Friday, October 23, 2015

227. පිටුවක් .............






"හරි හරි... මාත් එනව"

මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.

"මම චිරනිව බලන්නත් යනව"
"කමක් නෑ "

මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු  හොරයක්, කිචියක් වගේ දෙයක්.

"ඇයි , උඹට ඉරිසියාද?"
"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"
"ඇයි , ඒකි ලස්සනද?"

මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.



"හ්ම්ම්... නම.. හ්ම්ම්.. නි-කි-ණි"

මගේ උගුර යන්තම පැටලෙන්න ගත්ත.

"හ්ම්ම්?? තව මොනවද?"

"හරි අහිංසකයි බං . පව් කියල හිතෙනවා"

"මොකද පව්?"

"දන්නේ නැහැ"

ඇත්තටම මම දන්නේ නැහැ.



කාන්දමක් වගේ මගේ හිත ඒ දිහටම යනවා. හිතේ ඇඳිලා, මැවිලා තිබුන දෙයක් හැබැහින් දැක්කා වගේ. ඒ හිනාව.... මොකද්දෝ අමුත්තක් තියෙනවා.

චලන මම කියන දේ සද්ද නැතුව අහන් හිටියා. චලනයට නිකිණිව පෙන්න ඕනේ කමක් මට ඇති උනා. මොකක් උනත් ඌ තමයි මට ඉන්නේ. මමත් ඉන්නේ ඌ වෙනුවෙන්.

බස් එකේ යන ගමන් මම සිද්ධිය සේරම කිව්වා, නිකිණි අතින් අල්ලපු එක ඇරෙන්න. මටත් කියල පුද්ගලික දෙයක් තියෙන්න එපැයි.

"අද ටිකට් කපාගෙන ගෙදර ගියාද දන්නේ නැහැ"

මම ගේට්ටුව ලඟදි කිව්වා.

"අදත් උඹ මාව හලන්නද හදන්නේ? යමං යමං !"

මම වාට්ටුවට යන කොරිඩෝවට එනකොටත් මගේ හිත 'ඩක් ඩක් ' ගගා ගැහෙන්න ගත්තා. චලනයා මොනවා කියයිද? නිකිණි මොනවා හිතයිද?

මම වාට්ටුවට එබුනා. විනාසයි! මම චලනයාවත් ඇදගෙන එලියට පැන්නා.

"ඇයි බං ?"

"ම- ම මල කෙළියයි. මාධවී අක්කා!"

චලනයා කිසි කලබලයක්වත් පෙන්නුවේ නැහැ. මුකුත් කිව්වෙත් නැහැ.

"එයාගේ යාලුවෝ වෙන්න ඇති"
"උඹ කොහොමද දන්නේ?"

මට එහෙම ඇහුනේ නිකමට. නිකිනිගේ යාළුවො? මාධවී අක්කා අපේ අම්මගේ යාලුවෙක්ගෙ ලොකු දුව. දැන් ඉතින් කොහොමද යන්නේ?

"අපි යමු"
"බෑ බෑ ... එයාල යනකල් ඉම්මු"

කුතුහලේ හින්දා මට යන්න හිතකුත් නැහැ. මම බිත්තියට මුව වෙලා යන්තම් එබිකම් කරලා බැලුවා. නිකිනිගේ මුණ යන්තමට පේනවා. පේන හැටියට නම් යන්න වගෙයි. මගේ හිතට තද මිටියකින්  පාරක් වැදුනා වගේ දැනුනා. නිකිණි ගියොත්?... මට  මුණගැහෙන එකක් නැහැ...
මගේ හිත කෑගැහුව. චලනයා මගේ පැත්තකින් නොසැලකිල්ලෙන් වගේ එබුන.

"කොහොමද?..."

මම චලනයාගෙන් ඇහුව. ඌ මගේ මුණ දිහා බලාගෙන හිටියා මිසක් මුකුත්ම කිව්වේ නැහැ. උගේ මුහුණ පොල්පොට්ගේ මුණ වගේ ලොරි ගතියක් වෙලා.

".... ඇයි බං ?"

"උඹට හිතාගන්න බැරිද ඇයි කියල?"

