Friday, August 7, 2015

199. කලාම්ගේ මැත සහ උපදෙස්




අපි හැම දෙනාම හිටියේ තිගැස්මෙන්. කොටින්ම එකෙක්ට එකෙක් මුමුණන්න වත් අපිට ඉස්පාසුවක් තිබ්බේ නැහැ. මම ආයෙමත් කලේ අපේ කාලසටහන මුද්‍රණය  දීපු කොලය නැවතත් බලපු එකයි.

'Discrete Mathematics and Statistical Analysis'

කියල පැහැදිලිව සටහන් වෙලා.

හිතේ ගැස්ම තවත් වැඩි වෙන්න හේතු කාරනා නොඅඩුව අපිට තිබ්බ. මිට දවසකට කලින් පටන් ගත්තු අපේ උපාධි පාඨමාලාවේ දේශන වලට සවන් දුන්නු අපි ඇත්තටම පොල්ගස් ගැන අහගෙන ඉන්න එස්කිමෝවරු වගේ. ඉන්ඩස්ට්‍රී එකෙන් ආපු සියලුම දේශකයින් අපිව එතරම් භිත කරවලා තමයි තිබ්බේ.

කෙනෙක් ලෝකේ තියෙන පරිඝනක භාෂා ගැන සාගරේ කලම්බනකොට, තව කෙනෙක් නොපෙනෙන ඩේටා සහ සංකල්ප ගැන මායාකාරී චිත්‍රයක් මැව්වා. ඒ සියල්ල අහසේ මකරුන් වගේ අපි දිහා හිනා වේවි බලන් ඉන්නකොට අපි ආවේ වැරදි තැනකටදෝ කියල විතරයි අපි කතා උනේ..

ටික වෙලාවකින් විදුරු දොර තුලින් කුඩා මුහුණක් මතු උනා. ඒ මුහුණ සමාන වෙන්නේ 'අබ්දුල් කලාම්'ට පමණයි. පෙනුමෙන් වගේම බැල්මෙනුත් තිබ්බේ එහෙම උනත් එකවරම දුටුවම අපිට හිනා යන්න තමයි ගියේ. ඒත් ඒක හිනාවෙන වෙලාවක් නෙවෙයි. අපි සීරියස් විෂයකට සුදානම් වේවි හිටපු මොහොතක්. පොඩියට එබුනු මුහුණට අපි හිනාවෙන කොට කිසිම හිනාවක් නැතුවම ඒ මුහුණේ අයිතිකාරයා බයෙන් වගේ ( ඔහුගේ ඇස්දෙක විශාලව නෙරලා තිබ්බ නිසා අපිට හිතුනේ ඔහු බයෙන් ඉන්නවා කියල) වටපිට බලමින් ශාලාවට ඇතුල් උනා.



ඔහු අතේ තිබ්බේ පරණ හම් බෑගයක් සහ අනෙක් අතේ කොළ මිටියක්. අපහසුවෙන් දොර ඇරගෙන ආපු ඒ චරිතය මම හිතන්නේ වයසින් බොහොම වැඩියි, කොටින්ම අවුරුදු 60 කට වඩා නම් අඩු වෙන්න බැහැ. අපි නිහඬව බලන් හිටියේ මොහු ඇත්තටම කවුද කියල හිතුනේ නැති නිසා. මෙතෙක් අපේ ශාලාවට, දේශනාව කරන්නට ඔය දොරටුවෙන් ඇතුලට ඇවිත් තිබ්බේ තරුණ, ජවසම්පන්න, ගම්භිර ශරීර ඇති අය පමණයි. ඉතින් අපි ඉවසිල්ලෙන් හිටිය.

'හ..ලෝ....'

ඔහු එහෙම කියාගෙන ඇවිත් මේසය මතින් කඩදාසි ටිකත්, හැම ගියපු බෑගය මේසය යටිනුත් තබලා තමන්ගේ හැලෙන කලිසම අත් දෙකෙන්ම එසෙව්වා. එවිටම දොර ඇරගෙන ආවේ දෙදෙනෙක්. එක්කෙනෙක් අතේ ප්‍රොජෙක්ටරේ. අනෙක් කෙනා අපේ අනෙක් දේශකවරුන්ගේ පෙනුම තිබ්බ තරුණ , හැඩිදැඩි දේහදාරියෙක්. අපිට සැනසුම් සුසුමක් හෙළුන. ඔන්න ආව අපේ ජාතියේ දේශකයෙක්! මෙයාගේ ඇසිස්ටන්ට් නම් හෙන නාකි පාටයි...

