්සනට හිටියලු.

    ReplyDelete
  5. මට නං ටිකක් අවුල් වගේ.ඇත්තමයි තේරුන් නෑ

    ReplyDelete
  6. මේ පාර පෝය කවද්ද බං?...හරිනෙ... පහුගිය 27 වෙනිදනෙ...:)

    ReplyDelete

  7. ඉස්සර ඔය කතාව රූපවාහිනියේ ගියා. ඔය වගේ තවත් කතා ගියා. කාලෙකින් බලන්න හම්බවුනේ නැහැ.
    //
    මේ මොන
    බොරුවක්ද 'බියුටි' මේ?//

    ඔය ප්‍රශ්නේ ඒ කාලේ ඉඳන් මමත් අහනවා...
    ---------

    ReplyDelete
  8. හැම ජනකතාවකම තියෙනවා බේගල්. අපේ ලබ්බෙ තොවිලෙ උනත් එහෙමනෙ. මේක නෙවෙයි වෙන්නැති උපේ කියන්න යන්නෙ. මට එකපාරටම හිතට ආවෙ ඒක

    අනික් අතට, බියුටිලා ගෙ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා බීස්ට් කෙනෙක් තෝරගන්න. ‘අල කන්නෙ පණුවො‘ ‘කොමඩු කන්නෙ කබරයො‘ වගේ කියමන් ප්‍රචලිත වෙලා තියෙන්නෙ ඒ නිසානෙ...

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...