Friday, October 2, 2015

219. ලෝක ළමා - දිනය / ලෝකළ - මා - දිනය / ලෝ කළ - මාදි - නය








ස්ථානය: ගේට්ටුව අසල - ළදරු පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය 
වෙලාව: උදෑසන  8.12



ඔව් මිස්,
අද 'චිල්රන්ස් ඩේ පාටිය' නේ මිස්,
අනේ,
බබාගේ පාටි ගවුම ලස්සනයි මිස්,
දෙන්න මිස්
මේක ඩෝනට් දුසිම නේද මිස්?
මේ මොකද්ද මිස්...
නෑ මිස් අද ඩේකෙයාර් නැහැ මිස්
දවල් එකට කලින් ගන්න මිස්
දවල් කෑම කවන්න විදියක් නැහැ මිස්
බැරිවෙයි මිස්,
ඇඟ හෝදවන්න බැරිවෙයි මිස්,
ඇඳුම් මාරු කරන්නත් බැරිවෙයි මිස්,
ඔව් මිස්,
කූඩේ ගෙනියන්න මිස්.

'බායි' කියන්න බබා...

ඔව් මිස්...
බවුන්සර් එක උදේ දැම්මේ මිස්
වෙලාවට පෑයුවේ මිස්..

හරි මිස්....

11 comments:

  1. අම්මපා ඔන්න ළමයින්ට ගිය කල..........

    ReplyDelete
  2. ගිය පාර පෝස්ටි එකට කොමන්ටුවක් දාන්න මිස් වුනානේ මිස්,
    මෙක පෝස්ටි එකනමි මිස් කරේ නැ මිස්,

    චිල්රන්ස් ඩේ එක දවසෙත් දරැවන්ට ළමා ලෝකය මිස් වුන එකම තමයි වුනේ,........
    ඒ විතරක්ද අපි හැමෝටම මිස් වුන ඉතා දුගි පැල්පත් වල වාසය කරන පුංචි දරැවෝ.........
    අධ්‍යාපනය අතරමග නතර කරලා අනුන්ගේ බැළමෙහෙවරකමි කරන දරුවොත් හැමෝටම මිස් වුනා.........
    කටගොන්නක් බීගෙන තාත්තා ගෙදරට එනකොට ළමයින්ගේ දවසේම ඇද මෙිස පුටු යට හැංගුන දරැවොත් මිස් වුනා.......
    මංමාවත් ගානේ කුසගින්නට අනුන්ගෙන් මොනව හරි අයදිමින් ඉන් හිටින්න තැනක් නැතිව ජීවිත ගෙවන පුංචිපැටවි මිස් වුනා......
    අමිමා තාත්තා කවදාවත් දැකලා නැතිව ළමා නිවාසයකට වෙලා අනාගතය ගැන සුසුමි හෙලන දරැවො මිස් වුනා.......
    ඉතින් තව තියනවා මිස් වුන ඒවා.........

    ඇත්තටම කවුරැ වෙනුවෙන්ද ඊයේ දිනය වෙන්වෙලා තිබුනේ ?

    වෙලාවක් තිබුනොත් මිස් කරන්නේ නැතිව ඒ පැත්තට ඇවිත් යන්න මිස්
    මනෝ

    ReplyDelete
  3. යන්තම් ඇති මිස් වෙන එකක් ලියල .. අපේ දිනය ගැන මිස් ලට මෙහෙම හරි මතක් වෙන එක ලොකු දෙයක් :D

    ReplyDelete
  4. අනේ මන්දන්නෑ එපා වෙනව මිස්.
    හැමදාම වගේ මේ දවසට අපිව අව්වෙ හිටෝගෙන කරන විකාර මොනවද මිස්.
    අපිට කියලා තියෙන්නෙ එක දවසනේ මිස්.
    අනිත් හැම දවසක්ම ඔයාලගේ නේද මිස්.
    ඉතින් අපිට කියලා වෙන්වුනු එකම දවසේවත් අපිට ආසා විදිහට ඉන්න දෙන්නෙ නැත්තෙ ඇයි මිස්.
    ඊයෙනම් අපි අව්රුද්දටම ඇති වෙන්න හොඳ කට්ටක් කෑවා මිස්.
    අපේ දිනය කියලා ඒකෙන් ඔයාලම පාටි දැම්මෙ ඇයි මිස්.
    අපිට ගෙනාපු කෑම අපි දකින්නත් කලින් හංගලා ගෙදර ගෙනිච්චේ ඇයි මිස්.
    හෙට ඉඳලා මම මෙහේ එන්නෙ නෑ මිස්.
    මම යනවා මිස්.

    (ඩේක්‍යා එකේ පොඩි දරුවෙක්)

    ReplyDelete
  5. මුන්ට කාල නිදාගන්න බැරිකමට අස්සය ගෝං කරන්නත් ඕන, එහෙම කරල ළමයි හදන්නත් ඕන, හදපු ළමයව බලාගන්න ඩේ කෙයා තියෙන්නත් ඕන, පොඩ්ඩ කාලෙකින් ආණ්ඩුව ඉස්කෝලෙකුත් දෙන්න ඕන, ඉස්කොලෙට ටීචර්ලත් දෙන්න ඕන, ඒක ඉවරකලාම විශ්ව විද්‍යාලෙට ගන්නත් ඕන, ඊටපස්සෙ රස්සාවක් දෙන්නත් ඕන. ඔච්චර ඕන නම් අර ප්‍රීති හරි මොනව හරි එකක් ගහගෙන ඔය වැඩේ කරන්නෙ නැතුව, දැන් අනිත් උන්ගේ වැරදි හොයනව. හුහ්

    ReplyDelete
  6. මේ මිස් ඔය මිස් පොල්ල තියන්නේ නැතුව මිස් ෂුටිං එන්න මිස්...අපිට බඩේ පාර දෙන එක හොඳ නෑ නේ මිස්..අනික මිස් ඔය මිස් දැන් වැඩිහිටි දිනේ ගැන ලියන්න ඕන කාලේ මිස්..
    -මීට ජේමිස්..

    පව් බං අහිංසක පොඩ්ඩෝ..ඊටත් පව් උන්ව ඩේ කෙයාර් දාන්න සිද්ධ වෙච්ච දෙමව්පියෝ..:(

    ReplyDelete
  7. මට මෙතනට පාර කිව්වේ මනෝ. වචන ස්වල්පයයි උනාට හොඳ කනේ පාරක් !

    ReplyDelete
  8. She may still be a Miss, but it seems that she hasn't missed much. :D Only for giggles.

    ReplyDelete
  9. ඉට'ස් අ ටෝටල් මෙස්.. අයි මීන් ද ලෝකල්-අමා -දින තින්ග්..

    ReplyDelete
  10. ළමයි ජීවීන් නෙමේ මෙවලම්, ක්‍රීඩා භාණ්ඩ, පරිගණක වෙලා. පැයට කිලෝ මිටර් බිලියනයක වේගෙන වැදුනු දෙවන කණේ පාර. පළවෙනි එක රොටියා බබා තමා දාලා තිබුණෙ. පහේ ශිෂ්‍යත්වෙ ගැන මාත් ලියන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිස්සත්තේ ගැන මම එකපාරක් ලිව්වා. මෙතැන කොටන්න

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...