අපේ ඩෙමෝ මහතා ඉක්මනින් ප්‍රොජෙක්ටරේ සකසනකොට දේහදාරියා ඒ දිහාවත් නොබලා අපේ දිහා බැලුව, හොඳ හිනාවක් එක්ක.

"සුබ උදෑසනක්!"

ඔහුගේ වචනවල ප්‍රීතිය, නැවුම්බව උතුරනවා. ඉංග්‍රීසි උරුව තිබ්බේ වඩාත් බටහිරට. අපේ හිත් ප්‍රීතිමත් උනා. 'අද නම් නියම දවසක් වෙයි' අපිත් පිළිතුරු දුන්න. කලින් ආපු 'කලාම්' විසිරිච්ච කොළ ටික හදන ගමන් ප්‍රොජෙක්ටරේ හදන්න උදව් කරනවා. උදව්වට වඩා කරන්නේ හරස් කිරිල්ල. ඒ කියන්නේ ඔහු එක්කෝ සොකට් එක පාගාගෙන. නැත්තම් බැලන්ස් නැතුව ප්‍රොජෙක්ටරේ තියල. අපි හිනා වෙනවා උනත් සද්ද නැතුව හිටිය.

"..... හොඳයි මම තමයි _____. මම හිතනවා ඔබලාට ඊයේ දවස හොඳ වෙන්න ඇති කියල. අද තියෙන දේශන ඊට වඩා රසවත් වෙයි කියල මම බලාපොරොත්තු වෙනවා... හරිද සුනිල්.. හරි ඔන්න ප්‍රොජෙක්ටරේ ලෑස්තියි. ඕනේ දෙයක් තියෙනවා නම් කියන්න සර්, සුනිල් එළියෙන් ඉන්නවා. අපි ආයෙමත් හමුවෙමු"

අපේ බලාපොරොත්තු බැලුම් බෝලය බිඳ දමමින් ඒ දේහදාරියා අපව කලාම් සමඟ තනිකොට ශාලාවෙන් පිටවෙලා ගියා. ඇත්තෙන්ම අපේ හිත කඩාගෙන වැටුනා වෙන්න ඇති.

'හෑහ් ! මෙයාද අපේ ලෙක්චර් එක කරන්නේ? මේ වගේ යුනි එකක? ඊටත් මේ වගේ සබ්ජෙක්ට් එකක් ?? මේ නාකි මනුස්සය??? මේක ලංකාවද?'



දෙහදාරියා පිටවෙලා ගියාට පස්සේ මක් කරන්නද වගේ ටික වෙලාවක් ගත කරපු මොහු මෙහෙම කිව්වා

"අද දහතුන් වෙනිදා නේද??? අහ්... නවයයි තිහ උනේ නැහැනේ තාම නේද?"

අපි පාත්තරේට මෝටාර් එකක් වැටුන වගේ බලන් හිටිය!

ඒ තමයි මගේ ජිවිතේ හම්බවුනු ජොලිම දේශකයා හම්බ වුනු හැටි!

අර දේහදාරියා ඔහුගේ කලින් ශිෂ්‍යයෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහු අපේ කැම්පස් එකේ හිටපු උපකුලපති වරයෙක්. හැමදාම එන්නේ හම්පඩ බෑග් එකක් එක්ක හෙමින් හෙමින් වටපිට බලමින්.

ඔන්න දැන් තමයි හොඳම කොටස.

අනික් අය වගේ ඔහු පවර් පොයින්ට් පාවිච්චියක් නැහැ. තනි සුදු කොලකය කුරුමිණි කකුල් වලින්  ලියාගෙන එන දෙයක් වයිට් බෝඩ් එකට පිටපත් කරන්නේ අපිට විසඳන්න. ඔහු ඉගැන්නුවේ Discrete Mathematics කියන එක අපිට තේරුනේ ඇත්තටම ලෙක්චර් එක ඉවර වෙලා ගෙදර ගියහම.