"බැහැ "

"වරෙන් යන්ඩ මම කියන්නං "

චලනයා මාව කුණු මාළු කෑල්ලක් වගේ ඇදගෙන ආව. ඌගෙ අත් මට දැනුනේ යකඩ අඬු වගෙයි. මට ෆුල් හොල්මන්.

"ඒ කෙල්ල.... ඒ කෙල්ල උඹ දන්නවද?" චලනයා නම් ඒ කතා කලේ අපේ තාත්තගේ ටෝන් එකෙන්.

"නැහැ"

"උඹ දන්නේ නැත්තං ඒ විදියට ඉඳපන්.. ආයෙමත් යන්න එපා ඕකට පැටලෙන්න "

"උඹ මොනවද හංගනවා..."

මම මට දැනුන දේ එහෙම්මම කිව්වා. චලනයා කතා කලේ නැහැ එකපාරම මම නිකිනිව පෙන්නනකොටත්.

"... උඹ දන්නවා නේද චලනයෝ? .. ඒ කවුද කියල?"

"......."

"දන්නවා නේද?"

"ඔව්!"

චලන කිව්වේ හෙමින්, අත්දෙක ඉනට ගහගෙන, හරියට මිනීමැරුමක් කළා කියල පිලිගන්නවා වගේ. ඒත් ඒ වචන ටික මට තදේට වැදුන.

"කවුද?"

"එයා මාධවී අක්කගේ හොඳම යාළුවා. එයාගේ පංතියේ.... උඹ..."

චලන කතාව නතර කළා. මගේ ඔලුව බිම හැප්පුනා වගේ තරු විසිවෙනවා මට දැනුනා.

"උඹ කොහොමද දන්නේ?"

"කලනයෝ! උඹ මොනවද ඔය කරන්න යන්නේ?  බලපං. හිතට එකඟව කතාකරපන්"

"මං දන්නෑ චලනයා. මම දන්නෑ "

මම පේමන්ට් එකේ වැටට හේත්තු උනේ කකුල් දෙක පන නැති වේගන යනවා වගේ දැනුන නිසා.

"මේ අහපං. උඹට චිරනි ඉන්නවා. තව කෑල්ලක් දාගන්න ඕනේ නම් වෙන එකක් හොයා ගනිං. මාධවී  අක්ක අපිට වඩා අවුරුදු පහක් වැඩිමල්! උඹට තේරෙනේවනේ මං මොනවද කියන්නේ කියල?"

"උඹ දැනන් හිටිය නේද චලනයා?"

මම චලනයගේ මුණ  කතා කලේ.

"ඔව්... මම දැනගෙන හිටිය. උඹ මොකද්ද කරන්නේ කියල මම බලාගෙනයි හිටියේ. කලණ... උම කොච්චර මාව මගෑරියත් , මගෙන් හැංගුවත් මම දානවා උඹ කරපු හැම දෙයක්ම! උඹ ඒ කෙල්ලගේ ජිවිතේ බේරුවා, ඒක එච්චරයි! මේවා චිරනි දැනගත්තොත් මොනවා වෙයිද? ජොකියා දැකල තියෙනවා උඹ මේ කෙල්ල බලන්න එනවා. නිකන් අවුල් හදාගන්න එපා යකෝ..."

චලන කියාගෙන කියාගෙන ගියා.මම අහගෙන හිටියේ ගල් පිළිමයක් වගේ. කිසිම දෙයක් බොරු නෙවෙයි. ඔක්කොම ඇත්ත.

"මම කවුද කියල එයා දන්නෙත් නැහැ"
මම හෙමින් මිමිණුවේ මටමත් නෙවෙයි.

"ඒක හොඳයි. මේ වැඩේ මෙතනින් ඉවරයි. උඹ මට ආයෙමත් මේ ගැන කතාකරන්න ඉතුරු කරන්න එපා. උඹ දැන් ඇස්දෙකෙන්ම දැක්කනේ ඇත්ත!?"

මට කෑගහල අඬන්න හිතුන.

ඒත් කොල්ලෙක් කොහොමද අඬන්නේ? අඬල අපේ හිතේ තියෙන දේවල් අයින් කරන්නේ කොහොමද?

