මේ පාර නම් බොලේ ඉල්ලමක් වගේ පෑදුනේ.
මොකද දන්නවද, මට මේ කතාව මතක බැරි වෙලා තිබිලා මගේ 'මුන්ට ලූස්' පෝස්ටුව කියෝපු ලූස් උන්නාන්සේලා දාපු කොමෙන්ටුවක් හින්දා මතක් වෙච්ච එකක්. ( දැක්ක නේද මුලක් මැදක් අගක් හොයාගන්න බැරිවෙන්න ටපලලා ලියන හැටි?)
ඉල්ලමක් කියල කිව්වේ, අපේ අය්යා ගැන මට ලියන්න වෙන්නෙම 'රජ්ජුරුවෝ උඩයි උඩයි... ___ කෙල්ලෝ බිමයි බිමයි' වගේ පෝස්ටු හින්දා උගේ ඇදයක් කුදයක් ලියන්න ලැබෙන්නේ බස් එකේ නිදාගන්නේ නැති දවසක් ලැබෙනවා වගේ හින්දයි.
අපි පොඩි කාලේ අපේ ගෙදර වටේම තිබ්බේ ගස්. ( නැතුව ඉතින් ගිනි කඳු තියෙන්නය?) ගස් කියන්නේ කැළෑ වගේ කොටස් තිබ්බ ගෙවල් අතරින් පතර. එක පැත්තක කෝපි ගාලක්. (ඒකෙ තමයි අපේ සටන් කලාප ) තවත් හිස් ඉඩමක් තිබ්බ ඒකෙ එක කොටසක් තනිකරම කොකෝව වගාවක්. මුල කොටස හබරල විමානයක්. ඔය හබරල කොළ වල ප්‍රමාණය ගැන කිව්වොත්, අපේ සෙල්ලම් ගෙවල්වල වහලෙට හෙවිල්ලන්න ගන්නේ ඔය හබරල කොළ.
අපි ඒ දවස්වල හෙන 'පොෂ්' නිසා දවස ගානේ වහලේ අලුත් කරමින් ඒ හබරල ගාල මත්තෙම නැහුනා. ඒ වත්තේ අයිතිකාරයින් උනත් හිටියේ අහල පහල උනත්, අපිට ඒවායේ වගක් තිබ්බේ නැහැ. කොකෝව හැදිලා තිබ්බ නිසාත්, පිවිසීම් මාර්ගයේ ඉඳන්ම තණකොළ අපේ දනියක් විතර වැවිලා තිබ්බ නිසාත් ඒ වත්ත මට මතක තිබ්බේ භයානක , අත්භූත කතාවක එන මකර රාජධානියක දොරක් වගේ.
ඒ හින්දා පරාන බයේ තමයි හබරල කොළ කපන්න යන්නේ. ඒකටත් යන්න ඕනේ මම! අපේ සුකොමල සුරංගනාවී අක්කා ඉඩමේ ආරම්භයෙන් එහාට අඩියක් තියන්නේ නැහැ. මම ඉතින් දෙමොලෙන් පිටි කොට කොටා උනත් යනවා වීරයා වගේ. මමයි, දෙය්යෝයි විතරයි දන්නේ මගේ පපුවේ පත්තුවෙච්ච ගින්දර!
මම ඉතින් අර බඹරචක්කර පත්තු කරන්න යන එකා වගේ කකුල් දෙක පුළුවන් උපරිමේට මන්ඩියට හිටගෙන, පුළුවන් තරම් ඈතට අත්දෙක දික්කරල ( වට පිට බලමින්) 'චොක් චොක්' ගාල එකපාරින් ගහන පිහි පාරවල් වලින් කැපෙන හබරල කොළ ටික අතට ගත්ත ගමන් පන එපා කියල ආපහු දුවගෙන එන්නේ. සමහර දවස් වලට පිහියක් නැතුව යන්න උනොත් නියපොත්තට තද කරලා තමයි කඩාගන්නේ. පරාන බයේ කරන වැඩක් හින්ද ( නෑ නෑ .. අයිතිකාරයින් එයි කියල නෙවෙයි, මකරෙක් හරි යකෙක් හරි එයි කියල) අන්තිම හබරල කොලේ ඇදගෙන දුවන්නේ. එලියට ගිහින් බැලුවම සමහර වෙලාවට කොලේ නෙවෙයි, ගහත් එක්කම තමයි දුවලා තියෙන්නේ.
ඒ උනාට, අපේ අය්යා එයාගේ දඩබිමක් විදියට ඒ කොකෝවා කැලේ පාවිච්චි කළා. එයා තමයි කොකෝවා කඩන්න එයාගේ අත්ජාත මිත්‍රයා වෙච්ච රෝහිත අය්යා එක්ක යන්නේ. මම රෝහිත අය්යා ගැන මුලිම්ම මේ කතාවත්, දෙවනියට මේ කතාවත් කියල ඇති. අපේ අය්යා තරම් වෙට්ට පිත්තලයෙක් නැහැ මට ඒ කාලේ. මූ කරන්නේ කොකෝවා කාලෙට ඒ කැලේට යන්නේ නැට්ට වගේ මමත් පස්සෙන් වැටෙන බව දැනගේනමයි.
"තමුසේ ඔතන ඉන්නවා. මම එනකොට කොකෝ ගේන්නං "
කියල මොහොම ආදරෙන් බනවලා, මාව අර ඉඩමේ ආරම්භයේ නතර කරවලා , රෝහිත අය්යත් එක්ක යන්නේ හරියට වයිකින් එකෙක් වගේ.