උගන්නන අතරේ අපිට ඔන්න ගැටළුවක් දෙනවා විසඳන්න. එකෙක් දැන් දාගෙන ඕක විසඳන්න තටමනවා, තව එකෙක් අර විසඳන්න ට්‍රයි කරන එකා වැඩේ කරලා දෙනකල් ඉවසිල්ලෙන් ඉන්නවා. තවත් එවුන් වටපිට බල බල ඉන්නවා. නිදි කිරණ උන් වෙනම. අපේ එකෙක් හිටියා ඌ ඒ දවස් වලම ගෘප් වල ගිටාර් ගහනවා. ඉතින් ඌ ලෙක්චර්ස් එන්නේ සැනසිල්ලේ නිදාගන්න. ප්‍රේම කරන උන්ට අවස්තාව ලැබෙනවා ඒ ඒ ආකාරයෙන්. ඔය ඔක්කොම අස්සේ අපේ කලාම් එයාගේ පරණ කතාවක් කියනවා

".... ළමයි උනහම...."

අපි ගාන හදන අස්සේ මොනාහරි කියෝනව. ඇත්තම කියනවා නම් මම කොයි වෙලෙත් ඔහු කියන දේ අහගෙන ඉන්න තමයි ට්‍රයි එක. මට මේ මනුස්සය මාර විදියට ආසා හිතුනා පලවෙනි දවසෙම.

"... නෑ මම කියන්නේ නැද්ද?"

කවුරුත් උත්තර දෙන්නේ නැහැ එයාට. ඒවා ගානක් නැහැ කලාම්ට. එයා කියෝනව. අපේ කොල්ලෝ නම් කියන්නේ වයසට ගියාම නට් බුරුල් වෙලා හින්ද ඔහේ කියෝනව කියල. ඒ උනාට ඔහු කියන්නේ පුදුමාකාර ජාති.

"... ඉඳල හිටලා ඉතින් අපිටත් හිතෙනවා නේ එක එක ඒවා..."

අතරන් පතර ඔය වගේ කතා ඇහෙනවා. කලාම් වැඩිය හය්යෙන් කියවන්නේ නැහැ. මම කොහොමත් ලෙක්චර් වල ඉන්නේ ඉස්සරහම පේලියේ. ඉතින් මට ඇහෙනවා මෙයාගේ ඔක්කොම කුටු කුටු.

".. අපේ ළමයි හරි ආවේගශිලියි.. සමහර වෙලාවට... ඔව්... ඉතින් නාකි අපි වගේ වෙන්න ඕනේ නැහැ තමයි.. හෙහ්... එක පාරක් ඔන්න ශිෂ්‍ය සංගමෙන් ආව. පාලකයින් අපිව මර්ධනය කරනවා... අපි ඒවාට යටත් වෙන්නේ නැහැ.. කිව්වා.. "

ඒ ආපු තරුණයා කළා යයි සිතිය හැකි ආංගික අභිනයක් දැන් ඔහු පෑවා. මම ඔක්කොම වැඩ පැත්තක තියල බලන් හිටිය. අනිත් උන් ගණන් හදනවා. මෙයාට ඉතින් මම බලන් හිටියත් එකයි, නැතත් එකයි.

"..... මට ඒ දරුවා ගැන දුකක් දැනුන. වාඩිවෙන්න කිව්වට වාඩි උනෙත් නැහැ.ඉතින් මම ඒ දරුවට කිව්වා  මෙහෙම...."

(මේක කියපු විදියටම කියන්නම්. කතාව කිව්වේ ඉංග්‍රීසියෙන් නිසා.)

".. පුතා වී නෙවර් මර්ධනය යූ... වී දමනය යූ....."

මට බකස් ගාල හිනා ගියා.... මගේ දිහා බලල කලාම් 'හෙහ් හෙහ්' කියල කපටි හිනාවක් පෑවා. ඒ තමයි ඔහිගේ උපකලපති ජිවිතේ ගැන අපිට කියපු ටික.

කවදාවත් ඊට වඩා යමක් කියලා නැහැ. කරපු දේවල් කියෝලා නැහැ. දෙශනේ පටන් ගත්ත වෙලේ පටන් පොඩි ළමයින්ට චිත්‍ර පන්තියක් කරනවා වගේ සැහැල්ලුවක් තමයි දැනුනේ. බලනකොට ගැඹුරු සිද්ධාන්ත උගන්නල. අපිට ඒක වැටහෙන්නේ උගන්නපු දේවල් වලින් අසයින්මන්ට් කරන්න ගියාම!

තවත් දවසක් ඔහු ළමයින්ට උපදෙස් දෙන එක ගැන කිව්වා.

