Thursday, August 13, 2015

202. වේදිකා







උරේ නැඟ
ගිරිය පුප්පා - ගිගුම්ලා
දෙසති උන්

මගේ බෑඟිරි
හඬද පරයා
නැගෙයි ඔල්වරසන්
ඈතින් පොදිකන
දනන් තුඩ'ඟින්



විසිරයත්
නේක කරදාසි බිම හෙලා
පාගමින් - මඩ මතින්

මුදා වරපට
ලොරිය පසුපස
ගුලිකරති,

වෙනත් පැහැයක
මැතිඳු කරපිට
තබාගනු වස්



19 comments:

  1. මේ මහ පොළවත් සියලුදෙනා දරන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. බිමට දැමිය නොහැකි නිසා?
      උඩ විසි කලත් ආයෙත් වැටෙන නිසා?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තා දෙනා තම් දෙනා
    නෑ නෑ ඒක මගෙ බීට් එක හිකිස්

    ReplyDelete
  4. කවියෙන් කියනවනම් දේශපාලනේ උනත් අහන ඉත හැකි..

    ReplyDelete
    Replies
    1. කමිය කියනවා නම් දේශපාලනේ උනත් කිව්වැකි

      Delete
  5. බිම පයට පෑගුණත්
    එක්සිත්ව හිනැහෙන
    මැතිඳ නුඹ
    ඇත්තටම එලෙසද?

    ReplyDelete
    Replies
    1. බිමට බට සැනින
      පොරකන දනන් සනහන
      රියට නැග - වසා දොර
      දෑත් වල ඩෙටොල් තවරන

      Delete
  6. සුන්දරයි........ උපේක්ෂා..... හැංගිච්ච අදහසක් ......

    ReplyDelete
  7. සිතුවේ අප ගැන සිතලා කරනා මැතිදෙක්
    එහෙම සිතාලයි දිය යුතු වටිනා කතිරෙත්
    ටීවී එකෙත් රැ තිස්සේ මුන් ටික ලැග්ගත්
    අපි නම් බලන්නෙ යේ හේ මොහබ්බත්

    ReplyDelete
    Replies
    1. හිටහන් දෙන්නම් හොඳ මැතිදෙක් .. හෙහ්

      Delete
  8. අනිත් කවි තේරුනේ නැතත් මේකනම් තේරුණා...

    ReplyDelete
    Replies
    1. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ... ස්තුතියි

      Delete
  9. මේ කමෙන්ට් දැක්ක කියලවත් සටහනක් නෑ. අලුත් පෝස්ට් එකකටත් ගිහින්. ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. මේ දැක්ක.. මේ දැක්ක... මේන්න දැක්ක... ඔන්න දැක්ක

      Delete
  10. වේදිකා මත කියන බොරු ගොඩ
    පලාගෙන යයි පොළව උන් අරන් නිරයට

    ReplyDelete
    Replies
    1. එබැවින් සවිය ඇති ලෙස
      තනාපන් ලොකු බාර් පිට උඩ

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...