මම ඉතින් අතන මදුරුවෝ තල තලා , කෙල ගිල ගිල ඉන්නවා කොකෝව හීනෙ හැබෑවෙනකල්. අපේ අය්යා එන්නේ සෑහෙන වෙලාවකට පස්සේ. අත්තම්මගේ කැමරාවට හරි, අම්මගේ ආගමනයකට හරි අහු උනේ නැත්තම් මමත් ඉතින් ඔතැන මස් කට්ටට බලන් ඉන්න බල්ලෙක් වගේ එහාට මෙහාට පැද්දී පැද්දී ඉන්නවා.
ඔන්න අපේ අය්යා එනවා පේනකොට මම ඉතින් කුක්කා වගේ කන්දෙක උස්සගෙන බලාගෙන ඉන්නවා. අම්මප, ඌ කොකෝව ගෙඩි තුනක් විතර ( සමහර එව්වා අමුයි, සමහර එව්වගෙන් බාගයක් ඌ කාල) අරගෙන රා බඩා වගේ එනවා. ඌ එහෙම හෙමින් එන්නේ එච්චර බඩ පැලෙනකල් මුන් දෙන්නා කොකෝව කාල. මට ගේන්නේ එක්කෝ බැරි වෙලා අමුවෙන් කැඩිච්ච එකක්, නැත්තම් උඩම මදුළු ටිකට වැඩේ දීල, යට ටික ඉතුරු වෙච්ච ටිකක්. සමහර වෙලාවට වාසනාව තිබ්බොත් හොඳ ගෙඩිත් තියෙනවා.
මම ඉතින් ඒ මකර විමානෙට යන්න බැරි එකා හින්ද ලද දෙයින් සැනසෙන්න වෙනවා උනත් අම්මප එතකොට හිතෙනවා 'ඔහේ ඇති මකරෙක් නෑ ඕයි , ගිහින් තනියෙන් කඩාගන්නවා හලෝ කොකෝ' කියල. ඒ උනාට මම කවදාවත් ඒ වැඩේ කලේ නැහැ. එකක් තමයි මොන කොක්ක තිබ්බත් මට අය්යාට එපා කියපු දෙයක් කරන්න තිබ්බ චකිතේ. අනිත් එක තමයි ඒ අඳුරේ යන එක රිස්කි වැඩක් කියලා මම මටම අවවාද දීලා තිබ්බ නිසා. නැතිනම් උගේ අට්ටාලේට නැගපු මම අතාරිද එහෙම එකක්?
ඔය වගේ නොයෙකුත් විප්‍රකාර අපි පොඩි කාලේ කළා. වැඩියත්ම අය්යා තමයි පටන් ගන්නේ.
අය්යාගේ යාලුවා රෝහිතා අය්යා එයාට වඩා දෙගුණයක් වයසයි. ඒ දිහා බලාගෙන හිටපු කෙනෙක් විදියට මට දැන් ඉන්න අයට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි දරුවන් තමන්ගේ යාළුවන් විදියට තෝරාගන්න අය ගැන දෙමවුපියන් දැනුවත් වෙන්න හා සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. තමන්ගේ දරුවාට වඩා වයසින් ගොඩක් වැඩි අය යහළුවන් විදියට මම අනුමත කරන්නේ නැහැ. මම මේ කියන්නේ පවුලේ නොවන අය. මේක ජෙනරල් අයිඩියා එකක් මිසක් හාඩ් රූල් එකක් නෙවෙයි. අපේ අය්යාගේ වෙලාවට එයාට ලොකු අනතුරක් උනේ නැහැ. නමුත් පොඩි එකා විදියට මම දැකපු දේවල් අනුව නම් එය භයානක දෙයක්. විස්තර පසුවට.
මේ දෙන්න රයිගමයයි, ගම්පොලයයි වගේ. මේ දෙන්නට වැඩියෙන්ම වැඩ වැඩි වෙන්නේ අවුරුදු කාලෙට සහ එක එක සීසන් කාලවල් වලදී ( සරුංගල් , වෙසක් වගේ)
මම මේ කියන සිද්ධිය උනේ අවුරුදු කාලේ.
ඒ කාලේ අපේ ගෙදර එක ජම්බු ගහක්. අවුරුදු කාලේ හින්ද ජම්බු තිබ්බා උනත් ලොකු සරුවක් වෙන්න පිරුණේ නැහැ. ඔය ගහට අපි දෙන වද වල හැටියට ඕකේ එක ජම්බු ගෙඩියක් හැදෙන එකත් පුදුමයි. අපේ අය්යට ඔය පොඩි පොඩි එව්වා හරි යන්නේ නැහැ. අපේ ගෙදරට පහල ගෙදරක ( අපේ ගෙදර තිබ්බේ කන්දෙ වගේ උඩටම වෙන්න) ජම්බු ගහක් තියනවා, ඒකෙ ජම්බු වලින් පිරිලා කොළ පේන්නේ නැති තරම්. ඒ වගේම ඒක උසයි, අතුත් විහිදිලා. අපේ අය්යාට වගේම මටත් ඉතින් ඕක දැක්කම කැසිල්ල. මම ඉතින් කෙල්ල වෙච්චි, ගස් නැගීම 'ඔෆිශියලි තහනම්'. ඒකෙන් තේරෙන්න ඕනේ අන්ඔෆිශියලි අවසර තිබේ' කියන එක. අය්යට අහු උනොත් ඉවරයි.