නිකිණි මට වඩා අවුරුදු 5ක් වැඩිමල්! මගේ බඩ පපුව හෝස් ගෑවා. අතේ තිබ්බ ආසම සෙල්ලම් බඩුවක් කඩලා දැම්මම පොඩි  දුකක් වගේ මොකද්දෝ කියාගන්න බැරි, දරාගන්න බැරි දුකක් මගේ හිතේ පොරකෑව. ඒ ඇස්වලට, හිනාවට මම කොයි තරම් නම් ආසා කලාද?

මම පණක් නැතුව ඇඳට වැටුනා.

"කලණ , යමු කන්න. අන්න උඹට අම්මා බත් බෙදල"

"මට බඩගිනි නැහැ"

"යමන් යමං ... අත ඇරලා දාපං බං !"

"මට මගේ පාඩුවේ ඉන්න දීලා, පලයන් යන්න!"

මට කෑගැහුනා.
චලනයා යන්න ගියා දොරත් වහගෙන.

මම ඒ මොකද්ද කලේ? මේ කොහෙවත් යන කෙල්ලෙක් හින්දා මම මගේ පන වගේ එකාටත් සැර දානවා. ඌ කිව සේරම ඇත්ත නේද? මට චිරනි ඉන්නේ? මට මොකටද තවත් කෙල්ලෙක්? අනික අක්කා කෙනෙක්? චලන කියන්නේ බොරු නෙවෙයි. අනික ඌ කියන්නේ මගේ නරකටත් නෙවෙයි. ඒත් ..........?

ආයෙමත් මම හිටපු තැනටම කඩන් වැටුණා.

'ඇයි නිකිණි මට මුණගැහුනේ?'


***********************************




ප.ලි. 
මේ තියෙන්නේ මම මෙන්න මෙතැන ලියපු පොස්ට් එකට අදාළ කොටසක්. කොටිම්ම කිව්වොත් කෙනෙකුගේ ජිවිත කතාවක් මම නවකතාවකට පත්කරපු එකක්. මම මේ කතාව ලියනකොට මගේ වයස අවුරුදු 18 ට පොඩ්ඩක් වැඩියි. ඒ නිසා වැරදි ගොඩක් ඇති.

මම මේ පෝස්ට් කලේ ඒ කතාවේ එක කොටසක් විතරයි. 

කලණ : ඔන්න මගේ පෝස්ටුව හරි... දැන් මොකද කියන්නේ?

49 comments:

  1. මන් හිතුවේ මේක ලියද්දි උපේක්ෂට දාසයයි මාසයයි කියල... :P . ඒ කාලේ ඉදන්ම හැකියාව තිබිල තියෙනවා නේද.. හැකියාවට රැකියාවක් හම්බ වෙලා තියෙන්නෙ. ඇයි නැත්නම් හැකියාව දියුණු කරගන්න බ්ලොග් ලියන්න වෙලාවක් කොයින්ද .. නැද්ද උපේස්සෝ.

    ReplyDelete
    Replies
    1. දාසයයි මාසේදීත් ලිව්වා. කොටිම්ම මම නවකතා ලියන්න ගත්තේ අවුරුදු 13දී. ලිව්වේ ඔක්කොම වගේ ටින් ටින් මල් කතා. කවිත් ලිව්වා, හැබැයි එව්වා නම් ටිකක් විතර හොඳයි. කොටිම්ම කිව්වොත් ඒ කාලේ ලියපු දැන් ලියන ඒවාට වඩා (මගේ නිර්ණායක වලට අනුව) හොඳයි. මොකද මම ගොඩක් අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ වලට උනන්දුවෙන් ලියන්නේ. දැන් වගේ නෙවෙයි.

      මම මගේ මුල් කාලේ ලියපු දේවල් ගැන මෙන්න මෙතන පොඩි සටහනක් දැම්මා. උත්තරයක් නැහැ කියන්නේ ඒ කාලේ මගේ පාඨකයින් (ගොඩක්ම කෙල්ලෝ ) මේ බ්ලොග් එකට එන්නේ නැහැ කියන එකයි. ඒ කාලේ හැකියාවක් තිබ්බද කියන එකත් ප්‍රශ්නයක්. හරියට කියන්න දන්නේ නැහැ. ඒ උනාට ලිවීමේ උන්මාදයක් තිබ්බ.