"දැන් ඉතින් ඔය ලොකු රස්සාවක් කරනවා කිව්වම ළමයි කැමතියි උපදෙසක් ගන්න. අපිත් ඉතින් කැමතියි උපදෙසක් දෙන්න. මොකක් දෙන්නද කියල දන්නේ නැති උනත් ඉතින් කැමතියිනේ අපිත් උපදෙසක් දෙන්න කියල..."

තවත් මොනාදෝ කියෝනවා මෙයා. එදා මම හිටියේ හෝම් සික් මුඩ් එකේ හින්ද වැඩක් කරන්න හිතක් තිබ්බේ නැහැ. දීපු ගාන කෙසේ වෙතත් මම එයාගේ කතාව අහගෙන හිටිය. කියෝන සමහර දේවල් නම් කිසිම වැඩකට නැහැ. ඒ හින්ද ගොඩක් උන් අහගෙන ඉන්නේ නැහැ.

"... එක පාරක් අපේ ඤාති පුතෙක් ආව අපේ ගෙදර. හවස් වෙලා මම වැඩ ඇරිලා ආව විතරයි මටත් මහන්සියි. ඒ පුතා මගෙත් එක්ක කියනවා එයාට ජිවිතේ එපා වෙලාලු , කෝච්චියට පැනල දිවි නහගන්න හිතෙනවා ලු. මොකක් කරන්නද කියල හිතාගන්න බැරි ලු...."

දැන් මෙයාගේ පොර ටෝක් එක අහල දැන් කොල්ලෝ කින්ඩි හිනාවක් එක්ක බලන් ඉන්නවා කලාම් දිහා. මොකද, ඒ වගේ එකෙක්ට මෙයා මොන වගේ උපදෙසක් දෙන්න ඇතිද කියල

"... උපදෙසක් දෙන්නත් එපැයි. මම ඉතින් කිව්වා, පුතා කෝච්චියට පනිනවා නම් ගැටළුවක් නැහැ. හැබැයි උදේ කෝච්චියට පනින්න එපා. මිනිස්සු වැඩට යන වෙලාවනේ. ඒවාට පැන්නොත් ඒ මිනිස්සුන්ට වැඩට යන්න පරක්කු වෙනවා. ඒ හින්ද ඔය දවල් යන එකකට පනින්න කියල මම කීවා "

ඇත්තටම අපි ඔක්කොම හිනා උනා. ඔහුත් හිනා උනා. හිනාව ටිකක් අඩුවෙගන යනකොට ඔහු ආයෙත් කතාකරන්න ගත්ත.

"... හැබැයි වැඩේ කියන්නේ පහුවදා මට ආරංචි උනා ඒකා කෝච්චියට පැනල කියල. මළගෙදර ගිහින් මම සද්දයක් නැතුව හිටිය. මම හිතන්නේ ඒකා වෙන කාටවත් කියන්න ගිහින් නැතුව ඇති"

ලොකු ඇස්ගෙඩි දෙක කරකවමින් කලාම් බයෙන් වගේ කියල 'හෙහ්' ගාල හිනා උනා. අපේ හිනාවෙච්ච කටවල් ටිකට මොකද උනේ කියල ඔයාලම හිතාගන්න

ඒ තමයි අපේ කලාම් !



මට මේ කතාව අලුතෙන් මතක් උනේ කලාම් මැරුණම එයා ගැන කියන කතන්දර ඇහුවම




56 comments:

  1. මේ ගෝලයාගෙ හැටි දැක්කාම ගුරුතුමාගෙ හැටි හිතාගන්න පුළුවන්..... :D
    ඇත්තටම හරි සරල විදිහට හිතන කෙනෙකුට පුළුවන් අමාරු විෂයක් සරලව කියලා දෙන්න. මහ ලොකුවට හිතාගෙන ඉන්න අය තමයි බර සාර වොදිහට කියලා දෙන්න ගිහින් වැඩේ අනාගන්නෙ.

    ReplyDelete
    Replies
    1. තිබ්බ නේද 'ඩීෂුම්' කියල ඒ පාර
      මම හොඳ ළමය හරිද? ඇත්තටම ඔය බොරින් කියන ගුරුවරු සිරාවට මාර ඉන්ටරෙස්ටින්. මෙයාගේ ලෙක්චර්ස් මාර කම්මැලියි අනිත් උන්ට. උන් එන්නේ ඔය කතන්දර අහන්න වගේ. මුලදී කට් කරපු අයට උනේ සිද්ධාන්ත තේරෙන්නේ නැතුව ගියා. උන් හිතුව මෙයා ගේමක් නැහැ කියල.. හෙහ්

      Delete
  2. බුදු අම්මෝ මම ඊයේ පොඩි එහෙකුට කිව්වා මූදට පනින්න වැල්ලේ ඉඳන් අමාරු නිසා ඇවිදගෙන පලයන් කියලා....ඌ මූදට ඇවිද්දද දන්නෙත් නෑ...කෝල් එකක් දෙන්නත් බයයි ඕයි...ෂිට්....!