කොහොමත් ඒ ගෙදර මේ ගෙදර කියල වෙනසක් නැහැ කොයි ගෙදරත් කවුරුත් කඩන් කනවා. ඊටත් අපේ අම්මගේ රැස් වලින් වැඩියෙන්ම බැබලිච්ච එකා විදියට ඒ ගෙවල්වල අපේ අය්යට විශේෂ සැලකිලි ලැබෙනවා. අපේ අක්කා කෝමල හින්ද සැලකුම් ලබනවා. ඉඳල හිටලා හරි මම බැස්සොත්..
"මේ කවුද?"
"අර මිසිස් _____ ගේ බාලම දුවනේ?"
"ඈ ? මිසිස් _____ ට තව දුවෙක් ඉන්නවද?"
වගේ දෙබස් මට කටපාඩම්!
මට දැන් ඉව වැටුනා අපේ අය්යත් රෝහිත අය්යත් දැන් පල්ලෙහා ගෙදර ජම්බු ගහට මාන අල්ලනවා කියල. මමත් ඉතින් ඉබ්බා වගේ හිටියා මොකද අර කොකෝවා වගේ මුන් ටික කාලා කාලා ඉවර වෙලා ඉතුරුවෙන ටිකක් හරි ලැබෙන නිසා. ඉස්සර අපි ඔහොම පලතුරු ගහක් හූරන් කනකොට බෑග් පුරෝලා ගෙනියන්නේ.
මට හරියට දවස මතක නැහැ. නිවාඩු දවසක් වගේ මතක. ( ඒ දවස් ඔක්කොම මතක නිවාඩු වගේ.. හි හි..)
උදේට කාලා ඉවර වෙලා මම දැක්කා රෝහිත අය්යා අපේ ගේ පැත්තට එනවා. ඒ එක්කම අපේ අය්යා මිදුලට බහිනවා බෑග් එකක් අතින් අරං . මම මීටරේ දාගෙන හිටියට, දන්නවනේ... එක දෙයක් එක විදියකට කරගෙන ඉන්න බැහැ. මට මතක බැරි උනා අය්යලගේ මේ වැඩේ. වැඩකට යොමු උනා ( හෙහ්.. දැක්කද වැදගත්කම! සරමට ටයි එක දැම්ම වගේ) මම හිතනේ පැයක් විතර යන්න ඇති
"අනේ.... බුදු පුතේ........... ඒ... ඒ... ඒ..."
ගාගෙන අපේ අත්තම්ම සුසන්තිකා ඔලිම්පික් දුවන වගේ මිදුල හරහා දුවගෙන යනවා මම යන්තමට දැක්ක. මම දැන් පොල්කොළ මාන්දම වගේ! ඔන්න් ටිකකින් අපේ අත්තම්මගේ කඳුළු ගංගාව මැද්දෙන් පිරිවර එක්ක ආවේ වෙන කවුරුත් නෙවෙයි, අපේ අය්යා.! මට නම් පේන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ උගේ ඇඳගෙන හිටපු කමිසේ බඩ හරියේ ගස්වල පොත්තක හීරුනු පාරක් ඇරෙන්න. මෙන්න මු එනවා හරියට චන්දෙ දිනපු ඌවෙ ඇමතියෙක් වගේ! හුහ්... ඕවට තමයි විගඩන් කියන්නේ.... අපේ අත්තම්ම අය්යාගේ ඇණයක් , මුරිච්චියක් ගානේ චෙක් කරනකොට අවසානේ අය්යා ඉවසන් ඉන්නම බැරිම තැන
"නිකා ඉන්නකෝ අත්තම්මේ... මට අවුලක් නෑ !"
කිව්වා.
බලනකොට ඒකත් ඇත්ත. ඌට කිසි අවුලක් වෙලා නැහැ. පහලින් ඇහුන ලතෝනිය හින්ද මම ඉක්මනට අපේ ගෙදර උසට බැඳලා තියෙන කණ්ඩිය උඩට ගියා. කැවුම් කෑල්ලක් උස්සගෙන යන තෙල් කුඹි රැලක් වගේ මොකද්දෝ පොදියක් උස්සගෙන හානි හනිකට දුවන මිනිස්සු ටිකකුත්, ඒ පොදිය 'අම්මෝ.... බුදු අම්මෝ... අම්මෝ.... අම්මොහ් ... අම්මෝ.. ඕ ඕ .....' ගාල ලතෝනි දෙනවාත් මට පේනවා. ඒ කුන්ච් නාද කර කර එන්නේ රෝහිත අය්යා කියල මම අඳුන ගත්තේ ඇඳගෙන හිටපු ඇඳුමෙන්. අපේ අය්යා කිව්වා හරි, අවුල වෙලා තියෙන්නේ රෝහිත අය්යට..
වෙලා තියෙන දේ සහ සුද්දෙන් කිව්වොත් ජම්බු ගහේ උඩම ඉඳල තියෙන්නේ අපේ අය්යා. ඒ දවස්වල අපේ අය්යා වයසට වඩා උස මහතයි. හිතාගන්නකෝ කරටියේ ඉන්න කළු වලහෙක්! ආන්න.. ඒ වගේ.. ඊට පහල තමයි රෝහිත අය්යා ඉඳල තියෙන්නේ. රෝහිත අය්යා උසයි, නමුත් ගොඩක් මහත නැහැ. එකපාරටම අපේ අය්ය අල්ලාගෙන හිටපු අත්ත 'ජරා බර' ගාල. අපේ එකා බයට කෑගහල
'රෝහිතයෝ.... අත්ත කඩං වැටෙන්න යනවෝ' කියල.