      Delete
  2. Replies
    1. ඒ වගේ තමයි. හැබැයි විශේෂයක් තියෙනවා. මම විතරයි තනියෙන් ඔට්ටුව දැම්මේ. හි හි.. මුල් පොස්ටුව ( ලින්ක් එක) කියෙව්වා නම් තේරෙයි

      Delete
  3. කියෙව්වා, හිතුවා, ඔන්න කොමෙන්ටුව.

    මටත් මේ වගේ සිද්දි දෙකතුනක්ම වෙලා වගේ මතකයි. කට කට. නෑ නෑ වැරදුනා. මේ වෙලාවට ලඟ ඉන්න එකා පව්. කව්ද මේ කලනයා? අර කමිය නෙවෙයිනෙ?

    ආයෙත් එන්නාං. දැන් යන්නාං.

    ReplyDelete
    Replies
    1. පලියෙ දාල තිබුනු පෝස්ට් එක කියෙව්වෙ පස්සෙනෙ.

      //කව්ද මේ කලනයා? අර කමිය නෙවෙයිනෙ?// මේකට සමාවන්න.

      දයාබර සොහොයුරෙක් වෙනුවෙන් තැබුනු සටහනක්.

      Delete
    2. දයාබර සොහොයුරෙක් නම් තමයි. දැන් කිසිම සම්බන්ධයක් නැහැ කියල හිතෙනකොටත් පුදුමයි.

      Delete
  4. ඒ අස්සෙන් මම අරුණි අක්කාව දැක්ක බං …

    ReplyDelete
    Replies
    1. සුළඟ වගේ ඇවිදින් එකේ අරුණි අක්කව ... අරුණි අක්කට අන්තිමට පිළිකාවක් හැදෙනකොට ඒ දවස්වල දැනුනු දුක මතකද ? හැක

      Delete
    2. එකෙන්ම
      සුළග වගේ අදටත් හුගක් එවුන්නෙ ආසම ඉස්ටෝරිය

      Delete
    3. අරුනි අක්ක අව්රුද්දනෙ වැඩිමල්. නිකිනි අව්රුදු 5ක්ම වැඩිමල්නෙ. ඒත් රසය අව්රුද්දමයි.

      මේ කතාවවත් ඔක්කොම දාන්ඩ අප්පා. අරක බෙල්ල කැපුව වගේ මැදින් කපල දැම්ම.

      Delete
    4. ඉවාන්, පත්තරේ:
      ඔය කතාව මම කියවලා තියාගෙන ඉනව දැකල තමයි කලණ මගෙත් එක්ක ගොඩක් හිතවත් උනේ. ඔහු මගේ හොඳම යාළුවෙකුගේ යාලුවෙක්, සිංහල කියෝන එකෙක් වත් නෙවෙයි. ඔහුගේ කතාවත් ඒ වගේ නිසා මට කියල ලියෝගන්න තමයි ආවේ. මම ඌට කතාව ලිව්වා. නමුත් ඌට පොත මගේ ගාව තියල යන්න උනේ.

      අහසෙන්:
      කලනගේ කතාවත් පොඩ්ඩක් මීට සමානයි. මම අවසානේ වෙනස් කළා හිතාමතාම.

      Delete
    5. අහසෙන්: මම මේ දැම්මේ පොතේ මැද කොටසක්. අර උඩ තියෙන්නේ මම අතින් ලියපු කොලේ පින්තුරයක්. ඔක්කොම දාන්න මට හිතෙන්නේ නැහැ. ඔය ජිවිත කළා ලියල මගේ පොට ගිහින් තියෙන්නේ දැනටමත්. ඒ නිසා අහසෙන්, බලාපොරොත්තු අතාරගන්න. මම මේක ඔක්කොම දාන්නේ නැහැ.

      Delete
  5. මේ හිත් කියවන්න එහෙම පුලුවන්ද?
    මේ වගේ සිද්ධි ජීවිතේට මාරම මතකයන් එකතු කරනව.
    අමානුශික මානුශීය හැගීම්.