    ReplyDelete
    Replies
    1. ඔය කැම්පස් එකේ අවුලක්ද මන්ද... කලාම් කිව්වා වගේ කවුරුහරි උපදෙසක් ඉල්ලුවම, මොකක් හරි එකක් දෙන්න ගිහින් ඔය ඇනගෙන තියෙන්නේ ලෙසටම! කෝල් තියා ගෙදරවත් පළාතේ යන්න එපා ටික දවසකට...

      Delete
  3. හැබෑටම තුෂානි ඔය වගේ අක්‍රමවත්ව අඳින කතාකරන හැසිරෙන පුද්ගලයො ලොකු උදවිය උනාම වටිනාකම වැඩියි.. නිකං එකෙක් ඔහොම උනොත් ඇයි ගණන් ගන්නෙම නැත්තෙ? අනේ මන්ද...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඒයි හිතේ තියන නම ඉබේම ලියවෙනවා

      Delete
    2. අනේ ඇනෝ එහෙම එකක් නෙමේ... දෙන්නව මට ටැපලුනා...

      Delete
    3. ඉඳපිය ඉල්ලල දෙන්න ..

      Delete
    4. අපේ ගං පළාතෙ ඕකට කියන්න "බළල මල්ලෙං එලියට පනිනව " කියල :D

      Delete
    5. ඇනෝපිලියා... තෝ මොනව අල්ලන්නද... පත්තරේ....මල්ලෙ එහෙම බලලෙක් නෑ ආයිබෝං..

      Delete
    6. උපාසක බළල්ලු විශ්වාස කරන්නම බෑ.. හැක්

      Delete
    7. ඔව් ඔව්... අන්න අටම උපාසක බළලට කෙලිනෝ... හැක්....

      Delete
    8. කමක් නෑ බං. හිතේ තියන දේ ඔහොම හරි කියාගත්ත මදෑ :D

      දැං සොරි කියපං සජ්ජෝ. එතකොට සීන් එක නෝන්ඩි නෑ :D

      Delete
    9. ඒකත් එහෙමද .. සොරි ඈ...

      Delete
    10. සජ්ජාගේ ස්නානය අවසන් බැවින් කියමි

      හෙහ් හෙහ් හෙහ්..... හෙහ් හෙහ් හෙහ්

      Delete
    11. හපොයී... නමක් වැරදිලා වෙච්ච් දෙයක්. හි.. හි...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මරු කතාව, රස වින්ඳා

    ReplyDelete
    Replies
    1. හා ඈ...

      ඒක නෙවෙයි, මොකටද අප්පා තුන් පාරක් ලිව්වේ? මේක කතිර යුද්දේ කියල හිතුවද මනාප තුනම දුන්නේ?? හෙහ්

      Delete
    2. අනේ ළමයෝ මේ නහින දෙහින කාලේ අපි බ්ලොග් කමෙන්ට් දාන කොට අත වෙවුලනවා නොවෑ. කිව්වම මොකදෑ කමෙන්ට් තුනකින් බේරගත්තෙත් හරිම අමාරුවෙන්.

      Delete
    3. හැඃ ... ඒකත් එහෙමද.... ගොඩක් අය සයිබරයේදී තිරිහන් වෙන්න දඟලන දැඟලිල්ල දැක්කම, මේ කොමෙන්ටුව රටක් වටී

      Delete
  7. අපූරු කලාම් කෙනෙක්...

    // ".. පුතා වී නෙවර් මර්ධනය යූ... වී දමනය යූ....." // ඒක තමයි නියම හි.. හි...

    ReplyDelete
    Replies
    1. අපූරු ?? ඒකද මන්ද වචනේ. ඒ උනාට ඒ දවස්වල අපේ කොල්ලන්ට මිනිහා ජෝකර් කෙනෙක් වගේ. පවු කියල හිතෙනවා.