මේ ගොන් තඩියා, බය වෙච්ච පාර ඌ අල්ලාගෙන හිටපු අත්ත අතැරලා. ඔන්න එතකොට කොස් ගෙඩිය කඩන්නා වාගේ 'ජරා බරාස්.. සරාස්... ස්රුස්... දොහ් ' ගාල රෝහිත අය්යා බිමට පතබෑවෙලා. ඔන්න එතකොට තමයි සැබෑ අවස්තාව උදා වෙලා තියෙන්නේ.. ඒ කියන්නේ ඇත්තටම අත්ත කඩන් වැටිලා තියෙන්නේ.
'ජරාස් බරස්.. ස්රුස්.. සෘස්... ඤක්හ් ' කියල අපේ අය්යා ඔන්න බිමට පාත් වෙලා. අර අන්තිම කොටස 'ඤක්හ්' කියල කෙලවර වෙන්නේ විශේෂ හේතුවක් හින්ද. ඒ තමයි ඒ වෙනකොට බිමට පාත් වෙච්ච රෝහිත අය්යා විසින් යස අපුරුවට බිම පැදුරක් වගේ එල්ල තිබ්බ උගේ කොන්ද උඩට තමයි වලස් පැටියා වැටෙන්නේ!!
"බුදු අම්මෝ..... ඌ... ඕඕ .............................."
මේකට තමයි ගහෙන් වැටුන එකාට දේවාලේ පාත්වෙනවා කියන්නේ.
ඒ වගේම තමයි සමහරු ඉතින් කයි කතන්දර කියනවනේ ඔය ජම්බු ගහෙන් වැටෙන්න පුළුවන් ගෑනු ළමයින්ට විතරයි කියලා. මේ තියෙන්නේ ඒවා සියල්ල බොරු කරනා සජිවිත් අත්දැකීමක්!! මම ඇසින්ම දැක්කනේ එහෙම වැටිච්ච කොල්ලෝ දෙන්නෙක්ම!!!
දැන් ඔය විරක්‍රියාවෙන් පස්සේ රෝහිත අය්යා බරපතල විදියට අනතුරකට පත් උනේ නැති උනත් ඇඳට සිමා වෙන්න උනේ උගේ කොන්දේ ඇටයක් කැඩිලා හරි මොකක් හරි නස්කුනි වැඩක් වෙලා හින්ද. මම ඒ ගැන දැනුමක් වත් මතකයක් වත් නැහැ. මට මතක තියෙන්නේ ටිකයි.
එකක් තමයි ඒ දවස්වල රෝහිත අය්යාගේ පවුලේ අයගේ දැනුමේ හැටියට එයාල ඉංග්‍රීසි බෙහෙත් වලට තිබ්බ අකමැත්ත නිසා සිංහල වෙදෙක්ගෙන් බහෙත් ගත්ත කියලා. ඒ වෙදමහත්තයා හොන්දකරපු ලෙඩෙක් ගැන නම් මගේ දැනුමක් හෝ ඇත්තේ නැහැ. නමුත් ඒ මනුස්සයට මම හිතන්නේ මොකක් හරි අවුලක් ඇතිය කියල අපේ අම්මා කියනවා මම අහගෙන. මොකද ඒ මනුස්සයා ලෙස හොඳ කරනකොට බෙහෙත් දීලා ඔය කැඩුම් බිඳුම් වලදී ඒ බිඳුම පෑගීම කරනවලු. හෑ හෑ නෙවෙයි අනේ. හැබෑව! දැන් කියමුකෝ රෝහිත අයගේ කොන්දනේ මොකක්දෝ උනේ. මේ මනුස්සයා හොඳට තෙල් ගාල ඉවර වෙලා අර කැඩිච්ච කොන්ද උඩට නැගලා පාගනවා ලු. එතකොටලු හොඳ වෙන්නේ. හැමදාම හවසට අපේ ගෙදරට ආසන්නයේ තියෙන රෝහිත අය්යලාගේ ගේ පැත්තෙන්
"අම්මෝ...... අම්මෝ... බුදු අම්මෝ........ බුදු අම්මෝ....ඕ.............ඕ "
ගාල ඇහෙන්නේ ඒ සද්දේ. කැඩිච්ච කොන්ද උඩ නගිනකොට ඉතින් සෙත් කවි කියවෙනවය ? නැද්ද? ඒ සද්දේ ඇහෙනකොට මම නම් හම්බානක බය වෙනවා. අපේ අය්යා ශේප් එකේ කාමරේට රිංගලා ඉන්නවා. හැබැයි දවල් දවසම රෝහිත අය්යව බලන්න එයාගේ ගෙදර යන්න අවසර ලැබුනා එයාට.
අනිත් එක තමයි
"ආ....... _______, ජම්බු ගහෙන් වැටුනලු නෙහ් ?"
කියනකොට අපේ අය්යාගේ මුණ බලනකොට මට ඇතිවෙන කික් එක!!
අප්පේ... සනීපයි....
ඉතිං ඔක්කොම කිව්වට අර ළමයට සනීප උනාද කියල නෑනෙ.
ReplyDeleteසියල්ලන්ගේම දැ.පි. : රෝහිත අය්යාට ඒ පෑගීමෙන් නෙවෙයි, වෙනත් තැනකින් කරපු වෙදකමකින් හොඳ උනා.
Deleteඑතකොට ජම්බු ගහෙන් වැටුනලු නෙහ් ?"