    ReplyDelete
    Replies
    1. සමහර විශේෂිත නිල වලදී අපිට සිතුවිලි කියන දේවල් කොපි කරන්න පුළුවන්. හැබැයි සම්පුර්ණය විවෘත වෙන්න ඕනේ මුලදී. ඉතිරි කොටස නිකම්ම එනවා. මම ඒ කතාව ලිව්වේ හදවතින්මයි. ඒ නිසා මටත් දැනුණා.

      Delete
    2. ඔය වගේ කතාවක් මගේ ජීවිතේ ඇතුලෙත් තියෙන නිසා.ඒ ගැන කල්පනා කර කර ඉදලා බ්ලොග් එකට ඇවිත් බලද්දි ඔයා මේක දාලා.එකයි සිත් කියවන්න පුලුවන්ද ඇහුවේ.(මුසාවක් නොවේ)

      Delete
    3. මට මේ කතාව මෙතැන පෝස්ට් කරන්න බැහැ. එකක් තමයි කලණ කියන්නේ උගේ ඇත්ත නම. මම ඒ නිසා මේ වගේ තැනක දානවා නම් කලණට කියන්න ඕනේ. නැතිනම් ඔහුගේ කතාව සමාන වෙන්න තිබ්බා ඔබත් එක්ක. ඔහුගේ වේදනාව මට තේරුණා නිසා මට ඔබේ වේදනාවත් තේරෙනවා.

      මම ඔහුට මෙහෙම කිව්වා.

      //කලණ , ඔයාට ආයෙත් පටන් ගන්න පුළුවන්.. මේ කතාව මම ලිව්වේ, ඔයාව ඒකෙ ඇතුලට දාල වහල දාන්න ඕනේ හින්ද... ඔයා දැන් ඉන්නේ පොත ඇතුලේ... වහන්න ඔය පොත"//

      ඔහුගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය උනේ එයයි කියල මට ඔහු පස්සේ දවසක කිව්වා.

      Delete
  6. //"මේ අහපං. උඹට චිරනි ඉන්නවා. තව කෑල්ලක් දාගන්න ඕනේ නම් වෙන එකක් හොයා ගනිං.//
    කෙල්ලෙක් ඉද්දි , තව කෙල්ලෙක් හොයා ගැනීම සාධාරනීකරණය කරල තියනව . එතකොට වරද අක්ක කෙනෙක්ට ආදරය කරන්න හදපු එකද උපේක්කො ? මට තේරෙන්නෙ නෑ ,ඒක වරදක් වෙන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් ඉන්නකොට තවත් කෙල්ලෙක් හොයාගැනීම පුද්ගලානුබද්ධයි. මම එයට කළු හෝ සුදු ලේබල් අලවන්නේ නැහැ. අනිත් එක මේ කොටසට කලින් කොටස් කියවා නැති නිසා ඔබේ මේ ප්‍රශ්නය සාධාරණයි. ආදරය කියන ඒ එක එක මට්ටමෙන් පවතින්නේ. අක්කා කෙනෙක්ට ආදරේ කිරීම සමාජයේ එකවරම පිළිගන්නා කාරනාවක් නෙවෙයි. නමුත් කාලයත් එක්ක සහ සමාජ තත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්.

      Delete
  7. ළමයෝ, ඔයා ලියන වේගෙට කියවගන්නත් වෙලාවක් නෑ.ටිකක් ස්ලෝ කරන්න බැරිද? අනික විවාහවන පිරිමියා කාන්තාවට වඩා වැඩිමල් විය යුතුයිමද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ස්ලෝ කළා... ඉක්කන්ට දුවගෙන ඇවිත් ෆුට්බෝඩ් එල්ලෙන්ඩ...

      විවාහ වන පිරිමියා වැඩිමල් වෙන්නම ඕනෙද? උසින් වැඩි වෙන්නම ඕනෙද? රස්සාවක් තියෙන්නම ඕනෙද? වගේ ප්‍රශ්න පළවෙනියට ආවේ බිත්තරේද, කුකුලාද වගේ ප්‍රශ්නයක් නේද?

      Delete
  8. උපේක්ෂත් දිනේෂ් කොළඹගේ ‌ගෙ පොත කියවල තියෙනව වගේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් මම කියවලා තියෙනවා. අදටත් මම ආසාවෙන් කියවල එදා වගේම 'ඉයාව්' ගානවා.