      Delete
  8. මූ මාර පොරක්නේ..හිනාවෙච්ච කටවල් ඔටෝ ඇරෙන්න ඇති අරහෙම කිව්වම..මට උනා වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්... මම කිව්වොත් අපේ රිඇක්ෂන් එක ඔයාල දෝෂාභියෝගයක් දායි හෙහ්.. ඇත්තටම අපි කලේ ඊටත් වඩා හය්යෙන් හිනා වෙච්ච එක! ( නරුමයෝ ටිකක්! නැද්ද?) ඒ වෙලාවේ කොහොමත් අපි හිටපු මුඩ් එක එහෙම තමයි.

      Delete
  9. ඒක නම් වාසනාවක්! අපිට හම්බුනු අය නම් ඇහුවේ තෝ ගෙදර වැඩ කලාද? නැත්තම් එළියට පල කියලා තමයි!

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකක් ඇතුලේ එහෙම වෙනවා නම්.... අවාසනාව තමයි හෙහ්... පාසලේදී තමයි එහෙම ඇහුවේ. කැම්පස් එකේදී නම් හිටපු ගමන් කඩාපැනල "get ready for a quiz" කියනවා. එතකොට තමයි එයාලගේ පරම්පරාවේ උන් ටික මතක් වෙන්නේ.
      අපිට තිබ්බ අවුල්ම දේ තමයි අසයින්මන්ට් එක මේල් කරන්න කියල, නියමිත දිනේ හා වේලාවෙන් පස්සේ 'මට ලැබුනේ නැහැ' කියල දේශකයා කියද්දී. මගේ එක සබ්ජෙක්ට් එකකට එහෙම උනා. තාමත් ඒක ෂොක් එකක් වගේ. මොකද මගේ ආසම සබ්ජෙක්ට් එකක් සහ මම හොඳටම කරපු අසයින්මට් එකක්. ඔක්කොම ලකුණු ටික වතුරේ. කිසි සමාවක් නැහැ.

      Delete
  10. ඔය ගැඹුරු සබ්ජෙක්ට් අස්සෙ හිර උනාම නට් ලූස් වෙනවා.මේ යකා මිනී මරුවෙක්.මොළේ තිබුනට හදවතක් නෑ.ඒකනෙ ලෝකෙ ගැඹුරුම දහම ඉගෙනගන්න අයට ශාන්ත බව කරුණාව අල්පේච්ඡතාවය මුලින් හුරු කරන්නෙ.. මේවා හොඳ උදාහරණ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔබ කියන දේ ඇත්ත. අපි ඒ වෙලාවේ හිනා උනාට මම පස්සේ හිතුව කොතරම් භයානක කෙනෙක්ද කියල. ගොඩක් භෞතික විදියට හිතනකොට අපේ සමහර සංවේදිකම් නොදනිම අහිමි වෙනවා.

      Delete
  11. එතකොට ඇත්තටම මේ කවුද?

    ReplyDelete
    Replies
    1. දැන් මම හිතන්නේ ඔහු ලෙක්චරින් කරන්නේ නැහැ. ඒ දවස්වල අපි වෙනුවෙන් ඔහු සෙමෙස්ටර් දෙකක් විතර මිට අදාළ සබ්ජෙක්ට්ස් දෙකක් විතර කළා. අපේ ෆැකල්ටියේ අය ඔහුට කරන ගරු කිරීමක් විදියටත්, ඔහු එය විනෝදාංශයක් විදියටත් කලේ. නමින් කියන එක හරි නැහැ කියල හිතුන ඔහු විද්වතෙක් විදියට දන්නා නිසා.

      Delete
  12. //"වයසින් බොහොම වැඩියි, කොටින්ම අවුරුදු 60 කට වඩා නම් අඩු වෙන්න බැහැ""// අනේ අනේ ටින්කබල් උපයෝ .. ඉතිං උඹේ වයසේමනේ ..

    මට මතක් වුනා තිලක සිතේ තුන්වෙනි දේශකයා කතාව ,,, නියමයි බං... ඉඳලා හිටලා හරි උඹලා වගේ නට්ලූස් ඩයල් වලට ගේම දෙන්න පුළුවන් ලෙචාලත් ඉන්නවා කිව්වම . හැක

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා ගොන් තක කතාවක්. ඒ දවස්වල කොහෙද හලෝ කැම්පස් එකට 60 පැනපු උන් ගත්තේ?