ReplyDeleteඔව් වොව්... හෙහ් හෙහ් හෙහ්.... අනේ මේ ටික අපේ අය්යා දකිනවා නම්... අම්මෝ..... මම මේ නිකන් කිව්වේ
Deleteහෙක් උඹ නම් කතා උල්පතක් බන්,,//ගහෙන් වැටුන එකාට දේවාලේ පාත්වෙනවා කියන්නේ.// ඔය තියෙන්නේ මාරු උපමා උඹගෙම තාලෙට ගැලපෙන. අයියට හරි සනීප ඇති නේ ජම්බු ගහෙන් වැටුනා කිව්වම. :D
ReplyDeleteකතා? අප්පා කතන්දර නම් තිබේ ඇති පදම්. අපේ අය්යාට කාඩ් එකක් ගහන්න ලේසි නැහැ. ඌ නිකං ලේසියෙන් අරින්නේ නැහැ. මට ඉතින් දන්නවනේ කැශිල්ල!
Deleteඔය සිද්ධිය වෙනකොට මම ඔය ජම්බු ගහෙන් වැටෙන කතාව දන්නෙත් නැහැ. පොඩියි මම.
http://google.ning.com/story/the-salvation-diet-ebook-review
ReplyDeleteThis article contains great information on how to redefine your weight loss program, analyzing problems with valuable solutions and being able to overcome plateaus with the help of a weight loss coach. It also informs you're of the benefits of having your own weight loss coach standing by.
Pls don't post these things in my blog.
Deleteමාාාර කතාව ඈ... අයියට සිරා කාඩ් එකක් වැදිල තියෙන්නෙ...
ReplyDeleteමට ඒ කාලේ ඒ ගැන දැනුමක් තිබ්බේ නැහැ. මට මතක තිබ්බේ ඌට ඕක කිව්වහම යක්ෂයා වැහෙනවා කියල විතරයි.
Deleteහෑ? අයියත් ජම්බු ගහෙන් වැටුන එහෙනම්?
ReplyDeleteඑහෙනං එහෙනං.... ඇසින් දුටු සාක්ෂි
Deleteඅයියා හොද මනුස්සයා මොනා උනත්.
ReplyDeleteනංගිලට වැටෙන්න ගෙදර ජම්බු ගහ ඉතුරු කරල අනුන්ගේ ජම්බු ගස් කඩල තියෙන්නෙ.
අනේ ඔව්. අපේ අය්යා හොඳ මනුස්සයා තමයි. දැක්කද මම කියල තියෙනවා, කොටිම්ම ඌ කෑමක් උනත් රස පරික්ෂා කරන්නේ නැතුව දෙන්නේ නැහැ. පව් අනේ අපේ බඩවල් ඌය්යා වෙයි කියල බයේ.
Delete(හෙමින් පුටු පුටු ගගා : මොකටද මගේ කට! හුහ් මුන්ටත් උගේ වරුනාවම තමයි...)
කෑගල්ලෙ අපේ ගේ පල්ලෙහත් තිබ්බ කොකෝ ගාලක්. ඔව්වයෙ වර්ග කීපයක් තියනව ඉදිච්චම ලාරතු වගෙ පාටක් වෙන එව්ව. එතකොට කහ පාට එව්ව ..අනික දම්පාට එව්ව. රහම දම්පාට එව්ව. ඒත් එව්ව වැඩිපුර කෑවොත් බඩ යන්නෙ ආය නෑ ටැප් එක ඇරිය වගෙ. බඩ යන්තමට එක පාරක් බුරුස් කියනව. ආය කොහෙද බඩ දිහා බලන්ටත් ඉස්සර බඩු කකුල් දෙක දිගේ. මට එහෙම වෙලා තියනව එකම පාරක්. ඊට පස්සෙ උගත් පාඩම් සහ සංහිදියා කොමිසම...දම්පාට කොකෝ කන්නෙ කිරල මැනල බෝම පරිස්සමිං....හෙහ්...උඹේ උපහැරණ තමා උපහැරණ....උපේක්සගෙ උපහැරණ වගේ කියලත් උපහැරණයක් එයි ඉස්සරහට....හෙහ්,හෙහ්,
ReplyDeleteඅනේ වාසනාවන්.. උඹට බඩ ගියා? සාදු සාදු සා...............
Deleteමට මතක විදියට ඇටේ දම්පාට වගේ කොකෝවා තමයි තිබ්බේ. මොන? අපි නම් කෑවා කිසි ආබාදයක් නැතුව. මම හිතන්නේ අපේ බඩවල් ඒවාට සීසන් වෙලා වෙන්න ඇති. නොකෑවේ තණකොළ විතරද කොහෙද. කොටිම්ම අපේ වත්තේ උඩට වෙන්න තිබ්බ කුරුඳු ගස් කීපයක්. ඒවගේ කුරුඳු පොතු කන්නේ ගහේ තියෙද්දී දත් ගහලා. ලේනා කනවා වගේ. ( දැන් මාව කට්ටිය ජංගල් බුක් එකේ 'මොග්ලි' කියල වරදවා හිතයි. හික් හික්... අන්තිම කැළෑ ගති අම්මප, දැන් මතක් වෙනකොට විලි ලැජ්ජයි)
දැනට උනත් ඔය මැන්ගුස් දැක්කම මට උන්නු තැනක් මතක් වෙන්නේ නැහැනේ බොලේ
පව් යකෝ , කොල්ලෙකුට නිදහසේ ජම්බු ගහෙන් වැටෙන්න විදිහක් නෑනේ මුන් එක්ක , චික් අම්මප
ReplyDeleteදැන් කවුද බොලේ කිව්වේ ඌ නිදහසේ වැටුනේ නැතිය කියල. අපේ එකා නම් හැබෑවටම නිදහසේ වැටුනේ. එක කොස්සයි ඉතුරු උනේ, රෝහිත අය්යා වැඩේ කෑවනේ! උඹට උනාය කියල ලිව්වා නම් මම ඔහොම නෙවෙයි ලියන්නේ
Deleteමට නම් හිත ගියේ ඔයාගෙ මේ උපමාවට "බස් එකේ නිදාගන්නේ නැති දවසක් ලැබෙනවා වගේ"
ReplyDeleteමේ ඔෆිස් එක නොවුනනම් බිම පෙරලි පෙරලි හිනා වෙන්න තිබුනා....