      Delete
  9. 18 දි වගේ ලිව්වේ කිවට ඊට වඩා පරිණත බවකින්නම් ලියවිලා තියනවා...

    ReplyDelete
    Replies
    1. හික්... අනේ මන්ද. මම කතාකරන බාසාවෙන් ලියපු පලවෙනි පොත තමයි මේක. එහෙම ලියන්න බය ඇරුනේ දිනේෂ් නේ 'සුළඟ වගේ ඇවිදින්' කියෙව්වට පස්සේ. එතකල් මම ලිව්වේ ලියන බාසාවෙන්. පරිණත බවක් නම් මන්ද, ඔක්කොම ලිව්වේ මල් මල් කතා. හෙක්.. මතක් වෙනකොටත් ලැජ්ජයි

      Delete
  10. උඹ 18 දී මෙහෙම නම් දැන් 68 දී ලියන ඒවා මෙච්චර සිරා වෙන එක අහන්න දෙයක් නෙවෙයි , පට්ට උපයෝ

    ReplyDelete
    Replies
    1. අනේ අපේ ආච්චි අම්මාට වඩා ඩිංගිත්තයි බාල....

      Delete
    2. ඉවාන්: උඹට මම 68දී ලියන එව්වා එවන්නම්. කෝ එතකොට උමටත් ගොක්කොල පෙනිලා , යටියන්තොට ගොහින් තියෙයි.

      මනෝ: හෑ ? දැන් ඔබතුමා කියන්නේ ඔබතුමාගේ ආච්චි අම්ම ඔබතුමා 'අක්කේ' කියන වයසේ කියලද? හා ඈ

      Delete
    3. චැක් චැක්... මට තවම පහලොවයි.පොඩි එකෙක්...

      Delete
    4. ළමයි ඉන්නවා කිව්වා නේද? මෙන්න ටීනේජ් තාත්තෙක්

      Delete
  11. අපේ සහෝදර අයියා කෙනෙක් විවහා වුනේ තමන්ට වඩා අවුරුදු 10 වැඩිමල් අක්කා කෙනෙක් එක්ක.ගොඩක් අය විරුද්ධ වුනත් ඌ ඒ අක්කාවම බැන්දා.දැන් ලස්සන පොඩි කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා.ඒ ජෝඩුවත් කුරුල්ලයි කිරිල්ලියි වගේ ඔය ඉන්නේ ලස්සනට.

    ReplyDelete
  12. ආදරේට වයස බාධාවක් නැ...
    මම නෙවී ඩයන නෙ කියන්නෙ (මතකෙයි ඒ ඇඩ් කට්ට)
    හය්යෝ සැලරි නේහ්.. මොනා වෙන්නත වෙන්න තිබ්බ දේ වුණා
    ඉවරයි..
    කතාව නං ලෙසටම ලියල තියෙයි

    ReplyDelete
    Replies
    1. ඔය උසස්පෙළ කාලේ ආදර හුටපට කියන්නේ මාරාන්තිකයි. මම ලිව්වේ කලණගේ ඒ වයසේ කතාවක්, ලියනකොට අවුරුදු 2ක් පරණයි. ඔව්.. වෙන්න තිබ්බ දේ තමයි උනේ.

      Delete
  13. ඉවරයි මෙන්න තවත් ලැම්බට් කතාවක්! :'(

    ReplyDelete
    Replies
    1. ලැම්බට් සුහද හමුවක්?

      Delete
  14. නියමයි........ ඔය හැගීම ගැනනං කතා කරලා වැඩක් නෑ....... ලස්සනයි...........

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒවා කතාකරන්න අමාරුයි. ලියන්න විතරයි පුළුවන්. හ්ම්ම්..