      තිලක සිතේ තුවෙනි දේශකයා කියෝනකට මතක් වෙලයි ඇත්තටම මම මේක කිව්වේ. හැබැයි ලස්සනට කියාගන්න බැරි උනා. හෙහ්.. මම වගේ නට් ලූස් කිව්වා නේද? මම කොච්චර වැදගත්, රූමත් ගුණවත් ලලනාවක්ද කියල ඕනේ කෙනෙක්ගෙන් අහල බලපන්... අහපන් අපේ පැත්තෙන් ගෙවල් වලින් සොරි එහෙන් නෙවෙයි ... ඉස්කෝලෙන්.. සොරි එහෙන් නෙවෙයි ... අහපන් කැම්පස් එකෙන් !සොරි එහෙන් නෙවෙයි .... අහපන් මම වැඩකරපු තැන් වලින් ! සොරි එහෙන් නෙවෙයි ...... මේ... මම ටිකක් කල්පනා කරලා කියන්නම් කාගෙන්ද අහන්න ඕනේ කියල ඈ

      Delete
  13. මම හොඳට බලල තියනව සිරා පොරවල් කවදාවත් තමන් පොරක් කියල අඟවන්නෙ නෑ ...
    ඒක අනිත් අයට ඉබේම දැනෙනව ...
    හැබැයි ටිකක් කල් යනව ....

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම තේරෙනකොට අපි කාඩ්බෝඩ් වීරයෙක් දිහා බලාගෙන ඌ වෙන්න හෙන ගේමක් දීල හෙම්බත් වෙලා. ඒ තමයි හැටි

      Delete
  14. 'කළා'ම් ල කොහොමත් වැඩ කාරයෝ.. (වැඩ්ඩො කියල මුලින් ලියන්න ගියේ.. එතකොට ලියවෙන්නේ වැද්දෝ කියල.. හැක හැක.. )

    ReplyDelete
    Replies
    1. අන්න අටං අයියා "කළා" ගෙ වැඩ ගැන ලෙසටම දීලා.........

      Delete
    2. ඔව් වොව්... අනේද කියන්නේ.. එකෙක්ව මරන්න අනුබල දීල, මුකුත් උනේ නැති ගානට ඉන්න තරම් 'වැද්දෝ!'
      යෂ් : හෙහ් හෙහ්.... ඕකට තමයි කියන්නේ අබරා සිල් අරගෙන වෙල්ලවැහුම් කෑවා වගේ කියල.. හෙහ් හෙහ් තේරුනානේ හෙහ් හෙහ්

      Delete
    3. //අබරා සිල් අරගෙන වෙල්ලවැහුම් කෑවා වගේ// O.o වෙලාවට තේරුනේ නෑ..

      දැන් කවුද කවද මරන්න අනුබල දුන්නේ?

      Delete
    4. ඔබතුමා නෙවෙයි හලෝ..... මගේ කතා නායකයා...

      Delete
    5. මරන්න නෙවෙයි.. මැරෙන්න.. හි.හි.. මැරෙන්න ඕනි එකාට ඒකට අනුබල දෙන එක සමාජ සේවයක්..

      Delete
  15. අම්මට සිරි උපයා මැරිලද කොහෙද ? යාන්තං ඇති අම්මේ .... :P

    ReplyDelete
    Replies
    1. අද බෑ හිතුන... වෙන දවසක බලමු. මැරෙන එකේ හොඳ දවසක් බලල...

      by the way, remember

      "YOU ARE NEXT"

      Delete
  16. ඔය කතාව නම් මම අහලා තිබුනේ නැහැ.
    මොනා වුනත් කලාම් කියන්නේ ලෝකෙට දායක වෙච්ච වටිනාම සම්පතක්.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව කිව්වේ? දැන් මෙතන කතා ගොඩක් තිබ්බ. මේ කතා මම හිතන්නේ මේ 'කලාම්' කියන්න ඇත්තේ අපිට විතරයි. අපිත් එක්ක වගේ එයා අනික් බැච් එක්ක යාලු උනේ නැහැ. ඇයි කියල දන්නේ නැහැ.

      කලාම් කියන මනුස්සයා නම් වටිනවා තමයි. ඔහු රටක් ලෝක ගෞරවයට පත් කරපු කෙනෙක්. මොනවා කරලා ගත්තද කියන එක තමයි වැදගත්. ඔහු මේ කතාවට සම්බන්ධ වෙන්නේ අපේ කතා නායකයාගේ පෙනුමට තිබ්බ සමානකම නිසා.