මගේ භාෂා දැනුමේ දුප්පත්කමට හිනාවෙන්ට එපා අප්පා...
Deleteමෝඩ වෙදා කොන්ද පාගල රෝහිතයව සදාකාලික අබ්බගාතයෙක් නොකරපු එක ලොකු දෙයක්....
ReplyDeleteමේක දැක්ක ගමන් මාව හොල්මන් වෙලා ගියා. බය උනේ අපේ අම්ම ඇවිල්ලද කියල බ්ලොග් එකට. අම්මප ඔහොමත් බය කරනවද ආ?? අපේ අම්මත් ඔහොම්මම තමයි කිව්වේ
Deleteහෙනං උපේස්සට කලිං ම අය්ය ජම්බු ගහෙං පත බෑවුණා...
ReplyDeleteසෝචනීයයි...
ස්ටෝරිය නං පට්ටෙටම ලියල තියෙයි. මල් හතයි
ඌ මට වැඩිමල් වෙච්චි... ඒකනේ අනුපිලිවෙල, නැද්ද?
Deleteඒ ඉයන්නේ ඔබතුමාත් අපේ අය්යට කෝචෝක් කොරනවද?
නියමා...............යි !!
හබරල කැඩිල්ල ගැන කියද්දි මම අක්කලා දෙන්න (අපෙ අක්කා සහ මහප්පගේ ලොකු දුව)එක්ක සෙල්ලම් ගෙවල් දාපු කාලෙ මතක් වුනා. අපි කෑම හදද්දි, පතෝල කියල කපන්නෙ හබරල නැට්ට තමා.
ReplyDeleteරෝහිතයා පවු යකු. ඌව කාලා තියෙන්නෙ බොලාගෙ අයියා. වයසින් වැඩි වුනාට සෙල්ලං කරන්න එවුන් නැතුවද ඌ බොලා ලට සැට් වුනේ ?
ඔය හබරල ගාලට අපි දීල තියෙන වැඩකරදර... අපි නම් ඒවායේ දළු ගන්නවා ගෝවා වලට. අපිත් පතෝල කරන්නේ නැට්ට තමයි. අපිට අනුව නම් ඒ කාලේ කප්රුක් කියනවා නම් හබරල, දාස්පෙතියා, හෙන්දිරික්කා වගේ ගස් මිසක් පොල් දන්නෙත් නැහැ. හික්... ඒ සෙල්ලම් ගෙවල් ගැන වෙනම ලියන්නම්. අම්මේ මතක් වෙනක්ට පික්සු හැදෙනවා... නියමයි නේ?
Deleteරෝහිත අය්යා ගැන විදිපුර කියන්නේ නැතුව මම කියන්නම් එයා පවු නැහැ. වයසින් වැඩි අය යාළුවො කරගන්න එපා කියන්නේ හේතු ගොඩයි. ඒ ගැන වෙනම සීරියස් ලිපියක් ලියන්නම් මගේ අත්දැකීම් අනුව. එයා අය්යා එක්ක යාලු උනේ වාසියට. අපේ අය්යට එයාට නැති ගොඩක් දේවල් ( බයිසිකල්, සපත්තු, සෙල්ලම් බඩු , ඇඳුම්) තිබ්බා. එයාල දුප්පත් අය ඒ දවස්වල. දැන් නම් එයා හොරට හදාගත්ත සහතිකයකින් බැංකුවේ රස්සාවක් කරනවා. වැඩි ආශ්‍රයක් නැහැ අය්යා එක්ක.
උපේස්ස ඒ කාලෙ යස්සනී වගේ ඉන්ටැති... මරු කතා ටික.. ඒක නෙවෙයි ..අර අඹ ගහෙන් වැටුනු කොලුව මැරිල... :(
ReplyDeleteඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඕන්න කිව්වා. අලේ... මගේ දුක දන්නේ උඩ ඉන්න දෙය්යෝ තමයි අය්යෝ..... නෑ නෑ උඩ තට්ටුවේ නෙවෙයි....
Deleteඅම්මෝ.. ඕව මට බලන්න බැරිය... සතියක් නින්ද යන්නේ නැත. ඒ කාලේ අපි කරපු රිස්කි වැඩ වල හැටියට අඹ ගහක නගිනවා කියන්නේ කොතරම් මුලික දෙයක්ද.. ඉස්සර අපි කරපු ඒවාට එහෙනම් අපේ අම්මලාට හාට් ඇටැක් හැදෙන්න ඕනේ. අනේ මන්ද
මදැ ඔයින් ගියා..