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හික් හික්... මකන්න එපා. එහෙම ලිව්වා කියලා මම දිවිනසාගන්නේ නැත. පොල්ලක් අරගෙන හංදියේ රැකලා ඉඳල නෙලනවා මිසක්

      Delete
  16. මගේ හොඳම යාළුවෙකුටත් මෙහෙම වෙලා තියනව කැම්පස් එකේම අවුරුද්දක් වැඩිමල් අක්ක කෙනෙක් එක්ක යාළුවෙලා අන්තිමට ගෙදරින් අකමැති උන නිසා සම්බන්දෙ නවත්වන්න වෙලා.මට ඒ කතාව ලියන්න ඕනකම තිබ්බත් අහම්බෙන් හරි මගේ බ්ලොගේට එයා ඇවිත් කියෙවොත් එයාට දුක හිතෙයි කියල ලිව්වේ නැහැ . මේ කතාව ලස්සනයි මේ වගේ ඇත්ත සිද්ධියක් අහල තිබුන නිසාම කතාව තව තවත් හිතට දැනුන

    ReplyDelete
    Replies
    1. මූ නම් පිස්සෙක් වගේ වැඩකරලා ඔක්කොම නැතිකරගන්න හදපු මෝඩයෙක්. උගේ මෝඩකම තේරෙන්න කල් ගියා. නමුත් හැඟීම් කියන්නේ සියුම් කේශනාලිකා එක්ක බද්ද වෙච්ච දෙයක්.

      Delete
  17. අටළොස් වියෙන් පසු මෙතෙක් එහෙමට දියුණුවක් වෙලා තියන බවක් නම් නොපෙනේ!!....:)

    ReplyDelete
    Replies
    1. 'පටාස්'
      ඒ සැලුට් එක රවියා. හරියටම හරි බොසා. මගේ හැකියාව එන්න එන්නම ගෙවිලා ගිහිං. දියුණුවට වඩා උනෙම නොදියුණුව. වැඩේ මේකයි, දිවිනහගන්නේ මේ ජිවිතේ පලක් නැහැ, ඊළඟ ජිවිතේ මාර වොන්ඩෆුල් විදියට ඉන්නවා කියලනේ. හැබැයි සිස්සත්තේ ආයෙමත් ලියන්න, සා පෙළ, උ පෙළ ආයෙමත් ලියන්න වෙනවා කියල මතක බැරි වෙනවා. තාම මම සිස්සත්තේ ලියනවා ආයුබොවන්ඩ

      දියුණු වී දෙයක් විනම්, ඒ උඹලාට හොඳවයින් දෙකක් කියන්නට ගටක් ලැබීමය

      Delete
    2. ඒයි විහිලුවට කිව්වෙ බං..සීරියස් ගන්නෙ එහෙම නෑ හොඳද? හම ගහනව අල්ලල...:)

      Delete
    3. අනේ නිකන් පලයන් මහත්තය යන්න.. එනවා මෙතන ! හුහ් ( අර අනන්‍යා උනත් එහෙම කිව්වා නේ?)

      ඉඳපන් මම මේ දෙකේ දෙකේ පොල්ලක් තියාගෙන ඉන්නේ. මිට පස්සේ ගෙදර පනින්නේ එහෙම නෑ හරි?

      Delete
  18. මෙහ් බොරුනම් ගහන්න එපා 18 එකෙක් කෝමද මේම ලියන්නේ.......

    ReplyDelete
    Replies
    1. ඒකනේ අප්පා... සහතික ඇත්ත.

      මම ලිව්වෙම පැහිච්ච මල් කතන්දර. ඊක් , දැන් මතක් වෙනකොට විලි ලැජ්ජයි. එකයි මම ඒවා මෙතන දාන්නේ නැත්තේ. දැම්මොත් අර එකපාරක් ඇනෝ කෙනෙක් බැන්නා වගේ බනිවි හැමෝම. නවකතා 13ක් ලිව්වා ඉස්කෝලේ යන කාලේ. ළඟ ඉතුරු උනේ මේක විතරයි. මගෙත් එක්ක කතා ලියපු තව කෙල්ලෙක් හිටියා. අද ඇය ලේඛිකාවක්. මල් කතන්දර ලියන්නේ ඇයත්. නමුත් මට හරි සතුටක් දැනෙනවා ඇගේ පොතක් කවුරුහරි කියෝනවා දැක්කම.

      ඒ කාලේ කරපු නිර්මාණ මම පරිස්සම් කලේ නැහැ. උඩ දාල තියෙන්නේ මම ලියපු පොතේ පෝස්ටුව දාන්න ඕනේ නිසා ගත්ත පින්තුරයක්. බලන්න, එතන ඇති මගේ දෙබස් ටික.

      බොරු තමයි හලෝ. 18 දී මෙහෙම ලියන්න බැහැ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...