      Delete
  17. හරි ජොලි නේ!.

    //'හෑහ් ! මෙයාද අපේ ලෙක්චර් එක කරන්නේ? මේ වගේ යුනි එකක? ඊටත් මේ වගේ සබ්ජෙක්ට් එකක් ?? මේ නාකි මනුස්සය??//
    උපේක්ෂල ත් ඉතින් බලන් ඉන්න ඇති නේද තරුණ හැන්ඩ්සම් අයි විටමින් එකක් එනකම්. (අපි නම් එහෙම නෑ ලු) :P

    අපිට හිටියා එක ලෙක්චරර් කෙනෙක් එයා උගන්නද්දී මොකක් හරි කියලා විනාඩි 2-3ක් එයාම හයියෙන් හිනා වෙනවා. අපි ට එයාගේ ජෝක් එක තේරෙන්නේ නෑ. ඒ උනාට අපිටත් තව විනාඩි 2-3 ක් හිනා යනවා - ඒ එයා හිනා වෙන හැටි දැකල. ඔහොම ලේ පිරිසිඳු වෙවී ඉගෙන ගත්ත නිසාද මන්ද එයා උගන්නපු පාඩම් හොඳට තේරුණා.

    ReplyDelete
    Replies
    1. නිරෝ .....

      ඔයාට කියන්න නිරෝ... අපේ පලවෙනි අවුරුද්දේ පලවෙනි සෙමෙස්ටරේ තමයි අපේ මල් මල් කාලේ. වෙන මොකවත් නෙවෙයි, අපිට ලෙක්චර්ස් වලට ආවේ ඉන්ඩට්‍රි එකේ අය. ඒ මදිවට තරුණ කට්ටිය. හි හි... ඒවගේ විස්තර ඔක්කොම ලියන්න ගියොත්... හෙහ් හෙහ්
      කොටින්ම අපි උන්නේ ලේක්චරේ නෙවෙයි. මනෝ ලෝකවල පාවී පාවී. එක ලෙක්චරර් කෙනෙක් හිටිය, මිනිහා මාරම හැන්ඩ්සම්. කොටින්ම මට නම් මනුස්සය ආවට පස්සේ සියලු හැඟීම් දැනීම් නැති වෙලා ගිහින් මක්කද වෙනවා. මොනවා කියනවද කියලවත් ඇහෙන්නේ නැහැ. හි හි... පිස්සු කොයිල්! කොල්ලෝ දත්මිටි කනවා ඉතින්.

      දැන් ඔයා එහෙම නැහැ කියන්නේ මොකෝ?

      ඔය විහිළුවක් කරලා හිනාවෙනකොට අපි ටිකත් සමහර වෙලාවට ඔහොම තමයි. සමහරුන්ගේ තිබ්බේ වෙස්ටන් ඇක්සන්ට් එකක්. ඒ හින්ද ඔය පොඩි පොඩි එව්වා ඇරුනම, සමහර ඒවා තේරෙන්නෙත් නැහැ. අන්තිමට ලේක්චරේ ඉවර වෙලා අපිට ජෝක් ටික වෙනම වෙන්කරගන්න කුප්පි දාන්න උනා.. හි හි... මුල් ටිකේ විතරයි එහෙම. පස්සේ ඉතින් කට්ටිය ගැඹුරු මුහුදට පුරුදු උනා. ඒ හැමදේටම වඩා එකාට එකා නැහැ, තරගේ නිසා තේරුන එකා කියලදෙන්නේ නැතුව ඉන්නවා. ඒ තමයි ඇත්ත කතාව!

      Delete
  18. ඉස්සර JMC එකෙත් හිටිය Audit විෂය කරන්න සර් කෙනෙක්. . මාර ෆන් ඒකෙ තමයි උගන්වන්නෙ.. .

    උපේක්ෂා උපදෙස් ගත්තද උපදෙස් දුන්නද ? මොකද කතාව කියෙව්වම තේරුනේ දෙන්නම එක වගේ ඩයල් කියල

    ReplyDelete
    Replies
    1. අපොයි මට මේ කොමෙන්ටුව මගහැරිලා නේ!

      හි හි... මම නම් උපදෙස් දෙන්න ගියේ නැහැ ඔය කලේ. මිනිහගේ උපදෙස් ගැන තමයි මම ලිව්වේ. ( වැඩේ මාට්ටු උනාද මන්ද..)

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...