ReplyDeleteඅපේ පැත්තේ වැඩිහිටියෝ කියන කතාවක් මතක් වුනා ගහෙන් වැටිමක් ගැන.ඇත්තද කියන්නනම් මම දන්නෑ
කරාඹු ගස්වල කරාඹු කඩන්න කුලියටනේ කට්ටිය ගන්නේ.ටිකක් මෝඩ පහේ මිනිහෙක් කුලියට කරාඹූ කඩ කඩ ඉන්න අතරේ ගහෙන් වැටිලා.කරාඹු කඩ කඩ හිටපු අනිත් උන් ගස් වලින් බැහැලා ආවා වැටුන එකා ලගට.වැටුනට එච්චර අමාරුවක් තිබිලා නෑ..
මොකද බං උනේ...
ගහ කඩාගෙන වැටුනා....
කොහොමද කඩාගෙන වැටුනේ..
අන්න අර අත්ත අයිනට ආවම වැටුනේ...
ඒ කොහොමද බං.එතනින් වැටුනේ...
හිටහල්ලකෝ මම ආය නැගලම වැටිච්ච විදිය පෙන්නන්න...
ඔන්න මිනිහා නැග්ගා.අර වැටිච්ච අත්ත ලගට ගියා.මෙන්න මෙතනදි තමයි මම ලිස්සලා වැටුනේ කියලා වැටුන තැන පෙන්නන්න හදනකොටම මිනිහා ආයෙත් ලිස්සලා ගහෙන් වැටුනලු...කලින් වැටිලා මොකවත් නොවුනත් ඒ වතාවේ නම් අත කැඩුනලු..
මම බැලුවා මමදෝ කියල... වෙලාවට..
Deleteඔය කරාඹු ගස් වලින් තමයි මමත් ගස් නගින්න ඉගෙනගත්තේ. පොල් ගස් ඇරෙන්න ඉතින් ඔය සාමාන්‍ය ගහකට බඩගාන්න බැරි කමක් නෑ ඉතින්.. හික් හික්
උණ අස්සෙ මේ කතා කියවෙලා හිනාවෙලා කැස්සත් වැඩිකරගන්නවා... මට මැවී පේනවා අර කොකෝ ගේනකන් එහාට මෙහාට පැද්දි පැද්දි ඉන්න කෙල්ලෙක්ව :D මේ වගේ අය්යල වාසනාවක් මටත් ඉන්නවා ඔහොම අය්යෙක් වලහෙක් කියන්න නම් බැහැ සීදේවි අය්යා :D හැබැයි ඉතින් කරන අපත වැඩ වලට එයාට කියන්න නම් මතක් වෙන්නෙත් නැහැ.ලියන්න නම් කතා ගොඩයි තාම ලිව්වේ නැහැ.නංගිලා මල්ලිලා හිටියත් වැඩක් නැහැ අය්යල නැත්නම් :D
ReplyDeleteඋණ කිව්වා? අප්පේ එහෙනං බලාගෙන.
Deleteකොකෝවා ගාල දැන් නැහැ අනේ. දැන් දකිනකොට දුකයි. අපේ අය්යා නිසා තමයි මට නම් ගොඩක් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. මගේ නුහුගුනේ උනාට මම කියන්නේ ඌ නිසා කියල. අපේ එකාට මම ඔය නම් වානම් කිව්වට ඌ හැන්ඩියා. මගේ යාළුවො මම හතර මායිමේ ගේන්නේ නැහැ ඉස්කෝලේ යන කාලේ. අපේ උන් අය්යා කිව්වහම මැරෙන්න හදනවා. අම්මප මට එතකොට තමයි පොලවේ පස් කාගෙන කාගෙන කාගෙන යන්න හිතෙන්නේ!
අවසාන වාක්‍ය නම් හරියට හරි. අය්යෙක් නැත්තම් සිරාවටම වැඩක් නැත. ඌ ඉන්නවා නම් තමයි ඇත්තටම තමන් ඉන්නවා කියල දැනෙන්නේ.
හත් ඉලවුවයි
ReplyDeleteකලාබරයයි , ආසියයි. මොනවද තුරුම්පු?
Deleteඋඹ ඔය නිතර කියන මට ඉතිං කැසිල්ලනේ කියන යෙදුනේ ඔරිජින් එක අදයි තේරුනේ. ඒ කියන්නේ හබරල ඉස්ම ගෑවිලා.
ReplyDeleteඇත්තෙන්ම අර වෙදා කී දෙනෙක්ව රෝද පුටුවේ යැව්වද දන්නේ නෑ නේ?
සාධාරණ තින්කින් ඈ.... එහෙනම් හබරල තමයි හේතුව. එකත් එකටම! මම කල්පනා කරන්නේ අපේ අය්යා කොහෙන්ද කහඹිලියා ගාගන්න ඇත්තේ කියල??
Deleteහි හි... වෙන්න ඇති. ඒ වෙදා පස්සේ කාලෙක බ්ලැක් ලිස්ට් උනා මම හිතන්නේ.
හෙහ් හෙහ් පට්ටෙටම ලියලා තියෙනවා.
ReplyDelete//"ආ....... _______, ජම්බු ගහෙන් වැටුනලු නෙහ් ?"
කියනකොට අපේ අය්යාගේ මුණ බලනකොට මට ඇතිවෙන කික් එක!!// පව් දෙයියනේ..............
ඇයි වදේ... මම ගැන ඔතරම් ලියල තියෙනවා, දුක හිතුනේ නැද්ද? අනේ මගේ කරුමෙද කොහෙද.. දැන් මෙතන අපේ අය්යා නෙව ස්ටාර් එක වෙලා තියෙන්නේ.
Deleteපට්ට සින් එකනෙ. ජම්බු ගහෙන් වැටුනද අහද්දී අයියට වහ කන්න හිතෙන්න ඇති... හිකිස් හිකිස් ....
ReplyDeleteසිංහල වෙදකමේදී කොහොමත් ඇට (අස්ථි) කඩල නැත්නම් දිය කරලා තමයි බේත් කරන්නෙ.. . ඇයි මරදන්කඩවල පැත්තේ සිංහල බේත් කරන තැනක බේත් බදින්නෙ මනුස්සයව ගහක බැදලලු .
හරක්වෙදෙක්ද බං
Deleteඅපේ එකා වහ කනවා නම් ඉතින්.. හෙක් හෙක් හෙක්...
Deleteමම හිතන්නේ නැහැ මේ කිව්ව වෙදතුමා එතරම් හරියක් කරයි කියල ඔහු එය කර තිබ්බේ මහන්තත්තකමක් වගේ දෙයක් නිසා ( පෑගීම) ඔබ ඔය කියන 'වෑල්ඩින් වෙදා' කියන කෙනාගෙන් නම් සුව වෙච්ච අය මට හමුවෙලා තියෙනවා. ඔහු දන බෙහෙත් වලට ඇට දිය වෙන බව තමයි කියන්නේ. ඉවසන්න බැරි නිසා තමයි රෝගියා එහෙම කරනවා ඇත්තේ. මගේ හොඳ යාලුවෙකුගේ අම්මගේ කකුල ඔහු සනීප කර තිබ්බා, වේදනාව ඉවසාගන්න බැරි තරම් ( තරමට වේදනාව එනවා) කියලා මට කිව්වා.
ඈ අටම්.. කොමෙන්ටුවක් දැම්මොත් ජම්බු ගහෙන් වැටෙනවද ආ??
Deleteඒ උනාට මගේ පාලු බ්ලොග් එකට දුවන් ඇවිත් මේක හරිගස්සන්න පලවෙනි කොමෙන්ටුව දැම්මේ ඔබතුමා තමයි. තාමත් මතකයි :-)
අම්මෝ! හිනා වෙලා බඩ රිදෙනවා!
ReplyDeleteහිනා උනේ කොයි කොයි වෙලාවටද?
Deleteඉන්න මම කියන්නම් අපේ අය්යට , ඌට හිනා උනා කියල
හි..හි.. හිනා වෙලා වැඩි කමට කඳුළුත් එනවා
ReplyDeleteවෙදමහත්තයා රෝහිත අය්යාගේ කොන්ද උඩට නැගලා පාගනවා මැවිලා පෙනුනා ....
මගේ වැඩේ එහෙනම් සාර්ථකයි. ඔන්න මම අපේ අය්යට කොචොක් කළා.. හැක් හැක්
Deleteවෙදමහත්තයා කොන්දේ නගිනවා නම් මම දැක්කේ නැහැ. මට මතකයි ඒ මනුස්සයව. කොන්ඩේ කරුන්කා ගෙඩියක් වගේ බැඳපු, ගොඩක් වයස, හඩු පෙනුමක් තිබ්බේ. මම මොකක් හින්දද මන්දා බයයි.
පොඩි කාලේ අපෙ ගෙදර තිබුනා පේර ගහක්... ඔකේ ගෙඩි කැඩීමේ අයිතිය තිබ්බෙ මට.. මොකද නංගිට ගස් නැගීම තහනම්.. මම ඉතින් ගහට නැගලා පේර කනවා.. නංගී පහල ඉඳන් බලාගෙන ඉන්නව.. නංගිව ටිකක් ඇවිස්සුවාම එයා කරන්නේ පේර ගහ හොලවන එක .. මට බහින්න බැරිවෙන විදියට... ඒත් මම කරන්නෙ ගහෙ ලොකුම අත්තේ කෙළවරට යන එක.. එතකොට මගේ බරට අත්ත දුන්නක් වගේ බිමට පහත් වෙනවා.. ලිෆ්ට් එකෙන් බහිනවා වගේ කරදරයක් නැතුව... නංගිගේ උත්සාහය අසාර්ථකයි... ඒත් දවසක් ... එදා නම් වැරදුනා මට... නංගි හිතට හයිය අරන් හෙළෙව්ව නිසා හරි... මගෙ සමබරතාවය නැතිඋන නිසා හරි... ගහ උඩදිම මම පොලොවට දොංත.. හීනෙන් වගෙ අම්මා මං ඉන්න දිහාවට දුවගෙන එනවා මතකයි මම පොළවෙ පත බෑවිලා ඉන්නකොට.. කොහොම හරි ඉස්පිරිතාලෙදී දැන ගත්තා උරහිස් ඇටය පුපුරලා බව... මාසයක් යනකං අත බැඳ ගෙන ඉන්න උනා... ඒ කාලෙ රජ සැප.. කන්න කැමති කෑම.. ඔක්කොම අතට පයට... නංගි .. පව් ඒ අසරණී... මාව ගහෙන් වැට්ටුවට වරද කරු වෙලා.. කාලයක් යනකං බැනුම් ඇහුවා....
ReplyDelete---මේඝ---
මෙන්න ඉන්නවා අපේ එකාගේ ෆොටෝකොපියක්! පවු දෙය්යනේ ඒ නංගි. මගේ වෙලාවට මට ඔහොම අබග්ගයක් උනේ නැහැ කොතරම් වලකපන්න බලන් හිටියත්.
Deleteඋරිස් ඇටේ කැඩුනා කියපු කතාවෙන් මට තව කතාවක් මතක් උනා. ලියන්නම්කො.